මේක ලියන්න හිතන් හිටපු කතාවක් නෙමෙයි. ඊයෙ මාසෙ අප්‍රේල් මාසෙ අන්තිම දවස. වැස්සත් එක්ක වැඩ අහවර කරලා ගෙදර එන්න එනවා. ගෙදරින් කතාකරලා කියුවා  අරක ඉවරයි අරක අරගෙන එන්න ..මෙක ඉවරයි මේක අරගෙන එන්න .. කියලා පුන්චි පහෙ ලිස්ට් එකක් දුරකතනය මාර්ගයෙන් කියුවා. සුපිරි පැලැන්තියෙ අය පමනක් නෙමෙයි සාමාන්‍ය අපි වගෙ අයත් යන එන සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුනෙ ගේන්න කියපු බඩු ටික ගන්න. සුපිරිවෙළඳ සැල ඉදිරියෙ වයස අවුරුදු 50ක 55ක කෙනෙක් දාඩිය දාගෙන වටපිට බලමින් මොනවද හොයනවා. ඒක සාමානය සිදුවීමක් යැයි සිතලා වෙලැඳ සැල තුලට ගියෙ මගෙ අවශ්‍ය බඩු ටික ගන්න. ආයෙත් වැස්ස එන්න කලින් ගෙදර යන්න හිතාගෙන. මෙ දවස් ටිකෙම ගෙදර ගියෙ නාගෙන.

