1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.
මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක.
එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.
Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts
Thursday, March 19, 2015
Tuesday, April 2, 2013
IPL රස්සාව
රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.
අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.
Sunday, October 7, 2012
125. අතීතය පුනරූපනය වීම
අද ක්‍රිකට් ගැණ නොලියා බැරිය. හිතෙ අමාරුව නැති කරගන්නත් එක්ක ක්‍රිකට් ගැනම ලියන්නට හිතුවෙමි. මෙය ලියන්නේ තරඟය අවසන්වී තරඟය බලන්නට ක්‍රීඩා පිටියට ගියවුන් ගෙවල් වලට ඒමටත් මත්තෙන්ය.තරඟයට පෙරාතුව බොහෝ අය කීවේ ඕස්ට්‍රෙලියාව හැලීයාම හොඳයැයි කියාය. ඒත් තරඟය අවසානයේදී මාලන් සැමුවෙල් කීවාක් මෙන් බටහිර ඉන්දීයයන් මෙම ලෝක කුසලානයේදීම පුහුනු තරඟයක්ද ඇතුලුව තරඟ දෙකක් අපට අන්ත පරාජය විය.
- පලවන තරඟය (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 26ක් ඉතිරිව තිබියදීය )
- දෙවන තරඟය (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 28ක් ඉතිරිව තිබියදීය)
Friday, March 2, 2012
කොහොමද කෑම.. තාම මතකයි
ටික දවසකින් මුකුත් ලියන්නත් බැරිඋනා. වැඩ වැඩි හින්දම නෙමෙයි. ලියන්න තිබුන මාතෘකා වැඩි නිසා. මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ. ක්‍රිකට් ගැන ආයෙත් උනන්දුව වැඩිවන නිසා ඒ ගැන යමක් නොලියුවොත් අමුම අමු ක්‍රිකට් පිස්සෙක් වෙන මට නිකන් මදිකමක් කියලා හිතුනා. ඔන්න අද මම මගෙ බ්ලොග් අඩවිය ක්‍රිකට් වලට වෙන් කලා. කාලය වකවානුව මට මතක හැටියට 1990 වසර. මම ඉස්කෝලෙ යන එකෙක් කොහොමටත් ජනවාරි පලවන වාරය ඇරඹුමත් සමග අපෙ කොල්ලන්ට තියන ලොකුම පිස්සුව තමා ක්‍රිකට් පිස්සුව. ඔය පිස්සුව අඩුවෙලා යන්නෙ අප්‍රෙල් මුල සතියෙ අවසන්වන කොකා කෝලා කුසලානය අවසන්වීමත් සමග.
Friday, November 18, 2011
මහේලගෙ දහස ..
අද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා, යදමින් බැඳ විලංගුලා ගීතයෙදි. ඒත් මෙ ලිපිය ලියන මම අමුම අමු ක්‍රිකට් පිස්සෙක් නිසා, මෙ පිස්සාට අනුකම්පා කොරලා ක්‍රිකට් වලට නොබැන මෙ ලිපිය කියවන්න.
ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි.
ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි.
Thursday, September 1, 2011
අවම කාලයකින් අවසන් වුන ක්‍රිකට් තරඟය ගැන ඔබ අසා තිබෙනවාද?
මෙම තරඟය පවත්වලා තිබෙන්නෙ 1932 දී ඔස්ට්‍රේලියාවෙ මෙල්බෝන් පිටියෙ. පැය 5කුත් මිනිත්තු 53ක් තුල මෙම තරඟය නිමවෙලා තියනවා. තරඟයටම වැයවෙලා තියෙන්නෙ පන්දු 656යි. තරඟය පවත්වලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
දෙවන ඉනිමෙදී දකුනු අප්‍රිකාව ලකුණු 45 කට සීමාවුනු අතර පන්දු ඕවර 31.3 කින් තරඟය නිමාවූයේ ඔස්ට්‍රේලියාවට ඉනිමකින් හා ලකුණු 72ක ජයක් අත් කර දෙමින්.
Subscribe to:
Posts (Atom)




