
1995-96 කාලේ සිදුවීමක් තමයි මෙ කියන්න යන්නෙ. තොරතුරු තාක්ශන ඩිප්ලෝමාව හදාරන්න මමත් NIBM ආයතනයට සම්බන්ද උනෙ ඒකාලෙ. දෙශන ශාලාවට වඩා වැඩිවෙලාවක් ඉන්නෙ පුස්තකාලෙ නැත්නම් කැන්ටිමේ තමයි. කැන්ටිමට යන්නෙ කන්නම බලාගෙන නෙමෙයි. අපිට වඩා ඉගෙන ගන්න දක්ශ අය පොත් කියවලා ඉගෙන ගත්තු දේවල් ඉක්මනට ඉගෙන ගන්න තමයි. ඉගෙන ගත්තු දේ තව කාත් එක්ක හරි බෙදාගත්තම ඉගෙන ගත්තු දේ මතකින් ගිලිහෙන්නෙ නෑ.