Thursday, September 20, 2018

"තාත්තා" ගැන සටහනක්

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්‍ය හඩකවලා, රාත්‍රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත්  පැය කීපය  හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික ජනසමාජයට වැක්කෙරුවෙ රත්තරනුත් දීලා.  



ඔය සිරස ගැන කලකිරිලා ලියපු බ්ලොග් සටහන් කීපයක් මගේ බ්ලොග් එකේ තියනවා  ,ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට  , සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝඋගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම


ඒත් අද මම අවුරුදු දෙකකට පස්සෙ මේ බ්ලොග් සටහන තබන්නේ සිරසෙන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන සටහනක් තබන්නටය. නරක  දේට බනින්නාසේ හොඳ දේ අගය කලයුතුයි.

කොටස් 300ක් 400ක් දිගහැරෙන මෙගා ටෙලිනාට්‍ය ගොන්නේ අතරමංවී හෙම්බත්වී සිටන  ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය රසිකයන්. නැවතවතාවක් සතියක් බලාපොරොත්තු දල්වාගෙන රූපවාහිනිය දෙස බලාසිටින්නට තරම්  ලලිත් රත්නායක නම් අධ්‍යක්ශකවරයා සමත්වී සිටින්නේ   සිරස නාලිකාවේ  සෙනසුරාදා සහ ඉරිදා විකාශනයවන "තාත්තා" ටෙලිනාට්‍ය සමගය.

අර හීන් හඩට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ

මල් කොහේ කොතන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ

කුමාර ලියනගේ විසින් ලියනලද මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ රෝහන ධර්මකීර්ති. ප්‍රේක්ශකයන් මුවගේ රැඳෙන්න පුලුවන් වුන මේ ගීත කන්ඩය මේ ටෙලියට හොඳ පිටුවහලක්.