මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.
හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.
Showing posts with label හැඟීම්. Show all posts
Showing posts with label හැඟීම්. Show all posts
Saturday, June 7, 2014
Tuesday, December 31, 2013
හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !
දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද.
ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා.
සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

| වසරක් ගියා අපහට නොකියම | ගෙවිලා |
| නොලියු ලිපිත් ඇත පතුලට වී | පිරිලා |
| අලුත් වසරේ ඔබහට පවසන්නට | කියලා |
| කවියක් ලීවා සුබ නවවසරක් | කියලා |
සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!
Friday, August 2, 2013
සිනහවට කල හැකි දෙ බොහෝය
![]() |
| පින්තූරය ගත්තෙ www.olaalaa.com |
මම බොහෝ දිනවල මාර්ග අංක 141 වැල්ලවත්ත නාරහෙන්පිට බස් සේවාවෙන් ප්‍රයෝජන ගන්නෙක්මි. එදත් සුපුරුදු පරිදි වැල්ලවත්තෙන් බසයට ගොඩවූයේ පාමංකඩින් බසින අදහසිනි. බස් ගාස්තුව රුපියල් 9ක් වුවත් කිසිම දිනක ඉතිරි රුපියල ලැබුන බවක් මතකයේ නැත. නාරහෙන්පිටට රුපියල් 12ක් වුවත් රුපියල් 20ක් දුන්නොත් ඉතුරු ලැබෙන්නේ රුපියල් හතකි.
රුපියල ගැන කතාකිරීම අද මගේ කතාවේ මාතෘකාවයැයි ඔබ වරදවා වටහාගනීයැයි සිතුන නිසා මා කියන්නේ එය එසේ නොවන බවයි.
කොන්දොස්තර මහතුන්ගේ ආමන්ත්‍රන හා ඔවුන්ගේ මුහුනුවල රලු ස්වභාවය රාජකාරී වෙලාවන්හි ගමන්බිමන් යන ඔබට අමුතුවෙන් හඳුවාදිය යුතු නැතැයි සිතමි.
Sunday, May 12, 2013
මුන්ගේ අම්මලට
පහුගිය ලිපිය ලියලා ටික දවසක් ගතවුනා. හිතාමතාම මේ ලිපිය ලියන්න පමාකලේ කලින් ලිපියෙ අහපු ප්‍රශ්නෙට මම බලාපොරොත්තු උන උත්තරය අද මේ ලියන්න යන ලිපියට අදාල නිසා.
කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද?
ඒකෙන් කියවුනෙ කුමක්ද ?"
හරි පිලිතුර උනේ
"දුම්රිය රියදුරගේ අම්මා"
"අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා."
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.
කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා.
ඒවගේම තව පරන පෝස්ටුවකුත් තියනවා "උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම." කියලා. ඒකත් තියෙන්න ඒ සම්බන්දවම ලියපු හෑල්ලක්. නොබැලුවනම් ගිහින් බලලා එන්න.
අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි.
කලින් ලිපියේ මම ඇහුවේ දුම්රිය
"ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද?
ඒකෙන් කියවුනෙ කුමක්ද ?"
හරි පිලිතුර උනේ
"දුම්රිය රියදුරගේ අම්මා"
"අම්මට නහය දැවිල්ලට කිවිසුම් යනවා කියලා."
හරි පිලිතුරු දෙකක් ලැබිලා තිබුනා.
කොහොමින් කොහොම හරි ප්‍රායෝගික ජීවිතයෙදි අපිට අම්මව මතක්වෙන අවස්තාවක් මතක් කරන්න ඕන නිසා පහුගිය පෝස්ටුව ලියුවා.
![]() |
| පින්තූරය www.faithhill.com පිටුවෙන් |
අපිට හැම කරදරයකදිම ගැටලුවකදිම අමාරුවකදිම සිහියට නැගෙන්නෙ අම්මව. අම්ම ළඟ උන්නත් නැතත් සිහියට නැගෙන්නෙ අම්මව. ඒ හැම දුකකදිම,කරදරයකදීම ඒ දුක හදවතින්ම බෙදාගත්තෙ අම්මා නිසා. ඒක අපේ ඇඟෙන්ම එන්න ඒකයි.
Friday, April 26, 2013
කබ්බො සහ ටොයියො
අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන අයට, ඒ උනාට මට තාම අප්‍රේල් දෙසැම්බර් මාස නිවාඩු මාස කියලා හිතෙනවා. මීට අවුරුදු ගානකට ඒකියන්නෙ අවුරුදු 20කට විතර ඉස්සර මතකය මට තාම අමතක කරන්න බෑ.
ඉස්සර පාසැල් නිවාඩුව ලැබුනම අපි කොච්චර නම් සෙල්ලම් ජාති කරනවද. චක්ගුඩුපනිනවා, වලකජුගහනවා, ටින් කඩනවා, අයිස්පයිස් කරනවා ඇයි ටොපිකොල ඔට්ටුවට ජිල් බෝල ගැහිල්ල. මේවායින් මම ආසම ජිල් බෝල ගැහිල්ලට.
හවසට හතරවටෙම ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ ටොපි කොල ටික එකතු කරගෙන පොඩි උන ඒවා පොත් අස්සෙ දාගෙන මැදගෙන පරන සූට් කේස් එකේ දාලා ගනන් කරන එකතරම් වින්දනයක් තවත් නෑ.

Sunday, March 31, 2013
Subscribe to:
Posts (Atom)