දුක සැප මුසුව ඇත සටහන් | ඉතිරිවෙලා |
දහ තුන ලැබුවා දොලැහේ බර | බිම තියලා |
නිදුක් නිරෝගිව ඉන්නට හද පත්ලෙන් | හිතලා |
පතනවා ඔබට 13 සුබ වෙන්නට | කියලා |
Monday, December 31, 2012
දහතුන තමයි දහතුන
Saturday, December 15, 2012
කතා කරන සැලලිහිනියා
සුරතල් සතුන් ඇතිකරන්න බොහෝ දෙනා කැමතියි. බල්ලො පූසො ගිරවු මයිනො ලේනො වගේම මීයො රිලවු වගේ සත්තුත් අද බොහෝ දෙනා ඇතිකරනවා. ඇයි වදේ අද සුරතලේට නයි ඇතිකරන නාටිකාංගනාවක් ගැනත් ඔය මාද්‍ය මේ දවස්වල කතාවෙන්න.
සුරතල් සතුන් මිලදීගන්න පුලුවන් තැන් අදවෙනකොට ලංකාවෙත් තියනවා. මේ ළඟකදි බලු දන්සැලක් විහාරමහ දේවි උද්‍යානය පැත්තෙ තිබුනේ. නන්නත්තාරේ නොහොත් දඩාවතෙ යන බලු නාම්බො එකතු කරලා ෆැශන් එකට බලු හුරතල් පෙන්නන නෝනලා මහත්තුරු වෙත බෙදලා දුන්නේ. රූපවාහිනී නාලිකාවලින් ඇවිල්ලා අපේ රටේ බලු ආදරය ලෝකෙටම පෙන්නුවනේ. ෆැශන් එකට බල්ලො ඇතිකරන එකත් මරු වැඩේ නේද ?
සුරතල් බල්ලො ගැන කතාකරන්න නෙමෙයි මම අද යන්නෙ . මට හිතුනා සුරතලේට ඇතිකරන සැලලිහිනියෙක් ගැන කතාවක් කියන්න .

සුරතල් බල්ලො ගැන කතාකරන්න නෙමෙයි මම අද යන්නෙ . මට හිතුනා සුරතලේට ඇතිකරන සැලලිහිනියෙක් ගැන කතාවක් කියන්න .
Thursday, December 13, 2012
වීර චාරිකාවක්
අද මම කියන්න යන්නේ මගේ වීර චාරිකාවක් ගැන විස්තරයක්. වීර චාරිකාවක් කියන්නේ ඒ කාලේ හුඟදෙනෙක් කතාවට ලක් කරපු කතාවක්. අදත් අපේ අම්මනම් මතක් කරනවා. එහෙම මතක් කරනකොට අපේ නංගි, එයාට හරි ජොලි. උඩ පැන පැන අපිට කෝචොක් දානවා. හැබැයි ඒ කාලෙ ඒකි ඉපදිලත් නෑ මයෙ හිතේ.
මේ කතාවට සම්බන්ද කාලේ 86 නැත්නම් 87. ඊට පස්සෙනම් නෙමෙයි. මගේ කලින්
පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. කතාවෙ කියුවා වගේ අපේ අම්මා දවල් කෑම ගන්නෙ අපි පාසැල් ඇරිලා ආවම. ඉතින් ඒකතාවත් මතකේ තියාගෙනම මේ කතාවත් කියවන්න.

මමයි මල්ලිලා දෙන්නයි පාසැල් ගියේ නාලන්දෙට. පානදුරේ ඉඳන් නාලන්දෙට ඒකාලේත් පාසැල් බස් රථයක් තිබුනා ඒ ගැන මම ලොකු ජෝන් වීමෙ කතාව කියවලා තිබුන නම් දැනගන්න තිබුනා. උදේ පාන්දරම යන අපි හවසට එන්නෙත් පාසැල් බස් රථයෙන්මයි. ඔය බස් එක අරගෙන ආවේ නිත්‍ය රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි. ජයසිරි අයියයි සැම්සන් අයියයි ඒ දෙන්න ගැනත් මම කලින් පොස්ටුවක කියලා ඇති.
හවසට පාසැල ඇරුනම සිරිධම්ම මාවතේ මාර ගහ යට බස් එක නවත්තලා තියෙනවා. හයිය හත්තිය තියන එවුන් පාසැල ඇරුන ගමන් දුවලා ඇවිත් හෙවන පැත්තෙ ආසනයක් අල්ලගන්නවා. අපි ඉතින් පොඩි උන්නේ, අපිට ඉතින් හුඟවෙලාවට ලැබෙන්නේ අව්ව පැත්තෙ ආසනයක් තමයි. මමයි මල්ලිලා දෙන්නයි බස් එකට නැග්ග ගමන්ම නිදි. කෙල පෙරාගෙන නිදියනවා කියලයි කවුරුත් ඒ දවස්වල කියුවේ . ඒත් අනේ මමනම් දන්නෙ නෑ මොකද මම නිදිනේ. බහින තැන ලං වෙද්දි සැම්සන් අය්යා ඒ කියුවේ කොන්දොස්තර මහතා අපි තුන්දෙනාව නැගිට්ටනවා. පානදුරේ පේන දුරින් තියන වලාන හන්දියෙන් අපි තුන්දෙනා බැහැලා ගෙදරට යනවා. අම්මගේ කෑම පැය අවසන් වෙන්න කලින් අපි බොහෝ දවස් වලට ගෙදර යනවා.

Monday, December 10, 2012
අදුනන මනමාලයා
සෑහෙන්න වැඩ ගොඩක හිරවෙලා උන්න සතියක් ඉවර වුනා ඉදිරි සතියත් ඒවගේම වැඩ අධික සතියක් වෙන බවනම් ඉස්තිරෙන්ම කියන්න පුලුවන්. ඒත් මේ බ්ලොග් එක ලියන්න වෙලාවක් හදාගන්නත් එපැයි.
ඒ හන්දා උදේ පාන්දරම ලියන්න පටන්ගත්තා. මොකද අද උදේම ලොක්කා එන්නෙත් නෑ කියලා විස්වාසයි. ඈ ඒ කොහොමද විස්වාස ? ඇයි වදේ අද සඳුදනේ සඳුදට රාහු කාලය තියෙන්නේ උදේ 7.35 ඉඳන් උදේ 9.20 වෙනකන්නේ. හුඟදෙනෙක් ඔය දේ විස්වාසකරලා වැඩකරන්නේ. මම දන්න තරමින් නම් එහෙම කට්ටියට වැරදිලත් නෑ.
ඉතින් අද කතාවට රාහු කාලයෙන්ම මුල පුරන්නම්කො. රාහු කාලය ගැන කතාකරන්න මගේ ඔය ගැන දැනුමක් නෑ ඒත් ඔය රාහු කාලයේ සුබ කටයුතු එහෙම කෙරෙන්නෙ නෑ නේ. මගුල් තුලා වගේ කටයුතු අරබන්නෙ රාහු කාලය එහෙම මග හැරලා තමයි. අපි ඕවා විස්වාසකරන්නෙ නෑ කියුවට නොදැනුවත්ව හරි ඕවා මග හැරලා තමයි කෙරෙන්නේ.

Sunday, December 2, 2012
දුවගෙන් මවට

Friday, November 30, 2012
Thank You ජොබ් එකක වටිනාකම.

ඔන්න පහුගිය දවසක මගේ පාසැල් සමයේ මිත්‍රයෙක් එයාගේ පරිඝනකය වැඩකරන්නෙ නෑ කියලා මාව ඇමතුවා.
Wednesday, November 21, 2012
135.ඇය පස්සෙන් ඇගේ කාමරයට
පහුගිය සතියෙ පලකල එක කවි | පෙලක |
මූනු පොතෙ අඟනක් ගැන කීවා | මතක |
කියවා බලා ඔබ අදහස් එකින් | එක |
සිතුනා කරනට කවියක් හනි | හනික |
අවසන් කලමුත් මාගෙ පෙර | කවිය |
ඇතැයි සිතමි එපුවත අද නොබැලු | අය |
තෙරුම් ගන්න අද මා කියනා | කවිය |
මේ පෙල කොටනු මැන තරහා | අවසරය |
තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ | කීවා |
ඒ සී එකත් යහමින් ඕනෑ | කීවා |
වරකට එක්කෙනයි කියලත් ඈ | කීවා |
මේ ගැන දැන ගන්න මගේ යටි හිත | කීවා |
Friday, November 16, 2012
134.FB අඟන
මා යන බසය හැව්ලොක් ටවුමට | ආවා |
ඩික්මන් පාර හරහා එය | හැරවූවා |
රූබර කතක් පසුපස දොරෙන් | ගොඩවූවා |
යාබද අසුන ගෙන ඇය | වාඩි වුවා |
වටිනාකමින් හරි ඉහලයි ඇගේ | අත |
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ | සුරත |
බි පිප් බි පිප් නද දෙනවා එය | දසත |
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙ | වත |
Tuesday, November 13, 2012
133.ලාල්ගේ කතාව
බොහෝම ඈත ඉස්සර කාලේ ලොකු ජෝන් ඉස්කෝලෙ යන කාලේ උන සිදුවීමක් හැටියට මතකේ රැඳුන කතාවක් හැටියට අද පෙට්ටගමේ සටහන හැටියට ඉදිරිපත් කරන්නයි හදන්නේ. ලොකුජෝන් ඒ කියන්නෙ මම . මගේ හොඳම කියන යාලුවො අතර එකෙක් උන්නා ලාල් කියලා ඒක උගෙ ඇත්ත නම කියලා හිතාගන්නකො. ඇත්ත නම ඊට ටිකක කිට්ටු නමක්. ඌ මේක කියවන්නත් බැරි නෑ. ඌ මෙක කියවලා හිතට තරහක් ආවත් මතකය අලුත් කලා කියලා හිත හදාගනී. ඒකනම් ඉතින් සියයට අනූනවයක් විස්වාසයි. අර ඉතිරි සියයට එක තමයි විස්වාස නැත්තෙ.
ඔය ලාල්ගේ පියාණො රැකියාව කලේ මැද පෙරදිග. ඒකා යකා කියනවනේ ලාල්ගෙ පවුලෙ උන්නෙ මූ විතරයි අයියලා අක්කලා නංගිලා මල්ලිලා කවුරුවත්ම නෑ.ඉතින් පියාණො හම්බකරන සකල සබ්බ සේසතම මූට. මිලේනියම් සිටිය හදන්න කලින් ඔරුවල කියන පැත්තෙ අම්මත් එක්ක තට්ට තනියම තමයි මේ ලාල් ජීවත් උනේ.

Thursday, November 8, 2012
132.ඇතුලට දාමුද ? +
දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.
ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා.
අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න.

Tuesday, November 6, 2012
131.කැබ් රියදුරා
ත්‍රීරෝද රථ වල කලදසාව වෙනස් කලේ මීටර් කියුවොත් මා කියුවෙ බොරුවක් යැයි කිසිවෙකු නොපවසනු ඇත. සමහර වේලි වෙලී හුන් ත්‍රීරෝද රථවලට දැන් ගජරාමෙට වැඩ ඇත.

මීටරෙ ඇති ත්‍රීරෝද රියක නගින්නට බොහෝ අය අකමැති නොවෙති. හේතුව පෙරමෙන් හිතු හිතු අයකිරීම් කරන්නට මීටරය ඉඩ නොදෙන නිසාවෙනි. මීටර නැති ත්‍රීරෝද රියකට නැගිවිටක බහින විට අයකරන මුදල පිලිබඳව ගමන යන්නා යන්නෙ දෙගිඩියාවෙනි. සමහර විටක රථයට ගොඩවදිනවිට කතාකරගත් මුදලට වඩා ත්‍රීරෝදරථ රියදුරන් ඉල්ලන්නේ අතන මෙච්චර වෙලාවක් නවත්තගෙන උන්නා , අතනට ගියා මෙතනට ගියා ... යනුවෙන් මැසිවිලි නගමිනි.

Saturday, November 3, 2012
130.පස්සේ මයිල්
ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.
මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.

Wednesday, October 31, 2012
129. ඔන්න යාලුවෝ
මේ පෝස්ටුව ලියන්න හිතුනේ සරත් ලංකාප්‍රියගේ මිතුරු තුමෝ- 2 කියන ලිපියට පිලිතුරක් ලියමින් සිටින විටය. මේ සිදුවීම සිදුවුයේ අනූව දශකයේ අග බාගයේදීය. ඒ මම රැකියාවට අමතරව පෞද්ගලික පරිගනක එකලස් කරන්නෙකු ලෙසින් කටයුතු කල සමයයි. ඒ කාලයේ අදමෙන් නොව මාසෙටම එක පරිඝනකයක් එකලස් කරගත්විට සෑහේය. කෙලින්ම දෘඩාංග ගෙන්වා එකලස් කරනවානම් පරිඝනකයකින් රුපියල් 10000-15000 අතර මුදලක් ලාබය වශයෙන් තබා ගත හැකිය. තරඟ කාරී සමාජය මේ සියල්ල වෙනස් කර ඇත. එදා වසර 5කට වඩා කල් පාවිච්චිකල පරිඝනක අද වසරක් වැඩකර ගන්නෙත් බොහොම අමාරුවෙනි.
Wednesday, October 24, 2012
128.බලන්න බැරිවූ මීයා
අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!
Tuesday, October 16, 2012
Monday, October 15, 2012
126.කොළඹ කොල්ලන්ට ගමෙන් කෑමක්

සිරා දකුනු පලාතෙ කෙනෙක්නේ මෙ කතාවත් ඒ ගම් පලාතෙම කෙනෙකුගෙ ගෙදරදි සිදුවුන කතාවක්,
ඔය ගෙදර ඉන්න පුතා කොළඹ නැවතිලා ඉගෙනගන්න කෙනෙක්. හැබැයි පාසලක නෙමෙයි. එක්තරා පිලිගත් වෘත්තීය පුහුනු ආයතනයක. හැම සතියකම නැත්නම් නිවාඩු ලැබුන හැම දිනකම කොළඹ නොඉඳ ගමෙ යාමෙ පුරුද්ද්ක් ඔහුට තිබුනා. ගමේ තාලෙට හැදුන මේ කොලුගැටයා ගම ගැන හරි ඉහලින් තමයි කොළඹදි කතාකරන්නේ ඔහුගෙ වචනවල තියෙන්නෙ ගම ගැන වර්නනාවක් මිසක ගමගැන නරකක් නොවේ. කොළඹ කෑම පවා ඔහු ගත්තෙ කුසගින්න නිවා ගන්න මිසක පිරියකට නොවේ. දහවලේ කෑම ගන්නා විටත් ගමේ කෑම මහ ඉහලින් කතාකලා. නගරයෙ කෑම වල කෘතිම බව නිතරම කතාකලා.නගරෙ කොල්ලන් අතර මේ ගමෙ කොල්ලා "බයිට් එකක්". නගරෙ උන්ට මේ කොලුවා අල බතල පොරක්.
Sunday, October 7, 2012
125. අතීතය පුනරූපනය වීම
අද ක්‍රිකට් ගැණ නොලියා බැරිය. හිතෙ අමාරුව නැති කරගන්නත් එක්ක ක්‍රිකට් ගැනම ලියන්නට හිතුවෙමි. මෙය ලියන්නේ තරඟය අවසන්වී තරඟය බලන්නට ක්‍රීඩා පිටියට ගියවුන් ගෙවල් වලට ඒමටත් මත්තෙන්ය.තරඟයට පෙරාතුව බොහෝ අය කීවේ ඕස්ට්‍රෙලියාව හැලීයාම හොඳයැයි කියාය. ඒත් තරඟය අවසානයේදී මාලන් සැමුවෙල් කීවාක් මෙන් බටහිර ඉන්දීයයන් මෙම ලෝක කුසලානයේදීම පුහුනු තරඟයක්ද ඇතුලුව තරඟ දෙකක් අපට අන්ත පරාජය විය.
- පලවන තරඟය (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 26ක් ඉතිරිව තිබියදීය )
- දෙවන තරඟය (ශ්‍රි ලංකා පිල කඩුලු 9කින් ජයගත්තේ පන්දු 28ක් ඉතිරිව තිබියදීය)
Friday, October 5, 2012
124.පෝලිමට පිටින්
මගේ මේ කතාව ටිකක් පරන එකක්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ රජයෙ බැංකුවකදි. රජය කියපු ගමන් තරහගන්න උදවිය ඉන්නවනම් දැන්ම තරහව ඉවර කරගන්න. තරහව ඉවර කරගන්න කියුවෙ මෙ කතාව කියන කොට තිබුන රජය ඒ ගොල්ලන්ගෙ හන්දා. කොහොමත් කියන්න යන කතාවනම් කිසිම රජයකට සම්බන්ද කතාවක් නෙමෙයි. කාලය 89-90 විතර ඇති.
පහුගිය රුපියල් සත සහ මනුස්සකම කියන කතාවෙදි මම කියුවනේ අපේ අම්මා රාජ්‍ය බැංකුවක වැඩ කලේ කියලා මේ ඇයට උන සිද්දියක්.
බැංකුවල වැඩ අධිකම දින කීපයෙන් එකක් තමයි විශ්‍රාම වැටුප් ගෙවන දිනය. සාමාන්‍යයෙන් මාසෙ 10වනදා තමයි ඔය විශ්රාමිකයන්ගෙ සතුටුම දවස. ළමයින්ගෙන් වැඩිපුර සැලකිලි ලැබෙන්නෙත් ඔය දවසටනේ.
වයසක දෙමවුපියන්ව උදේම බැංකුව ලඟින් කාර් එකේ බස්සලා යන ළමයිනුත් මෙ අතරෙ නැතුවම නෙමෙයි. සමහර වයසක අය උදෙ 9ට බැංකුව විවෘත කලාට විශ්‍රාම වැටුප් පෝලිමට එන්නේ උදෙ 6ට විතර.බැංකුවෙ පඩියකට හෙත්තු වෙලා බැංකුව අරිනතුරු මග බලාගෙන ඉන්නවා. සමකාලීනයන් සමග ආගිය තොරතුරු කතාකරමින්. වැඩිහරියක් තම තමන්ගේ දූ පුතුන්ගෙ වරුනාව. ඒත් පංපෝරියට කියෙව්වට ඒ බොහෝමයක් දෙමාපියන්ගේ මනඃකල්පිත කතා.

Wednesday, October 3, 2012
123. ඔබ දෙස බලන්නෙ කවුද ?
Sunday, September 30, 2012
122. පිරිමි කෙනා කැවට පසු ගෑනු කෙනා කන්නෙ ඇයි ?
ඇය ගනිත ගුරුවරියක් . ඔහු මිනින්දෝරුවෙක් මොවුන් දෙදෙනා කසාද බැන්දෙ 1960 අවුරුද්දේ. ඒත් මේ අයට අවුරුදු 6ක් වනතුරු ළමයි හිටියෙ නෑ. ඔය ප්‍රශ්නේ නිසාම මේ අය දිකසාදවෙන්නත් හැදුවා. ඒත් අවුරුදු 6කින් මේ දෙන්නටම එක් ගැහැනු දරුවෙකුගේ දෙමාපියන් වෙන්න වාසනාව ලැබුනා. ගැහැනු දරුවා ලැබුනට පස්සේ මේ දෙන්නගෙ බැඳීම ගොඩක් වැඩිවුනා. හැමදේම කලේ දෙන්නම එකට
ඊට පස්සේ මේ තුන්දෙනා බොහොම ලස්සනට ජීවිතය ගතකලා.
මට අමතක වුනා මේ ලංකාවෙ කතාවක්. ඒත් මේ අය ඉංග්‍රීසි පන්නෙට තමයි කෑම බීම ගත්තේ ඇඳුම් පැලඳුම් ඇන්දේ ගමන් බිමන් ගියෙ හැමදෙයක්ම. ඉංග්‍රීසි පන්නෙට හැදුන වැඩුන හන්දා දුවත් ලොකුවෙලා වැඩිදුර ඉගෙන ගන්න මහ රැජින ඉන්න රටට ගියා. දුව හොඳට ඉගෙන ගත්තා. අන්තිමට දුවගේ අම්මටයි තාත්තටයි බෑන කෙනෙක් එංගලන්තයෙන්ම දුව හොයාගත්තා.

Friday, September 28, 2012
121.රුපියල් සත සහ මනුස්සකම
අපේ අම්මා රාජ්‍ය බැංකුවක සේවය කලබව මගේ පැරනි පොස්ටුවක්වන "98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. " හරහා ඔබ කියවන්නට ඇත. මේ කියන්නට යන්නේ අසූව දශකයේ මැද ඇයට වූ සිදුවීමකි.
එකල අපේ තාත්තාට කලගෙඩි ලාම්පු හොලවන්නට ගොස් පැවති ආණ්ඩුවේන් රැකියාව අහිමි කරවා තිබූනි. ජනප්‍රිය පාසැලකට යන පිරිමි ළමුන් තිදෙනෙකු නඩත්තු කිරීම ලෙහෙසි කාරියක් නොවේ.ඒත් අම්මාගේ රැකියාව නිසා ඒ කාලය අපට අඩුවක් නොතෙරෙන්නට ගතවුනි. එලෙස අඩුපාඩුවක් දැනෙන්නට කිසි දිනක ඇය ඉඩ දුන්නේද නැත.

එකල ඇය මුදල් ගෙවන කවුන්ටරයේ හුන් සමයයි. දිනකට සිදුවන ගනුදෙනු ප්‍රමානය අප්රමානය. අද මෙන් පරිඝනක යුගයට අවතීර්න නොවූ යුගයක අත්වැරදීම් සිදුනොවූවා කීවොත් එය වරදකි.

Monday, September 17, 2012
120. පොහොර පාඩමක්
මේ පහුගිය සතියේ සිකුරාදා ලියපු කතාව රෑ වෙලා පොස්ට් කරනවා කියලා හිතාන උන්නට නන්දා මාලනී මහත්මියගේ ශ්වේත රාත්‍රිය අවසන් දැක්ම නැරබුවට පස්සෙ ඒ ගැන ලියන්න හිතුනා, ඒ පොස්ට් එක ඔය ගොල්ලො බලන්න ඇතිනේ,
මේ එදා උදේ උනු අත්දැකීමක්.

ගෑනු කවදත් සුපර්වයිසර් වැඩේට දස්සනේ. ඒගැන පිරිමි පාර්සවයට අමුතුවෙන් කියාදෙන්න උවමනා නෑනේ. කොහොමත් ඒ අය, මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන්නෙ තමන්ගෙ බැරිකමට. ඒගැන අනුකම්පාවෙන් පිරිමි පාර්සවය කරනවා කියලා ඒ අය දන්නෙ නෑ. මම නම් එහෙම කියන වෙලාවට අදාල වැඩේ කරන්නේ මගේ පාඩුවේ.. මගෙ වෙලාව අරගෙන.. මට ඕන වෙලාවට. හැබැයි වැඩේනම් කරනවා. නැත්නම් විසුමක් නෑ. මතකනෙ අර රෙදි හෝදන මැසින් ඇඩ් එක.
ඉතින් ඔය ටික කියුවේ අද උන සිදුවීම ගැන හැඳින්වීමක් විදියට.අද මගේ ලොකු දුවගේ පාසලේ ශ්‍රමදානයක්. දෙමාපියන්ගේ තමයි ශ්‍රමය. හොඳවෙලාවට කලින් දවසේ තමයි සිසුන්ට දැනුම්දීම කලේ. ඊයේ රෑ මට දැනුම් දෙනකොට මගේ රතු කට්ට නැග්ගා. ඒත් නොපෙන්වුයේ කොහොමත් අද මම නිවාඩු නිසා. උදෙන්ම පාසැලට ගියේ ශ්‍රමදානයේ වැඩටික අහවර කරලා එන්න හිතාගෙන.

Friday, September 14, 2012
119.ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට
අද නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රියෙ අවසන් දැක්ම. මගේ ප්‍රියතම ගායිකාවගේ ගීතකීපයක් සජීවීව ශ්‍රවනය කරන්නට ලැබෙන අවසන් අවස්තාවේන් ප්‍රයෝජනයක් ගතයුතුය.
මීට ප්‍රථම අස්වැන්න ලියන දයානන්ද රත්නායකයන් සටහන් තැබූ ස්වේත රාත්‍රිය නම් ලිපියෙන් එහි 21වැනි ප්‍රසංගය ගැන සොඳුරු මතකයක් තබයි.
මේ ලිපියෙ මා මේ ලියූ පදකීපය රඟහලෙන් එලියට එනවිට මගේ හිතෙ ඇඳුන පද පේලි කීපයකි.
Tuesday, September 11, 2012
118.උදේ පාන්දර චන්ද්‍රිකා මැතිණිය සිහිවීම.
පහුගිය දවසක මගේ මිත්‍රයෙක් එයාගේ පොඩි පුතාව මොන්ටිසෝරියට ඇරලවන්න එන අතරෙදි මෝටර් සයිකලයට පැන්න දඩාවතේ යන වල් බල්ලෙක් බේරගන්න ගිහින් බයිසිකලය පෙරලිලා වැටිලා.
වැටෙන වෙලේ පුංචි පුතාව බදාගෙන පුතාට වෙන්න තිබුන අනතුර අවම කරගෙන. පුතාගෙනම් සුලු තුවාලයක් විතරයි.ඒත් තාත්තට සෑහෙන්න බරපතලයි දොස්තරවරු නම් කියන්නෙ තුවාල හොඳවෙන්නම මාස තුන හතරක් යයි කියලා.
වැටෙන වෙලේ පුංචි පුතාව බදාගෙන පුතාට වෙන්න තිබුන අනතුර අවම කරගෙන. පුතාගෙනම් සුලු තුවාලයක් විතරයි.ඒත් තාත්තට සෑහෙන්න බරපතලයි දොස්තරවරු නම් කියන්නෙ තුවාල හොඳවෙන්නම මාස තුන හතරක් යයි කියලා.
Saturday, September 8, 2012
117.දෙසවන සදා රැදුන සොඳුරු මිතුරෙකු වෙනුවෙන් ..
මේ අසූව දශකයේ අග බාගය. කෙටි නිවේදනයක් රැගෙන ශිෂ්‍ය නායකයෙක් පන්තියෙන් පන්තියට ගියේ පසුදින පැවැත්වෙන ආධුනික නිවේදකයන් තෝරන සම්මුඛ පරික්ශනයට ජාතික රූපවාහිනියේ ප්‍රවීන නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය පාසැලට පැමිනෙන අතර ඒයට කැමති සිසුන් සූදානම් වී පැමිනෙන ලෙස දන්වමිනි.
එදා ගෙදර ගොස් පුවත්පත් වල පුවත් කියව කියවා පසු දින පැවැත්වෙන නිවේදක සම්මුඛ පරීක්ශනයට සූදානම් වූවා මට තාම මතකය. මාමෙන්ම මෙම කටහඬ පරීක්ශනයට අපේ වයසේ පසුවු බොහෝ අය ඉදිරිපත් වුනේ රූපවාහිනියේ කෙසේවෙතත් ගුවන් විදුලි මාධ්‍යයේ හෝ නිවේදකයෙකු වීම සිහිනයක් වු බැවිනි.
එම නිවේදක සිහිනය එදා ජයගත්තේ කෙට්ටු සුදු උස කොලු ගැටයෙකි. ඔහු නමින් සුරේශ් වික්‍රමසිංහය. එදා පටන් අප පාසලේ බොහෝ උත්සව වල නිවේදන කටයුතු කලේ ඔහුය.

Tuesday, September 4, 2012
116.වේදනාව තමයි
පහුගිය ලිපියෙන් පෙට්ටගම ලියන මගේ අනන්‍යතාවය හෙලිකලාට.පරන පුරුදු ලොකු ජෝන් නමින්ම ඉන්න ලොකු ජෝන් අදහස් කලා.
අද උදේ මහ වැස්සෙම පාරට ආවා. දන්න අදුනන අයියා කෙනෙක් අතත් අල්ලගෙන බස් නැවතුමෙ උන්නෙ වෙද ගෙදරට යන්න. උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා. අතෙ ඇඟිලි හරියට ඒ දවස්වල තිබුන අලිගෙදර ලිංගුස් කරල් වගේ. ඉදිමිලා පිම්බිලා. ඒ අයියගේ වෙදනාව මූනෙන් මට පේනවා.
මට එකපාරටම මතක් උනා පරන කතාවක්
![]() |
මෙන්න මේ වගේ |

Saturday, September 1, 2012
115. ආතම්මගේ පෙට්ටගම ලියන මම
ආතම්මගේ පෙට්ටගම නිල වශයෙන් පටන් අරගෙන 2012 සැප්තැම්බර් 1වනදට හරියටම අවුරුද්ද්ක්. මේ ගෙවුන අවුරුද්ද තුල පෙට්ටගමේ හාර අවුස්සපු දෙවල් නම් එච්චරටම නෑ. ඒත් ලැබුන ප්‍රතිචාරනම් සෑහෙන්න. මේ අවුරුද්ද තුල මාත් එක්ක හිටපු හැමෝටම ස්තුතියි.
මේ දිනවල තිබුන වැඩ රාජකාරිත් එක්ක එහෙන් මෙහෙන් නෙමේයි යන එන ගමන් බ්ලොග් කියවුවා මිසක එක තැනක අසුන් ගෙන කියවන්නට ඉඩක් ලැබුනේ නෑ ඒනිසාවෙන් හරියාකාර ලිපියක් ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබුනෙ නෑ.
මේ දිනවල තිබුන වැඩ රාජකාරිත් එක්ක එහෙන් මෙහෙන් නෙමේයි යන එන ගමන් බ්ලොග් කියවුවා මිසක එක තැනක අසුන් ගෙන කියවන්නට ඉඩක් ලැබුනේ නෑ ඒනිසාවෙන් හරියාකාර ලිපියක් ඉදිරිපත්කරන්නට හැකියාවක් ලැබුනෙ නෑ.
Monday, August 27, 2012
114. තැඹිලි වතුර

Saturday, August 25, 2012
113. පන්නාගෙන ඒම
අද පාන්දරම හදිසියේම කොට්ටාවට යන්න අවශ්‍ය තාවයක් ඇතිඋනා අධිවේගී මාර්ගෙත් ගැලනි ගමින් කොට්ටාවට ගිහින් ආයෙම පානදුරේට එන්න පුලුවන් නිසා අධිවේගය පාවිච්චි කරලා අපේ ගමන ගියා ඔය එන අතරවාරයේ එකපාරටම අපි ආපු වාහනේ පහුකරගෙන පොලිස් වාහනයක් ගියා. ඔන්න එතකොට තමයි මට මේ කතාව මතකෙට ආවේ.
කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ.
කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ.
Thursday, August 23, 2012
112.උත්තරේ පත්තරේ
ඉස්සරහ ගෙදර කොල්ලා ලබන අවුරුද්දේ උසස්පෙල විබාගෙ කරනවා අවුරුදු 12ක් 13ක් මහන්සි වෙලා ඉතින් ඒකට ප්‍රතිපලයක් අරගන්නත් එපැයි.
හැබැයි ඌ ඉගෙන ගන්න දක්සයා. පොඩි දොහේ ඉඳන්ම පන්තියෙ පලවෙනියා නැත්නම් දෙවනියා. කුසුමක්කගෙ තිබුන ලොකුම බලාපොරොත්තුව ඌව ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරන එක.
මෙන්න ඊයේ මම වැඩ ඇරිලා ගෙදර යනකොට කුසුමක්කා අඬනවා.
හැබැයි ඌ ඉගෙන ගන්න දක්සයා. පොඩි දොහේ ඉඳන්ම පන්තියෙ පලවෙනියා නැත්නම් දෙවනියා. කුසුමක්කගෙ තිබුන ලොකුම බලාපොරොත්තුව ඌව ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරන එක.
මෙන්න ඊයේ මම වැඩ ඇරිලා ගෙදර යනකොට කුසුමක්කා අඬනවා.
Saturday, August 18, 2012
111. ට්‍රිබල් X CD එකක්
කාලයක් මම වීඩියෝ සෙන්ටර් එකක් කලා. වීඩියෝ සෙන්ටර් එකක් කියුවට ටිකක් වෙනස් විදියක එකක්. ඒගැන විස්තරයක් වෙනම පෝස්ට් එකකින් කියන්නම්. මේ මට අද උදෙ පොඩි කොලු ගැටයෙක් CD එකක් අරගෙන යනවා දැකලා එකපාරටම මතක් උන සිදුවීමක්.
මේ සිද්දිය උනේ 1998 වසරෙදි. අද වගේ කොමියුනිකේශන් වීඩියෝ ඒකාලෙ තිබ්බෙ නෑ.වැඩි හරියක් තිබුනෙ VHS කැසට් . CD පිටපත් කරලා දුන්නෙ නෑ මොකද ඒ කාලෙ CD වලට යන වියදම සැරයි. අනික CD පිටපත් කරන එක අද වගේ ජනප්‍රිය නෑ. DVD එකක් පරිගනකවලට සවිකරලා තිබුනෙ එහෙමත් කෙනෙකුගෙ තමයි.හරි වැල්වටාරම් අනවශ්‍යයි මට කියන්න ඕනවෙලා තිබුනෙ ඒ දවස්වල තිබුනෙ පකිස්තානයෙන් හෝ මලයාසියාවෙන් ගෙන්වන, තැටිය මත අදාලා චිත්‍රපටයෙ ඡායාරූපයක් මුද්‍රනය කරලා තිබුන CD විතරමයි.

Tuesday, August 14, 2012
110. මම "ටු" යන්න යට
අනූවේ දශකයෙ මුල් කාලෙ නැත්නම් අසූවේ දශකයෙ අග බාගයේ මම දන්න මල්ලි කෙනෙක් ගැන පොඩි කතාවක්. මෙ මල්ලිගෙ නම සම්පත් ඒ කාලෙ නම් වයස අවුරුදු 13-14ක ගැටයා දැන් මේකතාව කියෙව්වොතින් මිනිහට ලැජ්ජත් හිතෙයිද මන්දා.
කියවන ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ මගේ පදිංචිය පානදුරේ කියලා. ඔය කියන සම්පත් මල්ලි උන්නෙ අපේ ගෙවල් වලට නුදුරු මාවතක. පාසැල් ගියෙ පානදුරේමයි.
කියවන ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ මගේ පදිංචිය පානදුරේ කියලා. ඔය කියන සම්පත් මල්ලි උන්නෙ අපේ ගෙවල් වලට නුදුරු මාවතක. පාසැල් ගියෙ පානදුරේමයි.
මාතෘකා
අතීත මතක,
මඩ,
විහිළු,
සොඳුරු මතක
Saturday, August 11, 2012
109. උඩ ගිය මැස්සා +18
හැමදා කතා ලියුවත් මම ගොතමින් අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර අකුරු
මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය හුරු
කියමි කතාවක් ඔහු හා බැඳි අපුරු
තනියම තමයි හැම වැඩ ඔහු කෙරුවේ
මාල වලලු පලඳන අය නෑ පැතුවේ
මගුල් තුලා ගැන ඔහු මද පමනින් සිතුවේ
වයස ගියා ඔහු නෑ ඒ ගැන දුටුවේ
මාතෘකා
කවි,
මඩ,
විහිළු,
සිරාගෙ කතා
Friday, August 3, 2012
108.මසාලා තෝසේ කෝලා සහ ප්ලේන් ටී
දාඩිය බේරෙන දවසක අව්වත් එක්ක හරි හරියට හෙට්ටුවෙලා දිවා ආහාරයත් සමග සීතලම සීතල කෝලා වීදුරුවක් රසබැලුවොත් නරකද. මෙවැනි ග්‍රීෂ්ම දවසක ඔබ මේ ඉල්ලීම පැහැර හරීවි යැයි මම නම් හීනෙන්වත් හිතන්නෙ නෑ.
දිනය ගැන අවබෝදයක් හරියාකාරව මතකයට නොනැගුනත් ඒ 1998 වසර බව හොඳටම විස්වාසයි.ස්ථානය කොටුව බංගසාල වීදිය. ඉර හරියටම මගේ හෙවනැල්ල මකාගෙන මාත් සමගම ඇවිද යන වෙලාවක්. ව්‍යාපාර කටයුත්තකට කොළඹ ආ දිනයක්. බොහෝවිට දිවා ආහාරයවන්නේ මසාලා තෝසේ එකක් බොන්ඩාවක් සමග, උනු උනු සම්බාරු සමග මුසුකොට රසනහර පිනා යන අයුරු මටනම් අමතක වන්නේ නෑ ඒ සියල්ල අවසානයෙ සීතලම සීතල කෝලා බෝතලයක් හිස්කිරීමටද අමතක කරන්නෙ නෑ

Monday, July 30, 2012
107.තාප්පෙන් පැන්න තාත්තා.
පාසැල් කලයෙ සුන්දර ඒ වගෙම නොමැකෙන මතක ගොන්නට වැටෙන කතාවක් අද කියන්නම්.
නුහුරු බීම හෙවත් තනි අකුර මේ මම ආසිරි ගැන ලියපු පලවෙනි කතාව. නොබලපු අය ඉන්නවනම් බලන්න. අද කතාවත් ආසිරි ගැන. පාසැල කිට්ටුවම පදිංචි වෙලා උන්න සිසුවෙක්. වෙලාවට කලින් පාසැලන් නික්මයාම ගැන හොඳ පළපුරුද්දක් මොහු සතුයි. පාසැලන් නික්මයම කියලා කියුවෙ ගේට්ටුවෙන් නෙමෙයි, තාප්පෙන්. මේ ඒ සම්බන්ද රසවත් කතාවක්.
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
අනූවෙ දශකයෙ මුල් කාලෙ
කොළඹ පාසැල් ශ්‍රවනාගාර අතුරින් මලලසේකර ශාලාවට හිමිවුනෙ ඉහල තැනක්. නාලන්දා විද්‍යාලයෙ ප්‍රථම විදුහල්පතිවරයාවන මහාචාර්ය ගුනපාල මලලසේකර මැතිතුමා සිහිවීම පිනිස නම් කර එම රඟහල, විශාල කාලයක් වගේම විශාල පිරිවැයක් යොදවලා අට පට්ටම් හැඩයට සදා
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
![]() |
මලලසේකර රඟහල එදා |
Wednesday, July 18, 2012
106. කොච්චි මිරිස්
Thursday, July 12, 2012
105. ලොක්කා Shut down

ඒකාලෙ මම වැඩකලෙ කොම්පියුටර ගෙන්වන කොම්පැනියක. කොම්පියුටරයක වයර අමුනන එකත් ඒකාලේ හැටියට මාරම ජොබ් එකක්.
Tuesday, July 10, 2012
104.මාධ්‍ය හැසිරවීම
"පහරදීමකින් මියගිය නාදුනන කාන්තා මළ සිරුරක් ලුනාව කලපුවෙන් හමුවී තිබේ. වයස අවුරුදු 42ක් පමනවේ.තලඑළලුය උස අඩි 5යි අගල් 3යි කොන්ඩය කොටට කපා ඇත. මලසිරුර හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි."
මෙය මීට වසර ගනනාවකට පෙර දහවල් 12ට ශ්‍රි ලංකා ගුවන්විදුලිය ඔස්සේ ප්‍රචාරය වුනු "පොලීසියෙන් පුවත්" නම් වැඩසටහනින් උපුටා ගන්නා ලද කොටසකි.
එකල් කුඩාදරුවන් වූ අප එම වැඩසටහන ශ්‍රවනය නොකලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව රෑට හීනෙන් බියවීමට අප

එකල් කුඩාදරුවන් වූ අප එම වැඩසටහන ශ්‍රවනය නොකලෙමු. ඒ වෙන කිසිවක් නිසා නොව රෑට හීනෙන් බියවීමට අප
Sunday, July 1, 2012
103. මගුල දා රෑට කරන දේ

මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.
Thursday, June 28, 2012
102. සල්ලගෙ තරම
දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.
මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.

Saturday, June 23, 2012
101. විකී අංකල් ගේ ගැස්සීම
සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.
මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.
වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.

Thursday, June 14, 2012
100. ඔබ සැමට ස්තුතියි !

1979 වසරේ ඔක්තොම්බර් මාසයෙ තිරගත වුන සිනමාපටයක් "සව්දන් ජෙමා". මෙහි රඟපෑවා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාවු ලයනල් දැරණියගල. ඉතින් මෙහෙම විත්රපටියක් ගැන කියුවෙ ඒ චිත්‍රපටිය අද මගෙ මේ පොස්ට් එකට මාතෘකාවක් නිසයි.
Tuesday, June 12, 2012
99.මම ලොකු ජෝන් වීමෙ කතාව

Sunday, June 10, 2012
98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම.
මගෙ පවුලෙ මට වඩා බාල තව සහෝදරයෝ දෙදෙනෙක් සහ බාලම සහෝදරියක් සිටියි. මේ සිද්දිය වන වකවානුවෙ, 1985 හෝ 86දී බාලම සහෝදරිය මෙලොව එළිය දැක තිබුනේ නැත. ඒ කියන්නෙ ඒකාලයෙ මට සිටියෙ මල්ලිලා දෙදෙනෙක් පමනි.

ඒ කාලයෙ අපෙ අම්මාගෙ කෑම පැය දහවල් 2.30සිට 3.30ටය. අපි තුන්දෙනා පාසැල් අහවර වී ගෙදර එන වේලාවට සරිලන්නට ඇය කෑම පැය සකසා ගෙන සිටියාය.ඇයගෙ කාර්යාලයේ සිට සැතපුම් 2ක් දුරින් අපෙ නිවස පිහිටා තිබුනි.
කොළඹ සිට පානදුරයට කෙතරම් වෙහෙසකර ගමනක පැමිනියත් කෙතරම් බඩගින්නෙ පැමිනියත් බත් බෙදාගෙන කෑමෙ පුරුද්දක් අප තුල නොවීය. ඊට වඩා අපට අවශ්‍ය වූයෙ සෙල්ලම් කිරීමය. ගෙදර ආ විගස අපි කරන්නෙ ඇඳුම් උනා දමා නිවස ඉදිරිපස පන්සල් වත්තට ගොස් ක්‍රිකට් ගැසීමය. එයටම සැදී පැහැදී උන් කොලු රෑනක් ඒ කාලයෙ අපිත් එක්ක විසීය. අපි නැවත ගෙදර එන්නේ අම්මා කාර්යාල කටයුතු නිමවා නැවත ගෙදර පැමින අපට කතාකරන විටය. බොහෝවිට එවිට වේලාව හවස 7 පසුවී තිබේ.

Wednesday, June 6, 2012
97. මා දුටු මගුල් කෑම
මේ මගුල් මාසෙ. ඉතින් මගුලක් ගැන කතාකරන්න හිතුනා. මගුලක් කනවා කියන එකත් ලේසි පාසු වැඩක්යැ බර ගානක් යටවෙන, බර ගානක් නැතිවෙන, බර ගානක් ණයවෙන කටයුත්තක්. ඒත් මගුලට මාස ගානක හිටන් සූදානම් වෙලා එකදවසකින් ඉවර කරන කටයුත්තක්.
දැන් කාලෙ මගුලක ප්‍රධානම කටයුත්ත කසාද බඳින කටයුත්ත වෙනුවට නැදෑ හිතවතුන්ට තරු පන්තියේ හෝටලයකින් කෑමක් දෙන එක, පිරිමි පාර්ශවයට බොන්න රට බීම ටිකක් දෙන එක, මංගල ඡායාරූප ගන්න එක වගේ දේවල් ප්‍රධාන තැන අරගෙන.
දැන් කාලෙ මගුලක ප්‍රධානම කටයුත්ත කසාද බඳින කටයුත්ත වෙනුවට නැදෑ හිතවතුන්ට තරු පන්තියේ හෝටලයකින් කෑමක් දෙන එක, පිරිමි පාර්ශවයට බොන්න රට බීම ටිකක් දෙන එක, මංගල ඡායාරූප ගන්න එක වගේ දේවල් ප්‍රධාන තැන අරගෙන.
Friday, June 1, 2012
96. සිරා වැල්ල ( කොළඹ ආ හැටි )

අද කියන්නෙ චන්දරේගෙ සගයා "සිරා" කොළඹ ආපු හැටි. මෙ දෙන්න එකතුවෙලා සොසේජස් බැදපු හැටි මතක ඇතිනෙ මතක නැත්නම් "මල්ටි purpose අයන්" මෙතනින් පොස්ටුවට යන්න. ඒ කතාවට අනුව මෙ දෙන්නගෙ බඩවලුත් දැන් හරි ගානට පදම් වෙලා. අවුරුදු ගානකට පස්සෙ බඩවල් පදම් උනාට කොළඹ එනකොටනම් එහෙම නෑ කියලා තමා තතු දන්නෝ කියන්නෙ. කොහොමින් කොහොම හරි මෙන්න මෙකයි අද කතන්දරය
Monday, May 21, 2012
95.ජන(අ)ප්‍රිය

සනත් ජයසූරිය ඔස්ට්‍රෙලියානු පන්දුයවන්නට එලව එලවා පහරදෙනවිට අපි ඔහුට හුරේ දැම්මෙමු.
96 ලෝක කුසලානය දිනා වටිනාම ක්‍රීඩකයා වනවිට අපි ඔහු ගැන ආඩම්බර වීමු.
ඉන්දියානුවට ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ලකුනු 340ක් ගසා වාර්තාවක් පිහිටවූදා ක්‍රිකට් වලට කැමති අය වගේම අකමැති අයද ඇතුලුව ශ්‍රී ලාංකිකයන්ගෙ සියයට සීයකගෙම ප්‍රසාදය ඔහු සමග විය.
Thursday, May 17, 2012
94.චන්දරේ කොළඹ ආ හැටි
මෙ කතාවනම් එහෙම පිටින්ම මඩක්. අනිවාර්යයෙන්ම ඉදිරි දින කීපයෙදී අම්බානක කන්න වෙන විත්තියනම් පටන් ගන්න කලින්ම කියන්න ඕනෙ. කෑමෙන් බේරෙන්න නොකිය ඉන්න හිතුනට මෙ කතාටික එහෙම කොහොම නොකිය ඉන්නද. මෙක කන්තෝරු කතා ගොන්නට එකතු කරන තවත් කතාවක්. මේකතාවෙ කතා නායකයෝ එක්කෙනෙක් නෙමෙයි,සෑහෙන්න ඉන්නවා. ඒවගෙම කතාන්දරත් ඒ හාසමානව තියනවා. වෙලා තියන තියන විදියට එක එක කතාව ලියන්නම්. අනිත් කතන්දරත් එක්කම.
මේ කන්තෝරුව නාරහේන්පිට පිහිටි එකක්. කන්තෝරුවෙ ඉන්න උන්න හැමෝම වගෙ කොළඹ අය නෙමෙයි. ලොක්කත් අර හඳට පොල්ලකින් ගහලා, හඳ කඩා වැටුනට පස්සෙ යන්තම් අතගාලා, හඳ ඇඟිල්ලෙ ගෑ උනාම, ලෙව කාලා හඳ ඇබුල් රහයි කියපු ගමෙ කෙනෙක්.
ලොක්කා කොළඹ ආවට පස්සෙ එයා එයාගෙ කොම්පැනියට ලංකාවෙ හතර වටින්ම කට්ටිය ගත්තා. ඒකට හෙතුවක් තියනවා. ඒකත් පස්සෙ කියන්නම්. ඔක්කොම කතා එකක කියුවම හරි නෑනේ. ඔන්න අද කතාව චන්දරෙ කොළඹ අපු හැටි.

Saturday, May 12, 2012
93.බිත්තර බදින හැටි
වීරසිංහ මහත්තයා කන්තෝරුවක වැදගත් නිළයක් දරන කෙනෙක් ඒ හන්දා එයාට කන්තෝරුවෙන් වාහනයක් හෙම දීලා තියනවා. තම බිරිද ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්.
Thursday, May 10, 2012
92.ඇමෝනියා ගඳ

මාතෘකා
කන්තොරු කතා,
මඩ,
විහිළු
Subscribe to:
Posts (Atom)