1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.
මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක.
එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.
Showing posts with label මගෙ පාසැල් කාලය. Show all posts
Showing posts with label මගෙ පාසැල් කාලය. Show all posts
Thursday, March 19, 2015
Thursday, December 13, 2012
වීර චාරිකාවක්
අද මම කියන්න යන්නේ මගේ වීර චාරිකාවක් ගැන විස්තරයක්. වීර චාරිකාවක් කියන්නේ ඒ කාලේ හුඟදෙනෙක් කතාවට ලක් කරපු කතාවක්. අදත් අපේ අම්මනම් මතක් කරනවා. එහෙම මතක් කරනකොට අපේ නංගි, එයාට හරි ජොලි. උඩ පැන පැන අපිට කෝචොක් දානවා. හැබැයි ඒ කාලෙ ඒකි ඉපදිලත් නෑ මයෙ හිතේ.
මේ කතාවට සම්බන්ද කාලේ 86 නැත්නම් 87. ඊට පස්සෙනම් නෙමෙයි. මගේ කලින්
පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම. කතාවෙ කියුවා වගේ අපේ අම්මා දවල් කෑම ගන්නෙ අපි පාසැල් ඇරිලා ආවම. ඉතින් ඒකතාවත් මතකේ තියාගෙනම මේ කතාවත් කියවන්න.

මමයි මල්ලිලා දෙන්නයි පාසැල් ගියේ නාලන්දෙට. පානදුරේ ඉඳන් නාලන්දෙට ඒකාලේත් පාසැල් බස් රථයක් තිබුනා ඒ ගැන මම ලොකු ජෝන් වීමෙ කතාව කියවලා තිබුන නම් දැනගන්න තිබුනා. උදේ පාන්දරම යන අපි හවසට එන්නෙත් පාසැල් බස් රථයෙන්මයි. ඔය බස් එක අරගෙන ආවේ නිත්‍ය රියදුරු මහතෙකුයි කොන්දොස්තර මහතෙකුයි. ජයසිරි අයියයි සැම්සන් අයියයි ඒ දෙන්න ගැනත් මම කලින් පොස්ටුවක කියලා ඇති.
හවසට පාසැල ඇරුනම සිරිධම්ම මාවතේ මාර ගහ යට බස් එක නවත්තලා තියෙනවා. හයිය හත්තිය තියන එවුන් පාසැල ඇරුන ගමන් දුවලා ඇවිත් හෙවන පැත්තෙ ආසනයක් අල්ලගන්නවා. අපි ඉතින් පොඩි උන්නේ, අපිට ඉතින් හුඟවෙලාවට ලැබෙන්නේ අව්ව පැත්තෙ ආසනයක් තමයි. මමයි මල්ලිලා දෙන්නයි බස් එකට නැග්ග ගමන්ම නිදි. කෙල පෙරාගෙන නිදියනවා කියලයි කවුරුත් ඒ දවස්වල කියුවේ . ඒත් අනේ මමනම් දන්නෙ නෑ මොකද මම නිදිනේ. බහින තැන ලං වෙද්දි සැම්සන් අය්යා ඒ කියුවේ කොන්දොස්තර මහතා අපි තුන්දෙනාව නැගිට්ටනවා. පානදුරේ පේන දුරින් තියන වලාන හන්දියෙන් අපි තුන්දෙනා බැහැලා ගෙදරට යනවා. අම්මගේ කෑම පැය අවසන් වෙන්න කලින් අපි බොහෝ දවස් වලට ගෙදර යනවා.

Tuesday, November 13, 2012
133.ලාල්ගේ කතාව
බොහෝම ඈත ඉස්සර කාලේ ලොකු ජෝන් ඉස්කෝලෙ යන කාලේ උන සිදුවීමක් හැටියට මතකේ රැඳුන කතාවක් හැටියට අද පෙට්ටගමේ සටහන හැටියට ඉදිරිපත් කරන්නයි හදන්නේ. ලොකුජෝන් ඒ කියන්නෙ මම . මගේ හොඳම කියන යාලුවො අතර එකෙක් උන්නා ලාල් කියලා ඒක උගෙ ඇත්ත නම කියලා හිතාගන්නකො. ඇත්ත නම ඊට ටිකක කිට්ටු නමක්. ඌ මේක කියවන්නත් බැරි නෑ. ඌ මෙක කියවලා හිතට තරහක් ආවත් මතකය අලුත් කලා කියලා හිත හදාගනී. ඒකනම් ඉතින් සියයට අනූනවයක් විස්වාසයි. අර ඉතිරි සියයට එක තමයි විස්වාස නැත්තෙ.
ඔය ලාල්ගේ පියාණො රැකියාව කලේ මැද පෙරදිග. ඒකා යකා කියනවනේ ලාල්ගෙ පවුලෙ උන්නෙ මූ විතරයි අයියලා අක්කලා නංගිලා මල්ලිලා කවුරුවත්ම නෑ.ඉතින් පියාණො හම්බකරන සකල සබ්බ සේසතම මූට. මිලේනියම් සිටිය හදන්න කලින් ඔරුවල කියන පැත්තෙ අම්මත් එක්ක තට්ට තනියම තමයි මේ ලාල් ජීවත් උනේ.

Saturday, September 8, 2012
117.දෙසවන සදා රැදුන සොඳුරු මිතුරෙකු වෙනුවෙන් ..
මේ අසූව දශකයේ අග බාගය. කෙටි නිවේදනයක් රැගෙන ශිෂ්‍ය නායකයෙක් පන්තියෙන් පන්තියට ගියේ පසුදින පැවැත්වෙන ආධුනික නිවේදකයන් තෝරන සම්මුඛ පරික්ශනයට ජාතික රූපවාහිනියේ ප්‍රවීන නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය පාසැලට පැමිනෙන අතර ඒයට කැමති සිසුන් සූදානම් වී පැමිනෙන ලෙස දන්වමිනි.
එදා ගෙදර ගොස් පුවත්පත් වල පුවත් කියව කියවා පසු දින පැවැත්වෙන නිවේදක සම්මුඛ පරීක්ශනයට සූදානම් වූවා මට තාම මතකය. මාමෙන්ම මෙම කටහඬ පරීක්ශනයට අපේ වයසේ පසුවු බොහෝ අය ඉදිරිපත් වුනේ රූපවාහිනියේ කෙසේවෙතත් ගුවන් විදුලි මාධ්‍යයේ හෝ නිවේදකයෙකු වීම සිහිනයක් වු බැවිනි.
එම නිවේදක සිහිනය එදා ජයගත්තේ කෙට්ටු සුදු උස කොලු ගැටයෙකි. ඔහු නමින් සුරේශ් වික්‍රමසිංහය. එදා පටන් අප පාසලේ බොහෝ උත්සව වල නිවේදන කටයුතු කලේ ඔහුය.

Monday, July 30, 2012
107.තාප්පෙන් පැන්න තාත්තා.
පාසැල් කලයෙ සුන්දර ඒ වගෙම නොමැකෙන මතක ගොන්නට වැටෙන කතාවක් අද කියන්නම්.
නුහුරු බීම හෙවත් තනි අකුර මේ මම ආසිරි ගැන ලියපු පලවෙනි කතාව. නොබලපු අය ඉන්නවනම් බලන්න. අද කතාවත් ආසිරි ගැන. පාසැල කිට්ටුවම පදිංචි වෙලා උන්න සිසුවෙක්. වෙලාවට කලින් පාසැලන් නික්මයාම ගැන හොඳ පළපුරුද්දක් මොහු සතුයි. පාසැලන් නික්මයම කියලා කියුවෙ ගේට්ටුවෙන් නෙමෙයි, තාප්පෙන්. මේ ඒ සම්බන්ද රසවත් කතාවක්.
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
අනූවෙ දශකයෙ මුල් කාලෙ
කොළඹ පාසැල් ශ්‍රවනාගාර අතුරින් මලලසේකර ශාලාවට හිමිවුනෙ ඉහල තැනක්. නාලන්දා විද්‍යාලයෙ ප්‍රථම විදුහල්පතිවරයාවන මහාචාර්‍ය ගුනපාල මලලසේකර මැතිතුමා සිහිවීම පිනිස නම් කර එම රඟහල, විශාල කාලයක් වගේම විශාල පිරිවැයක් යොදවලා අට පට්ටම් හැඩයට සදා
ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
![]() |
| මලලසේකර රඟහල එදා |
Thursday, June 28, 2012
102. සල්ලගෙ තරම
දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.
මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.

Thursday, June 14, 2012
100. ඔබ සැමට ස්තුතියි !
පෙර ලිපිය (මම ලොකු ජෝන් වීමෙ කතාව) මතු සම්බන්ද කර නතර කලේ මෙ ලිපිය විශේෂ ලිපියක් වීම හෙතුවෙනි. එබැවින් ඒ විශේෂත්වයත් සමගම මම ලොකු ජෝන් උන හැටි කියවන්නට ඔබට ආරාධනා කරමි.
1979 වසරේ ඔක්තොම්බර් මාසයෙ තිරගත වුන සිනමාපටයක් "සව්දන් ජෙමා". මෙහි රඟපෑවා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාවු ලයනල් දැරණියගල. ඉතින් මෙහෙම විත්‍රපටියක් ගැන කියුවෙ ඒ චිත්‍රපටිය අද මගෙ මේ පොස්ට් එකට මාතෘකාවක් නිසයි.
Tuesday, June 12, 2012
99.මම ලොකු ජෝන් වීමෙ කතාව
හරියටම කියනවනම් 1983 අවුරුද්දේ මුල් පාසැල් වාරය. මගෙ ලොකු මලයා පාසැලට ඇතුලත් කරපු අවුරුද්ද. පානදුරෙ ඉදන් පාසැල් බස් රථයෙන් පාසැල වෙත ගිය මට මලයාවත් කැටුව පසැලට යන එක අමුතුම අත් දැකීමක්. තාත්තා පානදුරයෙන් මාවත් මල්ලිවත් පාසැල් බස් රථයට බාරදීම සිදුකරයි. කමල් අයියා, අතුල අයියා, චතුර අයියා, තුශාර අයියා වැනි වැඩිහිටි පාසැල් සිසුවෙකුට අපි දෙදෙනාව භාර දෙන්නේ බස් රථය තුලදී අපේ ආරක්ෂාව ගැන බලන්නටය. මෑත යුගය හා සසඳනවිට ආරක්ශාව ගැන දෙමාපියන් බිය වියයුතු නොවන්නෙ අදමෙන් පිරිහීගිය සමාජ වටපිටාවක් එකල නොතිබූ බැවිනි.Sunday, June 10, 2012
98.පොලීසිය ත්‍රී රෝද රියෙන් දොට්ට දැමීම.
මගෙ පවුලෙ මට වඩා බාල තව සහෝදරයෝ දෙදෙනෙක් සහ බාලම සහෝදරියක් සිටියි. මේ සිද්දිය වන වකවානුවෙ, 1985 හෝ 86දී බාලම සහෝදරිය මෙලොව එළිය දැක තිබුනේ නැත. ඒ කියන්නෙ ඒකාලයෙ මට සිටියෙ මල්ලිලා දෙදෙනෙක් පමනි.

ඒ කාලයෙ අපෙ අම්මාගෙ කෑම පැය දහවල් 2.30සිට 3.30ටය. අපි තුන්දෙනා පාසැල් අහවර වී ගෙදර එන වේලාවට සරිලන්නට ඇය කෑම පැය සකසා ගෙන සිටියාය.ඇයගෙ කාර්‍යාලයේ සිට සැතපුම් 2ක් දුරින් අපෙ නිවස පිහිටා තිබුනි.
කොළඹ සිට පානදුරයට කෙතරම් වෙහෙසකර ගමනක පැමිනියත් කෙතරම් බඩගින්නෙ පැමිනියත් බත් බෙදාගෙන කෑමෙ පුරුද්දක් අප තුල නොවීය. ඊට වඩා අපට අවශ්‍ය වූයෙ සෙල්ලම් කිරීමය. ගෙදර ආ විගස අපි කරන්නෙ ඇඳුම් උනා දමා නිවස ඉදිරිපස පන්සල් වත්තට ගොස් ක්‍රිකට් ගැසීමය. එයටම සැදී පැහැදී උන් කොලු රෑනක් ඒ කාලයෙ අපිත් එක්ක විසීය. අපි නැවත ගෙදර එන්නේ අම්මා කාර්යාල කටයුතු නිමවා නැවත ගෙදර පැමින අපට කතාකරන විටය. බොහෝවිට එවිට වේලාව හවස 7 පසුවී තිබේ.

Friday, March 30, 2012
පමා නොවී එමි අකුරට..
හැමදාම ලියන කතාවගෙ අද කතාවත් මඩ ගොඩකින් ගොඩදාගත් එකක්. විශේෂත්වය නම් මෙ මඩ වෙන එකෙකුගෙ නෙමෙයි. කතාව ලියන ලොකු ජෝන් වන මගෙ ම එකක් වෙච්චි. මෙකත් වත්මනෙ කතාවක් නොව 90 ගනන්වල මුල් කාලයෙ කතාවක්
මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස් රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.
මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස් රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.Friday, March 2, 2012
කොහොමද කෑම.. තාම මතකයි
ටික දවසකින් මුකුත් ලියන්නත් බැරිඋනා. වැඩ වැඩි හින්දම නෙමෙයි. ලියන්න තිබුන මාතෘකා වැඩි නිසා. මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ. ක්‍රිකට් ගැන ආයෙත් උනන්දුව වැඩිවන නිසා ඒ ගැන යමක් නොලියුවොත් අමුම අමු ක්‍රිකට් පිස්සෙක් වෙන මට නිකන් මදිකමක් කියලා හිතුනා. ඔන්න අද මම මගෙ බ්ලොග් අඩවිය ක්‍රිකට් වලට වෙන් කලා. කාලය වකවානුව මට මතක හැටියට 1990 වසර. මම ඉස්කෝලෙ යන එකෙක් කොහොමටත් ජනවාරි පලවන වාරය ඇරඹුමත් සමග අපෙ කොල්ලන්ට තියන ලොකුම පිස්සුව තමා ක්‍රිකට් පිස්සුව. ඔය පිස්සුව අඩුවෙලා යන්නෙ අප්‍රෙල් මුල සතියෙ අවසන්වන කොකා කෝලා කුසලානය අවසන්වීමත් සමග.
Friday, February 24, 2012
දියනාන තැන
මාතර පැත්තෙ මිතුරෙකුගෙ කතාවක්. උන්දෑ පාසැල් සමයෙ උන් කතාවක් නිසා පුංචි ඉඟියක් විදියට එක කතාවක් මතක් කරන්නම් කතාව නම් කොලෝනියල් කසින්ස්. ඒකෙ අර ඔරුවත් අරන් පාලම යටට යන්නෙ. අන්න ඒ කතාවට පොඩි සම්බන්දයක් මෙ කතාවෙ තියනවා.ඔය කියුව පාලමයටින් ගලාගෙන යන ගඟ දැන් අවුරුදු ගානක සිට ගලාගෙන යනවා. ගඟ අයිනෙ බොහෝ දෙනා දියනාන මනස්කාන්ත ගල් තලාවකුත් තියනවා. දියනාන ස්ථානය කියුවම මට පොඩි අතුරු කතාවක් මතක් උනා.
Sunday, February 19, 2012
නුහුරු බීම හෙවත් තනි අකුර
තෙල් ගැන කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.
Thursday, February 2, 2012
හිතෙ අමාරුව නැතිකරගන්න
අද පෙට්ටගමෙ කතාව මීට අවුරුදු 15කට 16කට විතර උඩදි NIBM එකේ හිටපු මගෙ මිතුරෙකු හිතෙ අමාරුව නැතිකර ගන්න කල හපන්කමක් ගැන කියවෙන එකක්. මිනිහා තනියම කල හපන්කමක් නෙමෙයි එයාගෙ අක්කලා දෙන්නත් එක්ක කල හපන් කමක්. මගෙ යාලුවා කෝසල කියමුකො. කෝසලගෙ ස්ථිර පදිංචිය දකුනු පලාතෙ ගමක. කෝසලට අක්කලා දෙන්නෙක් උන්නා. අක්කලා දෙන්නයි කෝසලයි වැඩිදුර අධ්‍යාපනයට කොළඹ NIBM එකට ආවා.
මාතෘකා
NIBM,
අතීත මතක,
මගෙ පාසැල් කාලය,
මඩ,
විහිළු
Tuesday, November 29, 2011
පුඩිම වහලෙ උඩ .
හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.
Friday, November 18, 2011
මහේලගෙ දහස ..
අද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා, යදමින් බැඳ විලංගුලා ගීතයෙදි. ඒත් මෙ ලිපිය ලියන මම අමුම අමු ක්‍රිකට් පිස්සෙක් නිසා, මෙ පිස්සාට අනුකම්පා කොරලා ක්‍රිකට් වලට නොබැන මෙ ලිපිය කියවන්න.
ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි.

Wednesday, November 9, 2011
ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි
මේ කතාවෙ කතා නායකයා දැන් ගුවන් හමුදාවෙ වැදගත් නිලයක් දරන කෙනෙක්. මාත් සමග පාසලෙ එකට හිටපු එකෙක්. නම සේකර කියමුකො. ඊට වඩා වැඩි විස්තර නොකියා ඉන්නම් මොකටද නිකන් ඉල්ලන් කන්නෙ. හැබැයි මේ කතාව මඩක් හෙම නෙමෙයි. මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.
සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි
දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .
Thursday, October 27, 2011
ලේ (දන්) දීම
"මා වැනි බිලින්දා
මරුවා යයිද කැන්දා
අනෙ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාම නැන්දා"
ලේ බැංකුවෙ පොස්ටරයක සඳහන් මේ වැකිය මෙ ලඟදී පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි මගෙ නෙත ගැටුනා. මගෙ සිත අතීතයට දිවගියා. අවුරුදු ගානක් ඈතට, 1992ට කියුවොත් නිවැරදියි. ඒ කාලෙ ඔය පොස්ටර් කීයක් අපේ අතින් ඇලවෙන්න ඇත්ද,
මෙ ටික කියුවෙ අද මම කියන්න යන කතාවට මුලපුරන්නයි.අපෙ පාසලෙ පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි සිදුවුනු සිදුවීමක්,

Subscribe to:
Posts (Atom)