he
Showing posts with label NIBM. Show all posts
Showing posts with label NIBM. Show all posts

Sunday, May 26, 2013

මේ දෑස කුමකටද ?

කන්නාඩි දාගෙන 3D පින්තූර චිත්‍රපටි බලන යුගයට දැන් අපි ඇවිත් ඉන්නවා. ඒ කාලේ රූබි එකෙ ඔය කන්නාඩි දාගෙන චිත්‍රපටි බැලුවා මට මතකයි මතකය නිවැරදිනම් ඒ 1989 නැත්නම් 1990..ඒත් හරියටම මතක නැ. 3D හන්දම බැලුවා මිසක චිත්‍රපටය ගැන මතකයක් නෑ මොකද හරියටම මතක Garden of Eden, Emmanuelll වගේ ඒවනේ. ඒ ගැන මගේ පරන පෝස්ටුවක විස්තර තියනවා "විසිපහේ නිල් චිත්‍රපටි" බැලුවේ නැත්නම් බලන්න. රූබි එකෙ 3D බලලා ඒ අත්දැකීම හිතෙම යන්තමට ඉතුරුවෙන්න කාලය ගතවුනා.


1995-96  කාලේ සිදුවීමක් තමයි මෙ කියන්න යන්නෙ. තොරතුරු තාක්ශන ඩිප්ලෝමාව හදාරන්න මමත් NIBM ආයතනයට සම්බන්ද උනෙ ඒකාලෙ. දෙශන ශාලාවට වඩා වැඩිවෙලාවක් ඉන්නෙ පුස්තකාලෙ නැත්නම් කැන්ටිමේ තමයි. කැන්ටිමට යන්නෙ කන්නම බලාගෙන නෙමෙයි. අපිට වඩා ඉගෙන ගන්න දක්ශ අය පොත් කියවලා ඉගෙන ගත්තු දේවල් ඉක්මනට ඉගෙන ගන්න තමයි. ඉගෙන ගත්තු දේ තව කාත් එක්ක හරි බෙදාගත්තම ඉගෙන ගත්තු දේ මතකින් ගිලිහෙන්නෙ නෑ.

Friday, March 9, 2012

බීප් බීප්...

  මේ සිද්දිය වුනෙ 1995 අවුරුද්දෙ එතකොට මම NIBM එකෙ ඉගෙන ගන්නව. එකාලෙ දැන් වගෙ හැමොගෙම ගෙවල් වල කොම්පියුටර නෑ . ඉගෙන ගන්න දෙවල් අත් හදා බලන්නත් ඔනෙ NIBM ලැබ් එකෙම තමයි.

Thursday, February 2, 2012

හිතෙ අමාරුව නැතිකරගන්න

අද පෙට්ටගමෙ කතාව මීට අවුරුදු 15කට 16කට විතර උඩදි NIBM එකේ හිටපු මගෙ මිතුරෙකු හිතෙ අමාරුව නැතිකර ගන්න කල හපන්කමක් ගැන කියවෙන එකක්. මිනිහා තනියම කල හපන්කමක් නෙමෙයි එයාගෙ අක්කලා දෙන්නත් එක්ක කල හපන් කමක්. මගෙ යාලුවා කෝසල කියමුකො. කෝසලගෙ ස්ථිර පදිංචිය දකුනු පලාතෙ ගමක. කෝසලට අක්කලා දෙන්නෙක් උන්නා.  අක්කලා දෙන්නයි කෝසලයි වැඩිදුර අධ්‍යාපනයට කොළඹ NIBM එකට ආවා.