he
Showing posts with label පාසැල් මිතුරෝ. Show all posts
Showing posts with label පාසැල් මිතුරෝ. Show all posts

Wednesday, January 2, 2013

බිරිඳට හොරෙන් සිගරට් බීමෙන් වලකින්න

පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.

…31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.

 බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.