he

Friday, April 26, 2013

කබ්බො සහ ටොයියො

අද හුඟ දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තට ආවේ. සාමාන්‍යයෙන් මම අප්‍රේල් මාසේ බ්ලොග් පොස්ට් දානවා අඩුයි. මොකද අප්‍රේල් නිවාඩු කාලෙනේ. ඒ ඉතින් ඉස්කෝලෙ යන අයට, ඒ උනාට මට තාම අප්‍රේල් දෙසැම්බර් මාස නිවාඩු මාස කියලා හිතෙනවා. මීට අවුරුදු ගානකට ඒකියන්නෙ අවුරුදු 20කට විතර ඉස්සර මතකය මට තාම අමතක කරන්න බෑ.

ඉස්සර පාසැල් නිවාඩුව ලැබුනම අපි කොච්චර නම් සෙල්ලම් ජාති කරනවද. චක්ගුඩුපනිනවා, වලකජුගහනවා, ටින් කඩනවා, අයිස්පයිස් කරනවා ඇයි ටොපිකොල ඔට්ටුවට ජිල් බෝල ගැහිල්ල. මේවායින් මම ආසම ජිල් බෝල ගැහිල්ලට.


 හවසට හතරවටෙම ඉන්න කොල්ලො කුරුට්ටන්ගේ ටොපි කොල ටික එකතු කරගෙන පොඩි උන ඒවා පොත් අස්සෙ දාගෙන මැදගෙන පරන සූට් කේස් එකේ දාලා ගනන් කරන එකතරම් වින්දනයක් තවත් නෑ.

Tuesday, April 2, 2013

IPL රස්සාව

රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.


…අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.