හරියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්‍රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද.
ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම තමාගේ ගෙදරටම ඇවිත් ලෝකශූර කන්ඩායමට කණහරහා පහරක් ගැසුවාසේ විශාල ඉනිමක් දියත් කලේ දෙවනදිනය නිමාවනවිට අපේ ප්‍රභල ආරම්භක පිතිකරුවෙකුවත් නැවත ක්‍රීඩාමණ්ඩපයට හරවා යැවීමෙන්.
අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්.
එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.
අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්. එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.
ඒත් ඔහු ඒ සියල්ල අමතක කර පස්වන දිනයතෙක් තම ඉනිම දියත් කලේ ටෙස්ට් වංශකතාවට ලෝක වාර්තා කිහිපයක් එක් කරගනිමින්. අද ක්‍රීඩකයන්ට එවැනි පීඩනයක් නැතත් බිංදු ලබාගන්නා ක්‍රීඩකයන්ට තම දස්කම් අතරට එන්නට පමනක් අභියෝගයක් ඇත. ඒත් ඔවුන්ට ක්‍රිකට් අත්හිටුවීමට සමත් පාලකයන් ඇද නැත . මොනවා උනත් එදා ඒ අභිමානය රැක්කාසේ අද අපේ ක්‍රීඩකයන් යම් පෙරලියක් කර නැතිවූ අභිමානය නැවත උදාකරගනු ගැනීම ශ්‍රීලාංකික අපගේ ප්‍රාර්තනයයි.
Showing posts with label Cricket. Show all posts
Showing posts with label Cricket. Show all posts
Monday, January 20, 2020
Thursday, March 19, 2015
ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.
1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.
මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක.
එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.

Friday, June 14, 2013
නිදිමරා මැච් බැලීම.
ශූරයන්ගේ කුසලානය උදෙසා පැවැත්වෙන තරඟාවලියේ ශ්‍රීලංකාව හා එංගලන්තය අතර තරඟය නරබා අවසානවෙනවාත් සමගම මතකයට නැගුන සිදුවීමක් පෙට්ටගමේ තැන්පත් කරන්න සිතුනි.
හුඟදෙනෙක් ක්‍රිකට් තරඟ නරඹන්න අකමැතියි. ඒ වෙලාව කන ක්‍රීඩාවක් නිසාය. එහෙම කොහොම කීවත් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් නම් නිදිමරාගෙන තරඟයක් බලන්නේ ඒ අවස්තාවෙ වින්දනය ඒ අවස්තාවෙ විඳින්න උවමනා නිසා.
සරල උදාහරනයකින් කියනවනම් මෙ වනවිට පවත්වපු ශ්‍රීලංකව සහභාගීවුන තරඟ දෙකම ගතහොත්,
පලමු තරඟය ශ්‍රීලංකාව පරාජය වුනා.
දෙවන තරඟය ශ්‍රීලංකාව ජය ගත්තා.
ඔය නිකම්ම නිකන් වැකි දෙකක් උනාට තරඟය ඒ අවස්තාවෙ බලපු අයට අමතක නොවන අත්දැකීම් දෙකක්. තරඟය නොබලපු අයටනම් නිකම්ම නිකන් වැකි දෙකක්.
සමහරු ඇත්තටම ක්‍රිකට් වලට ආසයි. ඒ කියන්නෙ තදබල ක්‍රිකට් ලෝලීන්. ක්‍රිකට් මැච් අතහරින්නෙ නෑ. තව සමහරු ක්‍රිකට් ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, ඒත් ක්‍රිකට් ලෝලීන් කියලා පෙන්නන්න හදනවා.
මම මේ කියන්න යන අත්දැකීම අපේ මාමා කෙනෙකුට වුන සිදුවීමක්.මේ සිදුවීම පහුගිය 2011 ලෝක කුසලානය දවස්වලදි සිදුවූවක්.

Tuesday, April 2, 2013
IPL රස්සාව
රැකියාවක් යනු සෑම කෙනෙක්ම ජීවත්වීම සඳහා කරන්නකි. රැකියාවෙන් ලැබෙන වැටුප තම තෘප්තිය උදෙසා විවිධාකාර ලෙස යොදවා ගැනීමට ඔහුට හෝ ඇයට හැකියාවක් ඇත. එය විනාසකර මහමගට වැටීමේ හැකියාවද ඇත්තෙ ඔහුට හෝ ඇයටයි. ඒ නිසි කලමනාකරනයක් නොලැබුන තැනය. කලමනාකරනය ගැන කතාකිරීඑමට මම යන්නෙ නැත. ඒත් මා කලමනාකරනයෙදි උක්තවන වැටුප සම්බන්දව කතාකිරීමට හා එම වැටුප ගැන ඇස් යොමාසිටින අය ගැන අද මේ ලිපිය කතාකරනු කැමැත්තෙමි.
අද ඉන්දියානු ප්‍රිමිය ලීග් තරඟාවලිය ආරම්භ වනු ඇත. විස්සයි විස්ස තරඟාවලි අතර ප්‍රමුඛතම තරඟාවලිය මෙම තරඟාවලිය කීවොත් එය බොරුවක් නොවේ. විශාල මුදල් ප්‍රමානයක් ආයෝජනය කර විශාල ප්‍රවර්දන උපක්‍රම භාවිතාකර මුදල් ඉපයීමේ අරමුන පෙරදැරිකරගනිමින් ආරම්භ කර තරඟාවාලියක් ලෙස මෙම තරඟාවලිය හඳුන්වාදිය හැක. ක්‍රීඩකයන්ගේ ජනප්‍රියත්වය ඒවාගේම ඔවුනගේ හැකියාවට ලන්සු තබා අරඹන මෙම තරඟාවලිය ක්‍රීඩාශීලීත්වය අංක එකෙහි තබා පවත්වන්නක් නොවේ. උදාහරනයකට ගන්නවානම් තුරඟ තරඟ ක්‍රීඩාවක් ලෙස ගෙන බලන්න. IPL යනුද එවැනිම වෘත්තීය තරඟාවලියකි. ඔට්ටු තබන්නෝද ව්‍යාපාරිකයෝද මෙම තරඟාවලියට ආයෝජනය කරන්නේ ක්‍රීඩාවේ උන්නතියට කියා ඔබ හිතනවානම් ඔබ වැරදිය.
Monday, May 21, 2012
95.ජන(අ)ප්‍රිය
අද වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. හැමදාම මඩ ගහනවා කියලා එහෙමත්ම මඩ ගහන්න පුලුවනෑ. මේකත් එක්තරා විදියක මඩ ගොඩක කතාවක්. මුලින්ම කියන්නෙ මේ මගේ හිතෙ තිබුන, මට පෙනුන දෙයක්. සනත් ජයසූරිය ඔස්ට්‍රෙලියානු පන්දුයවන්නට එලව එලවා පහරදෙනවිට අපි ඔහුට හුරේ දැම්මෙමු.
96 ලෝක කුසලානය දිනා වටිනාම ක්‍රීඩකයා වනවිට අපි ඔහු ගැන ආඩම්බර වීමු.
ඉන්දියානුවට ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ලකුනු 340ක් ගසා වාර්තාවක් පිහිටවූදා ක්‍රිකට් වලට කැමති අය වගේම අකමැති අයද ඇතුලුව ශ්‍රී ලාංකිකයන්ගෙ සියයට සීයකගෙම ප්‍රසාදය ඔහු සමග විය.
Thursday, September 1, 2011
අවම කාලයකින් අවසන් වුන ක්‍රිකට් තරඟය ගැන ඔබ අසා තිබෙනවාද?
මෙම තරඟය පවත්වලා තිබෙන්නෙ 1932 දී ඔස්ට්‍රේලියාවෙ මෙල්බෝන් පිටියෙ. පැය 5කුත් මිනිත්තු 53ක් තුල මෙම තරඟය නිමවෙලා තියනවා. තරඟයටම වැයවෙලා තියෙන්නෙ පන්දු 656යි. තරඟය පවත්වලා තියෙන්නෙ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 36 කට තම ඉනිම අවසන්කරගෙන තියෙන්නෙ පන්දු ඕවර 23.2කින්.
ඔස්ට්‍රේලියානු ඉනිම ලකුණු 153කින් අවසන් වුනු අතර එම ඉනිමට පන්දු ඕවර 54.3ක් වැයකොට තිබුනා.
දෙවන ඉනිමෙදී දකුනු අප්‍රිකාව ලකුණු 45 කට සීමාවුනු අතර පන්දු ඕවර 31.3 කින් තරඟය නිමාවූයේ ඔස්ට්‍රේලියාවට ඉනිමකින් හා ලකුණු 72ක ජයක් අත් කර දෙමින්.
Subscribe to:
Posts (Atom)