he
Showing posts with label කන්තොරු කතා. Show all posts
Showing posts with label කන්තොරු කතා. Show all posts

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Sunday, July 1, 2012

103. මගුල දා රෑට කරන දේ

විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා.


මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.

Saturday, June 23, 2012

101. විකී අංකල් ගේ ගැස්සීම

සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.


මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.


වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.




Friday, June 1, 2012

96. සිරා වැල්ල ( කොළඹ ආ හැටි )

චන්දරේ කොළඹ ආපු කතාව පහුගිය දවසක දැම්මනේ නොබලපු අය ඉන්නවනම් මෙන්න ලින්කුව "චන්දරෙ කොළඹ ආ හැටි" ගිහින් බලා ගන්න. මොකද මේ කතන්දර මාලාවෙ නිදන් කතාව තියෙන්නෙ එතන. ඒක නොකියෙව්වා කියලා මෙ කතාව වෙනම කතාවක් හැටියට කියවන්න අපහසු නෑ.


අද කියන්නෙ චන්දරේගෙ සගයා "සිරා" කොළඹ ආපු හැටි. මෙ දෙන්න එකතුවෙලා සොසේජස් බැදපු හැටි මතක ඇතිනෙ මතක නැත්නම් "මල්ටි purpose අයන්" මෙතනින් පොස්ටුවට යන්න. ඒ කතාවට අනුව මෙ දෙන්නගෙ බඩවලුත් දැන් හරි ගානට පදම් වෙලා. අවුරුදු ගානකට පස්සෙ බඩවල් පදම් උනාට කොළඹ එනකොටනම් එහෙම නෑ කියලා තමා තතු දන්නෝ කියන්නෙ. කොහොමින් කොහොම හරි මෙන්න මෙකයි අද කතන්දරය

Thursday, May 17, 2012

94.චන්දරේ කොළඹ ආ හැටි

මෙ කතාවනම් එහෙම පිටින්ම මඩක්. අනිවාර්‍යයෙන්ම ඉදිරි දින කීපයෙදී අම්බානක කන්න වෙන විත්තියනම් පටන් ගන්න කලින්ම කියන්න ඕනෙ. කෑමෙන් බේරෙන්න නොකිය ඉන්න හිතුනට මෙ කතාටික එහෙම කොහොම නොකිය ඉන්නද. මෙක කන්තෝරු කතා ගොන්නට එකතු කරන තවත් කතාවක්. මේකතාවෙ කතා නායකයෝ එක්කෙනෙක් නෙමෙයි,සෑහෙන්න ඉන්නවා. ඒවගෙම කතාන්දරත් ඒ හාසමානව තියනවා. වෙලා තියන තියන විදියට එක එක කතාව ලියන්නම්. අනිත් කතන්දරත් එක්කම.


මේ කන්තෝරුව නාරහේන්පිට පිහිටි එකක්. කන්තෝරුවෙ ඉන්න උන්න හැමෝම වගෙ කොළඹ අය නෙමෙයි. ලොක්කත් අර හඳට පොල්ලකින් ගහලා, හඳ කඩා වැටුනට පස්සෙ යන්තම් අතගාලා, හඳ ඇඟිල්ලෙ ගෑ උනාම, ලෙව කාලා හඳ ඇබුල් රහයි කියපු ගමෙ කෙනෙක්.


ලොක්කා කොළඹ ආවට පස්සෙ එයා එයාගෙ කොම්පැනියට ලංකාවෙ හතර වටින්ම කට්ටිය ගත්තා. ඒකට හෙතුවක් තියනවා. ඒකත් පස්සෙ කියන්නම්. ඔක්කොම කතා එකක කියුවම හරි නෑනේ. ඔන්න අද කතාව චන්දරෙ කොළඹ අපු හැටි.

Thursday, May 10, 2012

92.ඇමෝනියා ගඳ

පෙට්ටගමෙ බොහෝ කතාවලට සම්බන්ද සිරිල්ගෙයි, සිරිල්ගෙ ලොක්කගෙයි කතන්දර පෙට්ටගම නිතර හාර අවුස්සන අයට නම් අමතක නැතිව ඇතිනෙ. "නොදන්නා කෑම කෑමේ විපාක" නම් කතාවෙන් පස්සෙ සිරිල් එක්ක ගමන් යන එක ලොක්ක නැවත්තුවා. ඊට පස්සෙ ලොක්කා එහෙ මෙහෙ යන්න තෝරගත්තෙ මතුගම පැත්තෙ හාදයෙක්ව.

Wednesday, January 18, 2012

කොලෝනියල් කසින්ස්

මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
    
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.

Monday, January 2, 2012

කුක්කු වලට යන වියදම

මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව නැතිනම් ලින්කුව උඩ කොටලා ඒ කතාව බලන්න. මේ කතාවක් එක්ක කෙලින්ම සම්බන්ද නොවුනත් අද ලියන කතාවත් ඒ වගේම cost cutting කතාවක් තමයි. කන්තෝරුවනම් වෙනස්.


මම මේ කියන්න යන කතාවෙ සඳහන් වන කන්තෝරුවෙ ලොක්කට තියන ලොකුම ගැටලුව තමයි සේවක සේවිකාවන්ට සුබසාධනය සඳහා යන වියදම අවම කර ගැනීම. මොකද දන්නවද සුබසාධනයට යන වියදම ඉස්මතුවෙලා පේනවා වැඩියි. ඒකෙන් ආයතනයට ලැබෙන ප්‍රතිලාබ කෙලින්ම පේන්නෙ නෑනෙ. ඉතින් ලොක්කා දන්න සෙල්ලං සේරම දාලා එම වියදං අඩුකර ගන්න උත්සහා කරනවා. වායු සමීකරණ වියදම අවම කරගන්න දවසට පැය හතරකට වායුසමීකරන යන්ත්‍ර පාවිච්චිය සීමා කලා. වතුර ශීතකරනය ක්‍රියා විරහිතවෙලා ශීතකරනයට විදුලිය සැපයිම නැවතිලා.

Monday, December 12, 2011

නින්ද පාර්සලය හා බෝම්බය

මීට කලින් ලිපියෙ (කාලය ගතවීම ..)කාල කලමනාකරණ කතවෙ කොමෙන්ටුවකදි මම් කියුවා මීලග කතාව ගැන ඉඟියක් මතක නැත්නම් පහුගිය කතාවෙ කොමෙන්ට් ටික බලන්න. නැත්නම් ඒවා නොබලා මෙ කතාව කියවන්න. මේ කතාව නම් අවුරුදු ගානක් පරන එකක් නෙමෙයි . ඒත් මීට අවුරුදු පහකට විතර උඩදි උනු කතාවක්.
  මගෙ ප්‍රියතම විනෝදාංශය තමයි නිදා ගැනීම බස් එකක් හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කාටවත් කරදරයක් නැතිව නිදාගැනීමෙ හැකියාවක් මාසතුව තියනවා . හැබැයි කවුරුහරි කතාවට සෙට් වෙනවානම් සෙට් වෙන එකාට අවුරුදු ගානකට ඇතිවෙන්න කතාකරකර යන්න හැකියාවකුත් මට තියනවා. ඉතින් වාහනයකට ගෙඩවූ සැනින්ම මම කරන්නෙ කතාකරන්න කවුරුන් හො සිටිනවා දැයි සොයා බැලීම. එසේ කවුරුන් හො නැත්නම් විකල්ප ක්‍රියාමාර්ගයවන නිදාගැනීමට හිත යොමු කරනවා. …

Friday, December 9, 2011

කාලය ගතවීම ..

මේ දවස්වල කාලය කලමනාකරනය කරගන්න තිබුනු අපහසුව නිසාම මගෙ වැඩ සේරම අවුල් වෙලා තිබුනෙ. ඒ හන්දා පෙට්ටගමට මුකුත් එකතු කරන්නත් බැරිඋනා. කොහොමටහ් මගෙ කාල කලමනාකරනය අවුල් නිසා ඊයෙ දවස නිවාඩු දමලා අතපසු වුනු වැඩටික අහවර කරන්න යොදාගත්තා.වැඩ ටිකත් ඉවර කලා . ඊට පස්සෙ ලියන්න පටන් ගත්තා. 

ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න. … …

Thursday, November 24, 2011

ප්‍රවාහනය කළුතරට පමණයි!

  කන්තොරු කතන්දර ගොඩට තවත් කතන්දරයක් එකතු කරන්නයි යන්නෙ. කතා නායකයා ජයේ, නමට තව කෑලි තිබුනට කවුරුත් කියන්නෙ ජයේ කියලා. මෙයත් අර කලින් "මල්ටි purpose අයන්" කතාවෙ දෙන්නා වගේම නුගේගොඩ කාමරයක නැවතිලා තමයි රැකියාවට ආවෙ. 

 ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.

Tuesday, November 22, 2011

තරුණි නෑ මැඩම්

 රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ. 
  
   මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .

  මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.

Tuesday, November 15, 2011

කෝ ටයි?

මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක් …

Friday, October 14, 2011

බොස් ආවේ ඇයි?

මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙකුගෙ කන්තොරුවේ. මිනිහ මට කතන්දරය කියලා කියුවා කන්තොරුවෙ නම නම් කියන්න එපා කියලා මොකද මේ කන්තොරුව තරමක් ප්‍රසිද්ධ තැනක්. මෙතන බොස් ටිකක් අමුතු චරිතයක්. ඒ කියන්නෙ තාම කයිසාරුවත්තෙ මුහන්දිරම් ගෙ යුගයෙ ජීවත්වෙන කෙනෙක්. ඇත්තම් කියනවනම් ඒ පැත්තෙම කෙනෙක් තමයි.
   මොනවා උනත් උදේ පාන්දරම රාජකාරියට එනවලු. මෙ ඔෆිස් එක තියෙන්නෙ ලෝකෙ වෙළෙද මධ්‍යස්ථානයෙ ටිකක් උඩ තට්ටුවක,

Thursday, October 6, 2011

මල්ටි purpose අයන්

ඔයගොල්ලන්ට මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව මෙක එකට සම්බන්ද එකක් නොවුනට සම්බන්දයක් නැත්තෙමත් නෑ. 
 මේ කතාවෙ කතා නායකයො දෙන්නයි. මෙ දෙන්නම රැකියාව කරන්නෙ කොළඹ කන්තෝරුවක දෙන්නම එකම බෝඩිමක තමයි නතරවෙලා ඉන්නෙ. දෙන්නම මාංශභක්ශකයෝ කියුවට වරදක් නෑ. (මෙක බලල මුන් දෙන්නා මාව අනුබව කරයිද දන්නෙ නෑ)
 මෙන්න අද උදේ මේ දෙන්න වැඩට යනවා මම බලාගෙන. යකො මුන් දෙන්නගෙම ඇඳුම් හොඳටම පොඩිවෙලා. නීට් එකට අඳින මුන් දෙන්නගෙ ඇඳුම් පොඩිවෙලා මොකද කියන එක මට ලොකු ප්‍රහේලිකාවක්.    

 මම හිමිහිට ප්ලග් වෙලා ඇහුවා ඩබලගෙන් මොකද උනෙ කියලා. බැලින්නම් මෙ ගොල්ලන්ගෙ බොඩිමෙ තිබුන අයන් එක හොරු අරගෙන. මමත් ඉතින් සෝක මූඩ් එකක් දාලා කියුවා, කමක් නෑ බං අයන් එක විතරනෙ නැතිඋනෙ කියලා. මෙන්න බොලෙ මුන් දෙන්නටම නැග්ගා අසූහාරදාහට . උඹ දන්නවද අපි ඒ අයන් එකෙන් කොච්චර දෙවල් කරගන්නවද කියලා.  

....
...

ඇත්තටම එක අයන් එකක් කියුවට අයන් එකක්ම විතරක් නෙමෙය් රෑ කෑමට සොසෙජස් බැදගෙන තියෙන්නෙත් එකෙන් , ඇලුමීනියම් පිගනක් අයන් එක උඩින් තියලා අර රුපියල් 10 ඇස්ට්‍රා බඩී එකක් පිගානට දාලා