he

Wednesday, December 13, 2023

සැරට කන්න ඉස්සො රෙසිපි එකක්

 සෑහෙන්න කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ.  මේක කෑමක් ගැන. ඉස්සො කන්න හුගක්දෙනා කැමතිනෙ. ඉතින්  මේ මම ළඟදි හදපු ඉස්සො වලින් රසට හදාගන්න පුලුවන් රෙසිපියක් ඉදිරිපත් කරන්න හිතුවා. පුලුවන්නම් මගෙ ඒ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සප් එකක් දෙන්න ශෙයා කරලා යාලුවොත් එක්ක බෙදාගත්තට කිසිම අමනාපයක් නෑ.

Saturday, August 12, 2023

ගූ බෝලේ

අල්ලපු ගෙදර කුණුගොඩ ගැන කතාවක් පහුගිය මාසේ පහුගිය ලිපියෙන් දැම්මට පස්සේ ලියන්න පෙට්ටගම පැත්තෙ එන්න ලැබුනේ සෑහෙන දවසකින්. පහුගිය කතාවෙන් මම කියුවේ අපේ ගෙදරට දකුනු පැත්තෙන් තියන ගෙදර විස්තරයක්නේ. අපේ ගෙදරට වම් පැත්තෙනුත් ගෙයක් තියනවා ඒ ගැන නොකීවොතින් වම දකුන සමබර නොවන තත්වයක් උද්ගතවෙන හන්දා අද කියන්නම් වම්පැත්තෙ ගෙදර විස්තරයක්.

මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත උන්නෙ සෑහෙන්න දවසක ඉඳලා. හේතුව ඔය ගෙදර උන්නේ අක්කලා සෙට් එකක්. ඔය අක්කලා ඉඳලා හිටලා පෙට්ටගමට ගොඩවැදිලා යන කට්ටිය. මේ කතාව කියවලා ලැජ්ජා හිතෙවිද දන්නෙ නෑ කියන සිතුවිල්ල හැමතිස්සෙම මගේ හිතට ආවා. ඒත් කමක් නෑ කියලා හිතෙන්නේ මේ කතාව මීට අවුරුදු 25කට විතර කලින් උන සිදුවීමක් නිසා.

… අපේ මහගෙදර ඉස්සරහ ලොකු වත්තක් තියනවා ඔය වත්ත පන්සලට අයිති වත්තක්. කබොක් ගල් කපපු වලවල් කීපයක් අයිනට වෙන්න තිබුනට එල්ලේ ගහන්න කියාපු ඉඩම එක කෙලවරක උසම මාදං ගහක් තියෙනවා. ගමේ කොල්ලො කුරුට්ටො පන්සල් වත්තට එකතුවෙනතුරු මාදං ගහට වෙලා හතරවටේ බලබල ඉන්න එක හරිම ජොලි වැඩක්.