he

Monday, August 27, 2012

114. තැඹිලි වතුර

ඩෙංගු මර්දන ක්‍රියාවලිය සෑම ඉරුදිනකම උදෑසන අපේ ගෙවත්තෙ සිද්දවෙනවා. සුමානෙටම එක දවසයිනේ ගෙදර ඉන්නේ. එදාට වත්ත අස් කරලා ටින් බෙලෙක්ක ටික අයින් කරලා දානවා. වත්ත පුරාම තියන කොස් කොල අඹ කොල වගේ වැටෙන කොල ජාති එකතු කරලා පුච්චලා දානවා. ඔක්කොටම වඩා අමාරු වල් පැල ටික ගලවලා ඉවර කරන එක . ඒවැඩේ ඉවර වෙනකොට නම් හොඳ ගනං.

Saturday, August 25, 2012

113. පන්නාගෙන ඒම

අද පාන්දරම හදිසියේම කොට්ටාවට යන්න අවශ්‍ය තාවයක් ඇතිඋනා අධිවේගී මාර්ගෙත් ගැලනි ගමින් කොට්ටාවට ගිහින් ආයෙම පානදුරේට එන්න පුලුවන් නිසා අධිවේගය පාවිච්චි කරලා අපේ ගමන ගියා ඔය එන අතරවාරයේ එකපාරටම අපි ආපු වාහනේ පහුකරගෙන පොලිස් වාහනයක් ගියා. ඔන්න එතකොට තමයි මට මේ කතාව මතකෙට ආවේ. 

කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ. 

Thursday, August 23, 2012

112.උත්තරේ පත්තරේ

ඉස්සරහ ගෙදර කොල්ලා ලබන අවුරුද්දේ උසස්පෙල විබාගෙ කරනවා අවුරුදු 12ක් 13ක් මහන්සි වෙලා ඉතින් ඒකට ප්‍රතිපලයක් අරගන්නත් එපැයි.

 හැබැයි ඌ ඉගෙන ගන්න දක්සයා. පොඩි දොහේ ඉඳන්ම පන්තියෙ පලවෙනියා නැත්නම් දෙවනියා. කුසුමක්කගෙ තිබුන ලොකුම බලාපොරොත්තුව ඌව ආණ්ඩුවේ ලොකු මහත්තයෙක් කරන එක.

මෙන්න ඊයේ මම වැඩ ඇරිලා ගෙදර යනකොට කුසුමක්කා අඬනවා.

Saturday, August 18, 2012

111. ට්‍රිබල් X CD එකක්

කාලයක් මම වීඩියෝ සෙන්ටර් එකක් කලා. වීඩියෝ සෙන්ටර් එකක් කියුවට ටිකක් වෙනස් විදියක එකක්. ඒගැන විස්තරයක් වෙනම පෝස්ට් එකකින් කියන්නම්. මේ මට අද උදෙ පොඩි කොලු ගැටයෙක් CD එකක් අරගෙන යනවා දැකලා එකපාරටම මතක් උන සිදුවීමක්.

මේ සිද්දිය උනේ 1998 වසරෙදි. අද වගේ කොමියුනිකේශන් වීඩියෝ ඒකාලෙ තිබ්බෙ නෑ.වැඩි හරියක් තිබුනෙ VHS කැසට් . CD පිටපත් කරලා දුන්නෙ නෑ මොකද ඒ කාලෙ CD වලට යන වියදම සැරයි. අනික CD පිටපත් කරන එක අද වගේ ජනප්‍රිය නෑ. DVD එකක් පරිගනකවලට සවිකරලා තිබුනෙ එහෙමත් කෙනෙකුගෙ තමයි.හරි වැල්වටාරම් අනවශ්‍යයි මට කියන්න ඕනවෙලා තිබුනෙ ඒ දවස්වල තිබුනෙ පකිස්තානයෙන් හෝ මලයාසියාවෙන් ගෙන්වන, තැටිය මත අදාලා චිත්‍රපටයෙ ඡායාරූපයක් මුද්‍රනය කරලා තිබුන CD විතරමයි.

Tuesday, August 14, 2012

110. මම "ටු" යන්න යට

අනූවේ දශකයෙ මුල් කාලෙ නැත්නම් අසූවේ දශකයෙ අග බාගයේ මම දන්න මල්ලි කෙනෙක් ගැන පොඩි කතාවක්. මෙ මල්ලිගෙ නම සම්පත් ඒ කාලෙ නම් වයස අවුරුදු 13-14ක ගැටයා දැන් මේකතාව කියෙව්වොතින් මිනිහට ලැජ්ජත් හිතෙයිද මන්දා. 

කියවන ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ මගේ පදිංචිය පානදුරේ කියලා. ඔය කියන සම්පත් මල්ලි උන්නෙ අපේ ගෙවල් වලට නුදුරු මාවතක. පාසැල් ගියෙ පානදුරේමයි. 

Saturday, August 11, 2012

109. උඩ ගිය මැස්සා +18


හැමදා කතා ලියුවත් මම ගොතමින්  අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර  අකුරු
…මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය           හුරු
…කියමි  කතාවක්  ඔහු  හා බැඳි            අපුරු

…තනියම තමයි හැම වැඩ ඔහු        කෙරුවේ
…මාල වලලු  පලඳන අය  නෑ           පැතුවේ
…මගුල් තුලා ගැන ඔහු මද පමනින්    සිතුවේ
…වයස  ගියා  ඔහු නෑ ඒ ගැන              දුටුවේ

Friday, August 3, 2012

108.මසාලා තෝසේ කෝලා සහ ප්ලේන් ටී

දාඩිය බේරෙන දවසක අව්වත් එක්ක හරි හරියට හෙට්ටුවෙලා දිවා ආහාරයත් සමග සීතලම සීතල කෝලා වීදුරුවක් රසබැලුවොත් නරකද. මෙවැනි ග්‍රීෂ්ම දවසක ඔබ මේ ඉල්ලීම පැහැර හරීවි යැයි මම නම් හීනෙන්වත් හිතන්නෙ නෑ.


දිනය ගැන අවබෝදයක් හරියාකාරව මතකයට නොනැගුනත් ඒ 1998 වසර බව හොඳටම විස්වාසයි.ස්ථානය කොටුව බංගසාල වීදිය. ඉර හරියටම මගේ හෙවනැල්ල මකාගෙන මාත් සමගම ඇවිද යන වෙලාවක්. ව්‍යාපාර කටයුත්තකට කොළඹ ආ දිනයක්. බොහෝවිට දිවා ආහාරයවන්නේ මසාලා තෝසේ එකක් බොන්ඩාවක් සමග, උනු උනු සම්බාරු සමග මුසුකොට රසනහර පිනා යන අයුරු මටනම් අමතක වන්නේ නෑ     ඒ සියල්ල අවසානයෙ සීතලම සීතල කෝලා බෝතලයක් හිස්කිරීමටද අමතක කරන්නෙ නෑ