අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!
Showing posts with label කතා. Show all posts
Showing posts with label කතා. Show all posts
Wednesday, October 24, 2012
128.බලන්න බැරිවූ මීයා
අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!
Friday, March 30, 2012
පමා නොවී එමි අකුරට..
හැමදාම ලියන කතාවගෙ අද කතාවත් මඩ ගොඩකින් ගොඩදාගත් එකක්. විශේෂත්වය නම් මෙ මඩ වෙන එකෙකුගෙ නෙමෙයි. කතාව ලියන ලොකු ජෝන් වන මගෙ ම එකක් වෙච්චි. මෙකත් වත්මනෙ කතාවක් නොව 90 ගනන්වල මුල් කාලයෙ කතාවක්
මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස් රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.
මම පදිංචි වෙලා උන්නෙ පානදුරෙ. පාසැල් ගියෙ කොළඹ. පාසැල් බස් රථයෙන් තමා පාසැලට ගියෙ. ඒකාලෙ එක එක පාසැලට වෙන වෙනම බස් රථ CTB එකෙන් දාලා තිබුනෙ. පානදුරෙ CTB බස් නැවතුමෙන් පටන් ගන්න බස් එක අල්ල ගන්න උදෙම එතනට යනවා. එතන රස කතා බොහොමයි. ඒවා පස්සෙ වෙලාවල ඉඩ ලැබුන විදියට බ්ලොග් පොස්ට් හරහා ඉදිරිපත් කරන්නම්.Tuesday, March 27, 2012
ගැබිණි මාතාවන්ට පමණයි .
ලියන්න ගිය කතා සෙරම පැත්තක දාලා මෙ කතාව ලියන්නෙ මෙ කතාව උනු උනු කතාවක් නිසා, උනු උනුවෙම ලියුවොතින් හොඳයි කියලා හිතුනු නිසා. වෙනදා වගෙ වැඩ අහවර කරලා 6.53ට තියෙන කෝච්චිය අල්ලගන්න වැල්ලවත්ත දුම් රිය ස්ථානයට එන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. වැල්ලවත්තෙන් 6.53 මග හැරුනොත් ආයෙත් පානදුරෙට එන්න තියෙන්නෙ 8.05 ට. එච්චර වෙලා දුම් රිය ස්ථානයෙ ඉන්න තරම් උවමනාවක් තිබුනෙත් නෑ. එහෙම උන්නනම් මෙ කතාව ලියන්න වෙන්නෙත් නෑ.
Tuesday, March 20, 2012
89 භීෂණ රැයක...
කාලය ගැන අමුතුවෙන් සඳහනක් නොකලත් මාතෘකාවෙන්ම කාලය ගැන අවබෝදයක් ඔබ ලබන්නට ඇතැයි සිතමි. මගෙ මේ කාලයට සම්බන්ද පාලම උඩ කතාව කියවන්නට ඇතැයිද අනුමානකරමි. එසේ කියවා නැත්නම් මෙම ලින්කුව ඔස්සේ ගොස් ඒම කතාවත් කියවන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටිමි.
දැන් අද කතාව, ගම දකුනු පලාතෙ වැලිගම. වැලිගම කියුවම මතකයට නැගෙන පෙට්ටගමෙ සුපුරුදු චරිතය සිරිල්.මෙ කතාවත් එයාගෙ. ඔය සිරිල්ගෙ ආතලා මුත්තලා නැන්දලා ලොකු අම්මලා පොඩි නැන්දලා මෙකී නොකී සැවොම ජීවත් වෙලා තියෙන්නෙ මුහුදු හුලං වැදීගෙන එන හුළඟත් එක්ක,
Sunday, February 19, 2012
නුහුරු බීම හෙවත් තනි අකුර
තෙල් ගැන කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.
Saturday, January 28, 2012
එලොව පොල් හා සයිමන්
මම පොඩි දවස් වල අපෙ ගෙවල් පැත්තෙ උන්නා සයිමන් කියලා වයසක මනුස්සයෙක්. මෙයාට හැමෝම කියන්නෙ හුක්සයිමන් කියලා. ඔය මනුස්සයා පුංචි සන්දියෙ කොල්ලො කොලුකමට පුංචි සයිමන්ට එලොව පොල් පෙන්නලා.මම හිතන්නෙ කියවන කට්ටිය දන්නවා ඇති එලොව පොල් පෙන්නන්න්නෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් ඔන්න අහගන්න. දෙ අතේ අල්ලෙන් එලොව පොල් පෙන්නන්න ඕන එකාගෙ කන් දෙක තද කරලා උඩට උස්සනවා. අන්න එතකොට අර උඩට ඉස්සෙන එකාට එලොව පොල් පේනවා. හැබැයි කාටවත් පෙන්නන්නනම් යන්න එපා. එහෙම කලොත් තවත් හුක්සයිමන් කෙනෙක් බිහිවේවි.
ඉතින් එදා ස්නායු ඇදිලා වගෙ මොන මොනවද වෙලා මිනිහට හුක් කියලා කියවිලා. ඊට පස්සෙ සැරින් සැරේ මිනිහට අර ඉක්කා යනවා වගෙ හුක් ගෑවෙනවා.
Sunday, January 15, 2012
වදින්න ගිය දෙවොල ඉහමත කඩා වැටීම
අද ලොකු දුවගෙ පාසලේ ශ්‍රමදායකත්වයෙන් පාසල පවිත්‍ර කරනවා. පහුගිය නිවාඩු කාලෙම වැටුනු කොලරොඩු, වැදුනු දූවිලි, බැඳුනු මකුලුදැල්, වැවුනු වල් පැල , එළි පෙහෙලි කරලා පාසැල ළමුන්ට ප්‍රියමනාප පරිසරයක් කරන එක තමයි අරමුන. දෙමා පියො සෑහෙන දෙනෙක් ඇවිත් උන්නා ශ්‍රමදානෙට.
Wednesday, December 28, 2011
සංගීතය සහ කොස් ඇට
සංගීතය රස විඳින්නට අකමැතිවූවෝ කවුරුන්ද? ඉබේ ඇහෙන සංගීතයත් විහින් අහන සංගීතයත් රසවිඳින්නට අප පුරුදුවී සිටින්නෙමු. මා අද කියන්නට යන කතාව මොනයම්ම ක්‍රමයකින් ඔබ අසා නැතුවා වෙන්නට බැරිය. සමහර විටක ඔබද මේ අත්දැකීම විඳ නොඇත්තාවන්නට බැරිය. මේ කතාව විහිලු කතාවක් වුවත් මා ලියුවෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්
Saturday, December 17, 2011
දුරකථනයකින් මම ඔබ අමතමි
මගෙ යාලුවෝ කට්ටියක් මෙ ලගදි සෙට් වෙලා. සෙට් වෙච්ච් තැනනම් කියන්න බෑ. ඒකට හෙතුව මෙකතාවෙදි නම් කියන්න බෑ වෙන කතාවකදි මතක් කරන්නම් . මෙතන උන්නා අපෙ එක මිත්‍රයෙක් . අපි එයාට කියන්නෙ ඩයියා කියලා ඇත්ත නම ඩයස්. මිනිහා තාම කසාද බැඳලා නෑ. වෙන්න වයිෆ් කෙල්ලෙක් නම් ඉන්නවා . ඒ ළමයට ඩයස් බෝ පැලෙ. සුරා සූදුවෙන් තොර යහපත් චරිතයක් හෙබි කොල්ලෙක්. අර සෙට් වෙච්ච තැනදි උනු රසවත් කතාවක් තමයි මම අද කියන්නෙ.මිනිහට තියනවා මරු පුරුද්දක් කොච්චර බිව්වත් කතාව කෙලින් හැබැයි ඉන්නෙ ඇදෙට. කතාකරනකොට කාටවත් තෙරෙන්නෙ නෑ මිනිහා බීලා කියලා. ඩයියට වැඩියි කියලා අපි දැනගන්නෙ අංශක 45ට හතර අතෙ වැනෙනෙකොට තමයි. ඩයියට තියන තවපුරුද්දක් තමයි ජංගම දුරකතනයෙන් මල් කඩන එක මම හිතන විදියට මිනිහගෙ ජංගම දුරකතන සෙවා සැපයුම්කරු (නොතෙරෙන අයට Service Provider) හැම අවුරුද්ද්කම හැම්පර් එකක් එවනවා මයෙ හිතේ.
Friday, December 9, 2011
කාලය ගතවීම ..
මේ දවස්වල කාලය කලමනාකරනය කරගන්න තිබුනු අපහසුව නිසාම
මගෙ වැඩ සේරම අවුල් වෙලා තිබුනෙ. ඒ හන්දා පෙට්ටගමට මුකුත් එකතු කරන්නත්
බැරිඋනා. කොහොමටහ් මගෙ කාල කලමනාකරනය අවුල් නිසා ඊයෙ දවස නිවාඩු දමලා අතපසු
වුනු වැඩටික අහවර කරන්න යොදාගත්තා.වැඩ ටිකත් ඉවර කලා . ඊට පස්සෙ ලියන්න
පටන් ගත්තා.
ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න.
ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න.
Tuesday, November 29, 2011
පුඩිම වහලෙ උඩ .
හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.
Thursday, November 24, 2011
ප්‍රවාහනය කළුතරට පමණයි!
කන්තොරු කතන්දර ගොඩට තවත් කතන්දරයක් එකතු කරන්නයි යන්නෙ. කතා නායකයා ජයේ, නමට තව කෑලි තිබුනට කවුරුත් කියන්නෙ ජයේ කියලා. මෙයත් අර කලින් "මල්ටි purpose අයන්" කතාවෙ දෙන්නා වගේම නුගේගොඩ කාමරයක නැවතිලා තමයි රැකියාවට ආවෙ. ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.
Tuesday, November 22, 2011
තරුණි නෑ මැඩම්
රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ
සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ
ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ.
මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .
මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.
මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .
මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.
Tuesday, November 15, 2011
කෝ ටයි?
මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක්
Wednesday, November 9, 2011
ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි
මේ කතාවෙ කතා නායකයා දැන් ගුවන් හමුදාවෙ වැදගත් නිලයක් දරන කෙනෙක්. මාත් සමග පාසලෙ එකට හිටපු එකෙක්. නම සේකර කියමුකො. ඊට වඩා වැඩි විස්තර නොකියා ඉන්නම් මොකටද නිකන් ඉල්ලන් කන්නෙ. හැබැයි මේ කතාව මඩක් හෙම නෙමෙයි. මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.
සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි
දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .
Saturday, November 5, 2011
පාලම උඩ
දෑස් පියවෙන්න පෙර
දිවිය ඉල්ලා හඬන
තංගුස් නූල් පට අතැර
හුස්ම අහසට පිඹින
අලුත් පාලම උඩ පානදුර
තිත්ත පැටියන් නිතර අල්ලන
පලා ගිය මැදියමෙ අඳුර
අමතකද ඒ සමය භීෂන .....
ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.
පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු
දිවිය ඉල්ලා හඬන
තංගුස් නූල් පට අතැර
හුස්ම අහසට පිඹින
අලුත් පාලම උඩ පානදුර
තිත්ත පැටියන් නිතර අල්ලන
පලා ගිය මැදියමෙ අඳුර
අමතකද ඒ සමය භීෂන .....
ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.
පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු
Thursday, October 20, 2011
දුම්රියෙ බූරු ඇදන් හැකිලීම.
මේකත් පරන කතාවක් අවුරුදු ගානක් පරන කතවක්. මට මතක හැටියට 1993 විතර ඇති. මේ කතාවෙ කතා නායිකාව අඳුනන කෙනෙක් නෙමෙයි. ඒත් හැමදාම මුන ගැහුනු කෙනෙක්. එහෙනම් මෙ කතාවත් කියවලම බලන්නකෝ.
අපි පාසැලෙ ක්‍රීඩා පුහුනුවීම් අවසන් කරලා හවසට මරදානෙ දුම්රිය ස්ථානයට එන්නෙ 4.55ට පිටත් වෙන අලුත්ගම දුම්රියෙන් ගෙදර යන්න බලාගෙන. ඕක මරදානෙන් පිටත් වෙනකොට බොහොමයක් ආසන පිරිලා . මෙක (Powerset) වර්ගයේ දුම් රියක්. දෙපැත්තට තමයි ආසන තියෙන්නෙ. අර තැබිලි පාට සීට් මතකනෙ.
මතක නැත්නම් බලන්න. මෙන්න මෙ විදියට තමයි සීට් තිබුනෙ. මරදානෙන් කට්ටිය නැග්ගම
අතරින් පතර තමයි හිස් තැන් තියෙන්නෙ. කොළඹ කොටුවෙන් නගින ඇන්ටි කෙනෙක් හිටියා, කොටුවෙ දුම්රිය වේදිකාවට නවත්වන්නත් කලින් ඔය ඇන්ටි ඉන්න මිනිස්සුන්වත් පෙරලගෙන තමයි දුම්රියට ගොඩවෙන්නෙ. නැග්ග ගමන් කරන්නෙ කකුල් ඈත් කරන් ඉන්න
මතක නැත්නම් බලන්න. මෙන්න මෙ විදියට තමයි සීට් තිබුනෙ. මරදානෙන් කට්ටිය නැග්ගම
අතරින් පතර තමයි හිස් තැන් තියෙන්නෙ. කොළඹ කොටුවෙන් නගින ඇන්ටි කෙනෙක් හිටියා, කොටුවෙ දුම්රිය වේදිකාවට නවත්වන්නත් කලින් ඔය ඇන්ටි ඉන්න මිනිස්සුන්වත් පෙරලගෙන තමයි දුම්රියට ගොඩවෙන්නෙ. නැග්ග ගමන් කරන්නෙ කකුල් ඈත් කරන් ඉන්න
මාතෘකා
ඇහින්දාස්,
කතා,
දුම්රිය කතා,
මඩ,
විහිළු
Thursday, September 1, 2011
Subscribe to:
Posts (Atom)









