he
Showing posts with label අනුන්ගේ අත්දැකීම්. Show all posts
Showing posts with label අනුන්ගේ අත්දැකීම්. Show all posts

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Saturday, March 16, 2013

බ්‍රොකර් කොමිස්


මේ කියන්න යන කතාව කොමිස් ගැන කතාවක්. මම දන්න බ්‍රොකර් මහතෙක් කියපු කතාවක්.

 හුඟදෙනෙක් පුරුදුවෙලා ඉන්නෙ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් හම්බ කරන්නනේ. මම දකින විදියට මෙ කොමිස් ගැහිල්ලත් අන්න ඒ වගේ අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් හම්බ කරන්න පුලුවන් දෙයක්. හැබැයි හැකියාව වගේම හොඳ පුද්ගල සබඳතාවයන් එහෙම තියෙන්න ඕන

…විකුනා ගන්න බැරි කුනු බඩු විකුනලා ලොකු කොමිස් තියාගන්න අයත් අප අතරෙ ඉන්නවා.… හැබැයි ඒකට කට්ට කෛරාටික වෙට්ට පිත්තල වෙන්න ඕන. නියම තැනට ඒ කියන්නෙ හරි තැනට හරි ඇනේ ගහන්න පුලුවන් කමක් තියෙන්න ඕන.ඒක හැකියාවත් එක්ක යනදෙයක්.

විකුනුම් කරන බොහෝ දෙනෙක් කාලාන්තරයක් ප්‍රගුන කරපු කලාවක් තමයි ගැනුම් කරුවන් ඇන්දිල්ල. ඔය ඇන්දිල්ල හරියට කලාම තමයි අර මම කලින් කියපු කොමිස් එක ලොකුවට ලැබෙන්නේ. දෙශපාලුවොන්ටනම් නම් ඕක ජන්මයෙන්ම පිහිටනවා. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.

Wednesday, January 2, 2013

බිරිඳට හොරෙන් සිගරට් බීමෙන් වලකින්න

පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.

…31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.

 බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.

Monday, December 10, 2012

අදුනන මනමාලයා

සෑහෙන්න වැඩ ගොඩක හිරවෙලා උන්න සතියක් ඉවර වුනා ඉදිරි සතියත් ඒවගේම වැඩ අධික සතියක් වෙන බවනම් ඉස්තිරෙන්ම කියන්න පුලුවන්. ඒත් මේ බ්ලොග් එක ලියන්න වෙලාවක් හදාගන්නත් එපැයි. 

ඒ හන්දා උදේ පාන්දරම ලියන්න පටන්ගත්තා. මොකද අද උදේම ලොක්කා එන්නෙත් නෑ කියලා විස්වාසයි. ඈ ඒ කොහොමද විස්වාස ? ඇයි වදේ අද සඳුදනේ සඳුදට රාහු කාලය තියෙන්නේ උදේ 7.35 ඉඳන් උදේ 9.20 වෙනකන්නේ. හුඟදෙනෙක් ඔය දේ විස්වාසකරලා වැඩකරන්නේ. මම දන්න තරමින් නම් එහෙම කට්ටියට වැරදිලත් නෑ.

ඉතින් අද කතාවට රාහු කාලයෙන්ම මුල පුරන්නම්කො. රාහු කාලය ගැන කතාකරන්න මගේ ඔය ගැන දැනුමක් නෑ ඒත් ඔය රාහු කාලයේ සුබ කටයුතු එහෙම කෙරෙන්නෙ නෑ නේ. මගුල් තුලා වගේ කටයුතු අරබන්නෙ රාහු කාලය එහෙම මග හැරලා තමයි. අපි ඕවා විස්වාසකරන්නෙ නෑ කියුවට නොදැනුවත්ව හරි ඕවා මග හැරලා තමයි කෙරෙන්නේ.