he
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, September 17, 2017

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා
බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා
එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා
කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා

Tuesday, December 31, 2013

හිතේ පැතුම් ඉටුවන වසරක් වේවා !

දෙදහස් දාහතර ඔන්න උදාවුනා. අද ඉතින් හතර වටින්ම සුබ පැතුම්. ඔය පතන පැතුම් ඒ අයුරින්ම ඉටුවෙනවානම් මේ ජීවිතෙ කොයිතරම් ලස්සනද , සුන්දරද. 

ඒත් අපි පතන දේවල්ම නෙමෙයි අපට ලැබෙන්නේ. ඔය හැමදේම අපිට භාර ගන්න වෙනවා. සමහර පැතුම් තියෙනවා අපේ හිතෙ ඉපදිලා හැංගිලා තියන ඒවා. අපි වැඩිහරියක් බලා පොරොත්තු වන්නේ අන්න ඒ වගේ පැතුම් ඉටුවෙනවට. මම මගේ බ්ලොග් එක කියවන ඔය හැමටම පතන්නෙ හිතෙ හැංගිලා තියන අන්න ඒ ප්‍රාර්ථනා මේ අවුරුද්දෙ ඉටුවෙන්න කියලා. 


වසරක් ගියා අපහට නොකියම ගෙවිලා
නොලියු ලිපිත් ඇත පතුලට වී පිරිලා
අලුත් වසරේ ඔබහට පවසන්නට කියලා
කවියක් ලීවා සුබ නවවසරක් කියලා


…සුබ නවවසරක් සමග හිතේ හැංගුන ප්‍රාර්ථනා ඉටුවන වසරක් වේවා !!

Monday, December 31, 2012

දහතුන තමයි දහතුන

     
දුක සැප මුසුව ඇත සටහන් ඉතිරිවෙලා
දහ තුන ලැබුවා දොලැහේ බර බිම තියලා
නිදුක් නිරෝගිව ඉන්නට හද පත්ලෙන් හිතලා
පතනවා ඔබට 13 සුබ වෙන්නට කියලා

Wednesday, November 21, 2012

135.ඇය පස්සෙන් ඇගේ කාමරයට


පහුගිය සතියෙ පලකල එක කවි පෙලක
මූනු පොතෙ අඟනක් ගැන කීවා මතක
කියවා බලා ඔබ අදහස් එකින් එක
සිතුනා කරනට කවියක් හනි හනික



අවසන් කලමුත් මාගෙ පෙර කවිය
ඇතැයි සිතමි එපුවත අද නොබැලු අය
තෙරුම් ගන්න අද මා කියනා කවිය
මේ පෙල කොටනු මැන තරහා අවසරය



තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ කීවා
ඒ සී එකත් යහමින් ඕනෑ කීවා
වරකට එක්කෙනයි කියලත් ඈ කීවා
මේ ගැන දැන ගන්න මගේ යටි හිත කීවා

Friday, November 16, 2012

134.FB අඟන





මා යන බසය හැව්ලොක් ටවුමට ආවා
ඩික්මන් පාර හරහා එය හැරවූවා
රූබර කතක් පසුපස දොරෙන් ගොඩවූවා
යාබද අසුන ගෙන ඇය වාඩි වුවා



වටිනාකමින් හරි ඉහලයි ඇගේඅත
වෙනකක් නොවෙයි බැලැක් බෙරියයි ඈ සුරත
බි පිප් බි පිප් නද දෙනවා එය දසත
හිමිහිට ඔලුව උස්සා බැලුවා මම බ්ලැක්බෙරියෙවත


Saturday, August 11, 2012

109. උඩ ගිය මැස්සා +18


හැමදා කතා ලියුවත් මම ගොතමින්  අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර  අකුරු
…මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය           හුරු
…කියමි  කතාවක්  ඔහු  හා බැඳි            අපුරු

…තනියම තමයි හැම වැඩ ඔහු        කෙරුවේ
…මාල වලලු  පලඳන අය  නෑ           පැතුවේ
…මගුල් තුලා ගැන ඔහු මද පමනින්    සිතුවේ
…වයස  ගියා  ඔහු නෑ ඒ ගැන              දුටුවේ

Friday, December 23, 2011

සාමය






අනේ සුදු පරවියො
…නුඹ කොහෙ වීදැයි කියා
…මා සෙව්වෙ හිස් අහසෙ මිස
…දොර වැසූ ,
…නුබේ කූඩුවෙ නොවෙයි ..…



… මෙය 1995/08/03 දින ලක්බිම පුවත්පතෙ පලකරන ලද මාවිසින් රචිත පද කීපයකි. 



ප.ලි මෙක  මම ලියනකොට සාමය කියන්නෙ  ශ්‍රී ලාංකිකයන්ට  සිහිනයක් තමයි ලියපු දිනය 1995 මැයි 07 වනදා.  

Monday, November 28, 2011

සමුගැනීම ....

ඉස්සර වාගෙ මගතොට දුටුවට
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට 

නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ

පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි 

සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට 

දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට 
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට 
පෙර පින් මදවී ලංවී ඉන්නට 
කාලය ඇවිදින් සමුගෙන යන්නට

මාගෙන් වෙන්වී යන්නට බලකර 

දෙගුරුන් ඔබහට දෙසනා විට දොස 
තෙත්වුන හද තුල මහමෙර සිරකර 
සමුගෙන යමු අප නාදුනනා ලෙස
… … 

Monday, October 31, 2011

~~~ මාගේ සොහොයුරිය ~~~



හැම දෙයකදිම මා සමගම සිටිය ඇය
අද මා සමග නැත වෙනතක ගිහින් ඇය
එසේ සිදු උනේ ඇයිදෝ නොදනිම්ය
සුවෙන් සිටීවා මාගේ සොහොයුරිය

වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
මා අමතක කලත් දැන් මට කමක් නැති
මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
හොඳින් හිටින් මට දැන් ඒ ටිකත් ඇති

Monday, October 3, 2011

උඩ ගිය බබා ගිම්හානී

ගිම්හානියා පොඩි කෙල්ලෙකි ඒ කාලේ..
අවුරුදු පහයි කෙට්ටුයි හරි කොමලේ...
ඇයගේ ජීවිතය ගෙවුනේ නිතරම මිදුලේ..
හරි සුන්දරයි ඇයගේ පොඩි කාලේ..

ඇයගෙ ලෝකය නිතරම කවදත් ජොලිය..
බැන්නොත් අම්ම නිතරම අල්ලයි වලිය..

දිනකදි ඇයට වෙන්නට ගිය වැඩක් අනේ..
හිතුනා කියන්නට ඔබලත් අසනු මැනේ..

ගම්මිරිස් වටිටියක් ඇගෙ මිදුලේ වේලෙන්ට..
අම්මා කිව්වා ගිම්හානිට එය ගන්ට..
සුළඟත් සැරයි හනිකට වට්ටිය ගන්ට්..
වැස්සක් එනවා ළමයෝ ගෙට එන්ට..

ගිම්හානියා පැන්නා වට්ටිය ගන්ට...
සැර සුලඟක් හැමුව කෙල්ලව උඩ යන්ට..
තිබුනේ දෙල් අත්තකි ඇය හට එල්ලෙන්ට..
බුදු අම්මේ හනිකට විත් මා ගන්ට....

අල්ලපු ගෙදර ආතා කන්දෙක බීරී..
අපිත් එක්ක දානව නිතරම ගෝරී..
කළු කොට සෝම නැන්දා උන්දැගෙ බාරී..
පැරෂුටෙ වගේ උඩ යනවා දැක්කලු ගිම්හානී...

ආතා කොහොමහරි නැග්ගා දෙල් ගසට..
කෙල්ලට කීව පිට උඩටම නැග ගන්ට
ආතේ මාව ගෙදෙරට ගොස් ඇරලන්ට..
අනේ ආතේ මෙය කාටත් නොකියන්ට...

ආතා ගිහින් මෙය ගම හැම තැන කිව් හින්දා..
"උඩ ගිය බබා" යන නම මට උන්  පට බැන්දා...


ප. ලි - මෙය මා ජීවිතේ මුහුන දුන් ත්‍රාසජනක හා සොඳුරුතම අත්දැකීමකි.

Friday, September 30, 2011

තාත්තා පෙම්බර තාත්තා


සාමා අමර හෝඩියෙ පොත මට පෙන්වා
දුන්නා රස කැවිලි නිතරම මම දන්නා.
ශිල්පයට වඩා මට විස්මිත දැනුමක් දුන්නා.
පියාණෙනි සමරමු ඔබ බැතිපෙම්මා..

දියණීය මමයි හැදුවේ ඔබ මලක් වැනි..
පෙන්වූ පිය සෙනෙහෙ කිසිදා ලබනු නොහී..
අද දින මා දමා සුරලොව රුසිරු පෙනී..
මදකට ඇවිත් යනු මැන මා පියාණෙනී..



මල්ලියි මමයි නංගියි අද එක තැනක නැත.
ගෙදර කුස්සියේ රස බත ඉදෙනු නැත..
සඳයි හිරුයි මට පේන්න ලොවෙත් නැත..
ඝනඳුර අඳුර ශෝකෙන් මා වෙලා ඇත..

ලෝකය සුන්දරයි ඔබ නිතරම කීවා..
මිනිසුන් සුන්දරයි ඔබ නිතරම කීවා..
වතුපිටි ඉඩකඩම් දුගියන් හට බෙදුවා.
ගුණයේ සුවඳ තුන් ලෝකෙට බෙදුවා..



වැඩිහිටි දිනේ සමරන්නට සැරසෙන්නේ..
මාහට ඔබව නිතරම සිහිපත් වන්නේ...
දෙමාපියන් මග දමා යන දරුවන්නේ..
ඔබලත් දිනක මහලුව වයසට යන්නේ..

(ප.ලි...සියළුම වැඩිහිටියන් ආදරයෙන් සිහිපත් කරමි.)

Wednesday, September 28, 2011

මට වැරදුන තැන


වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
…මානම් උට නැත සෙනේ....

…මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....

දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ

Sunday, September 25, 2011

විරූපී මනමාලයාගේ පිලිතුර..

ගිම්හානිගේ මගේ අළුත් මනමාලයා.... . ට පිළිතුරක්,


උරුමෙන් උරුමයට මට ආ බූදලය
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා  මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය   

පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ  කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත  කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය

Saturday, September 24, 2011

මගේ අළුත් මනමාලයා.... .

කළුවන් කලු රුවයි.. එල්ලෙන බඩගෙඩියයි..
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
පපුවත් හරි ලොකුයි මටනම් හරි ලැජ්ජයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..

දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.

විරූපී මනමාලයාගේ පිලිතුර..