he
Showing posts with label ජොලි කතා. Show all posts
Showing posts with label ජොලි කතා. Show all posts

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Friday, July 12, 2013

භයානක ලෙඩක් !

සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට  ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ. 
ඔන්න යන්තම් ඒකත් ඉවර උනා.හරියටම මාසයකට කිට්ටුවෙන්න මොනවත් ලියන්න ලැබුනෙවත් හරියාකාරව බ්ලොග් පොස්ට් එකක් කියවන්නවත් ලැබුනෙ නෑ.

ඉතින් ඒ විරාමයට තිත තියලා අද මට ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න සමාජයේ හුඟ දෙනෙකුට තියන ලෙඩක් ගැන කියන්න. ලෙඩ ගැන කියන්න මම වෛද්‍ය වරයෙක් නෙමෙයි. ඒ උනාට මේ ලෙඩේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න උවමනාම නෑ. 

මේන්න මේ පුංචි කතාව කියවලම ලෙඩේ ගැන අවබෝදයක් ගන්න. සමහරවිට මේ ලෙඩේ ඔයගොල්ලො දන්න කියන අයටත් තියෙන්න පුලුවන්.

…ඔන්න එක විශ්‍රාමික ස්වාමි පුරුශයෙකුට තමන්ගේ බිරිඳගේ ශ්‍රවන තත්වය හරියාකාරව පවතිනවද කියලා දැනගන්න උවමනා උනාලු.…මේක තමන්ගේ බිරිඳගෙන් එක එල්ලේ අහන එකත් හොඳමදි හන්දා, තමන්ම වෛද්‍යවරයෙකු ළඟට ගිහින්, තමන්ගෙ බිරිඳගේ ශ්‍රවන තත්වය බලාගන්න ස්ව‍යං පරීක්ශනයක් එහෙම තියනවද කියලා අහලා. වෛද්‍යවරයත් ටිකක් කල්පනා කරලා ස්වාමි පුරුශයට self-test එකක් නැත්නම් ස්වයං පරීක්ශන ක්‍රමයක් කියලා දීලා. 

Friday, February 22, 2013

අනාවැකිය

හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා. … සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.

 අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.

…අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.

Thursday, November 8, 2012

132.ඇතුලට දාමුද ? +

දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.

…ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා. 

 අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න. 

Saturday, November 3, 2012

130.පස්සේ මයිල්

ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.

මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.

Monday, October 15, 2012

126.කොළඹ කොල්ලන්ට ගමෙන් කෑමක්

හැමදාම මගේ කතා කියන එකේ අද මගේ කතන්දර බොහෝමයක කතානායකයා වුන සිරිල් නොහොත් සිරා කියුව කතාවක් කියන්නම්. මේක ලු කතාවක්. අන්තිමටම ලු දාන්නද ඉස්සරවෙලාම ලු දාන්නද කියලා හිතාගන්න බෑ.
සිරා දකුනු පලාතෙ කෙනෙක්නේ මෙ කතාවත් ඒ ගම් පලාතෙම කෙනෙකුගෙ ගෙදරදි සිදුවුන කතාවක්, 

ඔය ගෙදර ඉන්න පුතා කොළඹ නැවතිලා ඉගෙනගන්න කෙනෙක්. හැබැයි පාසලක නෙමෙයි. එක්තරා පිලිගත් වෘත්තීය පුහුනු ආයතනයක. හැම සතියකම නැත්නම් නිවාඩු ලැබුන හැම දිනකම කොළඹ නොඉඳ ගමෙ යාමෙ පුරුද්ද්ක් ඔහුට තිබුනා. ගමේ තාලෙට හැදුන මේ කොලුගැටයා ගම ගැන හරි ඉහලින් තමයි කොළඹදි කතාකරන්නේ ඔහුගෙ වචනවල තියෙන්නෙ ගම ගැන වර්නනාවක් මිසක ගමගැන නරකක් නොවේ. කොළඹ කෑම පවා ඔහු ගත්තෙ කුසගින්න නිවා ගන්න මිසක පිරියකට නොවේ. දහවලේ කෑම ගන්නා විටත් ගමේ කෑම මහ ඉහලින් කතාකලා. නගරයෙ කෑම වල කෘතිම බව නිතරම කතාකලා.නගරෙ කොල්ලන් අතර මේ ගමෙ කොල්ලා "බයිට් එකක්". නගරෙ උන්ට මේ කොලුවා අල බතල පොරක්.

Monday, September 17, 2012

120. පොහොර පාඩමක්

මේ පහුගිය සතියේ සිකුරාදා ලියපු කතාව රෑ වෙලා පොස්ට් කරනවා කියලා හිතාන උන්නට නන්දා මාලනී මහත්මියගේ ශ්වේත රාත්‍රිය අවසන් දැක්ම නැරබුවට පස්සෙ ඒ ගැන ලියන්න හිතුනා, ඒ පොස්ට් එක ඔය ගොල්ලො බලන්න ඇතිනේ, 

මේ එදා උදේ උනු අත්දැකීමක්. 

ගෑනු කවදත් සුපර්වයිසර් වැඩේට දස්සනේ. ඒගැන පිරිමි පාර්සවයට අමුතුවෙන් කියාදෙන්න උවමනා නෑනේ. කොහොමත් ඒ අය, මෙහෙම කරන්න අරම කරන්න කියලා කියන්නෙ තමන්ගෙ බැරිකමට. ඒගැන අනුකම්පාවෙන් පිරිමි පාර්සවය කරනවා කියලා ඒ අය දන්නෙ නෑ. මම නම් එහෙම කියන වෙලාවට අදාල වැඩේ කරන්නේ මගේ පාඩුවේ.. මගෙ වෙලාව අරගෙන.. මට ඕන වෙලාවට.  හැබැයි වැඩේනම් කරනවා. නැත්නම් විසුමක් නෑ. මතකනෙ  අර රෙදි හෝදන මැසින් ඇඩ් එක.  

  ඉතින් ඔය ටික කියුවේ අද උන සිදුවීම ගැන හැඳින්වීමක් විදියට.අද මගේ ලොකු දුවගේ පාසලේ ශ්‍රමදානයක්. දෙමාපියන්ගේ තමයි ශ්‍රමය. හොඳවෙලාවට කලින් දවසේ තමයි සිසුන්ට දැනුම්දීම කලේ. ඊයේ රෑ මට දැනුම් දෙනකොට මගේ රතු කට්ට නැග්ගා. ඒත් නොපෙන්වුයේ කොහොමත් අද මම නිවාඩු නිසා. උදෙන්ම පාසැලට ගියේ ශ්‍රමදානයේ වැඩටික අහවර කරලා එන්න හිතාගෙන.

Saturday, August 18, 2012

111. ට්‍රිබල් X CD එකක්

කාලයක් මම වීඩියෝ සෙන්ටර් එකක් කලා. වීඩියෝ සෙන්ටර් එකක් කියුවට ටිකක් වෙනස් විදියක එකක්. ඒගැන විස්තරයක් වෙනම පෝස්ට් එකකින් කියන්නම්. මේ මට අද උදෙ පොඩි කොලු ගැටයෙක් CD එකක් අරගෙන යනවා දැකලා එකපාරටම මතක් උන සිදුවීමක්.

මේ සිද්දිය උනේ 1998 වසරෙදි. අද වගේ කොමියුනිකේශන් වීඩියෝ ඒකාලෙ තිබ්බෙ නෑ.වැඩි හරියක් තිබුනෙ VHS කැසට් . CD පිටපත් කරලා දුන්නෙ නෑ මොකද ඒ කාලෙ CD වලට යන වියදම සැරයි. අනික CD පිටපත් කරන එක අද වගේ ජනප්‍රිය නෑ. DVD එකක් පරිගනකවලට සවිකරලා තිබුනෙ එහෙමත් කෙනෙකුගෙ තමයි.හරි වැල්වටාරම් අනවශ්‍යයි මට කියන්න ඕනවෙලා තිබුනෙ ඒ දවස්වල තිබුනෙ පකිස්තානයෙන් හෝ මලයාසියාවෙන් ගෙන්වන, තැටිය මත අදාලා චිත්‍රපටයෙ ඡායාරූපයක් මුද්‍රනය කරලා තිබුන CD විතරමයි.

Wednesday, July 18, 2012

106. කොච්චි මිරිස්

"අපි වවමු රට නගමු" සංකල්පය මතක ඇතිනෙ. ඒ කාලෙ කවුරු කවුරුත්. ගෙදර දොරෙ වතුපිටිවල ඉඩ නැත්නම් ඉඩහදාගෙන ගස් උඩයි වහලවල් උඩයි ටයර ඇතුලෙයි හිස් ප්ලාස්ටික් බෝතල්වලයි එකී මෙකී නොකී හැමතැනකම ගජරාමෙට පැල හිටෙව්වා.

Thursday, July 12, 2012

105. ලොක්කා Shut down

1997 දි විතර තමා සිද්දිය උනෙ. අදාල කන්තොරුවෙ නම නොකිය ඉන්නම්. තාම එතන ලොක්ක මම හිතන විදියට ඒ කන්තොරුවෙ වැඩ කරනවා. නිකන් ඉල්ලගෙන පාන් කාලා ඇමරිකාවට ගැතිවෙන්නෙ මොකටද. ඒ හන්දා නම් ගම් මන:කල්පිතයි.


ඒකාලෙ මම වැඩකලෙ කොම්පියුටර ගෙන්වන කොම්පැනියක. කොම්පියුටරයක වයර අමුනන එකත් ඒකාලේ හැටියට මාරම ජොබ් එකක්.

Sunday, July 1, 2012

103. මගුල දා රෑට කරන දේ

විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා.


මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.

Thursday, June 28, 2012

102. සල්ලගෙ තරම

දියනාන තැන ගැන දාපු සටහනේදි මම කියුවා මගෙ පාසැල් මිත්‍රයෙක් ගැන හැඳින්වීමක් හැටියට ඒ කතාව මතක තියාගන්න කියලා. අද කතාව අන්න ඒ මතක තියගන්න කියපු යාලුවගෙ කතාවක්.


 …මීට අවුරුදු 22කට විතර උඩදි තමයි මෙ පුංචි සිදුවීම උනේ. පුංචි කියලා කියුවේ මම මෙ කියන මිත්‍රයා ටිකක් පුංචියි. සමවයසෙ මිතුරන් හා සසඳද්දි මිනිහා කොටයි පොඩියි. හැබැයි කටනම් ලොකුයි. මිත්‍රයාට අපි කියන්නෙ සල්ලා කියලා.

Friday, June 1, 2012

96. සිරා වැල්ල ( කොළඹ ආ හැටි )

චන්දරේ කොළඹ ආපු කතාව පහුගිය දවසක දැම්මනේ නොබලපු අය ඉන්නවනම් මෙන්න ලින්කුව "චන්දරෙ කොළඹ ආ හැටි" ගිහින් බලා ගන්න. මොකද මේ කතන්දර මාලාවෙ නිදන් කතාව තියෙන්නෙ එතන. ඒක නොකියෙව්වා කියලා මෙ කතාව වෙනම කතාවක් හැටියට කියවන්න අපහසු නෑ.


අද කියන්නෙ චන්දරේගෙ සගයා "සිරා" කොළඹ ආපු හැටි. මෙ දෙන්න එකතුවෙලා සොසේජස් බැදපු හැටි මතක ඇතිනෙ මතක නැත්නම් "මල්ටි purpose අයන්" මෙතනින් පොස්ටුවට යන්න. ඒ කතාවට අනුව මෙ දෙන්නගෙ බඩවලුත් දැන් හරි ගානට පදම් වෙලා. අවුරුදු ගානකට පස්සෙ බඩවල් පදම් උනාට කොළඹ එනකොටනම් එහෙම නෑ කියලා තමා තතු දන්නෝ කියන්නෙ. කොහොමින් කොහොම හරි මෙන්න මෙකයි අද කතන්දරය

Sunday, March 11, 2012

හාදු දෙන්න පෙර ....

 පහුගිය පොස්ටුව බීප් බීප් මම දැම්මෙ මගෙ බ්ලොග් පොස්ට් ගැන තක්සෙරුවකට එන්න. මට දැනගන්න උවමනා වෙලා තිබුනෙ මම ලියන බ්ලොග් පොස්ට් කියවනවද කියලා. එක් අතකින් මමඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා එවන් පරීක්ශනයකට ඔබව ලක් කිරීම ගැන. ඒත් සමහරවිට බ්ලොග් ලියන ඔබටත් මට සිතුන දෙම සිතුනු දවසක් තිබුනා නොවන්නට නුපුලුවන්. එම පරීක්ශනයෙන් මා ලද නිගමනය නම් මගෙ බ්ලොග් එක කියවන ඔබට ස්තුති කිරීමට මෙතරම් පමාවුනෙ ඇයි යන්නයි.

Sunday, February 19, 2012

නුහුරු බීම හෙවත් තනි අකුර

තෙල් ගැන  කතාකරන දවස්වලම මේ කතාව පෙට්ටගමෙ දිගහරින්න හිතුවා.මොකද මෙ කතාව තෙල් ගුන අගුන ගැන උනත් හොයාගන්න පුලුවන් වුනු කතාවක් නිසා. කතාව මගෙ පාසැල් සමයෙදි සිදුවූවක්. ඒකියන්නෙ මීට අවුරුදු 20කට විතර උඩදි සිදුවූවක්.

Wednesday, February 8, 2012

නොදන්නා කෑම කෑමේ විපාක

සිරිල් ගැන මම කලින් කතාවකදි කියුවනෙ. අර කොලෝනියල් කසින්ස්ලා බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලාගන්න.


අද කතන්දරය සිරිල්ගෙ හිටපු ලොක්කෙක් ගැන. ඉස්සර සිරිල් වැඩකරපු කන්තෝරුවෙ ලොක්කා නිතරම දුරපලාත්වල සේවා දායකයො හම්බවෙන්න යන කෙනෙක්. ඔය යන වෙලාවට තනියම යන්නෙ නෑ . කාවමහරි එක්කගෙන තමයි යන්නෙ. මොකද රෑජාමෙ වාහනෙ මග හිටියොත් අඩු ගානෙ තල්ලුවක් හරි දමාගන්න කවුරු හරි ඉන්න එපැයි. හුග වෙලාවට ඔය ඩියුටියට අහුවෙන්නෙ සිරිල්ව තමා.

Saturday, January 28, 2012

එලොව පොල් හා සයිමන්

ම පොඩි දවස් වල අපෙ ගෙවල් පැත්තෙ උන්නා සයිමන් කියලා වයසක මනුස්සයෙක්. මෙයාට හැමෝම කියන්නෙ හුක්සයිමන් කියලා. ඔය මනුස්සයා පුංචි සන්දියෙ කොල්ලො කොලුකමට පුංචි සයිමන්ට එලොව පොල් පෙන්නලා.

මම හිතන්නෙ කියවන කට්ටිය දන්නවා ඇති එලොව පොල් පෙන්නන්න්නෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් ඔන්න අහගන්න. දෙ අතේ අල්ලෙන් එලොව පොල් පෙන්නන්න ඕන එකාගෙ කන් දෙක තද කරලා උඩට උස්සනවා. අන්න එතකොට අර උඩට ඉස්සෙන එකාට එලොව පොල් පේනවා. හැබැයි කාටවත් පෙන්නන්නනම් යන්න එපා. එහෙම කලොත් තවත් හුක්සයිමන් කෙනෙක් බිහිවේවි. 

ඉතින් එදා ස්නායු ඇදිලා වගෙ මොන මොනවද වෙලා මිනිහට හුක් කියලා කියවිලා. ඊට පස්සෙ සැරින් සැරේ මිනිහට අර ඉක්කා යනවා වගෙ හුක් ගෑවෙනවා.

Saturday, January 21, 2012

හොඳම චිත්‍රය

ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානත්වයෙන් පවත්වපු චිත්‍ර තරඟයක විස්තරයක් ඕන් අද මම කියන්න යන්නෙ. දිලිඳුකම කුසගින්න මන්දපෝෂනය ගැන තමයි චිත්‍ර තරඟයෙ විෂය වෙලා තිබුනෙ. ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත් ජාත්‍යන්තර සිත්තරුන් මෙ තරඟයක චිත්‍ර ඉදිරිපත් කරලා තිබුනා. ඔය ජාත්‍යන්තර තරඟ වලට යැවෙන සමහර නිර්මාන ඒවා නිර්මානය කරන කෙනාටවත් තේරෙන්නෙ නෑනෙ. අන්න ඒ වගෙ චිත්‍රත් මේ අතර තිබුනා.

එක චිත්‍රයක් තිබුනා කුඩා දරුවෙක් පයිප්පයකට කට තියාගෙන වතුරබොන එකක් මෙන්න මේක වගෙ.
හුගක් අය දැක්කගමන් තොරලා තිබුනෙ ඒ චිත්‍රෙ. කෑම නැතත් ජීවත් විය හැකිමුත්, වතුර පොදක් නැතිව ජීවත් වීම අපහසු බව තෙරුනම් යාමට එම චිත්‍රය නිර්මානය කර තිබුනා. කෑමක් නැතිමුත් වතුර ටිකකින් වත් දිවි ගැට ගැහීම එහි මාතෘකාව වුනා.
…   
  ඒ උනාට උගත් බුද්ධිමත් විනිසුරුවන්ට ඒ තෙරීම මදි වගෙ හන්දා තව තව තේරීම් වලට ගියා. මන්ද පෝශනයෙන් පෙලෙන දරුවෙක් හිස් කෑම පිගනක් සමග සිටින චිත්‍රයකුත් විනිසුරුවන්ගෙ ඇසට අසුවී තිබුනා.

Wednesday, January 18, 2012

කොලෝනියල් කසින්ස්

මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
    
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.

Sunday, January 15, 2012

වදින්න ගිය දෙවොල ඉහමත කඩා වැටීම

අද ලොකු දුවගෙ පාසලේ ශ්‍රමදායකත්වයෙන් පාසල පවිත්‍ර කරනවා. පහුගිය නිවාඩු කාලෙම වැටුනු කොලරොඩු, වැදුනු දූවිලි, බැඳුනු මකුලුදැල්, වැවුනු වල් පැල , එළි පෙහෙලි කරලා පාසැල ළමුන්ට ප්‍රියමනාප පරිසරයක් කරන එක තමයි අරමුන. දෙමා පියො සෑහෙන දෙනෙක් ඇවිත් උන්නා ශ්‍රමදානෙට.