he
මේ කියන්න යන කතාව කොමිස් ගැන කතාවක්. මම දන්න බ්‍රොකර් මහතෙක් කියපු කතාවක්.
හුඟදෙනෙක් පුරුදුවෙලා ඉන්නෙ අඩුවෙන් වැඩකරලා වැඩියෙන් හම්බ කරන්නනේ. මම දකින විදියට මෙ කොමිස් ගැහිල්ලත් අන්න ඒ වගේ අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් හම්බ කරන්න පුලුවන් දෙයක්. හැබැයි හැකියාව වගේම හොඳ පුද්ගල සබඳතාවයන් එහෙම තියෙන්න ඕන
විකුනා ගන්න බැරි කුනු බඩු විකුනලා ලොකු කොමිස් තියාගන්න අයත් අප අතරෙ ඉන්නවා.
හැබැයි ඒකට කට්ට කෛරාටික වෙට්ට පිත්තල වෙන්න ඕන. නියම තැනට ඒ කියන්නෙ හරි තැනට හරි ඇනේ ගහන්න පුලුවන් කමක් තියෙන්න ඕන.ඒක හැකියාවත් එක්ක යනදෙයක්.
විකුනුම් කරන බොහෝ දෙනෙක් කාලාන්තරයක් ප්‍රගුන කරපු කලාවක් තමයි ගැනුම් කරුවන් ඇන්දිල්ල. ඔය ඇන්දිල්ල හරියට කලාම තමයි අර මම කලින් කියපු කොමිස් එක ලොකුවට ලැබෙන්නේ. දෙශපාලුවොන්ටනම් නම් ඕක ජන්මයෙන්ම පිහිටනවා. ඒ ගැන මම කියන්න යන්නෙ නෑ.
හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා.
සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.
අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.
අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.
තම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.
මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.
දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.
පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.
31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.
බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.
සෑහෙන්න වැඩ ගොඩක හිරවෙලා උන්න සතියක් ඉවර වුනා ඉදිරි සතියත් ඒවගේම වැඩ අධික සතියක් වෙන බවනම් ඉස්තිරෙන්ම කියන්න පුලුවන්. ඒත් මේ බ්ලොග් එක ලියන්න වෙලාවක් හදාගන්නත් එපැයි.
ඒ හන්දා උදේ පාන්දරම ලියන්න පටන්ගත්තා. මොකද අද උදේම ලොක්කා එන්නෙත් නෑ කියලා විස්වාසයි. ඈ ඒ කොහොමද විස්වාස ? ඇයි වදේ අද සඳුදනේ සඳුදට රාහු කාලය තියෙන්නේ උදේ 7.35 ඉඳන් උදේ 9.20 වෙනකන්නේ. හුඟදෙනෙක් ඔය දේ විස්වාසකරලා වැඩකරන්නේ. මම දන්න තරමින් නම් එහෙම කට්ටියට වැරදිලත් නෑ.
ඉතින් අද කතාවට රාහු කාලයෙන්ම මුල පුරන්නම්කො. රාහු කාලය ගැන කතාකරන්න මගේ ඔය ගැන දැනුමක් නෑ ඒත් ඔය රාහු කාලයේ සුබ කටයුතු එහෙම කෙරෙන්නෙ නෑ නේ. මගුල් තුලා වගේ කටයුතු අරබන්නෙ රාහු කාලය එහෙම මග හැරලා තමයි. අපි ඕවා විස්වාසකරන්නෙ නෑ කියුවට නොදැනුවත්ව හරි ඕවා මග හැරලා තමයි කෙරෙන්නේ.
අපට හැමතිස්සෙම අහන්න ලැබෙන්නෙ අපි කැමතිම පුවත් නෙමෙයි. අපි කැමතිම පුවත් අපිට නිතරම අහන්න ලැබෙනවනම් එතන කුමක් හෝ වැරද්දක් කියලයි මට හිතෙන්නේ. හරියට සුරංගනා කතාවක වගේ. සුරංගනා කතාවල තියෙන්නේ අපට ඇවැසි අයුරින් නිමවෙන කතාවක්. ඒත් ජීවිතය කියන්නේ එහෙම එකකට නෙමෙයි. බලාපොරොත්තු නොවන අමිහිරි සිදුවීම් අත්දකින්නට ලැබෙන තැනක් කියලයි මට හිතෙන්නෙ.ඒත් ඒ බලාපොරොත්තු නොවන අත්දැකීම්වල ජීවිතයට එකතු කරගන්න බොහෝ දේ තියනවා.
දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.
ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා.
අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න.
ත්‍රීරෝද රථ වල කලදසාව වෙනස් කලේ මීටර් කියුවොත් මා කියුවෙ බොරුවක් යැයි කිසිවෙකු නොපවසනු ඇත. සමහර වේලි වෙලී හුන් ත්‍රීරෝද රථවලට දැන් ගජරාමෙට වැඩ ඇත.

මීටරෙ ඇති ත්‍රීරෝද රියක නගින්නට බොහෝ අය අකමැති නොවෙති. හේතුව පෙරමෙන් හිතු හිතු අයකිරීම් කරන්නට මීටරය ඉඩ නොදෙන නිසාවෙනි. මීටර නැති ත්‍රීරෝද රියකට නැගිවිටක බහින විට අයකරන මුදල පිලිබඳව ගමන යන්නා යන්නෙ දෙගිඩියාවෙනි. සමහර විටක රථයට ගොඩවදිනවිට කතාකරගත් මුදලට වඩා ත්‍රීරෝදරථ රියදුරන් ඉල්ලන්නේ අතන මෙච්චර වෙලාවක් නවත්තගෙන උන්නා , අතනට ගියා මෙතනට ගියා ... යනුවෙන් මැසිවිලි නගමිනි.
ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.
මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.
පසු තැවීම බොහෝවිට අප අත් දකින දෙයක්. ඔබට පසු තැවීම ගැන අත් දැකීම් නැතැයි කියා මම නොසිතමි. එහෙයින් පසුතැවීම ගැන අත්දැකීම් දෙන්නට මම අදහස් නොකරමි. මේ කෙටි කතාව ඊයේ දුම්රිය මැදිරියක් තුල ඕපාදූප අසමින් සිටින වෙලාවක මගෙ කන වැකුනු එකකි. මෙහි සම්පූර්න අයිතිය එම ඕපාදූපය කිවූ අය සතුය.
අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!
හැමදාම මගේ කතා කියන එකේ අද මගේ කතන්දර බොහෝමයක කතානායකයා වුන සිරිල් නොහොත් සිරා කියුව කතාවක් කියන්නම්. මේක ලු කතාවක්. අන්තිමටම ලු දාන්නද ඉස්සරවෙලාම ලු දාන්නද කියලා හිතාගන්න බෑ.
සිරා දකුනු පලාතෙ කෙනෙක්නේ මෙ කතාවත් ඒ ගම් පලාතෙම කෙනෙකුගෙ ගෙදරදි සිදුවුන කතාවක්,
ඔය ගෙදර ඉන්න පුතා කොළඹ නැවතිලා ඉගෙනගන්න කෙනෙක්. හැබැයි පාසලක නෙමෙයි. එක්තරා පිලිගත් වෘත්තීය පුහුනු ආයතනයක. හැම සතියකම නැත්නම් නිවාඩු ලැබුන හැම දිනකම කොළඹ නොඉඳ ගමෙ යාමෙ පුරුද්ද්ක් ඔහුට තිබුනා. ගමේ තාලෙට හැදුන මේ කොලුගැටයා ගම ගැන හරි ඉහලින් තමයි කොළඹදි කතාකරන්නේ ඔහුගෙ වචනවල තියෙන්නෙ ගම ගැන වර්නනාවක් මිසක ගමගැන නරකක් නොවේ. කොළඹ කෑම පවා ඔහු ගත්තෙ කුසගින්න නිවා ගන්න මිසක පිරියකට නොවේ. දහවලේ කෑම ගන්නා විටත් ගමේ කෑම මහ ඉහලින් කතාකලා. නගරයෙ කෑම වල කෘතිම බව නිතරම කතාකලා.නගරෙ කොල්ලන් අතර මේ ගමෙ කොල්ලා "බයිට් එකක්". නගරෙ උන්ට මේ කොලුවා අල බතල පොරක්.
විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා.
මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.
කාලය ගැන අමුතුවෙන් සඳහනක් නොකලත් මාතෘකාවෙන්ම කාලය ගැන අවබෝදයක් ඔබ ලබන්නට ඇතැයි සිතමි. මගෙ මේ කාලයට සම්බන්ද පාලම උඩ කතාව කියවන්නට ඇතැයිද අනුමානකරමි. එසේ කියවා නැත්නම් මෙම ලින්කුව ඔස්සේ ගොස් ඒම කතාවත් කියවන මෙන් පාඨක ඔබගෙන් ඉල්ලා සිටිමි.
දැන් අද
කතාව, ගම දකුනු පලාතෙ වැලිගම. වැලිගම කියුවම මතකයට නැගෙන පෙට්ටගමෙ සුපුරුදු
චරිතය සිරිල්.මෙ කතාවත් එයාගෙ. ඔය සිරිල්ගෙ ආතලා මුත්තලා නැන්දලා ලොකු
අම්මලා පොඩි නැන්දලා මෙකී නොකී සැවොම ජීවත් වෙලා තියෙන්නෙ මුහුදු හුලං
වැදීගෙන එන හුළඟත් එක්ක,
සිරිල් ගැන මම කලින් කතාවකදි කියුවනෙ. අර කොලෝනියල් කසින්ස්ලා බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලාගන්න.
අද කතන්දරය සිරිල්ගෙ හිටපු ලොක්කෙක් ගැන. ඉස්සර සිරිල් වැඩකරපු කන්තෝරුවෙ ලොක්කා නිතරම දුරපලාත්වල සේවා දායකයො හම්බවෙන්න යන කෙනෙක්. ඔය යන වෙලාවට තනියම යන්නෙ නෑ . කාවමහරි එක්කගෙන තමයි යන්නෙ. මොකද රෑජාමෙ වාහනෙ මග හිටියොත් අඩු ගානෙ තල්ලුවක් හරි දමාගන්න කවුරු හරි ඉන්න එපැයි. හුග වෙලාවට ඔය ඩියුටියට අහුවෙන්නෙ සිරිල්ව තමා.
මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.
අද ලොකු දුවගෙ පාසලේ ශ්‍රමදායකත්වයෙන් පාසල පවිත්‍ර කරනවා. පහුගිය නිවාඩු කාලෙම වැටුනු කොලරොඩු, වැදුනු දූවිලි, බැඳුනු මකුලුදැල්, වැවුනු වල් පැල , එළි පෙහෙලි කරලා පාසැල ළමුන්ට ප්‍රියමනාප පරිසරයක් කරන එක තමයි අරමුන. දෙමා පියො සෑහෙන දෙනෙක් ඇවිත් උන්නා ශ්‍රමදානෙට.
සුනාමි ඇවිල්ලා අවුරුදු 7ක් ගෙවුනා නැතිවුන දේ බොහොමයි. ඒවා ගැන කතාකලා කියලා නැවත ඒවා ලබාගන්න යැ. ලිපියෙ පලමුවෙන්ම සුනාමියෙන් මියගිය අයට ඒ ඒ ආගමට අනුව ලැබිය යුතු ගෞරවය පුදකරනවා.
ඔය සුනාමියෙ දුක අස්සේ හීන් විනෝදජනක සිදුවීම් උනත් සිදුනොවුනම නොවෙයි . ඒ මිනිස්සු අත්දැකපු බිහිසුනු දුක්බර මතක අස්සෙ ඒ සිදුවීම් අමතක වෙලා ගිහින්. මෙ එහෙන් මෙහෙන් මතකයට නැගුන සිදුවීම් දෙකක් .
සංගීතය රස විඳින්නට අකමැතිවූවෝ කවුරුන්ද? ඉබේ ඇහෙන සංගීතයත් විහින් අහන සංගීතයත් රසවිඳින්නට අප පුරුදුවී සිටින්නෙමු. මා අද කියන්නට යන කතාව මොනයම්ම ක්‍රමයකින් ඔබ අසා නැතුවා වෙන්නට බැරිය. සමහර විටක ඔබද මේ අත්දැකීම විඳ නොඇත්තාවන්නට බැරිය. මේ කතාව විහිලු කතාවක් වුවත් මා ලියුවෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්
හැමදාම අත්දැකීම් ලියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ. අද වෙනසකටත් එක්ක හිතුනා පොඩි විහිලු කතාවක් ලියන්න. මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි
වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.
සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ කතාව ඉල්ලා අස්කරගන්නත් හිතෙනවා. මේවායෙ නැවතී සිටින වැඩිහිටියන්ගෙ අලගිය මුල ගිය තැන් හොයන්න ගියොත් මාස ගානකට බ්ලොග් එක පුරවන්න පුලුවන්.
ඔන්න එක සීයාකෙනෙක්ව එක මුනුබුරෙක් මෙ වගෙ මහලු නිවාසෙකට ගෙනල්ලා ඇරලෙව්වලු. මේ සීයට අවුරුදු 85 ත් පැනලා. හරිම දුර්වල තත්වයෙ තමයි හිටියෙ. ගෙදර සලකන්න බැරි හන්දා වෙන්න ඇති මුනුපුරා සීයව මහලු නිවාසෙට ගෙනත් ඇරලුවෙ.
මගෙ යාලුවෝ කට්ටියක් මෙ ලගදි සෙට් වෙලා. සෙට් වෙච්ච් තැනනම් කියන්න බෑ. ඒකට හෙතුව මෙකතාවෙදි නම් කියන්න බෑ වෙන කතාවකදි මතක් කරන්නම් . මෙතන උන්නා අපෙ එක මිත්‍රයෙක් . අපි එයාට කියන්නෙ ඩයියා කියලා ඇත්ත නම ඩයස්. මිනිහා තාම කසාද බැඳලා නෑ. වෙන්න වයිෆ් කෙල්ලෙක් නම් ඉන්නවා . ඒ ළමයට ඩයස් බෝ පැලෙ. සුරා සූදුවෙන් තොර යහපත් චරිතයක් හෙබි කොල්ලෙක්. අර සෙට් වෙච්ච තැනදි උනු රසවත් කතාවක් තමයි මම අද කියන්නෙ.
මිනිහට තියනවා මරු පුරුද්දක් කොච්චර බිව්වත් කතාව කෙලින් හැබැයි ඉන්නෙ ඇදෙට. කතාකරනකොට කාටවත් තෙරෙන්නෙ නෑ මිනිහා බීලා කියලා. ඩයියට වැඩියි කියලා අපි දැනගන්නෙ අංශක 45ට හතර අතෙ වැනෙනෙකොට තමයි. ඩයියට තියන තවපුරුද්දක් තමයි ජංගම දුරකතනයෙන් මල් කඩන එක මම හිතන විදියට මිනිහගෙ ජංගම දුරකතන සෙවා සැපයුම්කරු (නොතෙරෙන අයට Service Provider) හැම අවුරුද්ද්කම හැම්පර් එකක් එවනවා මයෙ හිතේ.