හරියටම මාසයක් මොනවත්ම ආතම්මගෙ පෙට්ටගමට එකතු කරන්න බැරිඋනා. හේතු එකක් නෙමෙයි බරගානක් නිසා හේතු ඉදිරිපත් නොකර ඉන්නම්. draft කරපු ලිපි සෑහෙන්න තියනවා. ඒවා අද ඉඳලා එලියට දාන්න හිතාගෙන ඉන්නෙ.
මේක ලියන්න හිතන් හිටපු කතාවක් නෙමෙයි. ඊයෙ මාසෙ අප්‍රේල් මාසෙ අන්තිම දවස. වැස්සත් එක්ක වැඩ අහවර කරලා ගෙදර එන්න එනවා. ගෙදරින් කතාකරලා කියුවා අරක ඉවරයි අරක අරගෙන එන්න ..මෙක ඉවරයි මේක අරගෙන එන්න .. කියලා පුන්චි පහෙ ලිස්ට් එකක් දුරකතනය මාර්ගයෙන් කියුවා. සුපිරි පැලැන්තියෙ අය පමනක් නෙමෙයි සාමාන්‍ය අපි වගෙ අයත් යන එන සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුනෙ ගේන්න කියපු බඩු ටික ගන්න.
සුපිරිවෙළඳ සැල ඉදිරියෙ වයස අවුරුදු 50ක 55ක කෙනෙක් දාඩිය දාගෙන වටපිට බලමින් මොනවද හොයනවා. ඒක සාමානය සිදුවීමක් යැයි සිතලා වෙලැඳ සැල තුලට ගියෙ මගෙ අවශ්‍ය බඩු ටික ගන්න. ආයෙත් වැස්ස එන්න කලින් ගෙදර යන්න හිතාගෙන. මෙ දවස් ටිකෙම ගෙදර ගියෙ නාගෙන.
අර පුන්චි ලිස්ට් එකට රුපියල් වලින්ම එක්දහස් හාර සීයක් ගියා. රුපියල පුංචි උනාට නෝට්ටු තියන නිසා එක එක කොලයක් දීලා ගනුදෙනුව බේරගන්න පුලුවන් උනා. පරිසරය සුරකින්න කියලා හිතලා බෑග් තුනහතරකම දාලා මම ගත්ත බඩු ටික අසුරලා දුන්නා.
වෙළඳ සැලෙන් එලියට එනකොට අර කලින් කියපු මනුස්සයා වාහන නවත්වන්න හදලා තියන ගැට්ටකට හෙත්තු වෙලා කලකිරුනු මුහුනින් යුතුව ඉන්නවා. මම ළඟට ගිහින් ඇහුවා ඇයි කියලා.
"මහත්තයො මාසයක් කන්න තිබුන බඩු ටික. මට බයිසිකලය ගැන නම් දුක නෑ ......."
ඔය ඒ මනුස්සයගෙම වචන. රුපියල් පන්දහස් ගනනක වියලි ආහාර, මාසෙ පඩිය අරගෙන ගෙදරට අවශ්‍ය තුනපහ හාල්, සීනි පිටි වගෙ බඩු මල්ලක් අරගෙන ඒ මනුස්සයගෙ දුපත් බයිසිකලෙ එල්ලලා, හදිස්සියට ගන්න අමතක වුනු කුඩය ගන්න සුපිරි වෙළඳ සැලට ආයෙත් ගිය අතරතුර ඒ අහිංසකයගෙ බයිසිකලය බඩුත් එක්කම හොරු අරගෙන ගිහින්.
පඩි දවසට තැබෑරුම පැත්තෙ යන පෙනුමක් ඒ මනුස්සයගෙ මූනෙ ගෑවිලාවත් තිබුනෙ නෑ. හම්බකරන හැම සතයම ගෙදරට වියදම් කරන බවක් තමා ඔහුගෙ කතාවෙ ගැබ්වෙලා තිබුනෙ.
"දැන් ඉතින් හොයලා වැඩක් නෑ"
කියලා ඒ මනුස්සයා ටවුම පැත්තට යන්න පිටත් උනා.
"කෝකටත් පොලීසියෙ පැමිනිල්ලක් දාන්න"
මම කියුවෙ මට වචනෙන් හරි කියන්න පුලුවන් එච්චර නිසා.
ඒ මනුස්සයගෙ ඉදිරි මාසය කෙසේ හෝ ගෙවෙයි. ණයට මුදල් ගෙන හෝ මෙ මාසය ගත කරයි. ඒත් ඉදිරි මාසවලට ඒ ණය ගෙනයනවිට ඔහු කෙතරම්
අපහසුතාවයට පත්වේදැයි මට මතක් උනෙ මගෙ කියලා
පවත්වාගෙන ගිය සුලු ව්‍යාපාරක ආයතනය හොරුකඩාගෙන ගිය වෙලේ මාත් ඔය වැනිම අපහසුතාවකට මූන දීපු නිසා.
පව් ඒ මනුස්සයා ඒත් ටිකක් පරිස්සම් වුනා නම් සැලකිලිමත් කම තිබ්බා නම් ඔහොම වෙන්නේ නැහැ වැරද්දත් ඒ මනුස්සයගේම තමා.මං එවෙලේ එතන හිටියා නම් අනිවා 2000ක් වත් දෙනවා මට පුළුවන් හැටියට
ReplyDeleteඒත් මේ දෙ සිද්ද උනේ පාලු තැනක නෙමෙයි. සුලු අතපසුවීමක් වෙලා තිබුනෙ. එතන හිටියනම් 2000ක් දෙන එක ගැටලුවක් නෙමෙයි තමයි ඒත් එහෙම දෙන හන්දාම බෝවුනු හොරු දැන් ඉන්නවා. හැබැයි මෙ මනුස්සයනම් මම හුග වෙලාවට ගෙදර යනකොට දකිනවා. හොරෙක් නෙමෙයි
Deleteඅඩේ පව් බං......දුකයි!
ReplyDeleteඔය දෙ අපෙ ජීවිතයට සම්බන්ද කරලා බලන්න. තවත් දුකයි
Deleteසමහර විට ඕක ගත්තු හොරා උයිට අහිංසකයෙක් වෙන්න ඇති, ඒත් හොරකම ජීවිතේ ගැහැට මඩින ක්‍රමයක් නෙවෙයි.
ReplyDeleteඒත් එහෙම එකෙකුට තමන්ගෙ පංතිය තෙරුම් ගත හැකියි. මෙක නම් කුඩු කාරයෙකුගෙ වැඩල් මයෙ හිතේ.
Deleteමොනව කරන්නද. මාස කිහිපයක් යනතුරු කට්ටක් කන්න වෙයි. මගේ බයික් එක එකසැරයක් ඇක්සිඩන්ට් උනා. සතියක් විතර ඉස්පිරිතාලෙත් ඉදල බයික්කෙ හදාගන්න ගිණි පොලියට සල්ලි අරගත්ත මම මාස ගැනක් යනකම්ම ඒ කටිටකෑව. විභාගෙකට ලියන්න ක්ලස් ගිය මම ඒක නවත්තල අන්තිමට විභාගෙත් ඇනගත්ත. පොඩි සිද්ධියකින් උවත් වෙන බලපෑම සුළුපටු නෑ.
ReplyDeleteඔවු සුලු සිද්දියකින් මුලු ලොකෙම උනත් වෙනස් කරත හැකියි. බලන්න "Run Lola run" චිත්‍රපටිය.
Deleteමොනවා කරන්නද එක අතකින් ඒ බඩු මල්ල හොරකම් කරග තියෙන්නෙත් ඒ බඩු මිලදීගත්ත අහිංසකයගෙ පන්තියේ මිනිහෙක්මයි. ඒ හොරාටත් බඩගින්න දැනෙන්න ඇති. පුංචි දරුවනුත් ඇති. ඒත් දහසක් බලාපොරොත්තු තියාගෙන බඩුගත්ත කෙනාත්, ඔහුගෙ දරුවනුත් එක්ක බලද්දි ඒ හොරකම කරපු එකා කුඩු කාරයෙක් නම්, මොනවද ඌ ගැන ලියන්නේ.
ReplyDeleteඔබ හරි මේ මාසය අමාරුවෙන් ගත කළත් ඒ අහිමි වූ මුදල තව මාස ගානකට ඔහු ණයකාරයෙක් කරනවා. ඔබේ ව්‍යාපාරයටත් ඒදේ වුණා කිව්වාම මොනව ලියන්නද කියලා හිතාගන්න බෑ.
අද කම්කරුවන්ගෙ දවසෙ හිතට දැනුනු සහ කියවපු හොඳම අදහස මෙයයි.
අගය කිරීමට ස්තුතියි. ඒත් මම හිතන්නෙ තමන්ගෙ පන්තියෙ එකක් තමන්ගෙ පන්තියෙ එකෙකුගෙ දුක අඳුනනවා. මම හිතන්නෙ නම් මෙක කුඩු කාරයෙකුගෙ වැඩක්.
Deleteඅහිංසක මිනිහෙක්ට මාසයක් ජීවත් වෙන්න තිබුනු බඩු මල්ලක් සහ ඔහුගේ බයිසිකලය නැතිඋනා. ඒ වෙලාවෙ ඒ මනුස්සයාගෙ හිතට දැනුන හැඟීම කොහොම ඇද්ද....
ReplyDeleteඒ වෙලේ හැඟීම නම මම දැක්කා. මම කල්පනා කලෙ මේ මාසෙ ලබන මාසෙ .... මෙ මනුස්සයගෙ හැඟීම් අපිට තේරනවද කියලා
Deleteබඩු ගනන් වැඩි වෙන්න වෙන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙනවා ඒක හින්දා මිනිස්සු හොරකමට පුරුදු වෙනවා අනේ මන්දා මේවා කොහෙන් නවතියිද කියලා
ReplyDeleteඒහෙම වෙන්න තමන්ගෙ මට්ටමෙන් ජීවත්වෙන්න පුරුදු නොවුනම රුපියල් 10000ක් හම්බවෙන කෙනා බලන්නෙ 15000ක් වියදම් කරන්න ඉතිරි 5000 හොයාගන්න බලන්නෙ අනියම් මාර්ගෙකින්. මේක ලක්සයක් පඩිගන්න කෙනාටත් පොදුයි. ඒ අය හොරකම් නෙමෙයි කරන්නෙ කමිශන් ගහන එක. මෙම මම අත්දුටු දෙයක්.
Deleteමම ඒ අවස්තාවෙ එතන උන්න නම් ඒ මනුස්සයට ආපහු ඒ බඩු ටික අරන් දෙනවා..(හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනව මේ මනුස්සය කිව්වෙ ඇත්තමද?)
ReplyDeleteවින්චැට් දැන් ටිකක් පරිණත විදිහට හිතනව නේද? :P
Deleteමේ මනුස්සයන්ම් කියුවෙ ඇත්තම තමයි මොකද මෙ මනුස්සයව මම හුඟ දවසක් දැකලා තියනවා ඔය නැතිඋන බයිසිකලෙ නැගලා යනවා. ඒත් එහෙම අනුකම්පා කරන එක විකුනගෙන කෑමට මිනිසුන් පෙලඹවෙනවා. ඔය රෝහල් ගාව දුම් රිය පොල වගෙ තැන්වල ලෙඩ විකුනන කීදෙනක් නම් ඉන්නවද .
Deleteඅසරණ මිනිස්සුන්ට තමා ඔක්කොම කරදර. ලොකු උදව්වක් කරන්න වෙලාවෙ හැටියට හැකියාවක් නැත්නම් වචනෙකින් හරි උදව්වක් කරනව ඇරෙන්න දුප්පත් අපි වෙන මොනව කරන්නද?
ReplyDeleteමම කලෙ ඒක අකුර කල එක
Deleteසන්වේදී සත්‍ය කතාවක් . පව් දුප්පතා . තියන කෙනෙක්ගෙන් ගත්තනම් තව කමක් නැ. මේ අසරණයට මාස ගානක් විදවන්න වෙයි .
ReplyDeleteරොබින් හුඩ්ලා සරදියෙල්ලා නෑ දැන්
Deleteඒ මනුස්සයා ගැන දුක හිතුනා.. මේ දවස් වල කෑම බඩු වල ගනන් හැටියට ඒ මනුස්සයට ඒක සෑහෙන්න දැනෙනවා ඇති..
ReplyDeleteඒකනම් එහෙම තමා
Deleteකව්රු හරි,කව්රු වැරදි කියන්නද මන්ද?
ReplyDeleteකොහොම උනත් මොන හේතුව මත උනත් හොරකම් කරන එක අනුමත කරන්න බෑ
හොරකම හොරු විතරයි අනුමත කරන්නෙ
Deleteහැම දුකම පොඩි මිනිහට...
ReplyDeleteඒකනෙ ඒ මිනිහා හැමදාම පොඩි
Deleteහොරු කියන්නෙ අනුන්ගෙ දුක දන්නැති ජරා ඒවුන්...රට දියුණු වෙන්න නම් හැම හොරකමකටම දඩුවම් තියෙන්න ඔනෙ..
ReplyDeleteමමත් ඔය කතාව අනුමත කරනවා. හොරෙක් අහූනොත් මමනම් මුලුන්ම කරන්නෙ උගෙ අත පය කඩන එක. වාසනාවට මට තාම එකෙක්වත් අහු උනෙ නැ
Deleteගොඩාක් දුක හිතුනා.මම ඉන්න රටේ අපේ ආයතනේ රියදුරා අද කියපු කතාව මතක් වුනා ඒ කතාවයි මේ පොස්ට් ඒකයි දෙකම එකම දවසේ සිද්ද වුනේ. දුප්පත් මිනිහා කොහේ හිටියත් තැලෙනවා.
ReplyDeleteමොකක්ද ඒ කතාව කියමු බලන්න.
Deleteහොරකම් කරපු එකා ෂුවර් විඳවනව ඔය කරපු වැඩේට.........
ReplyDeleteඅපොයි අසරණ මනුස්සයා. දරු පවුල බඩගින්නේ.. ලෝකෙට තවත් නය වෙන්න ඇති..
ReplyDeleteපොඩි මිනිහටමනෙ කෙළ වෙන්නෙ.යකෝ දැං කාලෙ නෑනෙ රොබින් හුඩ්ලා සරදියෙල්ලා.
ReplyDeleteමොනා කියන්නද මන්දා...ඒත් අර අසරණ මනුස්සයා පවු...
ReplyDeleteඔය වගේ අහි0සක අසරණ මිනිස්සුන්ට තමා ඔක්කොම කරදරත් එන්නේ... අර කියන්නෙ හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටෙනව කියල.. පව් ඒ අසරණයා.. දුක හිතෙන ස0වේදි කතාවක්
ReplyDeleteහොරකම් සහ හොරු ගැන කියලා වැඩක් නෑ. අපිත් ඔය ප්‍රශ්නෙන් සෑහෙන්න බැට කාලා තියෙනවා. ගිය අවුරුද්දෙ වෙච්ච හොර කමකින් නැතිවෙච්ච සමහර බඩු අපිට මේ වෙනකල් ආපසු ලැබුනෙ නෑ. ආපසු ලැබුනෙ වහාම ක්‍රියාත්මක වෙලා මගෙම ඕනෙ කමින් හොයාගත්ත දේ විතරයි.
ReplyDeletehenryblogwalker the Dude
* මම හිතන්නෙ තමන්ගෙ පන්තියෙ එකක් තමන්ගෙ පන්තියෙ එකෙකුගෙ දුක අඳුනනවා *
ReplyDeleteමමත් ඔය කියන පන්තියේ හන්දා ඔයාගේ කතාව අගය කරනවා.
දවසක් මම හෙන අප්ෂට් එකක ඉන්න කොට ( දුවව හම්බ වෙන්න හාමිනේ ඉස්පිරිතාලේ, හාමිනේට ටිකක් අමාරැයි ) මගේ ෆොන් එක ඉස්සුවා. ආයෙත් එකක් ගන්න මම කාපු කට්ටක්.
අපිවගේ එදාවේළ ටුවර්ස්ලට ඔහොම උනහම ගොඩ වෙන්ඩ මාර කාලයක් යනවා