he
Showing posts with label විහිළු. Show all posts
Showing posts with label විහිළු. Show all posts

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Friday, July 12, 2013

භයානක ලෙඩක් !

සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට  ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ. 
ඔන්න යන්තම් ඒකත් ඉවර උනා.හරියටම මාසයකට කිට්ටුවෙන්න මොනවත් ලියන්න ලැබුනෙවත් හරියාකාරව බ්ලොග් පොස්ට් එකක් කියවන්නවත් ලැබුනෙ නෑ.

ඉතින් ඒ විරාමයට තිත තියලා අද මට ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න සමාජයේ හුඟ දෙනෙකුට තියන ලෙඩක් ගැන කියන්න. ලෙඩ ගැන කියන්න මම වෛද්‍ය වරයෙක් නෙමෙයි. ඒ උනාට මේ ලෙඩේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න උවමනාම නෑ. 

මේන්න මේ පුංචි කතාව කියවලම ලෙඩේ ගැන අවබෝදයක් ගන්න. සමහරවිට මේ ලෙඩේ ඔයගොල්ලො දන්න කියන අයටත් තියෙන්න පුලුවන්.

…ඔන්න එක විශ්‍රාමික ස්වාමි පුරුශයෙකුට තමන්ගේ බිරිඳගේ ශ්‍රවන තත්වය හරියාකාරව පවතිනවද කියලා දැනගන්න උවමනා උනාලු.…මේක තමන්ගේ බිරිඳගෙන් එක එල්ලේ අහන එකත් හොඳමදි හන්දා, තමන්ම වෛද්‍යවරයෙකු ළඟට ගිහින්, තමන්ගෙ බිරිඳගේ ශ්‍රවන තත්වය බලාගන්න ස්ව‍යං පරීක්ශනයක් එහෙම තියනවද කියලා අහලා. වෛද්‍යවරයත් ටිකක් කල්පනා කරලා ස්වාමි පුරුශයට self-test එකක් නැත්නම් ස්වයං පරීක්ශන ක්‍රමයක් කියලා දීලා. 

Friday, February 22, 2013

අනාවැකිය

හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා. … සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.

 අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.

…අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.

Thursday, February 7, 2013

ව්‍යාග්‍රා කාලක් ඇති.

ම වයසක සීයා මහලු නිවාසේ උන්නු කතාව කියවන ඔබට මතකනේ. අමතකනම් ව්‍යාග්‍රා සහ හොට් චොකලට් කතාව මෙතනින් බලන්න. හුඟ දවසකින් පොස්ටුවක් දාන්නත් නොහැකි උනේ වැඩ අධිකවීම හන්දම නෙමෙයි. කම්මැලි කම හන්දා. කොහොම හරි බාගෙට අමුනලා තිබුන කතාවක් මෙන්න මෙහම ඉවර කරගන්න පුලුවන් උනේ අර මම කලින් කියපු කම්මැලි කම හන්දා.

… මේ කතාව ලංකාවේ අපට ටිකක් නුපුරුදු වෙන්න පුලුවන්. ඒත් එහෙම කියන්නත් අමාරුයි. මගේ ජීවන වටපිටාව වගේ නෙමෙයිනේ ලංකාවේ අනිත් ප්‍රදේශ. නාගරික සමාජයේනම් හැංගි හොරා හෝ නැතිව උත්තෙජන පාවිච්චිය සිදුවෙනවා. මේකතාව උත්තෙජන සම්බන්ද කතාවක්.


… දැනට අවුරුදු 80 ගානක් ආයුවලඳපු සීයාකෙනෙක් දවසක් ඔසු හලකට ගොඩවුනාලු.

Wednesday, January 2, 2013

බිරිඳට හොරෙන් සිගරට් බීමෙන් වලකින්න

පහුගිය දවස් ටිකේම කොම්පියුටරයෙන් ඈත්වෙලා උන්නේ. ලියන්න කතන්දර සෑහෙන්න ලැබුනත් පවුලේ උදවියත් එක්ක ඇවිදින්න ගිය හන්දා බ්ලොග් එක පැත්ත පලතෙ තියා අන්තර් ජාලයටත් එබෙන්න ලැබුනෙ නෑ. සෑහෙන්න අලුත් දෙවල් බ්ලොග් අවකාසෙට එකතුවෙලත් තිබුනනේ. මම නොහිටි දවස් ටිකේ අපේ කට්ටිය ලෝක වාර්තාවකුත් පිහිටෙව්ව. නොහිටිය හන්දා ඒ ලෝක වාර්තාවට මම ඇතුලත් නෑ. දැක්කද අපි කොච්චර හොඳද කියලා.

…31 රැ මොකද කලේ කියලා ඇහුවම හුඟක් දෙනා බොහොම උජාරුවට දෙන උත්තරයක් තමයි "අපි එදා සෙට් උනා" "එළිවෙනකම් බිව්වා " "කන පැලෙන්න බිව්වා " වගේ උත්තර. මතට තිත තබපු රටක අහන්න නොලැබෙන පිලිතුරු තමයි. ඒත් හුඟදෙනෙක් එහෙම තමයි.

 බීම ගැන අවතක්සේරුවෙන් කතාකලාට අනේ රටක් කරවන්න ඔය බීම කොච්චරනම් සහයෝගයක් දෙනවද. ඉතින් හුඟදෙනෙක් බොන්නෙ රටකරවන්න සහයෝගය දෙන්න කියලයි මට හිතෙන්නේ.

Saturday, December 15, 2012

කතා කරන සැලලිහිනියා

සුරතල් සතුන් ඇතිකරන්න බොහෝ දෙනා කැමතියි. බල්ලො පූසො ගිරවු මයිනො ලේනො වගේම මීයො රිලවු වගේ සත්තුත් අද බොහෝ දෙනා ඇතිකරනවා. ඇයි වදේ අද සුරතලේට නයි ඇතිකරන නාටිකාංගනාවක් ගැනත් ඔය මාද්‍ය මේ දවස්වල කතාවෙන්න.
… 
සුරතල් සතුන් මිලදීගන්න පුලුවන් තැන් අදවෙනකොට ලංකාවෙත් තියනවා. මේ ළඟකදි බලු දන්සැලක් විහාරමහ දේවි උද්‍යානය පැත්තෙ තිබුනේ. නන්නත්තාරේ නොහොත් දඩාවතෙ යන බලු නාම්බො එකතු කරලා ෆැශන් එකට බලු හුරතල් පෙන්නන නෝනලා මහත්තුරු වෙත බෙදලා දුන්නේ. රූපවාහිනී නාලිකාවලින් ඇවිල්ලා අපේ රටේ බලු ආදරය ලෝකෙටම පෙන්නුවනේ. ෆැශන් එකට බල්ලො ඇතිකරන එකත් මරු වැඩේ නේද ?

…සුරතල් බල්ලො ගැන කතාකරන්න නෙමෙයි මම අද යන්නෙ . මට හිතුනා සුරතලේට ඇතිකරන සැලලිහිනියෙක් ගැන කතාවක් කියන්න .

Wednesday, November 21, 2012

135.ඇය පස්සෙන් ඇගේ කාමරයට


පහුගිය සතියෙ පලකල එක කවි පෙලක
මූනු පොතෙ අඟනක් ගැන කීවා මතක
කියවා බලා ඔබ අදහස් එකින් එක
සිතුනා කරනට කවියක් හනි හනික



අවසන් කලමුත් මාගෙ පෙර කවිය
ඇතැයි සිතමි එපුවත අද නොබැලු අය
තෙරුම් ගන්න අද මා කියනා කවිය
මේ පෙල කොටනු මැන තරහා අවසරය



තව්සන්ඩ් ෆයිව් ගානේ එක්කෙනෙකුට ඕනෑ කීවා
ඒ සී එකත් යහමින් ඕනෑ කීවා
වරකට එක්කෙනයි කියලත් ඈ කීවා
මේ ගැන දැන ගන්න මගේ යටි හිත කීවා

Thursday, November 8, 2012

132.ඇතුලට දාමුද ? +

දිගටම බඩ යන සම්පාගේ අසනීපෙට බොන බෙහෙතින් සුව නොවුන නිසා ඉන්ජක්ශන් එකක් දුන්නනේ. ඒ කතාව එතනින් ඉවර කලේ නෑහැනේ. ඒ "පස්සෙ මයිල්" කතාව නොබැලුවනම් මෙතනින් කියවන්න. ඔන්න අද කියන්න යන්නේ ඊට පස්සෙ සම්පාට වුන කතාව.

…ෂේව් කරලා නිවියා ගාලා තිබුන පස්සට නර්ස් නෝනලා ඇවිත් හිනාවෙවී ඉන්ජක්ශන් එක ගහලා ගියා. ඉන්ජක්ශන් එක ගැහුවට පස්සෙනම් සම්පගේ අසනීපය හොඳවුන බව කතාවෙන් පෙන්නුවා. ලැජ්ජාව පිරිච්ච මූන හංගගන්න උවමනා නිසා ලෙඩේ හොඳ උනාද කියන්න දන්නෙත් නැ. කොහොම හරි සම්පා බඩයන අසනීපය සුව අතට පත්වූ බව කියලා රෝහලෙන් නික්මුනා. 

 අර කතාවක් තියනවනේ ඩොක්ටර්ලටයි ප්‍රොක්ටර්ලටයි බොරු කියුවොත් අඩි හයක් යට කියලා. අන්න ඒ කතාව එදා තව පොඩ්ඩෙන් ඇත්ත වෙනවා සම්පගේ යාලුවො ටික නොහිටින්න. 

Tuesday, November 6, 2012

131.කැබ් රියදුරා

ත්‍රීරෝද රථ වල කලදසාව වෙනස් කලේ මීටර් කියුවොත් මා කියුවෙ බොරුවක් යැයි කිසිවෙකු නොපවසනු ඇත. සමහර වේලි වෙලී හුන් ත්‍රීරෝද රථවලට දැන් ගජරාමෙට වැඩ ඇත.

 මීටරෙ ඇති ත්‍රීරෝද රියක නගින්නට බොහෝ අය අකමැති නොවෙති. හේතුව පෙරමෙන් හිතු හිතු අයකිරීම් කරන්නට මීටරය ඉඩ නොදෙන නිසාවෙනි. මීටර නැති ත්‍රීරෝද රියකට නැගිවිටක බහින විට අයකරන මුදල පිලිබඳව ගමන යන්නා යන්නෙ දෙගිඩියාවෙනි. සමහර විටක රථයට ගොඩවදිනවිට කතාකරගත් මුදලට වඩා ත්‍රීරෝදරථ රියදුරන් ඉල්ලන්නේ අතන මෙච්චර වෙලාවක් නවත්තගෙන උන්නා , අතනට ගියා මෙතනට ගියා ... යනුවෙන් මැසිවිලි නගමිනි.

Saturday, November 3, 2012

130.පස්සේ මයිල්

ඔන්න පටන් ගන්නකොටම කියුවා මේක මඩක්. හැමදාම ඇහෙන්නේ ගාල්ල මාතර පැත්තෙ අයගේ මඩ කතානේ.ගාල්ල මාතර යාලුවන්ගෙන් එහෙම නැත්නම් කතා නායකයන්ගෙන් ටික ටික බැනුම් අහන එකත් ඔය අතරෙම සිද්ද වෙනවා. මොනවා කරන්නද ඉතින් මට අහන්න ලැබෙන්නෙම ඒ පැත්තෙ අයගෙ කතා හන්දා වෙන පලාත්වල කතාවලට වඩා දකුනු පලාතට සම්බන්ද කතා පෙට්ටගමට එකතු වෙනවා. අද කතාවත් මාතර අහංගම පැත්තෙ යාලුවෙකුට උන කතාවක්.

මෙ යාලුවගේ නම සම්පත්. යාලුවො හැමෝම කියන්නෙ නම කෙටි කරලා සම්පා කියලා. සම්පා හොද දෙකේ හතරේ පොරක් සම්පගේ හැඩ රුව කොහොමද කියනවනම් හොඳ වලස් නාම්බෙක් අනිත් පැත්ත හැරිලා හිටගෙන ඉන්නවා කියලා හිතාගන්නකො. හරියටම කියනවනම් ගෝරිල්ලෙක් කියුවත් වැරදි නැ.

Wednesday, October 24, 2012

128.බලන්න බැරිවූ මීයා

පසු තැවීම බොහෝවිට අප අත් දකින දෙයක්. ඔබට පසු තැවීම ගැන අත් දැකීම් නැතැයි කියා මම නොසිතමි. එහෙයින් පසුතැවීම ගැන අත්දැකීම් දෙන්නට මම අදහස් නොකරමි. මේ කෙටි කතාව ඊයේ දුම්රිය මැදිරියක් තුල ඕපාදූප අසමින් සිටින වෙලාවක මගෙ කන වැකුනු එකකි. මෙහි සම්පූර්න අයිතිය එම ඕපාදූපය කිවූ අය සතුය.

අයෙකු මියගියපසු ඔහු හෝ ඇය වෙනුවෙන් කල හැකිව තිබූ නමුත් නොසැලකිල්ල නිසා අතපසු වූ සුලු සිද්දි නැවත නැවත සිහිකරමින් හැඩීම බොහෝ මළගෙවල් වල දකින දෙයකි. හිතින් මළගෙයකොට ගොස් බලන්න!

Monday, October 15, 2012

126.කොළඹ කොල්ලන්ට ගමෙන් කෑමක්

හැමදාම මගේ කතා කියන එකේ අද මගේ කතන්දර බොහෝමයක කතානායකයා වුන සිරිල් නොහොත් සිරා කියුව කතාවක් කියන්නම්. මේක ලු කතාවක්. අන්තිමටම ලු දාන්නද ඉස්සරවෙලාම ලු දාන්නද කියලා හිතාගන්න බෑ.
සිරා දකුනු පලාතෙ කෙනෙක්නේ මෙ කතාවත් ඒ ගම් පලාතෙම කෙනෙකුගෙ ගෙදරදි සිදුවුන කතාවක්, 

ඔය ගෙදර ඉන්න පුතා කොළඹ නැවතිලා ඉගෙනගන්න කෙනෙක්. හැබැයි පාසලක නෙමෙයි. එක්තරා පිලිගත් වෘත්තීය පුහුනු ආයතනයක. හැම සතියකම නැත්නම් නිවාඩු ලැබුන හැම දිනකම කොළඹ නොඉඳ ගමෙ යාමෙ පුරුද්ද්ක් ඔහුට තිබුනා. ගමේ තාලෙට හැදුන මේ කොලුගැටයා ගම ගැන හරි ඉහලින් තමයි කොළඹදි කතාකරන්නේ ඔහුගෙ වචනවල තියෙන්නෙ ගම ගැන වර්නනාවක් මිසක ගමගැන නරකක් නොවේ. කොළඹ කෑම පවා ඔහු ගත්තෙ කුසගින්න නිවා ගන්න මිසක පිරියකට නොවේ. දහවලේ කෑම ගන්නා විටත් ගමේ කෑම මහ ඉහලින් කතාකලා. නගරයෙ කෑම වල කෘතිම බව නිතරම කතාකලා.නගරෙ කොල්ලන් අතර මේ ගමෙ කොල්ලා "බයිට් එකක්". නගරෙ උන්ට මේ කොලුවා අල බතල පොරක්.

Sunday, September 30, 2012

122. පිරිමි කෙනා කැවට පසු ගෑනු කෙනා කන්නෙ ඇයි ?

ඇය ගනිත ගුරුවරියක් . ඔහු මිනින්දෝරුවෙක් මොවුන් දෙදෙනා කසාද බැන්දෙ 1960 අවුරුද්දේ. ඒත් මේ අයට අවුරුදු 6ක් වනතුරු ළමයි හිටියෙ නෑ. ඔය ප්‍රශ්නේ නිසාම මේ අය දිකසාදවෙන්නත් හැදුවා. ඒත් අවුරුදු 6කින් මේ දෙන්නටම එක් ගැහැනු දරුවෙකුගේ දෙමාපියන් වෙන්න වාසනාව ලැබුනා. ගැහැනු දරුවා ලැබුනට පස්සේ මේ දෙන්නගෙ බැඳීම ගොඩක් වැඩිවුනා. හැමදේම කලේ දෙන්නම එකට

ඊට පස්සේ මේ තුන්දෙනා බොහොම ලස්සනට ජීවිතය ගතකලා. 


 මට අමතක වුනා මේ ලංකාවෙ කතාවක්. ඒත් මේ අය ඉංග්‍රීසි පන්නෙට තමයි කෑම බීම ගත්තේ ඇඳුම් පැලඳුම් ඇන්දේ ගමන් බිමන් ගියෙ හැමදෙයක්ම. ඉංග්‍රීසි පන්නෙට හැදුන වැඩුන හන්දා දුවත් ලොකුවෙලා වැඩිදුර ඉගෙන ගන්න මහ රැජින ඉන්න රටට ගියා. දුව හොඳට ඉගෙන ගත්තා. අන්තිමට දුවගේ අම්මටයි තාත්තටයි බෑන කෙනෙක් එංගලන්තයෙන්ම දුව හොයාගත්තා.

Tuesday, September 4, 2012

116.වේදනාව තමයි

පහුගිය ලිපියෙන් පෙට්ටගම ලියන මගේ අනන්‍යතාවය හෙලිකලාට.පරන පුරුදු ලොකු ජෝන් නමින්ම ඉන්න ලොකු ජෝන් අදහස් කලා.
මෙන්න මේ වගේ

අද උදේ මහ වැස්සෙම පාරට ආවා. දන්න අදුනන අයියා කෙනෙක් අතත් අල්ලගෙන බස් නැවතුමෙ උන්නෙ වෙද ගෙදරට යන්න. උදෙ මල් කඩන්න වත්තට යනකොට මීමැස්සො ප්‍රහාරයක් එල්ල කරලා. අතෙ ඇඟිලි හරියට ඒ දවස්වල තිබුන අලිගෙදර ලිංගුස් කරල් වගේ. ඉදිමිලා පිම්බිලා. ඒ අයියගේ වෙදනාව මූනෙන් මට පේනවා.

මට එකපාරටම මතක් උනා පරන කතාවක්

Saturday, August 25, 2012

113. පන්නාගෙන ඒම

අද පාන්දරම හදිසියේම කොට්ටාවට යන්න අවශ්‍ය තාවයක් ඇතිඋනා අධිවේගී මාර්ගෙත් ගැලනි ගමින් කොට්ටාවට ගිහින් ආයෙම පානදුරේට එන්න පුලුවන් නිසා අධිවේගය පාවිච්චි කරලා අපේ ගමන ගියා ඔය එන අතරවාරයේ එකපාරටම අපි ආපු වාහනේ පහුකරගෙන පොලිස් වාහනයක් ගියා. ඔන්න එතකොට තමයි මට මේ කතාව මතකෙට ආවේ. 

කතාවනම් එච්චර දිග එකක් නෙමෙයි. ඒ හන්දා කියවන්න අපහසුවෙන එකක් නෑ. 

Tuesday, August 14, 2012

110. මම "ටු" යන්න යට

අනූවේ දශකයෙ මුල් කාලෙ නැත්නම් අසූවේ දශකයෙ අග බාගයේ මම දන්න මල්ලි කෙනෙක් ගැන පොඩි කතාවක්. මෙ මල්ලිගෙ නම සම්පත් ඒ කාලෙ නම් වයස අවුරුදු 13-14ක ගැටයා දැන් මේකතාව කියෙව්වොතින් මිනිහට ලැජ්ජත් හිතෙයිද මන්දා. 

කියවන ඔය ගොල්ලො දන්නවා ඇතිනෙ මගේ පදිංචිය පානදුරේ කියලා. ඔය කියන සම්පත් මල්ලි උන්නෙ අපේ ගෙවල් වලට නුදුරු මාවතක. පාසැල් ගියෙ පානදුරේමයි. 

Saturday, August 11, 2012

109. උඩ ගිය මැස්සා +18


හැමදා කතා ලියුවත් මම ගොතමින්  අකුරු
සිතුනා ලියන්නට අද කවියෙන් කර  අකුරු
…මිතුරෙක් සිටියි තනිකඩ ජීවිතය           හුරු
…කියමි  කතාවක්  ඔහු  හා බැඳි            අපුරු

…තනියම තමයි හැම වැඩ ඔහු        කෙරුවේ
…මාල වලලු  පලඳන අය  නෑ           පැතුවේ
…මගුල් තුලා ගැන ඔහු මද පමනින්    සිතුවේ
…වයස  ගියා  ඔහු නෑ ඒ ගැන              දුටුවේ

Thursday, July 12, 2012

105. ලොක්කා Shut down

1997 දි විතර තමා සිද්දිය උනෙ. අදාල කන්තොරුවෙ නම නොකිය ඉන්නම්. තාම එතන ලොක්ක මම හිතන විදියට ඒ කන්තොරුවෙ වැඩ කරනවා. නිකන් ඉල්ලගෙන පාන් කාලා ඇමරිකාවට ගැතිවෙන්නෙ මොකටද. ඒ හන්දා නම් ගම් මන:කල්පිතයි.


ඒකාලෙ මම වැඩකලෙ කොම්පියුටර ගෙන්වන කොම්පැනියක. කොම්පියුටරයක වයර අමුනන එකත් ඒකාලේ හැටියට මාරම ජොබ් එකක්.

Sunday, July 1, 2012

103. මගුල දා රෑට කරන දේ

විකී අංකල් ගැන පහුගිය කතාවකින් කියුවා මතක ඇතිනේ.ඒක විකී අංකල් ගේ ගැස්සීම මේ කතාව විකී අංකල් ගෙ මගුල දවසෙ උන දෙයක්. මේ කතාව ඇත්තටම උනාද කියලානම් මම දන්නෙ නෑ. ඒත් ඒ කාලෙ මගුලට ගිය අයනම් කියන්නෙ කතාව ඇත්ත කියලා.


මතක ඇතිනෙ මම කියුවා විකී අංකල් කතෝලික බැතිමතෙක් කියලා. ඉතින් මංගල චරිත්‍ර වාරිත්‍ර කරන්නෙ පල්ලියෙ. පල්ලියෙ සැමදෙම සංවිදානයකරලා දැන් ඔන්න මගුල් දවස උදා උනාලු. ඔන්න එහෙනම් කියවන්න එදා උනු රසවත් ම සිදුවීම.

Saturday, June 23, 2012

101. විකී අංකල් ගේ ගැස්සීම

සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.


මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.


වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.