he
මම පොඩි දවස් වල අපෙ ගෙවල් පැත්තෙ උන්නා සයිමන් කියලා වයසක මනුස්සයෙක්. මෙයාට හැමෝම කියන්නෙ හුක්සයිමන් කියලා. ඔය මනුස්සයා පුංචි සන්දියෙ කොල්ලො කොලුකමට පුංචි සයිමන්ට එලොව පොල් පෙන්නලා.
මම හිතන්නෙ කියවන කට්ටිය දන්නවා ඇති එලොව පොල් පෙන්නන්න්නෙ කොහොමද කියලා. දන්නෙ නැත්නම් ඔන්න අහගන්න. දෙ අතේ අල්ලෙන් එලොව පොල් පෙන්නන්න ඕන එකාගෙ කන් දෙක තද කරලා උඩට උස්සනවා. අන්න එතකොට අර උඩට ඉස්සෙන එකාට එලොව පොල් පේනවා. හැබැයි කාටවත් පෙන්නන්නනම් යන්න එපා. එහෙම කලොත් තවත් හුක්සයිමන් කෙනෙක් බිහිවේවි.
ඉතින් එදා ස්නායු ඇදිලා වගෙ මොන මොනවද වෙලා මිනිහට හුක් කියලා කියවිලා. ඊට පස්සෙ සැරින් සැරේ මිනිහට අර ඉක්කා යනවා වගෙ හුක් ගෑවෙනවා.
බ්ලොග් අවකාශෙ මේ දවස්වල මද කිපෙන සමය වගෙ. කොතනට ගියත් කතා කරන්නෙ ලිංගිකත්වය ගැන. මාත් ටිකක් විතර ඒ ගැන තමා කතාකරන්න හිතුවෙ. හැමෝගෙම ලිංගික කතා කියවලා කෙන්ති අරගෙන ඉන්නවනම් මගෙ මෙ පොස්ටුව කියවන්න. එහෙම නැතිව මදකිපිලා ඉන්නවනම් ඒත් කියවන්න. එහෙමත් නැත්නම් ඒත් කියවන්න.
කොටින්ම කියනවනම් මම කතාකරන්නෙ තෘප්තිය ගැන.
ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානයක ප්‍රධානත්වයෙන් පවත්වපු චිත්‍ර තරඟයක විස්තරයක් ඕන් අද මම කියන්න යන්නෙ. දිලිඳුකම කුසගින්න මන්දපෝෂනය ගැන තමයි චිත්‍ර තරඟයෙ විෂය වෙලා තිබුනෙ. ජාත්‍යන්තරව ප්‍රසිද්දියට පත් ජාත්‍යන්තර සිත්තරුන් මෙ තරඟයක චිත්‍ර ඉදිරිපත් කරලා තිබුනා. ඔය ජාත්‍යන්තර තරඟ වලට යැවෙන සමහර නිර්මාන ඒවා නිර්මානය කරන කෙනාටවත් තේරෙන්නෙ නෑනෙ. අන්න ඒ වගෙ චිත්‍රත් මේ අතර තිබුනා.
එක චිත්‍රයක් තිබුනා කුඩා දරුවෙක් පයිප්පයකට කට තියාගෙන වතුරබොන එකක් මෙන්න මේක වගෙ.
හුගක් අය දැක්කගමන් තොරලා තිබුනෙ ඒ චිත්‍රෙ. කෑම නැතත් ජීවත් විය හැකිමුත්, වතුර පොදක් නැතිව ජීවත් වීම අපහසු බව තෙරුනම් යාමට එම චිත්‍රය නිර්මානය කර තිබුනා. කෑමක් නැතිමුත් වතුර ටිකකින් වත් දිවි ගැට ගැහීම එහි මාතෘකාව වුනා.
ඒ උනාට උගත් බුද්ධිමත් විනිසුරුවන්ට ඒ තෙරීම මදි වගෙ හන්දා තව තව තේරීම් වලට ගියා. මන්ද පෝශනයෙන් පෙලෙන දරුවෙක් හිස් කෑම පිගනක් සමග සිටින චිත්‍රයකුත් විනිසුරුවන්ගෙ ඇසට අසුවී තිබුනා.
මම මෙ මඩක් ගහනවා හෙම නෙවෙයි. අපෙ කන්තොරුවෙ යාලුවෙක් කියපු කතන්දරයක්. අපෙ කන්තොරුවෙ උන්නට ජීවිතෙට "අත්තම්මගෙ පෙට්ටගමට" ගොඩ නොවෙන හින්දා බය නැතිව මෙ කතාව දාන්න පුලුවන් අහන්නෙ බලන්නෙ නැතිවම. මගෙ හිතෙ හැටියටම ලියලා.
ඔන්න මේ කතාවෙ කතානායකයට සිරිල් කියමු . නැත්නම් හැමතිස්සෙම එයා මෙයා කියකිය ඉන්න එපැයි. ඔය එයා මෙයා නොහොත් සිරිල් හැම සති අන්තයෙම ගමෙ යනවා. ගමේ යනවා කියුවට ගමේ කාවවත් බලන්නවත් මුනගැහෙන්නවත් නෙමේ. සිරිල්ට ඉන්නවා මරු යාලුවො සෙට් එකක් , සිරිල් එනකන් මගබලා ඉන්න. උදෙ,දිවා,රැයෙ, කරටි කැඩෙන්න බොතල් හිස් කරන්න පුලුවන් සෙට් එකක්. සති අන්තයම එන්ජෝයි කරලා සඳුදා සමහරවිට වැඩට එන්න එන්න ලැබෙන්නෙත් නෑ.
අද ලොකු දුවගෙ පාසලේ ශ්‍රමදායකත්වයෙන් පාසල පවිත්‍ර කරනවා. පහුගිය නිවාඩු කාලෙම වැටුනු කොලරොඩු, වැදුනු දූවිලි, බැඳුනු මකුලුදැල්, වැවුනු වල් පැල , එළි පෙහෙලි කරලා පාසැල ළමුන්ට ප්‍රියමනාප පරිසරයක් කරන එක තමයි අරමුන. දෙමා පියො සෑහෙන දෙනෙක් ඇවිත් උන්නා ශ්‍රමදානෙට.
සුනාමි ඇවිල්ලා අවුරුදු 7ක් ගෙවුනා නැතිවුන දේ බොහොමයි. ඒවා ගැන කතාකලා කියලා නැවත ඒවා ලබාගන්න යැ. ලිපියෙ පලමුවෙන්ම සුනාමියෙන් මියගිය අයට ඒ ඒ ආගමට අනුව ලැබිය යුතු ගෞරවය පුදකරනවා.
ඔය සුනාමියෙ දුක අස්සේ හීන් විනෝදජනක සිදුවීම් උනත් සිදුනොවුනම නොවෙයි . ඒ මිනිස්සු අත්දැකපු බිහිසුනු දුක්බර මතක අස්සෙ ඒ සිදුවීම් අමතක වෙලා ගිහින්. මෙ එහෙන් මෙහෙන් මතකයට නැගුන සිදුවීම් දෙකක් .
මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව නැතිනම් ලින්කුව උඩ කොටලා ඒ කතාව බලන්න. මේ කතාවක් එක්ක කෙලින්ම සම්බන්ද නොවුනත් අද ලියන කතාවත් ඒ වගේම cost cutting කතාවක් තමයි. කන්තෝරුවනම් වෙනස්.
මම මේ කියන්න යන කතාවෙ සඳහන් වන කන්තෝරුවෙ ලොක්කට තියන ලොකුම ගැටලුව තමයි සේවක සේවිකාවන්ට සුබසාධනය සඳහා යන වියදම අවම කර ගැනීම. මොකද දන්නවද සුබසාධනයට යන වියදම ඉස්මතුවෙලා පේනවා වැඩියි. ඒකෙන් ආයතනයට ලැබෙන ප්‍රතිලාබ කෙලින්ම පේන්නෙ නෑනෙ. ඉතින් ලොක්කා දන්න සෙල්ලං සේරම දාලා එම වියදං අඩුකර ගන්න උත්සහා කරනවා. වායු සමීකරණ වියදම අවම කරගන්න දවසට පැය හතරකට වායුසමීකරන යන්ත්‍ර පාවිච්චිය සීමා කලා. වතුර ශීතකරනය ක්‍රියා විරහිතවෙලා ශීතකරනයට විදුලිය සැපයිම නැවතිලා.