he

Saturday, December 31, 2011

ඔබගෙ බලාපොරොත්තුව ......

අද නම් මොකවත්ම නොලිය ඉන්න අදහස් කරා මොකද දන්නවද හැමෝම ලියනවා සුබ පතනවා ඉතින් හැමෝගෙම ලිපි කියවන්න බ්ලොග් අවකාශෙ සැරිසරන ඔයගොල්ලන්ට මගේ බ්ලොග් එකේ වැඩිවෙලා තියාගන්නෙ නෑ කොටින්ම කියනවනම් … …

Wednesday, December 28, 2011

සංගීතය සහ කොස් ඇට

සංගීතය රස විඳින්නට අකමැතිවූවෝ කවුරුන්ද? ඉබේ ඇහෙන සංගීතයත් විහින් අහන සංගීතයත් රසවිඳින්නට අප පුරුදුවී සිටින්නෙමු. මා අද කියන්නට යන කතාව මොනයම්ම ක්‍රමයකින් ඔබ අසා නැතුවා වෙන්නට බැරිය. සමහර විටක ඔබද මේ අත්දැකීම විඳ නොඇත්තාවන්නට බැරිය. මේ කතාව විහිලු කතාවක් වුවත් මා ලියුවෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්

Saturday, December 24, 2011

"චූ" කතාවක් වටිනාකම රුපියල් 4000

 නත්තලත් ලැබුවා. හැමෝම සුබපතන හන්දා මමත් සුබ පතලම අද කතාව පටන් ගන්නම්. එහෙනම් හැමෝටම සුබ නත්තලක්! නත්තල ගැන කතාකරනකොට නත්තල් සාද ගැනත් කතා නොකර බෑනෙ. සාද ගැන කතා කරන කොට ඉතින් මදුවිත ගැන කතා නොකර බෑ. මදුවිත පානය කරන්න තියන තැන් වලට අපි කියන්නෙ තැබෑරුම කියලනෙ. ඉති අද කතාවට මාතෘකාව වන්නෙ තැබෑරුමක්.


 මෙ කතාවත් කාටවත් මඩක් එහෙම නෙමෙයි. මේක විහිලු කතාවක්. සමහර අය දන්නවත් ඇති. මෙක ලියන්නෙ නොදන්න අයට. දන්න අයත් බැලුවට කාරි නෑ. …

තැබෑරුම් කරු නොහොත් බා කීපර්, ඔය තානාන්තරය උසුලන්නෙ තරමක් හැඩි දැඩි අය. මරුමුස් පෙනුමක් උනත් තියෙන්න බැරි නෑ. මොකද මෙතනට එන යන ගනුදෙනු කාරයො ආණ්ඩු මට්ටු කරන්න එහෙම පෙනුමක් නැතිව බෑ. …


 තැබෑරුම් වලට ඔය නානාප්‍රකාර අය එනවනේ. හවසට "ගෙදර යන ගමන්" චිට් එකක් දාලා ශොට් එකක් දාලා යන අයත් ඉන්නවා. චිට් දානවා කියන්නෙ ඔට්ටු අල්ලන එකටනෙ. අද කතාව ඔට්ටු කතාවක්.


 ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා, අපි එයාට රොඩ්නි කියමු. රොඩ්නිගෙ වැඩෙ හැම දෙයටම ඔට්ටු අල්ලන එක. ඔන්න එක දවසක් මෑන් තැබෑරුමට ගොඩවෙන ගමන් යාලුවොත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා රුපියල් 5000 කට. ඔට්ටුව මෙකයි. "මම අර බා කීපර් ගෙ මෙසෙ උඩට නැගලා පොරගෙ ඇඟට චූ දානවා" කියලා. කට්ටිය පැනලා ඔට්ටුව ඇල්ලුවා. මොකද එතන බා කීපර්ගෙ ඇඟට චූ දානවා තියා ඇඟේ කවුරුහරි වැදුනත් මල පනිනවා.


මොකද හිතන්නෙ රොඩ්නි ඔට්ටුව දින්නද ?

Friday, December 23, 2011

සාමය






අනේ සුදු පරවියො
…නුඹ කොහෙ වීදැයි කියා
…මා සෙව්වෙ හිස් අහසෙ මිස
…දොර වැසූ ,
…නුබේ කූඩුවෙ නොවෙයි ..…



… මෙය 1995/08/03 දින ලක්බිම පුවත්පතෙ පලකරන ලද මාවිසින් රචිත පද කීපයකි. 



ප.ලි මෙක  මම ලියනකොට සාමය කියන්නෙ  ශ්‍රී ලාංකිකයන්ට  සිහිනයක් තමයි ලියපු දිනය 1995 මැයි 07 වනදා.  

Tuesday, December 20, 2011

ව්‍යාග්‍රා සහ හොට් චොකලට්

හැමදාම අත්දැකීම් ලියන්න ඕනෙ කියලා නීතියක් නෑනෙ. අද වෙනසකටත් එක්ක හිතුනා පොඩි විහිලු කතාවක් ලියන්න. මේ කතාව බලන අයට මුලින්ම කියන්න කැමතියි… වෛද්‍ය විද්‍යාව ගැන මගෙ දැනීම අන්තිමයි. ඒ හින්දා මෙ කතාව විහිලු කතාවක් විදියට විතරක් බලන්න.


…සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ කතාව ඉල්ලා අස්කරගන්නත් හිතෙනවා. මේවායෙ නැවතී සිටින වැඩිහිටියන්ගෙ අලගිය මුල ගිය තැන් හොයන්න ගියොත් මාස ගානකට බ්ලොග් එක පුරවන්න පුලුවන්. …
ඔන්න එක සීයාකෙනෙක්ව එක මුනුබුරෙක් මෙ වගෙ මහලු නිවාසෙකට ගෙනල්ලා ඇරලෙව්වලු. මේ සීයට අවුරුදු 85 ත් පැනලා. හරිම දුර්වල තත්වයෙ තමයි හිටියෙ. ගෙදර සලකන්න බැරි හන්දා වෙන්න ඇති මුනුපුරා සීයව මහලු නිවාසෙට ගෙනත් ඇරලුවෙ. … 

Saturday, December 17, 2011

දුරකථනයකින් මම ඔබ අමතමි

ගෙ යාලුවෝ කට්ටියක් මෙ ලගදි සෙට් වෙලා. සෙට් වෙච්ච් තැනනම් කියන්න බෑ.  ඒකට හෙතුව මෙකතාවෙදි නම් කියන්න බෑ වෙන කතාවකදි මතක් කරන්නම් . මෙතන උන්නා අපෙ එක මිත්‍රයෙක් . අපි එයාට කියන්නෙ ඩයියා කියලා ඇත්ත නම ඩයස්. මිනිහා තාම කසාද බැඳලා නෑ. වෙන්න වයිෆ් කෙල්ලෙක් නම් ඉන්නවා . ඒ ළමයට ඩයස් බෝ පැලෙ. සුරා සූදුවෙන් තොර යහපත් චරිතයක් හෙබි කොල්ලෙක්. අර සෙට් වෙච්ච තැනදි උනු රසවත් කතාවක් තමයි මම අද කියන්නෙ.


මිනිහට තියනවා මරු පුරුද්දක් කොච්චර බිව්වත් කතාව කෙලින් හැබැයි ඉන්නෙ ඇදෙට. කතාකරනකොට කාටවත් තෙරෙන්නෙ නෑ මිනිහා බීලා කියලා. ඩයියට වැඩියි කියලා අපි දැනගන්නෙ අංශක 45ට හතර අතෙ වැනෙනෙකොට තමයි. ඩයියට තියන තවපුරුද්දක් තමයි ජංගම දුරකතනයෙන් මල් කඩන එක මම හිතන විදියට මිනිහගෙ ජංගම දුරකතන සෙවා සැපයුම්කරු (නොතෙරෙන අයට Service Provider) හැම අවුරුද්ද්කම හැම්පර් එකක් එවනවා මයෙ හිතේ. …

Friday, December 16, 2011

ප්‍රථම ප්‍රෙමයේ මතකය..










හැල හොල්මනක් නැතිව හිඳ
එසැනින් මගෙ හිත ඇතුලට එබ
අනේ මා බිය වද්දවන්නට එපා නුඹ
අවතාරයක් විලස ..



940725

Monday, December 12, 2011

නින්ද පාර්සලය හා බෝම්බය

මීට කලින් ලිපියෙ (කාලය ගතවීම ..)කාල කලමනාකරණ කතවෙ කොමෙන්ටුවකදි මම් කියුවා මීලග කතාව ගැන ඉඟියක් මතක නැත්නම් පහුගිය කතාවෙ කොමෙන්ට් ටික බලන්න. නැත්නම් ඒවා නොබලා මෙ කතාව කියවන්න. මේ කතාව නම් අවුරුදු ගානක් පරන එකක් නෙමෙයි . ඒත් මීට අවුරුදු පහකට විතර උඩදි උනු කතාවක්.
  මගෙ ප්‍රියතම විනෝදාංශය තමයි නිදා ගැනීම බස් එකක් හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කාටවත් කරදරයක් නැතිව නිදාගැනීමෙ හැකියාවක් මාසතුව තියනවා . හැබැයි කවුරුහරි කතාවට සෙට් වෙනවානම් සෙට් වෙන එකාට අවුරුදු ගානකට ඇතිවෙන්න කතාකරකර යන්න හැකියාවකුත් මට තියනවා. ඉතින් වාහනයකට ගෙඩවූ සැනින්ම මම කරන්නෙ කතාකරන්න කවුරුන් හො සිටිනවා දැයි සොයා බැලීම. එසේ කවුරුන් හො නැත්නම් විකල්ප ක්‍රියාමාර්ගයවන නිදාගැනීමට හිත යොමු කරනවා. …

Friday, December 9, 2011

කාලය ගතවීම ..

මේ දවස්වල කාලය කලමනාකරනය කරගන්න තිබුනු අපහසුව නිසාම මගෙ වැඩ සේරම අවුල් වෙලා තිබුනෙ. ඒ හන්දා පෙට්ටගමට මුකුත් එකතු කරන්නත් බැරිඋනා. කොහොමටහ් මගෙ කාල කලමනාකරනය අවුල් නිසා ඊයෙ දවස නිවාඩු දමලා අතපසු වුනු වැඩටික අහවර කරන්න යොදාගත්තා.වැඩ ටිකත් ඉවර කලා . ඊට පස්සෙ ලියන්න පටන් ගත්තා. 

ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න. … …

Monday, December 5, 2011

මෙන්න පිරමීඩයක්!

  පිරමීඩය යන නමට පවා වෛර කරන්න වුන් මෙ ලක් පොලව මත නැත්තා නොවේ. ඒ තරමටම පිරමීඩ ජාවාරමෙන් බැටකෑ වුන් මෙ ලක් පොලවමත සිටියි. ඇති නැති බොහෝ දෙනාගේ මුදල් එක තැනකට ගොඩ ගසා එවා දෙගුන තෙගුන කර ගුවන් යානා, සිහින මාලිගා, සුඛොපබෝගී වාහන, ආදී එකී මෙකී නොකී සැපසම්පත් ගොඩගසා මැජික් බලයෙන් ඒ සියල්ල අතුරුදහන් කලෙ බොහො දෙනාගෙ බලාපොරොත්තුද මකා දමමිනි. 

  මේ මැජික් එකෙන් ණය කරුවන්වූ බොහො අයවලුන්ද සිටී. මේ සියලු දෙනාම මේ ජාවාරමට අකමැතිය. මෙයට මුදල් යොදවා එහි ප්‍රතිලාබ නොලැබෙන බව වටහා ගත්තවුන්ද අකමැතිය. මෙයට මුදල් යෙදවීමට නොහැකි උන් මුදල් උපයා ගත්ත වුන්ට ඉරිසියවට අකමැතිය.