he
Showing posts with label දේශපාලන talk. Show all posts
Showing posts with label දේශපාලන talk. Show all posts

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ. 

Saturday, March 23, 2013

වියදම් පියවීම

එන්න එන්නම ජීවන බර ඉහලට යනවා. සාමාන්‍ය ජනයට ඒ ගැන විස්තර කියන්න උවමනාවක් නෑ. ඒත් ඔය බර හැමෝටම තේරෙන්න නෑ. ඒත් මේ කතාව කියන්නේ ජීවන බර ඉහල යන එක ගැන අවබෝදයක් තියෙන අයට. ඔය ජීවන බර ඉහල යන එක දැනෙන්නේ ජීවන බර උහුලන අයට විතරයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයො දැනටමත් ඔය බර ඔලුවෙ තියාගෙන ඉන්නෙ .

පින්තූරය www.onoffbeirut.com
පින්තූරය www.onoffbeirut.com  
…මම මේ කියන්න යන්නේ පහුගිය දවසක මා ඇසූ සිද්දියක්. ඒත් මේ කතාව ලු කතාවක් නෙමෙයි මගේම කනින් ඇසු මම දුටුව කතාවක්. දිනය පහුගිය තෙල් වැඩිවීම වුන දිනයට පසු දිනය. මගේ ස්කූටර් කට්ටට තෙල් ගහගන්න කියලා ළඟ තිබුන තෙල් පිරවුම් හලට ගොඩවුනා.

Friday, February 22, 2013

අනාවැකිය

හුඟ දවසකින් විහිලු කතාවක් ලියන්න බැරි උනා. පහුගිය 2012 ලෝක විනාස අනාවැකිය පස්සේ ගොහිල්ලා සම හරක් ඇනගත්තා. … සමහරු අනාවැකි කියන්න රුසියො. ඒත් තමන්ට වෙන්න තියනදේ පේන්නෙ නෑ. තව සමහරුන්ට මේ ඇස් පනාපිට පේන්න තියනදේ පේන්නේ නෑ . පෙනුනත් නොපෙනුනාවගේ වෙනදෙයක් කියවනවා.

 අපේ කාලගුනේ කියන අනාවැකිනම් සියයට සීයක්ම මම පිලිපදිනවා. රෑට ප්‍රවෘත්ති ඉවරවෙලා යන කාලගුන අනාවැකිය නිසැකවම මාව වැස්සෙන් ආරක්ශාකරලා දෙනවා. හැබැයි ගිගුරුම් සහිත වැසි කියුවොතින් පහුවනදාට මම කුඩය ගෙනියන්නෙ නෑ . වියලි කාලගුනයක් කියුවොත්නම් අනිවාර්‍යයෙන්ම කුඩයක් අරගෙන යනවා. ඔන්න ඔහොමයි මම අපේ කාලගුන අනාවැකි විස්වාස කරන්නේ.

…අද කියන්න යන මේ ලියවිල්ල අනාවැකි විස්වාස කිරීම සම්බන්ද ලියවිල්ලක්.

Tuesday, October 16, 2012

127. එදා සහ අද

අද මම කුණු ගොඩක් අවුස්සන්න හදන්නේ. මේක අවුරුදු ගානක් පරන කුණු ගොඩක්. කුනුගොඩක් කියුවට මේවට කුනු කියන්න මම කැමති නෑ. නමුත් මේවට කුනු නොකියත් බෑ මොකද මේවා අපි හැමෝම හැමදාම යට ගහන කුනු. මේ 80 දශකයේ අග නැත්නම් 90 දශකයේ මුල කාටුන් වගයක්.

Monday, May 21, 2012

95.ජන(අ)ප්‍රිය

අද වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. හැමදාම මඩ ගහනවා කියලා එහෙමත්ම මඩ ගහන්න පුලුවනෑ. මේකත් එක්තරා විදියක මඩ ගොඩක කතාවක්.  මුලින්ම කියන්නෙ මේ මගේ හිතෙ තිබුන, මට පෙනුන දෙයක්.   

නත් ජයසූරිය ඔස්ට්‍රෙලියානු පන්දුයවන්නට එලව එලවා පහරදෙනවිට අපි ඔහුට හුරේ දැම්මෙමු.

96 ලෝක කුසලානය දිනා වටිනාම ක්‍රීඩකයා වනවිට අපි ඔහු ගැන ආඩම්බර වීමු.

ඉන්දියානුවට ආර් ප්‍රෙමදාස ක්‍රීඩාංගනයේදී ලකුනු 340ක් ගසා වාර්තාවක් පිහිටවූදා ක්‍රිකට් වලට කැමති අය වගේම අකමැති අයද ඇතුලුව ශ්‍රී ලාංකිකයන්ගෙ සියයට සීයකගෙම ප්‍රසාදය ඔහු සමග විය. …