he

Saturday, June 7, 2014

පිටගංකාරයෝ

මගේ වස්තුව වෙච්චි වීඩියෝ සෙන්ටර් එකේ බඩු ටික විකුනන්න දාපු ලිපියෙන් පස්සේ පෙට්ටගම පැත්තට ගොඩ වෙන්න බැරි උනා. සෑහෙන කාලයක් ගත උනා. අධික වැඩත් කම්මැලිකමත් දෙකම එකතු වෙලා අලුත් පෝස්ට් මොකවත් දාගන්න බැරි උනා. අධික වැඩ වෙලාවට ලියාගන්න වෙලාවක් නෑ ලියාගන්න වෙලාව තියන වෙලාවට කම්මැලියි. මොනවා කරන්නද. ඔය දෙකම නැතිවෙන වෙලාවක් බලලා යාන්තම් ලියන්න ගත්තා. පහුගිය පෝස්ටුවේදි කියපු නොවැලැක්විය හැකි හේතුව ගැන මේ ලිපියෙන් කියන්න තමයි හිතාගෙන ඉන්නෙ.


හැත්තෑවේ දශකයේ මැද භාගයෙදි පුංචි බොරැල්ලේ ස්ථීර පදිංචිවෙලා උන්නු අපි ඒ කියන්නේ මමයි අම්මයි තාත්තයි, කොළඹින් පානදුරයට සංක්‍රමනය උනේ නාගරික වටපිටාවකින් මිදිලා නිවී හැනහිල්ලේ ඉදිරි ජීවිතය ගතකරන්න. එතකොට මම දවස් දාහතරේ පොඩි එකා කියලා තමයි අම්මනම් කියන්නේ.