කොවිඩ් 19 නැත්නම් කොරෝනා ආයෙත් හිස එසෙව්වා. මෙලෙස කොරෝනා හිසඔසවන්නේ ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා. උදේ ඉදන් හවස්වෙනතුරු වෛද්‍යවරු, ජනමාධ්‍ය, වගකිවයුත්තො කොතරම් කියුවත් කොවිඩ් 19න් බේරෙන්නට ජනතාවගේ පැත්තෙන් නම් ලැබෙන සහයෝගය ඉතාම අල්පයි. මේ සටහන තබන්නේ කොවිඩ් පිළිබඳ දැනුවත් කරන්න නෙමෙයි. මම කලින් කියුව අය කරන දැනුවත්කිරීම් නාහන අය මගේ කීම් අහවියැ.
මේ බ්ලොග් එක නැත්නම් ආතම්මගේ පෙට්ටගම පවත්වාගෙන යන මම නැත්නම් ලොකුජෝන් ජීවත් වෙන්න කැනඩාවේ විනිපෙග් නගරයේ. එන්න එන්නම මෙහෙත් කොවිඩ් ආසාදිතයෝ වැඩිවෙනවා. ලබාදෙන ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්නට පුරවැසියො හැඩගැහිලා ඉන්නවා. ඒවගේම එදිනෙදා රාජකාරිත් සුපුරුදු පරිදි නොව සුලු පසු බැසීමකින් කරගෙන යනවා. මේ දෙවන රැල්ල.
හැමෝම බලනවා ඇති වීඩියෝ එකක් දාලා මොනවද මේ කියවන්නේ කියලා. කොවිඩ් පළමු රැල්ල පටන් ගත්තෙ 2020 මාර්තු මාසෙ. විනිපෙග් වල ඉන්න අපි හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගමීව මෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයො එකතුවෙලා විවිධප්‍රසංගයක් පවත්වනවා ඊට සජීවි ගැයුම් වැයුම් රැගුම් ඇතුලත්. ඒත් මේවසරේ කොවිඩ් 19 අනිත් රාජකාරිවලට වගේම මේ ප්‍රසංගයටත් හරස්වුනා.