he
Showing posts with label දුම්රිය කතා. Show all posts
Showing posts with label දුම්රිය කතා. Show all posts

Tuesday, July 23, 2013

වසර 18 කට පෙර අද වගේ දිනක

නාරහෙන්පිට ඇල්විටිගල ෆ්ලැට් එකේ යට තට්ටුවේ තිබුනා රෙදි කඩයක්. මට මතක හැටියට නිරෝමිද කොහෙද නම. අදනම් කාන්තාවන්ගෙ හිත දිනාගත්තු රෙදි සාප්පු අනන්තයි. ඒත් ඔය මම කියපු රෙදි කඩේ තරම් එදා කාන්තාවො අතර ජනප්‍රිය තැනක් වෙන තිබුනයි කියුවොත් මම ඒක පිලිගන්න ටිකක් මැලි කරනවා. ඉතින් මගේ ගෑනු ළමයත් නිතරම ඔතනට යනවා. එයාගේ රැකියාව කරන ස්ථානයත් තිබුනෙ ඔය කිට්ටුව නිසා එතන දෙවල් යාවත්කාලීන වන වේගය වැඩියි.


… ගෙදරට හොරෙන් ලව් කරන කාලේ ගෑනු ළමයව වේලපහින් ගෙදර යවන්න ඕන. නැත්නම් වීසා කැන්සල් වෙනවා. ඒ නිසා වැඩ ඇරුනට පස්සේ අතන මෙතන තැග් ගැහෙන්නෙ නැතිව වේලාසන ගෙදරට යවන්න මම උත්සාහා කරනවා. එයත් එහෙමයි. ඔන්න එක දවසක් හවස රැකියාව නිමකරලා එන අතරෙදි අර කලින් කියපු යාවත්කාලීන වාර්තාවක් ඉදිරිපත් කලා.

Thursday, May 2, 2013

පුලුවන්නම් කියමු බලන්න

අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා

… උදේ හවා රාජකාරියට යන්නෙ එන්නේ දුම්රියෙන් වුන මගේ කතා බොහෝමයකට වස්තු බීජ සැපයුවේ ඔය දුම්රියම තමයි. මේ අහන්න යන ප්‍රශ්නයත් ඔය උදෙ වරුවේ දුම්රියෙ යනවිට මුහුනදුන්න අත්දැකීමක් මුල්වෙලා හැදුන ප්‍රශ්නයක්. 

 අත්දැකීම මෙන්න මේකයි. උදෙ පන්දර රාජකාරි කටයුතුවලට පිටත්වයන්නෙ කවුරු කවුරුත් කරදහි ලිපේ දාලාවගේ කඩිමුඩියේ. අන්තිම තත්පරයේ තමයි දුම්රියට ගොඩවෙන්නෙත්. ඒතරමටම කාලය සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිතත් සමග සටන් කරනව. ඔය සටනට මූන නොදුන්න දුම්රියෙන් …ගමන් බිමන් යන මධ්‍යම පාන්තික පුරවැසියෙකු සොයාගැන්ම අපහසුයි. ඉතින් මට කියලා වෙනසක් නෑනේ.

Saturday, June 23, 2012

101. විකී අංකල් ගේ ගැස්සීම

සියවෙනි ලිපිය ලියලා හරියටම සතියක් ගෙවුනා අලුතින් ලිපියක් ලියන්න තරම් වෙලාවක් තිබුනෙ නැ. පහුගිය දවසක අපෙ කන්තෝරුවෙ වැඩකට නුවරඑලිය පැත්තෙ ගිහින් එන්න සිද්ද උනා. ඔය ගිහින් එන අතරතුරෙදි පේරාදෙනිය හරහා තමයි ආපහු ආවේ. පේරාදෙනියෙ පදිංචි වෙලා උන්නු අපේ පරන මිත්‍රයෙකුගෙ ගෙයක් පහුකරගෙන එනකොට තමයි මෙ කතාව මතක් උනේ.


මිත්‍රයාට අපි ආදරේට කියන්නෙ විකී අංකල් කියලා. ඇත්ත නම වික්ටර්. විශ්‍රාම යන වයස ඔන්න මෙන්න පහුකරලා ඒත් තාම රැකියාව කරන්නෙ ජීවන වියදම විශ්‍රාම සුවයට වඩා දැනෙන නිසා. විකී අංකල් උපතින්ම කතෝලිකයෙක්.


වයස අවුරුදු 50 පනිනතුරුම රැකියාව කලේ නුවර පැත්තෙමයි. මගේ අද කතාවට විකී අංකල් සම්බන්ද වෙන්නෙ කොළඹ රැකියාවට ආපු දවස්වල උනු සිදුවීමක් නිසයි.




Thursday, October 20, 2011

දුම්රියෙ බූරු ඇදන් හැකිලීම.

මේකත් පරන කතාවක් අවුරුදු ගානක් පරන කතවක්. මට මතක හැටියට 1993 විතර ඇති. මේ කතාවෙ කතා නායිකාව අඳුනන කෙනෙක් නෙමෙයි. ඒත් හැමදාම මුන ගැහුනු කෙනෙක්. එහෙනම් මෙ කතාවත් කියවලම බලන්නකෝ. … අපි පාසැලෙ ක්‍රීඩා පුහුනුවීම් අවසන් කරලා හවසට මරදානෙ දුම්රිය  ස්ථානයට එන්නෙ 4.55ට පිටත් වෙන අලුත්ගම දුම්රියෙන් ගෙදර යන්න බලාගෙන. ඕක මරදානෙන් පිටත් වෙනකොට බොහොමයක් ආසන පිරිලා . මෙක (Powerset) වර්ගයේ දුම් රියක්. දෙපැත්තට තමයි ආසන තියෙන්නෙ. අර තැබිලි පාට සීට් මතකනෙ.
මතක නැත්නම් බලන්න. මෙන්න මෙ විදියට තමයි සීට් තිබුනෙ. මරදානෙන් කට්ටිය නැග්ගම
අතරින් පතර තමයි හිස් තැන් තියෙන්නෙ. … කොළඹ කොටුවෙන් නගින ඇන්ටි කෙනෙක් හිටියා, කොටුවෙ දුම්රිය වේදිකාවට නවත්වන්නත් කලින් ඔය ඇන්ටි ඉන්න මිනිස්සුන්වත් පෙරලගෙන තමයි දුම්රියට ගොඩවෙන්නෙ. නැග්ග ගමන් කරන්නෙ කකුල් ඈත් කරන් ඉන්න

Monday, October 17, 2011

ටිකට් ගත් හැටි

හැමදාම කන්තොරු කතා කියලා ළගදිම මට ගෙදර ඉන්න වෙයි වගෙ ඒ උනාට රස කතා තියෙන්නත් ඕන නිසා මට හිතුනා පාසැල් සමයෙ රස කතා ටිකක් ඉදිරිපත් කරන්න . මගෙ පාසැල් සමයෙ රසකතා සමහර විට දැන් කාලෙට ගැලපෙනවද දන්නෙත් නෑ . මුලින්ම කියන්නම් මේ කතාවලට පාදක වුනෙ  1990-1994 කාලය. (අනෙ මන්ද මෙකෙන් මගෙ නියම වයස දැනගන්නවා).  
අපෙ සෙට් එකෙ වැඩිපුරම හිටියෙ ආනන්දෙ නාලන්දෙ කට්ටිය. උදෙට පානදුරයෙන් 6.10 කෝච්චියෙන් මරදාන බලා පිටත් වෙනවා එගොඩ උයන කොරලවැල්ල මොරටුව වෙනකොට මරදානට යන සෙට් එකම එකතුවෙලා ඉවරයි.