සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම් වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.
ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ.