he

Tuesday, November 29, 2011

පුඩිම වහලෙ උඩ .

 හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.

Monday, November 28, 2011

සමුගැනීම ....

ඉස්සර වාගෙ මගතොට දුටුවට
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට 

නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ

පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි 

සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට 

දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට 
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට 
පෙර පින් මදවී ලංවී ඉන්නට 
කාලය ඇවිදින් සමුගෙන යන්නට

මාගෙන් වෙන්වී යන්නට බලකර 

දෙගුරුන් ඔබහට දෙසනා විට දොස 
තෙත්වුන හද තුල මහමෙර සිරකර 
සමුගෙන යමු අප නාදුනනා ලෙස
… … 

Thursday, November 24, 2011

ප්‍රවාහනය කළුතරට පමණයි!

  කන්තොරු කතන්දර ගොඩට තවත් කතන්දරයක් එකතු කරන්නයි යන්නෙ. කතා නායකයා ජයේ, නමට තව කෑලි තිබුනට කවුරුත් කියන්නෙ ජයේ කියලා. මෙයත් අර කලින් "මල්ටි purpose අයන්" කතාවෙ දෙන්නා වගේම නුගේගොඩ කාමරයක නැවතිලා තමයි රැකියාවට ආවෙ. 

 ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.

Tuesday, November 22, 2011

තරුණි නෑ මැඩම්

 රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ. 
  
   මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .

  මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.

Monday, November 21, 2011

මොන්ගොලියන් BBQ

 මේකතාව මට ඇහුන කතාවක්. මගෙ එකක් වගෙ කියුවට, මම ලුනු ඇඹුල් එහෙම දාලා ගත්තා. ඒ කෑමකට උනත් අඩු වැඩිවෙන්න ලුනු ඇඹුල් දැම්මම තමයි රසය වැඩි වෙන්නෙ. බොරුනම් "මාරයාගෙ හෝරාව" ලියන මාරයාගෙන් අහලා බලන්න. 
  මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.  

Friday, November 18, 2011

මහේලගෙ දහස ..

ද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා, යදමින් බැඳ විලංගුලා ගීතයෙදි. ඒත් මෙ ලිපිය ලියන මම අමුම අමු ක්‍රිකට් පිස්සෙක් නිසා, මෙ පිස්සාට අනුකම්පා කොරලා ක්‍රිකට් වලට නොබැන මෙ ලිපිය කියවන්න. …


ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි. … 

Tuesday, November 15, 2011

කෝ ටයි?

මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක් …

Saturday, November 12, 2011

රඟහල දැන් ඇත ඝන අඳුරෙ - නාට්‍ය කරුවා ඇත පිලිකන්නෙ

සෑහෙන කාලෙකින් නාට්‍යයක් බලන්න ගියා.  බැලුවෙ ජයලත් මනෝරත්නයන්ගෙ "බූරුවා මහත්තයා" ඉන්දියානු ජන සමාජය පසුබිම් කරගත් නාට්‍යයක්. උඩින්පල්ලෙන් විසඳුම් හොයන, උඩින් පල්ලෙන් ප්‍රශ්න තෙරුම් ගන්න උදවියට හොඳ කතාවක්. හැබැයි එතුමගෙ අනිත් නාට්‍ය තරම් නම් මගෙ හිතට වැටුනෙ නෑ.

නාට්‍යය කෙසේ වෙතත් හිටපු සෙනග ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ හිස් ගෙඩිවලින් ම ශාලාවෙ එක් තැනක සිට ගනන් කලහැකි ප්‍රෙක්ශක පිරිසක් තමයි උන්නෙ.

  … 1993 වසරෙදි පානදුර පුරහලට  ගෙන්වුවා "ඔත්තු කාරයා" කියලා නාට්‍යයක් මට මතක හැටියට ඒක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ. (වැරදිනම් කවුරුහරි දැනුවත් කරන්න ) නාට්‍යය පටන් ගන්නෙ රගහලෙන් එළියෙ මළගෙදරක ස්වරූපයෙන් තමයි ඇරඹෙන්නෙ. එදා 6:30 දර්ශනය නියම වෙලාවට ආරම්භ කරන්න බැරිඋනා. 

Wednesday, November 9, 2011

ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි

  මේ කතාවෙ කතා නායකයා දැන් ගුවන් හමුදාවෙ වැදගත් නිලයක් දරන කෙනෙක්. මාත් සමග පාසලෙ එකට හිටපු එකෙක්. නම සේකර කියමුකො. ඊට වඩා වැඩි විස්තර නොකියා ඉන්නම් මොකටද නිකන් ඉල්ලන් කන්නෙ. හැබැයි මේ කතාව මඩක් හෙම නෙමෙයි. 

මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.


සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි

දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .

Tuesday, November 8, 2011

සමුදුරක් වුන දිය බිඳක්...!


ඈත දවසක, අඳුරු කාලෙක...
එක්තරා දිය බිංදුවක්...
අහසෙ නොසිටම බිමට පැන ගෙන,
දඟකලා තුරු මල් මතත්...

හරිත පැහෙයෙන් දිලුම් දෙන...
ගස් කොලන් අතු... මත්තෙන් ඇවිත්,
පුංචි දිය පාරකට එක්වී ඇරඹුවයි,
ගමනාරම්භයක්...!

ගල් උඩින් පැන, වංගු මැඩ ගෙන,
සවන් පුපුරන මහ හඩක්,
නික්මවා ගෙන ඉදිරියට යන,
එය වුනයි මහ ලොකු ගඟක්...

බෑවුම්ද, තැනි තලා පසකර,
ඇලි මවා නෙ පිඩු ගොඩක්...
බොහෝ දුර ගොස්, අන්තිමේ,
සිපගත්ත හැටි රැල්ල ගසනා සමුදුරක්....!




ඔබ ඇවැසි ඔබෙ ළබැඳියන්ටයි !


ඔබට තවත් කල් ඇත කතාව මතකනෙ . බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. මට තව ප්‍රචාරක පටියක් හම්බ වුනා. එම වීඩියො පටය මගෙ හිතට වැදුනු නිසා මගෙ බ්ලොග් එකට එකතු කලෙ මගෙ බ්ලොග් මිතුරු මිතුරියන් සමග බෙදාගන්න. මොකද Seat Belt දාන්න පුරුද්දක් නැත්නම් එකට පුරුදු වෙන්න කල් යන හන්දා. 

  ඔන්න නොවැම්බර් 27 වනදා අධිවේගී මාර්ගයත් විවෘත කරනවලු ඔකෙ යන්න ඉන්නවනම් අනෙ අමාරුවෙන් හරි පුරුදු උනොත් නෙද හොඳ ! …
පුරුදුවෙන්න හිතට වැදෙන්නත් එපැයි ඔන්න එහෙනම් හිතට ඇතුල්කරගන්න මෙකත් බලන්න

…හිතට වැදුනනම් මෙ ලින්ක් එක ඔයගොල්ලන්ගෙ මූනු පොතෙන් අනිත් අයත් සමග බෙදාගන්න .

Saturday, November 5, 2011

පාලම උඩ

දෑස් පියවෙන්න පෙර …
දිවිය ඉල්ලා හඬන …
තංගුස් නූල් පට අතැර
…හුස්ම අහසට පිඹින
…අලුත් පාලම උඩ පානදුර
…තිත්ත පැටියන් නිතර අල්ලන
…පලා ගිය මැදියමෙ අඳුර
…අමතකද ඒ සමය භීෂන .....


 ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.


…පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු

Tuesday, November 1, 2011

නොකියූ කතාව


ඇය
ඔබ ළග හිඳ
ඔබට කියන පෙම් කතාව
මා
විසින් දිනක
ඇයට කියාදුන්
ඒ කතාවම බව
ඇය
ඔබට
නොකියන ඇත.......

1995-06-03






ප.ලි : මේ සිදුවීමට කෙලින්ම සම්බන්ද සදැසක් මම "මංගල යෝජනාව" තුලින් ඉදිරිපත් කලා එච්චර HIT උනෙ නම් නෑ කතාව මෙන්න මෙකයි . මගෙ මිතුරෙකුයි මිතුරියකයි බොහොම ආදරෙන් උන්න. දෙන්නගෙම ආර්ථිකය එච්චර හොඳ මදි. කොහොමහරි මිතුරියට එයාගෙ අම්ම ගෙනාපු මංගල යෝජනාවකින් වෙනත් කෙනෙකුව කසාද බඳින්න උනා . මැගෙ පියා ජීවතුන් අතර නෑ අම්මා තමය් මෙයාව පොඩිකාලෙ ඉඳලා හදලා තියෙන්නෙ ඉතින් මෙයාට අම්මට ඉහලින් යන්න පුලුවන් කමක් තිබිලා නෑ .
මගෙ මිතුරා ඇයට සෑහෙන්න ජීවිතය ගැන කියලා දීලා තිබුනා . ජීවත්වෙන හැටි . මිනිස්සු ඇසුරු කරන හැටි ඒ ඇරෙන්න වෙන අයුතු කිසි දෙයක් මේ අය අතරෙ තිබිලා නෑ .මගෙ මිතුරිය කොහොමහරි හිතහදාගෙන කසාද බැන්දා . මගෙ මිතුරා ගැන කිසි දෙයක් ඇය ඔහුත් සමග කියා නෑ . මොකද මිනිස්සුන්ගෙ හැටිත් මගෙ මිතුරා ඇයට පවසා තිබෙන නිසා . හැබැයි දැන් ඇය ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා .
 ඔන්න ඔය සිදුවීම ගැන හිතලයි මම මෙ පද පෙලි ටික සටහන් කලෙ. … …

ප.ප.ලි. ඔන්න ගලයගෙ අදහසට එකඟව ඔන්න පින්තූරය කතාවට අදාලව වෙනස් කලා .