අද නම් මොකවත්ම නොලිය ඉන්න අදහස් කරා මොකද දන්නවද හැමෝම ලියනවා සුබ පතනවා ඉතින් හැමෝගෙම ලිපි කියවන්න බ්ලොග් අවකාශෙ සැරිසරන ඔයගොල්ලන්ට මගේ බ්ලොග් එකේ වැඩිවෙලා තියාගන්නෙ නෑ කොටින්ම කියනවනම්
Saturday, December 31, 2011
Wednesday, December 28, 2011
සංගීතය සහ කොස් ඇට
සංගීතය රස විඳින්නට අකමැතිවූවෝ කවුරුන්ද? ඉබේ ඇහෙන සංගීතයත් විහින් අහන සංගීතයත් රසවිඳින්නට අප පුරුදුවී සිටින්නෙමු. මා අද කියන්නට යන කතාව මොනයම්ම ක්‍රමයකින් ඔබ අසා නැතුවා වෙන්නට බැරිය. සමහර විටක ඔබද මේ අත්දැකීම විඳ නොඇත්තාවන්නට බැරිය. මේ කතාව විහිලු කතාවක් වුවත් මා ලියුවෙ සත්‍ය සිදුවීමක් ඇසුරෙන්
Saturday, December 24, 2011
"චූ" කතාවක් වටිනාකම රුපියල් 4000
නත්තලත් ලැබුවා. හැමෝම සුබපතන හන්දා මමත් සුබ පතලම අද කතාව පටන් ගන්නම්. එහෙනම් හැමෝටම සුබ නත්තලක්! නත්තල ගැන කතාකරනකොට නත්තල් සාද ගැනත් කතා නොකර බෑනෙ. සාද ගැන කතා කරන කොට ඉතින් මදුවිත ගැන කතා නොකර බෑ. මදුවිත පානය කරන්න තියන තැන් වලට අපි කියන්නෙ තැබෑරුම කියලනෙ. ඉති අද කතාවට මාතෘකාව වන්නෙ තැබෑරුමක්.
මෙ කතාවත් කාටවත් මඩක් එහෙම නෙමෙයි. මේක විහිලු කතාවක්. සමහර අය දන්නවත් ඇති. මෙක ලියන්නෙ නොදන්න අයට. දන්න අයත් බැලුවට කාරි නෑ.
තැබෑරුම් කරු නොහොත් බා කීපර්, ඔය තානාන්තරය උසුලන්නෙ තරමක් හැඩි දැඩි අය. මරුමුස් පෙනුමක් උනත් තියෙන්න බැරි නෑ. මොකද මෙතනට එන යන ගනුදෙනු කාරයො ආණ්ඩු මට්ටු කරන්න එහෙම පෙනුමක් නැතිව බෑ.
තැබෑරුම් වලට ඔය නානාප්‍රකාර අය එනවනේ. හවසට "ගෙදර යන ගමන්" චිට් එකක් දාලා ශොට් එකක් දාලා යන අයත් ඉන්නවා. චිට් දානවා කියන්නෙ ඔට්ටු අල්ලන එකටනෙ. අද කතාව ඔට්ටු කතාවක්.
ඔන්න එක පුද්ගලයෙක් ඉන්නවා, අපි එයාට රොඩ්නි කියමු. රොඩ්නිගෙ වැඩෙ හැම දෙයටම ඔට්ටු අල්ලන එක. ඔන්න එක දවසක් මෑන් තැබෑරුමට ගොඩවෙන ගමන් යාලුවොත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා රුපියල් 5000 කට. ඔට්ටුව මෙකයි. "මම අර බා කීපර් ගෙ මෙසෙ උඩට නැගලා පොරගෙ ඇඟට චූ දානවා" කියලා. කට්ටිය පැනලා ඔට්ටුව ඇල්ලුවා. මොකද එතන බා කීපර්ගෙ ඇඟට චූ දානවා තියා ඇඟේ කවුරුහරි වැදුනත් මල පනිනවා.
මොකද හිතන්නෙ රොඩ්නි ඔට්ටුව දින්නද ?

Friday, December 23, 2011
සාමය
අනේ සුදු පරවියො
නුඹ කොහෙ වීදැයි කියා
මා සෙව්වෙ හිස් අහසෙ මිස
දොර වැසූ ,
නුබේ කූඩුවෙ නොවෙයි ..
නුඹ කොහෙ වීදැයි කියා
මා සෙව්වෙ හිස් අහසෙ මිස
දොර වැසූ ,
නුබේ කූඩුවෙ නොවෙයි ..
මෙය 1995/08/03 දින ලක්බිම පුවත්පතෙ පලකරන ලද මාවිසින් රචිත පද කීපයකි.
ප.ලි මෙක මම ලියනකොට සාමය කියන්නෙ ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක් තමයි ලියපු දිනය 1995 මැයි 07 වනදා.
Tuesday, December 20, 2011
ව්‍යාග්‍රා සහ හොට් චොකලට්
සාමාන්‍යයෙන් අපෙ රටෙ තාමත් හුගක් දෙනා වැඩිහිටියන්ට සලනක නිසා මෙ කතාව ටිකක් නුහුරු වෙන්න පුලුවන්. ඒ උනාට උපස්ථාන සෙවා කියලා පවත්වාගෙන යන මහලු මඩම් ගැන පෙනකොට ඒ කතාව ඉල්ලා අස්කරගන්නත් හිතෙනවා. මේවායෙ නැවතී සිටින වැඩිහිටියන්ගෙ අලගිය මුල ගිය තැන් හොයන්න ගියොත් මාස ගානකට බ්ලොග් එක පුරවන්න පුලුවන්.
ඔන්න එක සීයාකෙනෙක්ව එක මුනුබුරෙක් මෙ වගෙ මහලු නිවාසෙකට ගෙනල්ලා ඇරලෙව්වලු. මේ සීයට අවුරුදු 85 ත් පැනලා. හරිම දුර්වල තත්වයෙ තමයි හිටියෙ. ගෙදර සලකන්න බැරි හන්දා වෙන්න ඇති මුනුපුරා සීයව මහලු නිවාසෙට ගෙනත් ඇරලුවෙ.
Saturday, December 17, 2011
දුරකථනයකින් මම ඔබ අමතමි

මිනිහට තියනවා මරු පුරුද්දක් කොච්චර බිව්වත් කතාව කෙලින් හැබැයි ඉන්නෙ ඇදෙට. කතාකරනකොට කාටවත් තෙරෙන්නෙ නෑ මිනිහා බීලා කියලා. ඩයියට වැඩියි කියලා අපි දැනගන්නෙ අංශක 45ට හතර අතෙ වැනෙනෙකොට තමයි. ඩයියට තියන තවපුරුද්දක් තමයි ජංගම දුරකතනයෙන් මල් කඩන එක මම හිතන විදියට මිනිහගෙ ජංගම දුරකතන සෙවා සැපයුම්කරු (නොතෙරෙන අයට Service Provider) හැම අවුරුද්ද්කම හැම්පර් එකක් එවනවා මයෙ හිතේ.
Friday, December 16, 2011
ප්‍රථම ප්‍රෙමයේ මතකය..
හැල හොල්මනක් නැතිව හිඳ
එසැනින් මගෙ හිත ඇතුලට එබ
අනේ මා බිය වද්දවන්නට එපා නුඹ
අවතාරයක් විලස ..
940725
Monday, December 12, 2011
නින්ද පාර්සලය හා බෝම්බය
මීට කලින් ලිපියෙ (කාලය ගතවීම ..)කාල කලමනාකරණ කතවෙ කොමෙන්ටුවකදි මම් කියුවා මීලග කතාව ගැන ඉඟියක් මතක නැත්නම් පහුගිය කතාවෙ කොමෙන්ට් ටික බලන්න. නැත්නම් ඒවා නොබලා මෙ කතාව කියවන්න. මේ කතාව නම් අවුරුදු ගානක් පරන එකක් නෙමෙයි . ඒත් මීට අවුරුදු පහකට විතර උඩදි උනු කතාවක්.
මගෙ ප්‍රියතම විනෝදාංශය තමයි නිදා ගැනීම බස් එකක් හිටගෙන ගියත් ඉඳගෙන ගියත් කාටවත් කරදරයක් නැතිව නිදාගැනීමෙ හැකියාවක් මාසතුව තියනවා . හැබැයි කවුරුහරි කතාවට සෙට් වෙනවානම් සෙට් වෙන එකාට අවුරුදු ගානකට ඇතිවෙන්න කතාකරකර යන්න හැකියාවකුත් මට තියනවා. ඉතින් වාහනයකට ගෙඩවූ සැනින්ම මම කරන්නෙ කතාකරන්න කවුරුන් හො සිටිනවා දැයි සොයා බැලීම. එසේ කවුරුන් හො නැත්නම් විකල්ප ක්‍රියාමාර්ගයවන නිදාගැනීමට හිත යොමු කරනවා.

Friday, December 9, 2011
කාලය ගතවීම ..
මේ දවස්වල කාලය කලමනාකරනය කරගන්න තිබුනු අපහසුව නිසාම
මගෙ වැඩ සේරම අවුල් වෙලා තිබුනෙ. ඒ හන්දා පෙට්ටගමට මුකුත් එකතු කරන්නත්
බැරිඋනා. කොහොමටහ් මගෙ කාල කලමනාකරනය අවුල් නිසා ඊයෙ දවස නිවාඩු දමලා අතපසු
වුනු වැඩටික අහවර කරන්න යොදාගත්තා.වැඩ ටිකත් ඉවර කලා . ඊට පස්සෙ ලියන්න
පටන් ගත්තා.
ලියන්න දෙවල් නම් බොහෝමයි. ඒත් අද මට හිතුනා මෙ දවස්වල මට වද දෙන කාලය ගැන ලියන්න. මට හිතෙන විදියට මේ ලෝකෙ වැඩියෙන්ම අපිට අහිමි වෙන්නෙ කාලය. මෙ ගතකල ජීවිතය තුල අප අතින් නිකරුනෙ මග හැරුන තත්පර පැය දින සති මාස අවුරුදු කෙතෙක් වීද? ඒවයෙ වටිනාකම කෙතෙක්ද? පහත සටහන බලන්න ඔය සටහන තිබුනෙ මට ලැබුන ඊයක. ඇගට වැදුන නිසා උපුටාගත්තා පෙට්ටගමට ගොඩවදින අයත් එක්ක බෙදාගන්න.

Monday, December 5, 2011
මෙන්න පිරමීඩයක්!
පිරමීඩය යන නමට පවා වෛර කරන්න වුන් මෙ ලක් පොලව මත නැත්තා නොවේ. ඒ තරමටම පිරමීඩ ජාවාරමෙන් බැටකෑ වුන් මෙ ලක් පොලවමත සිටියි. ඇති නැති බොහෝ දෙනාගේ මුදල් එක තැනකට ගොඩ ගසා එවා දෙගුන තෙගුන කර ගුවන් යානා, සිහින මාලිගා, සුඛොපබෝගී වාහන, ආදී එකී මෙකී නොකී සැපසම්පත් ගොඩගසා මැජික් බලයෙන් ඒ සියල්ල අතුරුදහන් කලෙ බොහො දෙනාගෙ බලාපොරොත්තුද මකා දමමිනි.
මේ මැජික් එකෙන් ණය කරුවන්වූ බොහො අයවලුන්ද සිටී. මේ සියලු දෙනාම මේ ජාවාරමට අකමැතිය. මෙයට මුදල් යොදවා එහි ප්‍රතිලාබ නොලැබෙන බව වටහා ගත්තවුන්ද අකමැතිය. මෙයට මුදල් යෙදවීමට නොහැකි උන් මුදල් උපයා ගත්ත වුන්ට ඉරිසියවට අකමැතිය.

Tuesday, November 29, 2011
පුඩිම වහලෙ උඩ .
හැමදාම අනුන්ගෙ කතා කියන එකෙ මට හිතුනා මගෙ කතාවක් ලියන්න. මොකද දන්නවද දැන් දැන් මට මගෙ කතාවල කතානායකයො පුඩිං කවන්නයි සූදානම. ඊට කලින් මම කාපු පුඩිමක කතාවක් කියලා හිටින්නම්කො. ඒත් මට පුඩිම කන්න නම් ලැබුනෙ නෑ හෙතුව මෙ කතාව කියවලම තෙරුම් ගන්න.
Monday, November 28, 2011
සමුගැනීම ....
ඉස්සර වාගෙ මගතොට දුටුවට
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට
නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ
පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි
සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට
දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට
පෙර පින් මදවී ලංවී ඉන්නට
කාලය ඇවිදින් සමුගෙන යන්නට
මාගෙන් වෙන්වී යන්නට බලකර
දෙගුරුන් ඔබහට දෙසනා විට දොස
තෙත්වුන හද තුල මහමෙර සිරකර
සමුගෙන යමු අප නාදුනනා ලෙස
සිනාසෙන්න එපා සොඳුර නුඹ
බිදුන මගෙ සිත පෙම්කල වරදට
නිරතුරු රිදවයි හද සිතුවිලි සිඹ
පෙරදින වාගෙ නුඹෙ තොල් සියුමැලි
සොඳුරු කතාවක් කියන්න සිතුවට
අහිමි සෙනෙහසෙ බියකරු සෙවනැලි
තොල් පෙති සිරකර රිදවයි අද මට
දිනයක නුබෙ සිත මට පෙම් බැන්දට
මගෙ සුරත ගෙන සෙනෙහස පෑවට
පෙර පින් මදවී ලංවී ඉන්නට
කාලය ඇවිදින් සමුගෙන යන්නට
මාගෙන් වෙන්වී යන්නට බලකර
දෙගුරුන් ඔබහට දෙසනා විට දොස
තෙත්වුන හද තුල මහමෙර සිරකර
සමුගෙන යමු අප නාදුනනා ලෙස
Thursday, November 24, 2011
ප්‍රවාහනය කළුතරට පමණයි!

ජයේ රාජකාරිය කරපු ආයතනය තිබුනෙත් නුගේගොඩමයි. ඒත් ජයේ ලොක්කට කියලා තිබුනෙ එයා නැවතිලා ඉන්නෙ එයාගෙ නැන්දා කෙනෙක් එක්ක කළුතර කියලා. ඇත්තටම කලුතර එයාගෙ නෑයො කවුරුවත්ම නෑ. ඒත් එහෙම කියන්න හේතුව මෙ ආයතනයෙ ප්‍රවාහන දීමනාවක් කියලා බස් ගාස්තුව මාසෙ පඩියට එකතු කරලා දෙනවා. ඒකත් දෙන්නෙ එන දවස් වලට විතරය් මතකනෙ "cost cutting" අන්න ඒ වගෙ තමා මෙ ආයතනයෙත් පාලනය. කොහොමහරි නුගේගොඩ ජයේ, කළුතර ප්‍රවාහන දීමනාව මාස ගනනාවක් ගත්තා ලොක්කට නොතේරෙන්න.
Tuesday, November 22, 2011
තරුණි නෑ මැඩම්
රජයේ සේවක සේවිකාවෝ පත්තර කියවන්නට රුසියෝ බව බොහෝ දෙනා කියනා දෙයකි. ඒත් ඒ නිවසේ දී හො නිවාඩු පාඩුවේ
සිටිනා විට නොව රැකියාව කරන අතරතුර රැකියා ස්ථානයේදීය. අද මගෙ කතාවට පත්තර කියවන්නියක සම්බන්ද වුවත් කතාව රජයේ
ආයතනයකට සම්බන්ද කතාවක් නම් නොවෙ.
මීට අවුරුදු හතකට අටකට විතර උඩදි අගනුවර එක්තරා පරිගනක ආයතනයක උන්නු ඇන්ටි කෙනෙක් තමයි මෙ සිදුවීමට මූනදුන්නෙ. මේ ඇන්ටිත් නිකන් ඉන්න වෙලාවට පත්තර කියවන එක තමයි කරන්නෙ .
මතකනෙ කාලයක් තිබුනා දවසකට පැය 2ක් විදුලිය විසන්දි කරනවා. ඒ දවස්වලට පරිගනක ආයතන වගෙ තැන්වලට නිකන් ඉන්න තමයි තියෙන්නෙ. මොකද විදුලිය නැතිව මුකුත් කරන්න බෑනෙ. ඉතින් මේ ඇන්ටි වෙන දවස්වලට පත්තරයක් ගෙදරින් ගෙනවා.

Monday, November 21, 2011
මොන්ගොලියන් BBQ
මේකතාව මට ඇහුන කතාවක්. මගෙ එකක් වගෙ කියුවට, මම ලුනු ඇඹුල් එහෙම දාලා ගත්තා. ඒ කෑමකට උනත් අඩු වැඩිවෙන්න ලුනු ඇඹුල් දැම්මම තමයි රසය වැඩි වෙන්නෙ. බොරුනම් "මාරයාගෙ හෝරාව" ලියන මාරයාගෙන් අහලා බලන්න.
මේ ළගදි කළුතර පහුකරගෙන ගාල්ල පැත්තට යනකොට තියන තරු තියන හොටලෙක තමයි මෙ සිද්දිය වෙලා තියෙන්නෙ. එදා රෑ BBQ බුෆෙ එකක් තමයි තිබිලා තියෙන්නෙ. විශෙෂත්වය වන්නෙ මොන්ගොලියන් BBQ එකක්. මොනවද ඉතින් හැම වර්ගයකම මස් වර්ග අමු අමුවෙම තිබිලා අමුවෙන් කියුවට ලේ නැති එක විතරයි. දන්නවනෙ ඉතින් BBQ වලට හන්දා හැඩ වැඩ දාලා සරසලා තමයි බුෆෙ එක දාලා තියෙන්නෙ.අමු එළවලුයි සලාද වර්ගයි.

Friday, November 18, 2011
මහේලගෙ දහස ..
අද මගෙ ලිපිය ක්‍රිකට් ක්‍රීඩවට ඇලුම් කරන අයට විශේෂයි. මෙ කතාවට අදාල වකවානුව හරියටම කියනවනම් 1993 වසර . ඔය කාලෙදි තමයි විශාරද නන්දා මාලනී මහත්මිය පවන ප්‍රසංගයෙදි කියුවෙ "පන්දු කෙලින ඉහල පාසැල් වල අමනයින්ට " කියලා, යදමින් බැඳ විලංගුලා ගීතයෙදි. ඒත් මෙ ලිපිය ලියන මම අමුම අමු ක්‍රිකට් පිස්සෙක් නිසා, මෙ පිස්සාට අනුකම්පා කොරලා ක්‍රිකට් වලට නොබැන මෙ ලිපිය කියවන්න.
ඔන්න අද මහෙල ජයවර්ධන තම එක්දින ළකුනු 10000 අභියස ඒ කියන්නෙ 9987 එකතු කරගෙන තව ළකුණු 13 පිටුපසින් ඉන්නෙ. එදත් ඒ වගෙම දවසක්. එදා අපි පාසැල් සිසුවො. එදා මහෙල පාසැල් ක්‍රීඩකයෙකු ලෙස 993ක් ලබාගෙන ළකුණු දහසට 7ක් අඩුවෙන් උන්නෙ. බ්ලොග් ලියන කියවන අය දන්නවනෙ බ්ලොග් පොස්ට් 1000 ක් දාගන්න එක කොච්චර අමාරු වැඩක් ද කියලා. ඒවගෙම අමාරු වැඩක් තමයි ඒ දවස්වල එක පාසැල් වාරයක ලකුණු 1000ක් දාගන්න එක. මොකද ඒ කාලෙ එහෙම 1000 දාගත්ත අයට තමයි ක්‍රිකට් වලින් ශ්‍රිලංකාව නියොජනය කරන්න ලෙසියෙන් ඉඩ ලැබුනෙ. ඔය මාවන් අතපත්තු , කුමාර ධර්මසෙන, වගෙ අය ආවෙ එහෙම තමයි.

Tuesday, November 15, 2011
කෝ ටයි?
මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක්
Saturday, November 12, 2011
රඟහල දැන් ඇත ඝන අඳුරෙ - නාට්‍ය කරුවා ඇත පිලිකන්නෙ
සෑහෙන කාලෙකින් නාට්‍යයක් බලන්න ගියා. බැලුවෙ ජයලත් මනෝරත්නයන්ගෙ "බූරුවා මහත්තයා" ඉන්දියානු ජන සමාජය පසුබිම් කරගත් නාට්‍යයක්. උඩින්පල්ලෙන් විසඳුම් හොයන, උඩින් පල්ලෙන් ප්‍රශ්න තෙරුම් ගන්න උදවියට හොඳ කතාවක්. හැබැයි එතුමගෙ අනිත් නාට්‍ය තරම් නම් මගෙ හිතට වැටුනෙ නෑ.
නාට්‍යය කෙසේ වෙතත් හිටපු සෙනග ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ හිස් ගෙඩිවලින් ම ශාලාවෙ එක් තැනක සිට ගනන් කලහැකි ප්‍රෙක්ශක පිරිසක් තමයි උන්නෙ.
1993 වසරෙදි පානදුර පුරහලට ගෙන්වුවා "ඔත්තු කාරයා" කියලා නාට්‍යයක් මට මතක හැටියට ඒක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ. (වැරදිනම් කවුරුහරි දැනුවත් කරන්න ) නාට්‍යය පටන් ගන්නෙ රගහලෙන් එළියෙ මළගෙදරක ස්වරූපයෙන් තමයි ඇරඹෙන්නෙ. එදා 6:30 දර්ශනය නියම වෙලාවට ආරම්භ කරන්න බැරිඋනා.

Wednesday, November 9, 2011
ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි

මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.
සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි
දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .
Tuesday, November 8, 2011
සමුදුරක් වුන දිය බිඳක්...!
ඈත දවසක, අඳුරු කාලෙක...
එක්තරා දිය බිංදුවක්...
අහසෙ නොසිටම බිමට පැන ගෙන,
දඟකලා තුරු මල් මතත්...
හරිත පැහෙයෙන් දිලුම් දෙන...
ගස් කොලන් අතු... මත්තෙන් ඇවිත්,
පුංචි දිය පාරකට එක්වී ඇරඹුවයි,
ගමනාරම්භයක්...!
ගල් උඩින් පැන, වංගු මැඩ ගෙන,
සවන් පුපුරන මහ හඩක්,
නික්මවා ගෙන ඉදිරියට යන,
එය වුනයි මහ ලොකු ගඟක්...
බෑවුම්ද, තැනි තලා පසකර,
ඇලි මවා නෙක පිඩු ගොඩක්...
බොහෝ දුර ගොස්, අන්තිමේ,
සිපගත්ත හැටි රැල්ල ගසනා සමුදුරක්....!
ඔබ ඇවැසි ඔබෙ ළබැඳියන්ටයි !
ඔබට තවත් කල් ඇත කතාව මතකනෙ . බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. මට තව ප්‍රචාරක පටියක් හම්බ වුනා. එම වීඩියො පටය මගෙ හිතට වැදුනු නිසා මගෙ බ්ලොග් එකට එකතු කලෙ මගෙ බ්ලොග් මිතුරු මිතුරියන් සමග බෙදාගන්න. මොකද Seat Belt දාන්න පුරුද්දක් නැත්නම් එකට පුරුදු වෙන්න කල් යන හන්දා.
ඔන්න නොවැම්බර් 27 වනදා අධිවේගී මාර්ගයත් විවෘත කරනවලු ඔකෙ යන්න ඉන්නවනම් අනෙ අමාරුවෙන් හරි පුරුදු උනොත් නෙද හොඳ !
පුරුදුවෙන්න හිතට වැදෙන්නත් එපැයි ඔන්න එහෙනම් හිතට ඇතුල්කරගන්න මෙකත් බලන්න
හිතට වැදුනනම් මෙ ලින්ක් එක ඔයගොල්ලන්ගෙ මූනු පොතෙන් අනිත් අයත් සමග බෙදාගන්න .
Saturday, November 5, 2011
පාලම උඩ
දෑස් පියවෙන්න පෙර
දිවිය ඉල්ලා හඬන
තංගුස් නූල් පට අතැර
හුස්ම අහසට පිඹින
අලුත් පාලම උඩ පානදුර
තිත්ත පැටියන් නිතර අල්ලන
පලා ගිය මැදියමෙ අඳුර
අමතකද ඒ සමය භීෂන .....
ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.
පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු

Tuesday, November 1, 2011
නොකියූ කතාව
ඔබ ළග හිඳ
ඔබට කියන පෙම් කතාව
මා
විසින් දිනක
ඇයට කියාදුන්
ඒ කතාවම බව
ඇය
ඔබට
නොකියන ඇත.......
1995-06-03
ප.ලි : මේ සිදුවීමට කෙලින්ම සම්බන්ද සදැසක් මම "මංගල යෝජනාව" තුලින් ඉදිරිපත් කලා එච්චර HIT උනෙ නම් නෑ කතාව මෙන්න මෙකයි . මගෙ මිතුරෙකුයි මිතුරියකයි බොහොම ආදරෙන් උන්න. දෙන්නගෙම ආර්ථිකය එච්චර හොඳ මදි. කොහොමහරි මිතුරියට එයාගෙ අම්ම ගෙනාපු මංගල යෝජනාවකින් වෙනත් කෙනෙකුව කසාද බඳින්න උනා . මැගෙ පියා ජීවතුන් අතර නෑ අම්මා තමය් මෙයාව පොඩිකාලෙ ඉඳලා හදලා තියෙන්නෙ ඉතින් මෙයාට අම්මට ඉහලින් යන්න පුලුවන් කමක් තිබිලා නෑ .
මගෙ මිතුරා ඇයට සෑහෙන්න ජීවිතය ගැන කියලා දීලා තිබුනා . ජීවත්වෙන හැටි . මිනිස්සු ඇසුරු කරන හැටි ඒ ඇරෙන්න වෙන අයුතු කිසි දෙයක් මේ අය අතරෙ තිබිලා නෑ .මගෙ මිතුරිය කොහොමහරි හිතහදාගෙන කසාද බැන්දා . මගෙ මිතුරා ගැන කිසි දෙයක් ඇය ඔහුත් සමග කියා නෑ . මොකද මිනිස්සුන්ගෙ හැටිත් මගෙ මිතුරා ඇයට පවසා තිබෙන නිසා . හැබැයි දැන් ඇය ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා .
ඔන්න ඔය සිදුවීම ගැන හිතලයි මම මෙ පද පෙලි ටික සටහන් කලෙ.
ප.ප.ලි. ඔන්න ගලයගෙ අදහසට එකඟව ඔන්න පින්තූරය කතාවට අදාලව වෙනස් කලා .
Monday, October 31, 2011
~~~ මාගේ සොහොයුරිය ~~~
හැම දෙයකදිම මා සමගම සිටිය ඇය
අද මා සමග නැත වෙනතක ගිහින් ඇය
එසේ සිදු උනේ ඇයිදෝ නොදනිම්ය
සුවෙන් සිටීවා මාගේ සොහොයුරිය
වෙනතක ගියත් දැන් නම් මට කමක් නැති
මා අමතක කලත් දැන් මට කමක් නැති
මොනදේ උනත් මට නම් දැන් කමක් නැති
හොඳින් හිටින් මට දැන් ඒ ටිකත් ඇති
මෙන්න "ගාමනී" බාගන්න!
ඉහත හෙඩිම හො ඊට සමාන ලිපි සයිබර් අවකාශය තුල ඔබට කොතෙකුත් හමුවන්නට ඇති. දැනටමත් ඔබ එලෙස එම චිත්‍රපටය බාගත කොට නරබන්නටත් ඇත. ටොරන්ට් මගින් හෝ වෙනයම් ක්‍රමයකින් ඔබ සිංහල චිත්‍රපට බාගත කර නරබනවා නම් මෙ ලිපිය කියවන්න.
"ගාමනී" තම කුලුදුල් නිර්මානයෙන්ම තම කුසලතාවය ප්‍රදර්ශනය කල නිර්මාන ශිල්පියෙකුගෙ නිර්මානයක්. මේ රැල් බුරුලුකර අර අදින්නෙ "ගාමනී" චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කරන්නට නම් නොවෙයි. මොකද තවම මම මෙ චිත්‍රපටය නැරබුවෙ නැ (මෙ ලිපිය ලියන අවස්ථාවේදී ). නමුත් අනිවාර්යයෙන්ම මා නරඹන චිත්‍රපටයක්.
හොලිවුඩයෙ හො බොලිවුඩයෙ චිත්‍රපට ඔබ බාගතකොට නරඹා නැතිවන්නට නුපුලුවන. සමහරවිට දැනටමත් එවැනි චිත්‍රපටයක් ඔබෙ පරිගනකයට බාගතවෙමින් පවතින්නට පුලුවන.
උදාහරනයක් ලෙස Ra-One හින්දි චිත්‍රපටයගෙන බලමු එම චිත්‍රපටය නිපදවීමට ඉන්දියානු රුපියල් 1,750,000,000 වැයකොට තිබුනා. පසුගිය දීපවාලි උත්සවය වෙනුවේන් තිරගතකරන ලද "රා-වන්" ඉන්දියාවෙ

Thursday, October 27, 2011
ලේ (දන්) දීම
"මා වැනි බිලින්දා
මරුවා යයිද කැන්දා
අනෙ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාම නැන්දා"
ලේ බැංකුවෙ පොස්ටරයක සඳහන් මේ වැකිය මෙ ලඟදී පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි මගෙ නෙත ගැටුනා. මගෙ සිත අතීතයට දිවගියා. අවුරුදු ගානක් ඈතට, 1992ට කියුවොත් නිවැරදියි. ඒ කාලෙ ඔය පොස්ටර් කීයක් අපේ අතින් ඇලවෙන්න ඇත්ද,
මෙ ටික කියුවෙ අද මම කියන්න යන කතාවට මුලපුරන්නයි.අපෙ පාසලෙ පවත්වපු ලේ දන්දීමෙ කඳවුරකදි සිදුවුනු සිදුවීමක්,

Friday, October 21, 2011
42.සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝ
මෙ ලිපිය ලියන්න මුල් උනෙ මෙන්න මෙ සරල සිදුවීම. අද උදේ දුම්රියෙදි "මාවතෙ අපි" ගායකයෙකුගෙ මිහිරි ගී ටිකක් අහන්න ලැබුනා. H.R. ජෝතිපාල ගායකයානන්ගෙ මිහිරි ගීත තුන හතරක් මොහු ගායනා කලා . මොහුගෙ තිබුන මනුස්ස කමට මොහු හැම ගීතයක් අවසානයෙදිම ජොතිපාල මහත්මයව සිහි කලා . ඔහුට පිං දුන්න. මොකද ඔහුට හිගමන් මුදල් ලැබුනෙ ජොතිපාල මහත්මය ගෙ ගීතවලට කැමති අය තවත් ඉන්න නිසා.
ඇත්තෙන්ම ඔහු ජොතිපාලයන්ව අනුකරනය කලා. ඔහුගෙන් අපට අහන්න ලැබුනෙ ජොතිපාලයන් ගෙ හඩින් ඇහෙන ගීතයි. ඊට පස්සෙ ඔහු වික්ටර් රත්නායකයන්ගෙ "ආදරයෙ උල්පතවූ අම්මා" ගීතය ගායනා කලා. එම ගීතය ගයුවෙ වික්ටර් රත්නායකගෙ හඬින්. ඔහු කලෙ අනුකරණය . දුම්රිය මැදිරියෙ හැමෝම වගෙ මොහුට අවම රුපියල් 10කින් මුදල් දුන්න. . මම හිතන්නෙ අවම රුපියල් 500ක් වත් උපයගන්න ඇති. ඇත්තෙන්ම ඔහුට එම හිගමන් මුදල ලැබීම සාධාරනයි.
Thursday, October 20, 2011
දුම්රියෙ බූරු ඇදන් හැකිලීම.
මේකත් පරන කතාවක් අවුරුදු ගානක් පරන කතවක්. මට මතක හැටියට 1993 විතර ඇති. මේ කතාවෙ කතා නායිකාව අඳුනන කෙනෙක් නෙමෙයි. ඒත් හැමදාම මුන ගැහුනු කෙනෙක්. එහෙනම් මෙ කතාවත් කියවලම බලන්නකෝ.
අපි පාසැලෙ ක්‍රීඩා පුහුනුවීම් අවසන් කරලා හවසට මරදානෙ දුම්රිය ස්ථානයට එන්නෙ 4.55ට පිටත් වෙන අලුත්ගම දුම්රියෙන් ගෙදර යන්න බලාගෙන. ඕක මරදානෙන් පිටත් වෙනකොට බොහොමයක් ආසන පිරිලා . මෙක (Powerset) වර්ගයේ දුම් රියක්. දෙපැත්තට තමයි ආසන තියෙන්නෙ. අර තැබිලි පාට සීට් මතකනෙ.
මතක නැත්නම් බලන්න. මෙන්න මෙ විදියට තමයි සීට් තිබුනෙ. මරදානෙන් කට්ටිය නැග්ගම
අතරින් පතර තමයි හිස් තැන් තියෙන්නෙ. කොළඹ කොටුවෙන් නගින ඇන්ටි කෙනෙක් හිටියා, කොටුවෙ දුම්රිය වේදිකාවට නවත්වන්නත් කලින් ඔය ඇන්ටි ඉන්න මිනිස්සුන්වත් පෙරලගෙන තමයි දුම්රියට ගොඩවෙන්නෙ. නැග්ග ගමන් කරන්නෙ කකුල් ඈත් කරන් ඉන්න

මාතෘකා
ඇහින්දාස්,
කතා,
දුම්රිය කතා,
මඩ,
විහිළු
Wednesday, October 19, 2011
කහ ඉර
අනෙ කාටවත් කරදරයක් නැතිව පාරෙ අයිනෙන්මයි යන්නෙ ඔය වට පිට කවුරුහරි යනවනම් විතරක් ටිකක් ඇස් යටින් බලනවා බම්බලපිටිය හන්දියෙදිලු පොලීසියෙන් අල්ලලා තියෙන්නෙ.
ඊයෙ උදෙ 9 ට උසාවියට ගිය උන්දැ හවස 3 ටලු එලියට ආවෙ ඒ මදිවට රුපියල් 100ක් දඩත් ගහලා
Monday, October 17, 2011
ටිකට් ගත් හැටි
අපෙ සෙට් එකෙ වැඩිපුරම හිටියෙ ආනන්දෙ නාලන්දෙ කට්ටිය. උදෙට පානදුරයෙන් 6.10 කෝච්චියෙන් මරදාන බලා පිටත් වෙනවා එගොඩ උයන කොරලවැල්ල මොරටුව වෙනකොට මරදානට යන සෙට් එකම එකතුවෙලා ඉවරයි.
Friday, October 14, 2011
බොස් ආවේ ඇයි?
මේ සිද්දිය වෙලා තියෙන්නෙ මගෙ යාලුවෙකුගෙ කන්තොරුවේ. මිනිහ මට කතන්දරය කියලා කියුවා කන්තොරුවෙ නම නම් කියන්න එපා කියලා මොකද මේ කන්තොරුව තරමක් ප්‍රසිද්ධ තැනක්. මෙතන බොස් ටිකක් අමුතු චරිතයක්. ඒ කියන්නෙ තාම කයිසාරුවත්තෙ මුහන්දිරම් ගෙ යුගයෙ ජීවත්වෙන කෙනෙක්. ඇත්තම් කියනවනම් ඒ පැත්තෙම කෙනෙක් තමයි.
මොනවා උනත් උදේ පාන්දරම රාජකාරියට එනවලු. මෙ ඔෆිස් එක තියෙන්නෙ ලෝකෙ වෙළෙද මධ්‍යස්ථානයෙ ටිකක් උඩ තට්ටුවක,
මොනවා උනත් උදේ පාන්දරම රාජකාරියට එනවලු. මෙ ඔෆිස් එක තියෙන්නෙ ලෝකෙ වෙළෙද මධ්‍යස්ථානයෙ ටිකක් උඩ තට්ටුවක,
Monday, October 10, 2011
නිර්මාණය හා අනන්‍යතාවය

මෙහිදී බොහෝ දුරට සිදුවන්නේ තම අනන්‍යතාවය සැඟවීම නොව, එම සැබෑ අනන්‍යතාවය තුලින් ඉස්මතුවන පෞද්ගලික චිත්ත රූපය, ඉදිරිපත්
Thursday, October 6, 2011
මල්ටි purpose අයන්
ඔයගොල්ලන්ට මතක ඇතිනෙ වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting කතාව මෙක එකට සම්බන්ද එකක් නොවුනට සම්බන්දයක් නැත්තෙමත් නෑ.
මේ කතාවෙ කතා නායකයො දෙන්නයි. මෙ දෙන්නම රැකියාව කරන්නෙ කොළඹ කන්තෝරුවක දෙන්නම එකම බෝඩිමක තමයි නතරවෙලා ඉන්නෙ. දෙන්නම මාංශභක්ශකයෝ කියුවට වරදක් නෑ. (මෙක බලල මුන් දෙන්නා මාව අනුබව කරයිද දන්නෙ නෑ)
මෙන්න අද උදේ මේ දෙන්න වැඩට යනවා මම බලාගෙන. යකො මුන් දෙන්නගෙම ඇඳුම් හොඳටම පොඩිවෙලා. නීට් එකට අඳින මුන් දෙන්නගෙ ඇඳුම් පොඩිවෙලා මොකද කියන එක මට ලොකු ප්‍රහේලිකාවක්.
මම හිමිහිට ප්ලග් වෙලා ඇහුවා ඩබලගෙන් මොකද උනෙ කියලා. බැලින්නම් මෙ ගොල්ලන්ගෙ බොඩිමෙ තිබුන අයන් එක හොරු අරගෙන. මමත් ඉතින් සෝක මූඩ් එකක් දාලා කියුවා, කමක් නෑ බං අයන් එක විතරනෙ නැතිඋනෙ කියලා. මෙන්න බොලෙ මුන් දෙන්නටම නැග්ගා අසූහාරදාහට . උඹ දන්නවද අපි ඒ අයන් එකෙන් කොච්චර දෙවල් කරගන්නවද කියලා.
....
...
ඇත්තටම එක අයන් එකක් කියුවට අයන් එකක්ම විතරක් නෙමෙය් රෑ කෑමට සොසෙජස් බැදගෙන තියෙන්නෙත් එකෙන් , ඇලුමීනියම් පිගනක් අයන් එක උඩින් තියලා අර රුපියල් 10 ඇස්ට්‍රා බඩී එකක් පිගානට දාලා

Tuesday, October 4, 2011
ඔරලෝසු කටු 10.09ට තියෙන්නෙ ඇයි ?
අද මම ඔයගොල්ලන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා . කවුරු හරි දන්නවද බොහෝ ඔරලොසු මුහුනු වල වෙලාව සඳහන් වෙලා තියෙන්නෙ 10.09ට ඒ ඇයි ?
Monday, October 3, 2011
උඩ ගිය බබා ගිම්හානී
ගිම්හානියා පොඩි කෙල්ලෙකි ඒ කාලේ..
අවුරුදු පහයි කෙට්ටුයි හරි කොමලේ...
ඇයගේ ජීවිතය ගෙවුනේ නිතරම මිදුලේ..
හරි සුන්දරයි ඇයගේ පොඩි කාලේ..
ඇයගෙ ලෝකය නිතරම කවදත් ජොලිය..
බැන්නොත් අම්ම නිතරම අල්ලයි වලිය..
දිනකදි ඇයට වෙන්නට ගිය වැඩක් අනේ..
හිතුනා කියන්නට ඔබලත් අසනු මැනේ..
ගම්මිරිස් වටිටියක් ඇගෙ මිදුලේ වේලෙන්ට..
අම්මා කිව්වා ගිම්හානිට එය ගන්ට..
සුළඟත් සැරයි හනිකට වට්ටිය ගන්ට්..
වැස්සක් එනවා ළමයෝ ගෙට එන්ට..
ගිම්හානියා පැන්නා වට්ටිය ගන්ට...
සැර සුලඟක් හැමුව කෙල්ලව උඩ යන්ට..
තිබුනේ දෙල් අත්තකි ඇය හට එල්ලෙන්ට..
බුදු අම්මේ හනිකට විත් මා ගන්ට....
අල්ලපු ගෙදර ආතා කන්දෙක බීරී..
අපිත් එක්ක දානව නිතරම ගෝරී..
කළු කොට සෝම නැන්දා උන්දැගෙ බාරී..
පැරෂුටෙ වගේ උඩ යනවා දැක්කලු ගිම්හානී...
ආතා කොහොමහරි නැග්ගා දෙල් ගසට..
කෙල්ලට කීව පිට උඩටම නැග ගන්ට
ආතේ මාව ගෙදෙරට ගොස් ඇරලන්ට..
අනේ ආතේ මෙය කාටත් නොකියන්ට...
ආතා ගිහින් මෙය ගම හැම තැන කිව් හින්දා..
"උඩ ගිය බබා" යන නම මට උන් පට බැන්දා...
ප. ලි - මෙය මා ජීවිතේ මුහුන දුන් ත්‍රාසජනක හා සොඳුරුතම අත්දැකීමකි.

Saturday, October 1, 2011
ඔබට තවත් කල් ඇත
අලුත් නීතියට අනුව ඉදිරිපස වම් පස සිටින්නා ආරක්ෂක පටි නොපැලද සිටියහොත් නීතියට හසුවන්නේ රියදුරාය. රියදුරා වාහනයෙ ආරක්ෂන සහතිකය ලියාපදිංචි සහතික සොයාබලන අතරතුර ආරක්ෂක පටිපැලද ඇතිද කියාත් සොයා බැලිය යුතුය. ඇත්තෙන්ම එය රියදුරාගෙ වගකීමක් ද වන්නෙය.
මා මෙම ලිපිය තුලින් ඔබට ආරක්ෂක පටි නීතිය උගන්වන්නට බලාපොරොත්තු නොවෙමි. මෙහිදී මා බලාපොරොත්තුවන්නෙ එහි ඇති වැදගත්කම පිළිබඳව යම් මතක්කිරීමක් කිරීමටය.
සියල්ලටම කලින් මෙම ප්‍රචාරක රූපරාමු නිරීක්ෂනය කරන්න.(සමහර විට ඔබ මෙය නරඹලත් ඇති ) මීට වසර 5කට පමන පෙර මා නැරබූ මෙම ප්‍රචාරකපටය ශ්‍රි ලංකාවෙ ඉන්න අපිට හොඳ පාඩමක් කියල මට හිතෙනවා
ආරක්ෂක පටි පැලඳ නොසිටියහොත්, කෙලින්ම උසාවි, පලමුවරටනම් රුපියල් 1000 දෙවන වරට රුපියල් 2000 තුන්වනවරට රුපියල් 3000ක් සමග රියදුරු බලපත්‍රය තහනම්! හොඳයි නේද?
Friday, September 30, 2011
නිවන් ලැබීමට ...

පොතක් කියුවට ඒ පොත කියවන්නම නෙමෙයි කියලා මට හිතුනෙ තවමත් අසපුවට ඇතුල් වෙන්න පොරකන පෝලිම්වල දිගනිසා බේරෙන දාඩියට පවන් ගහන්න ඒ පොත් උපයෝගී කර ගත්නිසා. නොමිලේ පොත් බෙදා දීමෙන් අදාල හාමුදුරුවන්ට නිවන් දකින්නට පිං නම් ලබෙන්න ඇති.
තොල් උඩ දඩියට දියවෙලා බේරෙන ලිප්ස්ටික් ලෙන්සුවෙන් මාත්තුකරමින් කට්ටිය නිවන් දොරටුව ළග පොරකනවා දැක්කම මට වෙලාවකට බුදුහාමුදුරුවෝ ගැන දුකක හිතුනා
තාත්තා පෙම්බර තාත්තා
සාමා අමර හෝඩියෙ පොත මට පෙන්වා
දුන්නා රස කැවිලි නිතරම මම දන්නා.
ශිල්පයට වඩා මට විස්මිත දැනුමක් දුන්නා.
පියාණෙනි සමරමු ඔබ බැතිපෙම්මා..
දියණීය මමයි හැදුවේ ඔබ මලක් වැනි..
පෙන්වූ පිය සෙනෙහෙ කිසිදා ලබනු නොහී..
අද දින මා දමා සුරලොව රුසිරු පෙනී..
මදකට ඇවිත් යනු මැන මා පියාණෙනී..
මල්ලියි මමයි නංගියි අද එක තැනක නැත.
ගෙදර කුස්සියේ රස බත ඉදෙනු නැත..
සඳයි හිරුයි මට පේන්න ලොවෙත් නැත..
ඝනඳුර අඳුර ශෝකෙන් මා වෙලා ඇත..
ලෝකය සුන්දරයි ඔබ නිතරම කීවා..
මිනිසුන් සුන්දරයි ඔබ නිතරම කීවා..
වතුපිටි ඉඩකඩම් දුගියන් හට බෙදුවා.
ගුණයේ සුවඳ තුන් ලෝකෙට බෙදුවා..
වැඩිහිටි දිනේ සමරන්නට සැරසෙන්නේ..
මාහට ඔබව නිතරම සිහිපත් වන්නේ...
දෙමාපියන් මග දමා යන දරුවන්නේ..
ඔබලත් දිනක මහලුව වයසට යන්නේ..
(ප.ලි...සියළුම වැඩිහිටියන් ආදරයෙන් සිහිපත් කරමි.)
Thursday, September 29, 2011
...විමසුම...
විමසුවෙමි මගෙ සිතින්..
ඇසුවෙමි තරවටුකර..
තාමත් ආදරේදැයි ඔහු හට..
සිත නිරුත්තර..
මෙන්න උත්තර...
මියගිය ආදරය තාමත් ඇත
හද කොණ..
දොරගුළු දමා මටද හැරගන්නට
බැරිවෙන්නම..
Wednesday, September 28, 2011
මට වැරදුන තැන
වම්බොට්ටගෙ පොඩි පුතා
මගේ පළමු පෙම්වතා.
ඌ නම් මට හරි සෙනේ.
මානම් උට නැත සෙනේ....
මා පංතියෙ මුල් පෙලේ
ඌනම් අන්තිම පෙලේ....
දවසක් හරි වැඩෙ උනේ
පාසලෙ ලැබ් එක කොණේ.
මගෙ දත කට පිය උනේ
Sunday, September 25, 2011
වැසිකිලි ජල කප්පාදුව නොහොත් Cost Cutting
ඔයගොල්ලන්ට මතක ඇතිනෙ ව්‍යපාරික ප්‍රජාව ආර්ථික අවපාතයකට ලක්වෙච්ච යුගයක් තිබුනා. ඒ කියන්නෙ 2008-2009 වකවානුවේ. ඔන්න ඔයකාලෙ Cost Cutting කියලා වියදම් අවම කරගැනීමට් හුගක් ව්‍යාපාරිකයො එක එක උප්පරවැට්ටි දැම්මා. වායු සමීකරණ නිවාදැම්මා, විදුලි පංකා නිවාදැම්මා. වාහනවල ඉන්දන දීමනා කපා හැරිය,යම් යම් දීමනා කපා දැම්මා , ප්‍රින්ට් අවුට් ගන්න එක අඩුකලා, දුරකතන බිල්පත් වලට ගෙවීම් අඩුකලා, බෝනස් නැතිකලා හරි එව්වා කමක් නෑ කියමුකෝ ඔයගොල්ලො අහලා තියනවද "වැසිකිලි ජල කප්පාදුව" ගැන. ඔන්න එහෙනම් අහගන්න නැත්නම් කියවන්න
විරූපී මනමාලයාගේ පිලිතුර..
ගිම්හානිගේ මගේ අළුත් මනමාලයා.... . ට පිළිතුරක්,
උරුමෙන් උරුමයට මට ආ බූදලය
ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය
පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය

ලබමින් සැනසෙන්න පුදලා ආදරය
අමතක කර එදා මගේ රුව විරූපය
ආවේ මගුල් බෙර මැද්දෙන් එනුඹමය
පුදලා නුබට මුලු හදින්ම ආදරය
මං පසුතැවුනෙ නෑ කවදා කිසිදිනය
නුබෙ මුලු සිරුර මගෙ ගත සිත කිතිකැවිය
රස බිවු තැනක් නුබෙ නැතිබව කිවහැකිය
මාතෘකා
කවි,
කවි පිළිතුරු,
සඳැස්
Saturday, September 24, 2011
මගේ අළුත් මනමාලයා.... .
තට්ටය දිස්නෙ දෙයි ගෙදරම හඳ එලියයි..
අඩියක් මට කොටයි නැත්නම් මම කැමතියි..
දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.
දවසින් දවස සැන් පව්ඩර් මට ගෙන එන්නේ..
එනපොට නොහොඳ බව මට දැන් වැටහෙන්නේ..
සඳ නැති රැයක් බලලා මා රහසින්නේ..
අල්ලපුගෙදර කොල්ල හා පැනයන්නේ.
විරූපී මනමාලයාගේ පිලිතුර..
Friday, September 16, 2011
Thursday, September 15, 2011
ඉටු නොවූ බලාපොරොත්තුව!!!
22.අනීතික වෘත්තිය
හිරු ගිලුනු නිමේශෙක
අඩ අඳුරු පෙදෙසක
බිඳුනු පහන් කණුව යට සිට
නුඹ ඉඳන් අතවනයි මට
ම දුබල තැන සොයා ලා
නවතින්න කියලා..
නුඹ වත පෙනෙන විට
නුඹ අමතනා විට
මගේ මුලු ශරීරෙම
හිරි වැටී සලිතවිය
නුඹේ ළග උන්නු
ගෙවුනු තත්පරය තුල
බිඳුනු සිතුවිලි වලින්
නුඹේ නිරුවත දුටිමි..
තුනට හතරට නැවුනු
අඳුරු පැහැ නෝට්ටුව
මගෙ අතින් නුඹෙ අතට
මාරුවී සුසුම්ලයි
ගනු දෙනුව අහවරයි
නුඹ කවුද
මා කවුද
කියා කවුරුත් නොදනි..
110914
පලි: ට්‍රැෆික් පොල්සි මහතෙකු වාහන රියදුරෙකුගෙන් අල්ලසක් ගන්නවා දුටු මට සිතුවූ සිතුවිල්ලකි මේ..

Wednesday, September 14, 2011
තනිකම.....
අය්යා ගෙනා ලාම්පුව..
මහ ගෙදර මහ සාලෙ
මහ ටීපොව මත
දිලිසි දිලිසී ඇතේ
අය්ය කොළඹින් ගෙනා ලාම්පුව..
තෙල් දමා පත්තුකර
දිලිසි දිලිසී ඇතත්
ගෙට එළියක් නැතේ
අය්යා ගෙනා ලාම්පුවෙන්..
ගෙට එළියක් නැතත්
නුඹෙ කුටිය තුලටවත්
ලැබුනොත් හීන් එලියක්....
960611
Tuesday, September 13, 2011
Monday, September 12, 2011
Violin
මතකය
Saturday, September 10, 2011
අවසාන ලිපිය
මගෙ හිතපතුලටම
කිඳා බැස සිර කරවු
ඒ ලිපිය,
දිනක හෝ කිසි කලෙක
මා නොපැතු
ඒ ලිපිය,
ඔබට නො-තේරෙන
මටත් නො-තේරෙන
කටොර වදනින් සපිරි
නොහඳුනනා
ඒ ලිපිය,
ඔබෙ හිත ස්පර්ශ කොට
මගෙ හිත පාරගෙන
ඔබෙන් මා වෙත ලැබුනු
අවසාන
ඒ ලිපිය,
පෑරුවා මගෙ හිත
නැවත සුව කල නොහැකි ලෙස
ඒත් දැන් ඔබ කියයි
සමා වුව මැනවි මට...
මෙම සඳැසට පාදක වුනේ : "බාල පෙට්‍රල්වලින් හානි වු අයට ලබන සතියේ සිට වන්දි" NEWS එක

Subscribe to:
Posts (Atom)