he

Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද

Wednesday, April 29, 2020

Monday, January 20, 2020

අභිමානය රැකගැනීම

රියටම කියනවනම් මීට අවුරුදු විසිදෙකකුත් මාස පහකුත් දවස් දහ අටකට පෙරදිනක ශ්‍රී ලංකා කන්ඩායම අභිමානය රැකගැනීමේ සටනක් දියත් කෙරු ආකාරය කෙසේනම් අමතක කරන්නද.
 ඉන්දියානු ක්‍රිකට් කන්ඩායම තමාගේ ගෙදරටම ඇවිත් ලෝකශූර කන්ඩායමට කණහරහා පහරක් ගැසුවාසේ විශාල ඉනිමක් දියත් කලේ දෙවනදිනය නිමාවනවිට අපේ ප්‍රභල ආරම්භක පිතිකරුවෙකුවත් නැවත ක්‍රීඩාමණ්ඩපයට හරවා යැවීමෙන්. 


අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්.
 එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.   

අද දිනයෙත් අප කණ්ඩායම සිටින්නේ එවැනිම කන රතුවෙන්නට පහරක් ක්‍රිකට් නැත්තටම නැතිවූ සිම්බාබ්වේ කන්ඩායමෙන් ලැබීමෙන්. එදා මාවන් අතපත්තු දැවීමෙන් අනතුරුව පැමිනි රොෂාන් මහනාම ක්‍රීඩා පිටියට පැමිනියේ ඔහුගේ ක්‍රිකට් ඇන්තිම කැමති පත්‍රය කැප්ටන් කූල්ගෙන් ලබාගැනීමෙන් බව අනිත් අන්තයේ උන් බ්ලූම්ෆීල්ඩ් සගයා සනත් ජයසූරිය මතක් කරදුන් විට ඔහුගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත.  

ඒත් ඔහු ඒ සියල්ල අමතක කර පස්වන දිනයතෙක් තම ඉනිම දියත් කලේ ටෙස්ට් වංශකතාවට ලෝක වාර්තා කිහිපයක් එක් කරගනිමින්. අද ක්‍රීඩකයන්ට එවැනි පීඩනයක් නැතත් බිංදු ලබාගන්නා ක්‍රීඩකයන්ට තම දස්කම් අතරට එන්නට පමනක් අභියෝගයක් ඇත. ඒත් ඔවුන්ට ක්‍රිකට් අත්හිටුවීමට සමත් පාලකයන් ඇද නැත .  මොනවා උනත් එදා ඒ අභිමානය රැක්කාසේ අද  අපේ ක්‍රීඩකයන් යම් පෙරලියක් කර නැතිවූ අභිමානය නැවත උදාකරගනු ගැනීම ශ්‍රීලාංකික අපගේ ප්‍රාර්තනයයි.

Thursday, September 20, 2018

"තාත්තා" ගැන සටහනක්

ඉස්සර ලංකාවෙ ඉන්නකොට මට එපාම කරපු චැනල් එක සිරස. ඕක මට විතරක් පොදු අත් දැකීමක් නෙමෙයි. මිනිස්සුන්ගෙ ඔලු නරක් කරන්න ඉන්දියාවෙන් ලාබෙට ගෙනත් ජහජරා බාල ඉන්දියන් ටෙලිනාට්‍ය හඩකවලා, රාත්‍රියට පවුලේ හැමෝම එකට එකතුවෙලා පවුලේ සුන්දරත්වය අත්වින්දින්නට යොදගත්  පැය කීපය  හොරකම් කරලා , අර කුනු ජරාව ලාංකික ජනසමාජයට වැක්කෙරුවෙ රත්තරනුත් දීලා.  



ඔය සිරස ගැන කලකිරිලා ලියපු බ්ලොග් සටහන් කීපයක් මගේ බ්ලොග් එකේ තියනවා  ,ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට  , සුපර් ස්ටාර්ස් බිහි කල අනන්‍යතාවයක් ඇති හිඟන්නෝඋගුඩුවන්ට ඇටිකෙහෙල් කැවීම නොහොත් කලා කරුවන්ට කර්තෘ භාග ගෙවීම


ඒත් අද මම අවුරුදු දෙකකට පස්සෙ මේ බ්ලොග් සටහන තබන්නේ සිරසෙන් විකාශනයවන ටෙලි නාට්‍යයක් ගැන සටහනක් තබන්නටය. නරක  දේට බනින්නාසේ හොඳ දේ අගය කලයුතුයි.

කොටස් 300ක් 400ක් දිගහැරෙන මෙගා ටෙලිනාට්‍ය ගොන්නේ අතරමංවී හෙම්බත්වී සිටන  ශ්‍රීලාංකික ටෙලිනාට්‍ය රසිකයන්. නැවතවතාවක් සතියක් බලාපොරොත්තු දල්වාගෙන රූපවාහිනිය දෙස බලාසිටින්නට තරම්  ලලිත් රත්නායක නම් අධ්‍යක්ශකවරයා සමත්වී සිටින්නේ   සිරස නාලිකාවේ  සෙනසුරාදා සහ ඉරිදා විකාශනයවන "තාත්තා" ටෙලිනාට්‍ය සමගය.

අර හීන් හඩට දිය පෑරෙන පහල වක්කඩේ
දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ
කඳු වළලු මැදින් එන සුළඟට කන තියන් පුතේ
කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තෙතමනේ

වැට කඩොලු මඩුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ
මගේ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ
ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ
මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ

මල් කොහේ කොතන තිබුනද මහ වනේ දන්නෙ නෑ
කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ
පුතු සෙනේ සිරුර සිද යන හැටි කියා ගන්න බෑ
මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ

කුමාර ලියනගේ විසින් ලියනලද මේ ගීතය සංගීතවත් කර ගායනා කරන්නේ රෝහන ධර්මකීර්ති. ප්‍රේක්ශකයන් මුවගේ රැඳෙන්න පුලුවන් වුන මේ ගීත කන්ඩය මේ ටෙලියට හොඳ පිටුවහලක්.

Sunday, September 17, 2017

වැහි බිංදු ..

පාලු පාරේ අනිත් පැත්තේ මගේ මතකය නිදනවා
බිංදු හැටියට බිමට වැටිලා අහස හිමිහිට අඬනවා
එදා වාගෙම වැස්ස දැක්කම මගේ නෙතුඅග තෙමෙනවා
කඳුලු වැටුනට නෙතු අගිස්සෙන් පාර තාමත් පෙනෙනවා

Thursday, March 19, 2015

ඉතින් ආයුබෝවන් ක්‍රිකට්.

1982 මාර්තු මාසේ අග දවසක්, තාත්තත් එක්ක බොරැල්ලට බස් එකේ ගිහින් වනාතමුල්ලේ සරවනමුත්තු පිට්ටනියට පයින්ම ගියේ නිල් පාට කොට කලිසමයි සුදුපාට කමිසයයි ඇඳගෙන. අතේ තද රතු නැත්නම් සුලෝහිත කොඩියක් උස්සගෙන වතුර බෝතලය කරේ එල්ලගෙන පිට්ටනියට ගියේ හරිම උනන්දුවකින්. ටිකට් පරික්ශා කරන තැන හිටපු ගුරුතුමා අතට තාත්තා ටිකට් දෙක දීලා ආපහු තාත්තා අතට දුන්න ඉතුරු ටිකට් එක මම ඉල්ලගෙන නාස් පුඩු වලට තියලා බලපු ඒ තීන්ත සුවඳ මට තාම දැනෙනවා වගේ හැඟෙනවා.


…මගේ බලන්න ගිය පලමු මහ ක්‍රිකට් තරඟයේ මතකයක් හිතට ආවේ 2015 ලෝක කුසලානයෙන් විසිවුන සියුම් දුකත් එක්ක. 

එවර මහ ක්‍රිකට් තරඟය බලන්න උනන්දුවක් ඇතිඋනේ ශ්‍රීලංකාවට ටෙස්ට් වරම් හම්බවෙලා පවත්වපු පලමු මහතරඟය වීමම නෙමෙයි.

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ.