පහුගිය ලිපිය මගේ පොඩි එකීගේ ඉස්කෝලේ ගමන ගැන ලියුවනේ. සුබ පතපු හැමෝටම ස්තුතියි.
අතේ ගෙනයන පරිඝනකයට නෝට්බුක් නැත්නම් ලැප්ටොප් කියලනේ කියන්නෙ. තවත් කොට කරලා ලේසියට කියන්නේ ලැප් එක කියලා. මේ කතාව ලියන්න හිතුනේ ඊයේ
සිදුවුන සිදුවීමක් නිසා.
ඊයෙ හවස වැඩ අහවර වෙලා ගෙදර ගියේ "වැටුනා නින්දගියා" කියන න්යායෙ හැටියට. ඒතරමට ඇඟට මහන්සියි . කෝච්චියෙත් ගියෙ හතර පැත්තෙන් වැටෙනවට දක්වපු සහයෝගයෙන් කිසිම ආධාරකයක් නොඅල්ලා. ඒතරමට සෙනග.
ස්ටෙසමෙන් බැහැලා යතුරු පැදියෙන් ගෙදරට ගියෙ ඇඟපත හෝදගෙන හාන්සි වෙන්න හිතාගෙන.කාමරයට ගොඩවුන ගමන්ම ලැප නැත්නම් මගෙ කොම්පියුටරය ඇඳෙ කෙලවරකින් තිබ්බා (ලේසියට තියන්න එතන).
ගෙදර ආපු හැටියෙ ලැබුන තේ කොප්පය ඇඳ මත හිඳගෙනම බිව්වා. ඔන්න එතකොටම අර මගේ දඟ මල්ල නැත්නම් පොඩි එකී දුවගෙන ආවා
"අනේ තාත්තෙ ලැප් එක පොඩ්ඩක් දෙන්නකො මට නිදාගන්න "
මම ඇඳ කෙලවරක තියන මගෙ ලැප්ටොප් එක දෙස බලාගෙන
"අනේ දුවේ දැන් ඒක ගන්න බෑ "
මෙ කෙල්ල රෑට Angry Birds සෙල්ලම කරන ගමන් හැමදාම නිදාගන්නව. ඒත් අද මට සෑහෙන්න මහන්සිය්.
ටික වෙලාවකින් මට ඇහෙනවා කුස්සිය පැත්තෙන් කං කෙඳිරියක්.
"බලන්න අම්මෙ තාත්තා එනකන් හිටියෙ එයාගෙ ඔඩක්කුවෙ නිදාගන්න "
මට පොලව පාලාගෙන යන්න හිතුනා.
ඒවෙලෙම ගිහින් චූටි කෙල්ලව අරන් නින්දයනකම් ඔලුව අතගෑවා .
හෙ හෙ ඒකත් ලැප් එක තමයි... 27 හමු වෙමු...
ReplyDeleteඑහෙනං
Deleteහික්ස්
ReplyDeleteඑහෙම ලැප් එකකුත් තියනවනෙ නේද...
නැතුව නැතුව තියනවා නේන්නම්
Deleteහි හි.. හැබෑට අපි හැමෝටම ඒ ලැප් එක අමතක වෙනවා නේන්නං... හි හි
ReplyDeleteඅමතක වෙනවා නෙමෙයි අමතක කරනවා
Deleteහික්ස්! හොඳටම ටැපලිලා වගේ! :D
ReplyDeleteහ්ම්
Deleteඅපි හිතනවට වැඩිය පොඩි එවුන් හිතනවා...
ReplyDeleteඒක ඇත්ත
Deleteහ්ම්ම්ම්ම්.... ඒ ලැප් එක නේන්නං ඕනි පුන්චි හිතකට
ReplyDeleteහ්ම්ම්
Deleteපොඩි එවුන්ට පොඩි කාලෙදි වගේම ලොකු උනාමත් ආදරය සෙනෙහස දක්වන්න ඕනේ...
ReplyDeleteඒ සෙනෙහස නැති එකෙන් තමා ලොකු උනාම ප්රශ්න..
සියයට දෙසීයක් ඇත්ත
Deleteමචං ඔය කෙල්ලො කියන ජාතිය මහ පුදුම ජාතියක්. උන්ට පුලුවං ලෝකෙම කන පිට පෙරලන්න.
ReplyDeleteඒකතාව හැම පැත්තෙන්ම ඇත්ත
Deleteමම අදමයි මේ පැත්තට ආවේ.මම දන්න ගොඩක් අය මේකට එනවනේ.
ReplyDeleteඇයි යසිරු පහුගිය පොස්ට් සෙරටම කමෙන්ට් කලේ කියවන්නෙ බලන්නෙ නැතිවද ?
Deleteහෙහ් හෙහ්
Deleteකාලීන සොදුරු කතාවක් :)
ReplyDeleteලැප් එක ‘උකුළ‘ ටත් යෙදෙන බව සිහි තබා ගන්න :)
ජය වේවා !
ඇත්තටම වෙන පොස්ට් එකක් දාන්න ඉන්නකොට මේ සිදුවීම උනේ ඒ හන්දා කාලීන වැදගත්කම තෙරුනා
Deleteනියම අර්තය අපිට අමතකම වෙලා ගිහින් නේද ?
ReplyDeleteඒක නම් ඇත්ත සෙන්නා දැන්වත් පුරුදුවෙන්න ඔනේ හරි අර්තයෙන් හිතන්න
Deleteපොඩි උන් දැන් හරි දැණුවත්. කියවන කොටම හිතෙනවා මහ දඟ මල්ලක් වගේ සුරතල් කෙලි පොඩ්ඩියෙක්.
ReplyDeleteමේ මගේ දෙවනි කෙල්ල ලොකු කෙල්ල මෙහෙම දඟ නෑ මම හිතන්නෙ දෙවනියා දඟයි මම දන්න හුඟ තැන්වල එහෙමයි
Deleteඇවිල්ලා අපේ ගෙවල් පැත්තේ බලහං, රුපියල් එකසිය හැටපහේ සර්ප්එක්සෙල් එකක් මාව ටැංකියට දිය කරලා
Deleteආ අමතක උනා මම ගෙදර ඉන්න වෙලාවක වරෙන්
Deleteඔය වගේ පැටළිලි නම් වෙනවනේ.. කමක් නෑ ඉතින්.. ආයෙ කියද්දි කල්පනාවෙන් ඉන්න මොන ලැප් එක ගැනද කියන්නේ කියලා..
ReplyDeleteඅඩේ දෙන්න අලුත් මූනකින්
Deleteඊට පස්සෙ ගෙදර නඩුකාරි කුස්සියෙ ඉඳන් ඇවිත් ලොකු ජෝන්ට හොඳටම දෙසා බෑවලු :D
ReplyDeleteහපෝ නෑ නඩුකාරී එන්න කලින් මම පැමිනිලිකාරිව ශේප් කරගත්තා
Deleteජුලයි 7යි කිව්වලු.
ReplyDeleteනෑ නෑ මෙක උනේ ජනවාරියේ හික් හික්
Deleteදෝණිගේ ලැප් එක තමයි නියම ලැප් එක..දරුවන් අපි හිතනවාට වඩා දෙතුන් ගුණයක් ඉදිරියෙන්
ReplyDeleteඇත්ත දයා, අපි පුන්චි කාලේ හිතුවට වඩා සෑහෙන්න වෙනස්විදියට ඒ අය හිතන්නේ
Deleteඅඩේ පව් බොල කෙල්ල
ReplyDeleteපවු නේන්නම්
Deleteලැප් කිව්වම අපිට එකපාරට කල්පනාවට එන්නේ ලැප්ටොප් තමයි..
ReplyDeleteඊයෙම වචනේ මාරු කරගත්තා මගේ ශබ්ද කෝශයෙන්
Deleteහුටා ඒකටත් ලැප නේන්නං කියන්නේ..
ReplyDeleteනැතිව ඒකට කියනෙත් ලැප තමා
Deleteචුටි දෝණි අපච්චිට චුටි කාලේ පාඩමක් මතක් කරලා දීල වගෙයි
ReplyDeleteඒකනම් ලොකු පාඩමක් තමා
Deleteමදෑ කෙල්ල ලැප කියලා තියෙන්නෙ ඔරිජිනල් ලැපටනේ. :D
ReplyDeleteදැන් අපිට ඒක අමතක වෙලාම ගිහින් නෙ.
එකනේ මට පොලව පලාගෙන යන්න හිතුනේ
Deleteපොඩි එවුන්ගේ සිතුම් පැතුම් හරිම අමුතුයි ලොක්කයියේ. එව්වා තේරුම් ගන්න අපි එයාලත් එක්කම ඉන්න ඕනේ.
ReplyDeleteඒකනම් ඇත්ත කෝරලේ මහත්ත්යො
Deleteපුංචි දරුවෝ අපි හිතනවාට වඩා දේවල් හිතනවා.....
ReplyDeleteසහතික ඇත්ත අරුන්දතී
Deleteමම හැම තිස්සෙම කියනව වගේ .. චූටි කෙල්ලනම් ඔයාම තමා :D
ReplyDeleteහික් හික් එහෙම නැතිව ......
Deleteඕන් ... ඕන නැති කෙටි වචනවලට හුරු උනාම වෙන වරදවා වටහාගැනීම්. දරුව මොනව හිතන්න ඇද්ද තාත්ත එහෙම කිව්වහම.
ReplyDeleteඇයි කලවම් බාසාව .. අපි ලමයින්ටත් ඒක පුරුදු කරනවනේ (ලොකු කමට )
Deleteපොඩි අයගේ හිත රිදවන්න එපා කවදාවත්....
ReplyDeleteඅප්පටසිරි කවුද දන්නේ පොඩි එකී ලැප් එක කිව්වේ උකුලටය කියලා. හික්ස් :)
ReplyDeleteඔය වචන කොට කරනවට අපිට ලැබෙන දඬුවම්. මගේ කෙල්ල නිතරම කියන එකක් තමයි ඇප් එක කියන එක. මේ කියන මොහොතේදීත් ඇය නොට්බූක් එක ඉල්ලනවා.
ReplyDeleteඅප්පා.... මදැයි..... දැන් අපිට ලැප් කිව්වොත් මතක් වෙන්නේ වෙන එකක්නේ..... කාලේ වැරැද්ද..... කාලේ වැරැද්ද.... :D
ReplyDeleteපව් පොඩි එකා.....
අනේ හැබෑටම... මොනව උනත් දරුව කියල දුන්නෙ නම් ජීවිතේට අමතක නොවෙන පාඩමක්...
ReplyDeleteමේක මම දැක්කෙ නානෙ ජෝන්.මේක මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වුනේ නෑ. මම මේ දැන් වෙන එකකින් දැක්කෙ.
ReplyDeleteඔය ලැප්ටොප් එකට ලැප් එක කියන එකෙන් ඔය වගෙ තවත් අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා.
මේක අර ඇස් අරවන්නක් (eye opener) නේ?