පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අදවේ
මුල්ම දවස අදවේ
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ
මා තනි කල මොහොතේ
අදසිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතෙන් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වෙන මොහොතෙ
පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අදවේ මුල්ම දවස අදවේ
සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පංතියෙ තියලා
මල්ගස් යට සෙවනේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතෙ
පංතිය නිම වී පුතු ඇවිදිල්ලා
මේතනින් ඒ ගීතය අහන්න
ඇන්ජලීන් ගුනතිලක ගයන මේ ගීතය මට මතක් උනා. ගීතයේ පුතෙක් ගැන කතා කලත් කරන වැඩවල හැටියට මගේ පොඩි දුවත් පුතෙක් වගේ දඟයි. ඒ හන්දා වැඩි වෙනසක් නෑ.
පොඩි දුවගේ ආච්චිලා දෙන්නා මෙ කෙල්ලට නම් දෙකක් දාලා තියෙන්න. අම්මගේ අම්මා, දුව කියන්නෙ "අම්මම්මා" කියලා එයා කියන්නේ "ඇට්ටරී" කියලා .
මගේ අම්මා, ඒ කියන්නේ දුවගේ තාත්තම්මා කියන්නේ "ගල්ටික්" කියලා
නම් දෙකෙන්ම හිතාගන්න පුලුවන්නේ තරම.
ගීතයේ මුල්කොටස "පුංචි ඇස් දෙකේ කඳුලු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට" තැනට යනතුරු මම අද උදේ අත්වින්දා
දුවගේ අම්මනම් ගීතයේ සම්පූර්න අත්දැකීම විදින්න ඇති.
ඉස්කොලේ පලමු දවස එයාට අමතක නොවන තව හේතුවක් තියනවා. අද එයාගේ උපන් දිනය ....
ඒ හන්දයි වේලාසන ගෙදර යන්න ඕන පුංචි කෙල්ලට උම්ම එකක් දෙන්න
දුවට සුභ උපන්දිනයක්.. අකුරු කරන්න පටන් ගත්තටත් ඉතිං සූභ පතන්න ඕන නෙව. හොදින් ඉගෙන ගන්න කියල.. ඔය තාත්තා වගේම නරක ලමයෙක් වෙන්නට..
ReplyDeleteමේ ජොන් මල්ලි දැං අමතක වෙනවද ගණන් කරලා දාන්න.. හික්...
ReplyDeleteමම හිතන්නෙ ඕනම දෙමාපියෙකුට තමන්ගේ දරුව මුලින්ම පාසල් ගිය දිනය අමතක කරන්න බෑ .මටත් තාම මතක් වෙනව මුලින්ම පාසල් ගිය දවස මේ ලිපිය කියෙව්වම.
ReplyDeleteකොහොම උනත් චූටි දුවට සුභ උපන් දිනයක් පතන ගමන් ඇයගේ අනාගතය සුභ වෙන්න කියලත් පතනවා .
ගෙදර ඔහොම කස්ටිය වැඩිදෙනෙක්... මරන්න ගෙනියන හරක් වගේ ඔය දවසට.. මටත් තාම මතකයි මගේ මුල් දවස... බබාගේ අම්මටත් උම්මා එකක් දෙන්න මගේ ගානේ.....
ReplyDeleteමොකක්
Deleteචීයා...
Deleteමුලින්ම ස්කෝලෙ ගිය දවස ආයෙත් මතක්වුණා ආයෙත්.. චූටි දෝනිට සුබම සුබ උපන්දිනයකුත් වාසනාවන්ත සුබ අනාගතයකුත් ප්‍රාර්ථනා කරනවා..!!! :)
ReplyDeleteසුභ උපන් දිනයක් පොඩ්ඩිට..
ReplyDeleteමං ඉස්කෝලේ ගිය පළවෙනි දවසේ හිටියලු අනිත් අඬන අයට හිනාවෙවී.. ගෙදර ආවේ මං ආයිත් ඉස්කෝලේ යන්නේ නෑ කියාගෙනලු... හි හි
දු පටියට සුබ උපන්දිනයක්..!!!!!!
ReplyDeleteමට ඔය වාසනාව නෑ. මගේ දරුවා ඉස්කෝලේ යනකොට තියා එයාගේ උපන්දිනේකටවත් මට තාම එය ළඟ ඉන්න බැරිඋනා,
සුභ අනාගතයක් වේවා...!!!!!!
සුබ උපන් දිනයක් ,,,,දෝනිට
ReplyDeleteආදරණිය දෝණිට සුභ උපන් දිනක් වේවා කියල කියන්න. එයා ට මේ දවස සාදා මතකයේ තියේවි. හොඳ සිහිවටනයක් තබන්න.
ReplyDeleteආදරණිය දුවට සුභ උපන් දිනක් වේවා කියල මං කිව්වා කියන්න..
ReplyDeleteමං මුලින්ම ඉස්කෝලෙ ගියපු දවසෙ ටීචර්ට බුලත් දෙන්න පෝලිමේ යද්දි ලඟ හිටපු කෙල්ලෙක්ට උම්ම එකක් දීල.. ඒකි මහ හයියෙන් අඬල.. ඒ ගනිපු ෆොටෝ එක බෑතක් වෙනකම් තිබුණ.. හි හි
ඔන්න ඉතිං නාඩියා ත් සුභ පැතුවා ඈ!
ReplyDeleteදෝනිට සුභ උපන්දිනයක් වේවා! හොඳට ඉගනගන්න දෝනියේ.
ReplyDeleteනංගියට සුබ උපන් දියනක් කිව්වා කියන්න, (මම ඉස්කෝලෙ ගිය දවසේ ගේට්ටුව බලාගෙද ඇඩුවලු,පස්සෙ මාව අක්කා,කෙනෙකුයි අයියා කෙනෙකුයි උස්සන් ගිහහින් තියෙන්නෙ ඉස්කෝලේ ඇතුලට)
ReplyDeleteඅය්යෝ පව් හී හී....
Deleteසුබ උපන්දිනයක් සහ සුබ පාසැල් දිනනම් මොන්ටිසෝරි යන නිසා ඉස්කෝලෙ යන ලමයි අඩන්නෙ නැහැ...
ReplyDeleteඅපෙනුත් සුබ පැතුම් කියන්න...
ReplyDeleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDeleteදුවට සුබ උපන්දිනයක් වේවා!!
ReplyDeleteමෙන්න මගෙනුත් උම්ම එකක් .......... සුභම සුභ උපන්දිනයකට ආසිරි .... ඩී
ReplyDeleteදොනිට සුභ උපන් දිනයක් පතනවා!!..
ReplyDeleteමේ පොස්ටුව දොනිට හොද සිහිවටනයක් වෙයි..
දෝණිට සුබම සුබ උපන් දිනයක් වේවා !
ReplyDeleteදුවට සුබ උපන් දිනයක් පතමි
ReplyDeleteහොඳින් ඉගෙනගන්නට මගේ ආශීර්වාදය
සුභම සුභ වේවා !
ReplyDeleteසුබ උපන් දිනයක් වගේම අදින් ඇරඹෙන පාසෙල් දිවිය ප්‍රීතිමත් වැඩදායක එකක් වේවායි කියල පතනවා.
ReplyDeleteමගෙ පොඩි කෙල්ල ඊයේ රෑ ගියා. අපි එයා ගිය යානය ගුවන්ගත වෙනවා බලන් ඉඳල ඔහේ හොල්මන් තුනක් වගේ ගෙදර ඇවිල්ලා වැටිලා නිදා ගත්තා. පොඩිවට හිටියා නම් කොච්චර හොඳද කියල මට හිතුනා.
ඒයි.. අද වැඩට ආවාට තත්තට ගහන්නයි වටින්නේ.. දුවපන් .. ගිහින් ඉස්කෝලෙ ගේට්‍ටුව ගාව ඉඳලා වඩාගෙන උම්ම එකක් දෙන්න..
සුබ උපන් දිනයක් සහ සුබ පලවෙනි පාසැල් දිනයකුත්.
ReplyDeleteපොඩ්ඩිත් ඉස්සල්ලාම 'අපි නම් අඬන්නේ නෑ' කියලා හිනාවෙවී ගිහින්, අනික් අය අඬනවා කියලා කෑගහලා ඇඬුවලු. ඔය පොඩ්ඩි නම් එහෙම අඬන එකක් නෑ.:-D
ඔන්න මගෙනුත් ලොකූඌඌඌඌඌඌ උම්ම්මා එකක්...
දුවට සුබ උපන්දිනයක් වේවා !
ReplyDeleteදුවට සුභ උපන්දිනයක් වේවා. එමෙන්ම අනාගතේ බුද්ධිමත් පුරවැසියෙකු වීමට වාසනාව ලැබේවා.
ReplyDeleteඅනේ මගේ පොඩ්ඩිත් මොන්ටිසෝරි යන්න පටන් ගත්තා මේ ජනවාරි 10 වෙනිදා ඉඳලා. ඒත් ඔය ඇන්ජලීන් ගේ සින්දුවේ වගේ පන්ති ඉවර වෙනතුරු පාසැල් භූමියේවත්, පාසැල් භූමිය අවටවත් රැඳි ඉන්න එක පාසැල් පාලන අධිකාරියෙන් තහනම් කරලා නිසා එයාව ටීචර්ට භාර දීලා මට ගෙදර යන්න උනා. ඔය කියන විදියට කඳුළු පිරුනේ දුවගෙ ඇස් වල නෙවෙයි මගෙ ඇස්වලයි. එයානම් ඇස් වල හිනාව පුරෝගෙන මට "බායි අම්මී" කියලා කිව්වා.
ReplyDeleteහවස එක්කගෙන එන්න ගියාම කිවුවා "අම්මී එතන ඉන්න බබාලා ඔක්කෝමලා අඬනවානේ" කියලා.
ජෝන්ගේ දුවටත් සුබම සුබ උපන්දිනයක් සහ සුබම සුබ අනාගතයක්!හොදින් ඉගෙනුම ලබා රටට දැයට වැඩදායි කෙනෙක් වීමට ලැබේවා!
චූටි එකීට සුබ අනාගතයක් සහ සුභ උපන්දිනයක් සමඟ ඩූඩ් මාමාගෙනුත් උම්මා එකක්!
ReplyDeleteසුභම සුභ උපන්දිනයක් වේවා!!
ReplyDeleteදුවට සුභම සුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුභ අනාගතයකුත් පතනවා....
දූට සුබම සුබ උපන්දිනයක් ! දීප්තිමත් වාසනාවන්ත අනාගතයක් චූටි දූට උදාවෙන්න කියල මම ප්‍රාර්ථවා කරනව.
ReplyDeleteමටත් ලාවට වගේ මතකයි ඉස්කෝලෙ ගිහිපු මුල්ම දවස.
චූටි දූට සුභ උපන්දිනයක්. ඒ වගේම ඉගෙනීමේ කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියල පතනවා.
ReplyDeleteමම නං ආයෙ අඩුවෙ නෑ. හොට්ට පෙරං අඩල තියෙන්නෙ මොට්ට සෝරි යන කාලෙ. ඉස්කෝලෙ ගියා චණ්ඩිය වගේ
චූටි දුවට සුභ උපන්දිනයක් / සුභ අනාගතයක් වේවායි මමත් පතනවා.....ඇන්ජලින්ගෙ ගීතය මමත් ඉතාමත් ප්‍රිය කරන ගීතයක්...
ReplyDeleteවාසනාවන් වාසනාවන්......
ReplyDeleteඉස්කෝලෙ ගිහිල්ලා අපේ ෆැකල්ටියටම එන්ඩ ලැබේවා!!
ReplyDeleteමමත් දින කිහිපයකට කලින් ඔය අත්දැකීම වින්දා.. ඒ මගේ පුතත් ඉස්ඉස්සෙල්ලම ඉස්කෝලෙ ගිය නිසා.. අපිටනම් ඔය සින්දුවෙ තියන අත්දැකීම් විදින්න ලැබුනෙ නෑ..
ReplyDeleteඅපේ පුතා මගේ අම්මට කියන්නෙ "අම්මම්මා" කියලා.. ඒ නංගිගෙ දුව අම්මට අමතපු විදිහ දිගටම යන නිසා.. අයියගෙ ළමයිනුත් එහෙමමයි කතා කරන්නෙ..
චූටි දුවට සුබ අනාගතයක් පතනවා !!