he

Wednesday, October 3, 2012

123. ඔබ දෙස බලන්නෙ කවුද ?

මෙන්න මේ විදියට තමයි කරන්න කියන්නේ
මගේ හුඟක් පොස්ට් වල මම සඳහන් කරලා තියනවනේ මම කන්තොරුවට යන එන වාහනය ගැන. මොකද මම පාවිච්චි කරන්නෙ කෝටි ගානක් වටින වාහනයක්.

 සාමන්‍ය කෙනෙකුට දරන්න අමාරු ගානක් නිසා මම වාහනේ සල්ලි දීලා ගන්න වගකීම ගත්තෙ නෑ. මාසෙකට සැරයක් තමයි මට වාහනේට ගෙවන්න වෙන්නේ.
ඒ හන්දා වාහනේ ගන්න එක ආණ්ඩුවට බාරදුන්නා. ආණ්ඩුවෙන් ඒක දුම්රිය දෙපාර්තමෙන්තුවට බාරදීලා. කොහොම හරි උදෙට මට එන්න එක වහනයක් තිබුනෙ නැත්නම් වෙන එකක් හරි එනවා. කෝටි ගානක වාහනේක ආවත් කන්තොරුව ගාව ඇඳුම් මදින තැනක් තියනවනම් හොඳයි කියලා හැමදාම වගේ හිතෙනවා.  

ඉතින් මම මේ පොස්ට් එක ලියන්නෙ මම එන වාහනේ වන කෝච්චිය ගැන විස්තර කියන්න නෙමෙයි. 

ඔය යන එනකොට මම යන එක තැනක් කියලා නෑ . ඉස්සර නම්, ඒ කියුවේ මීට අවුරුදු 15කට20කට විතර උඩදි නම් ස්ථිරවම මම යන තැනක් තිබුනා. එහෙම යන එන එක නවත්තපු කතාව ඉදිරි ලිපියකදි ගෙනහැරපාන්නම්. මොකද ඒක හරිම දුක හිතෙන කතාවක්.

  ඔන්න එහෙනම් අද මාතෘකාවට බහිමු. ඔය දුම්රියේ නානාප්‍රකාර පුද්ගලයන් එදිනෙදා ගමන් බිමන්වල යෙදෙනවා . පොඩි ළමයි එල්ලගෙන, ලොකු ළමයි අල්ලගෙන. සමහරක් බදාගෙන තව සමහරු බෙදාගෙන . මෙ මම කියුවේ කෑමවගේ දේවල්. ඔය රංචු රංචු යන තැන්වල කෑම බීම වගේ බෙදාගෙන කනවනේ. 

ඉතින් ඔහොම සෙනග පිරුනු කෝච්චියේ තනියම යන අයත් ඉන්නවනේ ඒ අය ඉතින් කිර කිර යන අය තමා.

 ඒත් හිතන්න එපා ඔය ගොල්ලො දිහා කවුරුවත් නොබලනවා කියලා. ඔය ගොල්ලො දිහා බලන් ඉන්න අය කවුරුද කියලා හරියටම දැනගන්න ඕනමනම්. අර මම මේ පොස්ට් එකවෙනුවන් දාලා තියන පින්තූරෙ විදියට ලොකුවට කට ඇරලා ඈනුමක් අරින්න (හැබැයි සද්දෙට නෙමෙයි) තත්පර පහක විතර එකක් . ඊට පස්සේ හොඳට ඇස් ඇරලා වට පිට බලන්න.

 අන්න ඔය දැන් ඈනුම් අරින කට්ටිය සේරම ඔබ දෙස බලන් උන් අය. … …

මේ මම වසර ගනනාවක් අර මම කීව කෝටි ගානක වාහනේ ගමන් ගිහිල්ලා අත්දැකීම්න් දැනගත්තු දෙයක්.

59 comments:

  1. ඈනුම්නං බෝ වෙනවලුනේ.ඔය කෝටි ගාණක් වටින වාහනේම තමයි මාත් යන්නේ එන්නේ.එක දවසක් අපේ පැත්තේ ඩයල් එකක් ඩබල් කැබ් එකක් අරගෙන පොර ටෝකක් දුන්නම මම කිව්වා මාත් යන්නේ ඩබල් සෙට් එකක උදේ 6.20ට තියෙන කියලා.

    ReplyDelete
    Replies
    1. නැත්තං ඩබල් කැබ් එක වගේද අපේ වාහනේ

      Delete
  2. හෙහ් හෙහ් .. ඒකත් මරු. ඒ කියන්නෙ ඈනුම් අරින එක බෝවෙන රෝගයක් !

    ReplyDelete
  3. ඇත්තටම ඇයි එහෙම වෙන්නෙ .බලමු වෙදමහත්තයගෙන්වත් හරි පිලිතුරක් ලැබේද කියල .

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තයව සෑහෙන්න දවසකින් මේ පැත්තෙ දැක්කෙ නෑ

      Delete
  4. අපේ ආත්තම්මා කිව්වේ ඇනුම් යන්නේ වාතෙන් කියලා..එක පාරට දෙතුන් දෙනෙක්ට එකපාර ඈනුම් යන්නේ ඒ වාතේ හුස්ම අරං කියලා කිව්වේ.....

    ReplyDelete
  5. කතාව ඇත්ත. ඈනුම් බොවෙනවා හි හි :D :D :D :D :D

    ReplyDelete
  6. හැබෑව ............... අපි නෑනේ කෝච්චියට .... බස් එකේදි ඕක කරල බලන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

      Delete
  7. සිරාවටම එහෙම වෙනව නේන්නම්....

    ජෝන් කෝච්චියෙ යද්දි ඈනුමක් ගියාද

    ReplyDelete
    Replies
    1. ගියෙ නෑ මම ඕක කරනවා

      Delete
  8. මේක සිරාවටම වෙන වැඩක්ද ??මරු --මරු බලන්න වටින එක්ස්පරිමන්ට් එක. උදේශ් පානදුරේ නේද ? මමත් එ පළාතේ තමයි.

    ReplyDelete
    Replies
    1. කරලා බලන්න අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
      …මම යන්නෙ උදෙ 7.28 නැත්නම් සාගරිකා හවසට එන්නේ ගාල්ල මන්දගාමී එකේ නැත්නම් ඊට පස්සේ එකක

      Delete
  9. ඇත්තටම ඈනුම් බෝ වෙනවා තමයි! නියම වැඩක්නේ මේක.

    ReplyDelete
    Replies
    1. දැනගෙන උන්නෙ නැද්ද !

      Delete
  10. ඇත්ත තමයි කතාව. එක්කෙනෙක් කට ඇරියොත් අනිත් එවුන්ටත් ඕන වෙනව.

    ReplyDelete
    Replies
    1. අනුකරනයට අපි කොහොමත් රුසියොනේ

      Delete
  11. අපේ එකෙක්ගෙන් ටීචර් කෙනෙක් පාඩමට අදාල ප්‍රශ්නයක් ඇහුවම, පොර කට ඇරල ඈනුමක් අරල අහක බලාගත් හැටි සිහිකළ බොට තුති. :)

    ReplyDelete
  12. ඈනුම් නම් බෝ වෙනවා තමයි කෝච්චියේදි.. හි හි....

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙ විතරක් නෙමෙයි ගෙදර සේරම TV බලබල ඉන්න වෙලාවක අත්හදා බලන්න

      Delete
  13. සිරාවට ඈ.... කතාව ඇත්ත :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සබාවෙ කරලා බැලුවද ?

      Delete
  14. හික්ස් ඒක පට්ට කතාව]

    ReplyDelete
    Replies
    1. අත්දැකලා තියනවා නොවැ

      Delete
  15. Replies
    1. ඒකනම් එසේමයි දැනුත් එකක් ගියා

      Delete
  16. ඈනුම් යන කතාව නම් ඇත්ත තමයි. මටත් වෙලා තියනවා සහ තවමත් එහෙම වෙනවා. මුල්ම පේලි ටික නියමෙට ගලපලා තියනවා නේ.

    ReplyDelete
    Replies
    1. කෝටි ගානක වාහනේ කතාවද ?

      Delete
    2. හ්ම්ම්..:)

      Delete
  17. අම්මට සිරි :)
    අඩේ ඕක කෝච්චියේ යන දවසක කරන්න ඕනේ
    ඒත් කෝච්චියේ යන්න සෙට් වෙන්නේ අඩුවෙන් නේ :/

    ReplyDelete
    Replies
    1. කෝච්චියෙම ඕනෙ නෑ ගෙදර කට්ටිය TV බලබල ඉන්න වෙලාවක උනත් කරන්න පුලුවන්

      Delete
  18. මමත් ගමනක් යන්න ගියාම යන්නේ කෝච්චියේ තමයි!හැබැයි තාම ඕක අත්විඳලා නෑ!:P

    ReplyDelete
  19. කෝච්චියේ ඉතිං අපිත් ගියාලුනේ කාලයක්...

    ReplyDelete
    Replies
    1. මමනම් දන්න කලෙ ඉඳලා කෝච්චියෙ තමා යන්නෙ

      Delete
  20. දැන් කාලේ නම් ඔහොම ඈනුම් අරින්න කට ඇරියට කමක් නැහැ ඉස්සර කාලේ දුම් කොච්චි තියෙනකොට කට ඇරියොත් හරියටම ඒ වෙලාවේ කෝච්චිය හූවක් එහෙම කීවොත් කටෙන් එකක් අඟුරු කුඩු !!

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට දැන් ඒවා නෑ එහෙම තිබුනනන්ම් අද අත්හදා බලන්න ගිය කට්ටියගෙන් බැනුම් අහලා .අඩේ ඔය දාලා තියෙන්න මූන.

      Delete
  21. ජැක් එකත් බෝ වෙනවා ඇති ඔක්කෝම ජැක් ගහගෙන යන්නේ.. උඹගෙ කෝටී ගානක් වටින වෙහිකල් එකේ..

    ReplyDelete
    Replies
    1. කොහොමටත් බම්බලපිටියෙ ඉඳන් පානදුරෙට යනකන් ගාල්ල කෝච්චියෙ ජැක් ගහන්න ඕනෙ නෑ ඉබේටම වැදෙනවා

      Delete
  22. ඈනුම් බෝවෙන්නේ මිනිස්සු අතරම විතරක් නෙවෙයි. සත්තු අතරත් පොදුයි වඳුරෙක්ට ඈනුමක් යනාදිහබලන් හිටියොත් මිනිසුන් වන අපටත් ඈනුම් යන්න තියෙන ප්‍රවනතාව වැඩියි කියල මම අහල තියෙනවා.කොහොමින් කොහොමින් හරි දැන් මට එකදිගට ඈනුම් යනෝ.........

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අප්පා අර කියුවා වගේ වඳුරෙක් දිහාවත් බලන් උන්නද ?

      Delete
  23. මමත් මහව දුම්රියෙ සැට් එකක් එක්ක ගතකල සොදුරු අතීතය මතක් වුනා... රැකියාවේ සිදුවුන වෙනස් කම් එක්ක ඒ සබදකම් නැතිව ගියා...

    ReplyDelete
    Replies
    1. ඒවානම් එහෙම තමයි

      Delete
  24. ඈනුමත් බෝවෙනද..?
    ඇයි කොල්ලො ඉන්නතැනක එකෙකුට චූ බර උනාම හැමෝටම ඕනවෙනව නේද..?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔව් එහෙම එකකුත් අහලා තියනවා

      Delete
  25. හෑ... මමත් සතියකට සැරයක් ඔය වාහනේ යනවා නොවැ!

    ReplyDelete
  26. මමනම් වැඩියෙන්ම දැකල තියෙන්නෙ මිනිස්සු පොදු වහනවල යනකොට තමතමන් හදාගත්ත ලෝකවල ජිවත්වෙමින් ගමන යන්නෙ කියල.ඔවුන් පියවි සිහියට එන්නෙ බස් හෝල්ට් එකට හෝ ස්ටේෂන් එකට ආවාමයි.

    ReplyDelete
  27. හි හි හි...කරලම බලන්න ඕන :)

    ReplyDelete
  28. කතාවනම් ඇත්ත.. සෙට් එකක එකෙක් කලොත් අනිත් ඔක්කොටම ඉබේම වෙනවනේ..

    ReplyDelete
  29. ෂහ්. මං දැනගෙන හිටියේ නෑනේ. ඇත්ත තමයි පරක්කු වෙලා හරි කෝචිචියක් එවන්න ආණ්ඩුව කටයුතු කරනවා ‍නොවැ. මගේ වාහනය කියල රචනයක් ලියමුකෝ...

    ReplyDelete
  30. මගෙ කලින් වාහනේට මම නමක් දාල තිබ්බේ සමුද්‍ර දේවී කියලා.. පානදුරේ ඉස්ටේසමට ගිහිල්ලා ප්ලැට්ෆෝම් එකෙ හිට ගත්තහම වාහනේ මගෙ කකුල් දෙක ලඟම නතර කරනවා. හැබැයි පස්සෙ මගේ වාහනේ නම් මම දුප්පත් මිනිස්සුන්ට යන්න දීල, ප්‍රකෝටි ගාණක් වටින වාහනයක් ගත්තා... ගත්තට වැඩිය යන්න ලැබුනෙත් නෑ... එකපාරයි දෙකයි... අපරාදෙ සල්ලි...

    ඈනුම් විතරක් ද? චූ බරත් බෝවෙනවා...

    ReplyDelete
  31. ඈනුම බෝ වෙනවා නේන්නම්.කෝච්චියෙදි කරලා බලන්න ඕනෙ.

    ReplyDelete
  32. අඩේ ඒක නියම වැඩේ..... කරල බලන්න ඕනෙ

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..