he

Monday, November 11, 2013

කුණු ගොඩ

සෑහෙන්න කාලෙකින් පෙට්ටගමට ලිපියක් ලියන්නේ. බ්ලොග් සහෘදයන්ගේ බ්ලොග්‍ රෝල් යාවත්කාලීනවෙනවද බලන්නත් එක්ක දාපු "විශේෂ නිවේදනය!" ලිපිය හිතුවට වඩා සාර්ථක උනා


  අද මට ලියන්න හිතුනේ අත්දැකීමක්. මගේ අත්දැකීමක් කියුවට මේ අත් දැකීම බොහෝ දෙනෙකුට ඇති. සමහරවිට මෙ අත්දැකීමට නැත්නම් මේ ගැටලුවට පිලියමක් තවම හමුවෙලත් නැතිව ඇති. බලන්න මේ ගැටලුවට ඔබ ඔබ මුහුන දුන්නානම් ඔබ කරන්නෙ කුමක්ද කියා.

…ලොකු ජෝන් ගෙ මහගෙදර ඒ කියන්නෙ අපි පුංචි කාලෙ හැදුන වැඩුන, සෙල්ලම් කරපු, මගේ අතීත කතා ගනනාවකට සම්බන්ද වුනු මහගෙදර. අද මම එහෙ නැතත් අම්මයි තාත්තයි ඉන්නෙ එහේ. තව මගේ මල්ලිගේ ජීවිතෙ ගතවෙන්නෙත් එහෙම තමා. අම්මයි තාත්තයි මුනුපුරු මිනිපිරියන් එක්ක දවස ගතකරන්නේ මේ මහගෙදර තමා.

…මහගෙදර කියුවම කාගේත් හිතෙ මැවෙන අක්කර ගානක පොල්ගස් දෙල්ගස් කොස්ගස් පිරුනු වත්තක් නම් නෙමෙයි අපට තිබුනේ. පර්චස් 20කට සීමාවුන ටිකක් හිමින් හූවක් කීවත් අල්ලපු ගෙදරට ඇහෙන සාමාන්‍ය නිවසක් තමයි අපේ මහගෙදර.


පොලව කොටලා එළවලු පැලකීපයක් වවාගන්න, හොද්දට කිරි දාන්න පොල් ගෙඩියක් කඩාගන්න පොල් ගහක් එහෙමත් නොතිබුනා කියලා නම් මම කියන්නෙ නෑ. නාගරික පරිසරයට කිට්ටු උනාට ගහ කොළ සුළඟ නිරන්තරයෙන්ම අප පරිසරය වටා පැතිර තිබුනේ අහල පහල හැම දෙනාගෙම ගෙවතු ගහකොලින් බරවෙලා තියන නිසයි. අපේ වත්ත වැහෙන්න තාප්පයක් ගහලා තුන් පැත්තක් සාමාන්‍ය ප්‍රමානයෙන් ගහලා එක් පැත්තක් විතරක් අඩි පහලොවක් උසට ගහලා තියනවා.

ඔව් ඔව් හරියට හිරගෙදර තාප්පෙ වගෙ තමයි. අද මම කියන්න යන කතාව පටන්ගන්නේ ඔන්න ඔය තාප්පේ එක් පැත්තක් විතරක් අඩි 15ක් උසට ගහන්න හේතු උන හේතුවත් එක්ක තමයි.

…සාමාන්‍යයෙන් අපේ සමාජයේ එක එක ආකාරයේ පුදගලයන් සිටිනවනේ. අපේ ගෙදරට යාබදම ගෙදරත් එක ආකාරයක පුද්ගලයෙක් තමයි වාසය කරන්නේ. ඔය මනුස්සයා ගැන මට වෙනම බ්ලොග් එකක් ලියන්නත් හිතුනා. ඒත් මේ බ්ලොග් එක ලියාගන්නවත් වෙලාව හදාගන්න අමාරු මම කොහෙද තව බ්ලොග් එකක් ලියන්නේ.
…අපි මේ මනුස්සයට සුනිල් කියමු. මොකද මේ මනුස්සයගෙ ඇත්ත නම කියුවොතින් රටෙ ප්‍රධාන පුරවැසියෙකුගේ නමට අපහාස කලා කියලා කවුර් හරි කියන්න පුලුවන්.

…ඔය සුනිල් කියන මනුස්සයා වයසින් අවුරුදු පනහානම් පැනලා ඇති. මේ මනුස්සයා පුංචි පවුල රත්තරන් කියන සංකල්පය පිලිගත්තු කෙනක් නම් නෙමෙයි. ළමයිනුත් හත් අට දෙන්නෙක් ඉන්නවා. ස්ථිර ආදායමක් නම් මම දන්න තරමින් නෑ. හරි මේ කියවන ඔය ගොල්ලන්ට හිතෙන්න පුලුවන්නෙ ස්ථිර ආදායමක් නැතිව ළමයි හත් අට දෙනෙකුට කන්න දෙන්නෙ කොහොමද කියලා. මටත් ඔහොම හිතුනා ඒත් ඉතින් උන් මගෙ නෙමෙයි හන්දා උන්ගෙ කෑම බීම ගැන මම හොයන්න ගියෙ නෑ.
…කොහොම කොහොම හරි උනුත් ජීවත් වෙනවා. මම කියුවනේ මේ මනුස්සයා රස්සාවක් කරන්නෙ නෑ කියලා, අඩු තරමින් දෑතෙ රස්සාවක් වත් කරන්නෙ නෑ හේතුව මහන්තත්වේද මොකක්ද කියලා තමයි ගමේ අහලපහල එව්වො කියන්නේ. සුනිල්ගේ වත්තෙ ඒ කියන්නෙ අපේ ගෙදරට යාබද වත්තෙ තියනවා තියනවා කොස් ගස් කීපයක් පලදාවත් වත්තෙ උන්දැවගේම තමා හැමදාම ඵලදාව, ඔය කොස් ගස් තියන එව්වො දන්නවා ඇතිනේ වත්ත අස්පස් කරන්න විදින්න ඕන වදේ ඔය සුනිල් ගොයියත් උදේ ඉඳන් එලියට පේන්න කරන එකම කාරිය ඔය වත්ත අතු ගාන එක.

…ඔන්න ඔය අතු ගාන එක තමා අද මගේ කතාවට මාතෘකාව වන්නේ. මේ මනුස්සයා උදේ පාන්දර ඉඳන් අතු ගාලා අතුගාලා මුලු වත්තෙම තියන කුනු ටික අපේ වැට (ඉස්සර තිබුනේ කම්බි වැටක්) අයිනට එකතු කරලා. හවසට ඒ කියන්නේ හරියටම 3 වෙනකොට ගිනි තියනවා. හුළඟ හමන්නෙත් අපේ පැත්තට වෙච්චි කොට මුලු ගෙදරම දුමෙන් වැහිලා යනවා. ජනෙල් වහගෙනඉන්නවා හැර වෙන විකල්පයක් නෑ. හොඳින් කියුවා ඇහුවෙ නැ. ග්‍රාමසේවකට පැමිනිලි කලා වැඩක් නෑ. පොර ගංකාරයා කියලා ග්‍රාමසේවක උන්නැහේත් පස්සගහනවා අපේ තාත්තලා ඉතින් පිටගං කාරයො වෙච්චි කොට වෙන මොනවා කරන්නද කියලා තාත්තා කලේ ඒ පැත්තෙ විතරක් අඩි පහලොවක් වෙන්න තාප්පෙ ගහපු එක.
…ටික කාලයක් තාප්පෙට හේත්තු කරලා ගිණි ගහලා ගහලා මිනිහටම එපා වෙලා නවත්තලා දාලා ටික කාලයක් ගතවුනා.

…කාලය ගතවුනා මගේ මලයාත් කසාද බැඳලා මහගෙදරම පදිංචි උනා. කසාද බැඳලා පදිංචි උනාට පස්සේ දරු මල්ලො ඉතින් හම්ම්බවෙනවා නොවැ. ඉතින් මූටත් පොඩි කොලු පැටියෙක් හම්බ උනා. ඔන්න අර සුනිල්ගේ හැංගිලා තිබුන මොකක්දො එකක් මතු වෙන්නා කියලා පරන පුරුදු කුණු ගොඩ ගිනි ගැහීම ආයෙම කරන්න ගත්තා. අනේ හවස් වෙනකොට මුලු ගෙදරම පිරෙන්න දුම.

…මේක හරියන වෙඩිමක් නෙමෙයි කියලා තෙරුන නිසා. මොකද කලේ ගැහුවා වාකවුලු සේරටම ඉටි කොල. බලං හිටියා හවස ගිනි ගොඩ ගහනතුරු. ඩයල් කලා අංකයක්, 119 නෙමයි අඳුනන ත්‍රීරෝද රථයක අංකයක්. පොර එනකන් ඉඳලා ගත්තා ඉනිමග නැග්ගා තාප්පෙට, ගත්තා වේලිච්ච මිරිස් ගොට්ට හැලුවා ගිනිගොඩට.

…එච්චරයි දොරවල් ජනෙල් වහලා නැග්ගා ත්‍රී රොද රථයට රෑ වෙලා ගෙදර ආවේ ... අනේ පහුවනදා ඉඳලා ගිනිගොඩනම් ගැහුවෙ නෑ

64 comments:

  1. 119 එකට කිවුවනං ඔච්චර ඉක්මනට ප්‍රතිඵල හම්බවෙන්නෙ නෑ.
    ඔය වගේ අසහනකාරයො ඉන්නකොටනං අසල්වැසියො කියන එක එපාම වෙලා යනව.

    ReplyDelete
  2. මන් හිතුවෙ මැරිලය කියලා ලොකු ජෝනා..සයිබ අවුරුදු උත්සවෙන් පස්සෙ දැක්කෙත් නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ උබලා අපි මලාට අඩු තරමින් බ්ලොග් එකේ සුදු කොඩියක් වත් දාන්නෙ නැ. (මොකද මම කමෙන්ට් නොදැම්මට හතරවටේම තියන බ්ලොග් කියවනවා )

      Delete
  3. නියමම වැඩක් අරූට සසර කළ නෙවෙයි මුට්ටිත් එක්ක කිරෙන්න ඇති හික් හික් හික්

    ReplyDelete
  4. අපේ පැත්තෙ 119 මිනි මැරුමක් වුණත් එන ජාතිය නෙවෙ නේ බං..

    ReplyDelete
    Replies
    1. හුඟක් තැන්වල එහෙම තමා

      Delete
  5. නියම වැඩක්කරලා තියෙන්නේ... :)

    ReplyDelete
  6. අප්පට සිරි කිව්වලු. නෑ කමින් ගණ දෙයියන්ගේ කව්රු හරි වෙන්න ඇති. ටිකක් හොයලා බලහන්

    ReplyDelete
  7. ඕකනේ උඹලා කලින්ම මිරිස් දුන්න නම් ඔය කරදර නෑනේ.

    ReplyDelete
    Replies
    1. කලින්ම දුන්නනම් අද ලියන්න කතාවක් කෝ

      Delete
  8. Replies
    1. හැ මම දන්නෙ නෑහැනේ

      Delete
    2. මචං ජෝන් දීපංකෝ අර ත්‍රීවිල් පොරගේ නොම්බර් එක. මටත් පොඩි ගේමක් තියෙනවා.

      Delete
    3. ඌ මෙතන ලොකු වැඩක් කලෙ නෑ බන්

      Delete
  9. ඒ කියන්නේ උඹ අල්ලපු ගෙදර සුනිල්ට ගම්මිරිස් පිම්බා ...:D

    ReplyDelete
  10. මෙහෙත් ඔය සීන් එක තියෙනව.. පළාතටම තියෙන එකම කොස් ගස් දෙක තියෙන්නෙ අපි ඉන්න ගෙදර වත්තෙ... හැබැයි ඉතිං මුණියන්ඩි අතු ගාලා අහල පහල ගෙවල් වල අය රෑට ගෙවල් වලට එන්න කලින් ගිනිතියනවා.. ඒක නිසා මෙච්චර කාලෙට බරපතල ප්‍රශ්නයක් නං ඇවිල්ල නැද්ද කොහෙද.. ඒ නැතත් ඉතිං කොස් කඩපු දාට ඒ ගෙවල් වලටත් කොස් ගෙඩියක් දෙකක් දෙන හින්දද මන්ද ඒ අය නං ඕකට එච්චර කන්කෙඳිරි ගාන්නෙ නෑ... හි හි...

    ReplyDelete
    Replies
    1. ගිනි තියන්න ඕනේ ඒත් අනිත් අයට කරදරයක් නොවෙන්න

      Delete
  11. අම්බෝ එපා වෙන්න ඇති... අපේ ගම් වල නම් එහෙම සීන් එකක් ආවෙ නෑ... අපේ ගම කිවුවෙ වන්නියට පොඩ්ඩක් මෙහායි...

    ReplyDelete
  12. නියම වැඩේ කරලා තියෙන්නෙ මරේ මරු.
    119 නොගහපු එකනන් හොදා එහෙම උනා නම් පැමිණිල්ල ගස් විත්තිය නිදොස්. එහෙමනෙ අපේ උදවිය ගෙ වැඩ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත කතාව. ආශ්චර්ය නේ.

      Delete
    2. 119 මෙතනදි විසඳුමක් වෙන්නෙ නෑ

      Delete
  13. අපි ඉතිං මුල් පදිංචිකාරයොනෙ ගමේ...මෙහෙම වැඩක් වුනා කොල්ලා කන රත් කරගෙන තමයි ඊළග දවසෙ කුණුගොඩ ගහන්න එන්නෙ...ඔය වගේ උන් තමයි මැරිලත් වත්ත දාලා පිට නොයන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පෙරේතයො කුම්භහන්ඩයො වෙන්නෙ මෙ අය

      Delete
  14. අඬේනව තනි ඇහැට.......

    ReplyDelete
    Replies
    1. අපොයි මාලු කියුවා

      Delete
  15. හි හි නියමයි ඉදගෙන ඈ

    ReplyDelete
  16. හෙහ්, අල්ලපු ගෙදර මනුස්සයා තාම ඉන්නවයි?

    ReplyDelete
  17. ජෝනත් හොද හොද වැඩ කරල තියෙනවා එහෙනම්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ පෙට්ටගම ලියන්න පටන්ගත්තේ

      Delete
  18. ඈ ජෝනො 119 කියල එකකුත් තියෙනවද අම්මප?

    ReplyDelete
    Replies
    1. 119 අපි මෙතන කින්ඩියට දැම්මට 119න් සෑහෙන්න සේවාවක් අරන් තියනවා

      Delete
  19. ඔය කොළ රොඩු එකතු කරලා ගිනි තියන වැඩේ මගේ ප්‍රියතම විනෝදාංශ වලින් එකක්.. අදටත් ඒ වැඩේ කරනවා.. අර සුදු දුම් ගුලි ගුලි උඩ යන කොට පුදුම ත්‍රිල් එකක් තියෙන්නේ.. හොඳ වෙලාවට උඹ අපේ පැත්තේ උන්නේ නැත්තේ..

    ඔහොම ගිනි ගොඩක් ගැහුවම මදුරු ජනගහනය සීග්‍රයෙන් අඩු වෙනවා.. ප්‍රත්‍යක්ෂයි අත්දුටුවයි..

    ReplyDelete
    Replies
    1. මමත් ආසම වැඩක් තමයි ඔය කුනු ගොඩ ගිනි ගහන එක. ඒත් අපි කරන්නේ අනුන්ට කරදරයක් වෙන්න නෙමෙයි. මම ආසම හවස හයාමාරට හතට විතර ගිනි ගහන්න. එතකොට අහල පහල එකෙක් අඩුතරමින් රෙද්දක්වත් වැලක වනන්නෙ නෑනෙ.

      Delete
  20. උඹේ ක්‍රමවේදය නම් එළ!

    ඔහොම අසල්වැසියෝ අපිටත් ඉන්නවා බං.

    මෙතනදි වෙලා තියෙන්නේ එතන මුල ඉඳලම ඉඳපු එවුන් අපි. අර පොරවල් මේ පහුගිය අවුරුදු අට ඇතුලත ඇවිත් ඉඩම් අරන් පදිංචි වෙච්ච උන්. එක හරකෙක්ගේ රබර් ගස් හැම නිවාඩුවටම මගේ වහලේ උඩට වැටිලා ෂීට් ටික කැඩෙනවා. වන්දිත් නෑ මොකුත් නෑ. ග්‍රාමෙට කිව්වට වැඩක් නෑ. පොලිසියට ගිහින් පැමිණිලි කරලත් බැරි ඔතන ඉඳගෙන නඩු කියන්න අපි නැති නිසයි, ඕවට ගිහින් නීතිඥයෝ පෝසත් කරන්වට වඩා ෂීට් එකේ පාඩුව විඳදරාගෙන ඉන්න එක හොඳයි කියලා අපි හිතන නිසයි.

    අපි ගෙදර යන ගානේ අහල පහල උන්ගේ වතුවල කපන ගස් අතු පවා අපේ වත්තට ගොඩ ගහලා තිබිලා අයින් කරනවා බං. ඇයි උන්ගේ වීදුරු ක‍ටු විසි කරන්නෙත් අපේ වත්තට. හොඳ වෙලාවට එලියේ ටොයිලට් එකක් නැත්තේ. නැතිනම් රෙන්නෙත් ඒකට.

    ReplyDelete
    Replies
    1. සමහර ප්‍රශ්න වලට නීතියෙන් උත්තර නෑ. හවසට දෙකක් දාගෙන ගිහිල්ල ගෙදර එකාටත් නෙලල වීදුරුවක් දෙකක් කඩල ආව නං ඊට පස්සෙ නෝ සද්ද!

      Delete
    2. නීතියෙන් උත්තර් හොයන්න බැරි කොට කරන්න පුලුවන් හොඳම දෙ තමයි තමන්ටම තෙරෙන්න යමක් කරන එක . මම කලේ ඒක

      Delete
  21. ලොකු ජෝනා ඉදලා ඉදලා ඔය අවුස්සලා තියෙන්නේ හොදවයින් කුණු ගොඩක කතාවක්.......වැටවල්,තාප්ප ප්‍රශ්න නම් කොහෙත් ඔහොම තමා.....90 ගණන් වල අපේ පාර දෙපැත්තේ තිබුන වැටක් රෑට රෑට ඇවිද්දා......බැරිම තැන තාප්පයක පිහිට පතන්න උනා.....එකෙත් හැටි ඕං........

    ReplyDelete
    Replies
    1. ඔය පොරත් එක්ක අපිට තාප්පෙ ගහන්නත් සෑහෙන්න ගේමක් දෙන්න උනා

      Delete
  22. අයියෝ කියලා වැඩක් නැහැ ජෝන්......උඹලා හින්දා හොඳයි...නැත්නම් මිනිමැරුම්නේ.....ඔය සුනිල්ලා මහින්දලා අසහණ කාරයෝ තමයි.

    ReplyDelete
  23. අන්න නියම වැඩක් කරලා තියෙන්නෙ. සමහර අය ඉන්නවා අනික් මිනිස්සුන්ට ඉන්න දෙන්නෙත් නෑ තමන් හරියට ඉන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැති හින්ද ආදර්ශයෙන් තමයි උගන්නන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ එහෙම බෙහෙත් දුන්නෙ

      Delete
  24. නියම සීන් එක. මේ අදහස මටත් ප්‍රයෝජනවත්...

    ReplyDelete
    Replies
    1. උබටත් ඕනනම් අර ත්‍රීව්ල් කාරයාගේ අංකෙත් ඉල්ල ගනිං.

      Delete
    2. කරලා බලහං අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි

      Delete
  25. එයාගේ නම මහින්දලුද? :D

    ReplyDelete
    Replies
    1. අන්න පොඩි යමක් අල්ලගෙන

      Delete
  26. ගිනි ගොඩවල් ගැහිල්ල මගෙත් කැමතිම විනෝදාංශ වලින් එකක්.හැබැයි ගෙවල් අස්සේ නෙවෙයි.මරු වැඩේ කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බලං ගියාම ගිනි ගොඩවල් ගහන්න එක වයසේ අය හුඟක් කැමතිනේ

      Delete
  27. ඒකට තමයි කියන්නේ විසෙන් විස නසනවා කියලා...අන්න එහෙම කරපු උන්දැට ආයෙත් ඒවගේ නොකරන්න කියා දුන්න පාඩම

    ReplyDelete
    Replies
    1. ඉතින් මිරිස් විස නෑනේ. සැරැයිනේ..!

      Delete
    2. හපො මොන විස නැසුනත් මිනිස් විස නසන්න බෑ

      Delete
  28. ඇ බං 119 ගැහුවත් වැඩක් නෑ. හදිසි ගිනි නීවීමේ ඒකකයට 110 නේද ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං ඔය කෝකත් අවශ‍ය වෙලාවට වැඩකලොත් හොඳයි නැත්නම් බැනුම් තමයි

      Delete
  29. නියම වැඩේ ඈ ඉඳගෙනම.

    අරූට ගුද රමණය වෙන්නම තියෙනව

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..