මේ කතාව කියම්දෝ නොකියම්දෝ කියලා හිත හිත උන්නෙ සෑහෙන්න දවසක ඉඳලා. හේතුව ඔය ගෙදර උන්නේ අක්කලා සෙට් එකක්. ඔය අක්කලා ඉඳලා හිටලා පෙට්ටගමට ගොඩවැදිලා යන කට්ටිය. මේ කතාව කියවලා ලැජ්ජා හිතෙවිද දන්නෙ නෑ කියන සිතුවිල්ල හැමතිස්සෙම මගේ හිතට ආවා. ඒත් කමක් නෑ කියලා හිතෙන්නේ මේ කතාව මීට අවුරුදු 25කට විතර කලින් උන සිදුවීමක් නිසා. අපේ මහගෙදර ඉස්සරහ ලොකු වත්තක් තියනවා ඔය වත්ත පන්සලට අයිති වත්තක්. කබොක් ගල් කපපු වලවල් කීපයක් අයිනට වෙන්න තිබුනට එල්ලේ ගහන්න කියාපු ඉඩම එක කෙලවරක උසම මාදං ගහක් තියෙනවා. ගමේ කොල්ලො කුරුට්ටො පන්සල් වත්තට එකතුවෙනතුරු මාදං ගහට වෙලා හතරවටේ බලබල ඉන්න එක හරිම ජොලි වැඩක්.
