අද මට හිතුනා පොඩි ප්‍රශ්නයක් අහන්න හැබැයි සීරියස් ප්‍රශ්නයක් නෙමෙයි. හරි උත්තරය දන්නවනම් කමෙන්ට් කරන්න. හරි උත්තරය හරියටම නැකතට පබ්ලිශ් කරනවා
උදේ හවා රාජකාරියට යන්නෙ එන්නේ දුම්රියෙන් වුන මගේ කතා බොහෝමයකට වස්තු බීජ සැපයුවේ ඔය දුම්රියම තමයි. මේ අහන්න යන ප්‍රශ්නයත් ඔය උදෙ වරුවේ දුම්රියෙ යනවිට මුහුනදුන්න අත්දැකීමක් මුල්වෙලා හැදුන ප්‍රශ්නයක්.
අත්දැකීම මෙන්න මේකයි. උදෙ පන්දර රාජකාරි කටයුතුවලට පිටත්වයන්නෙ කවුරු කවුරුත් කරදහි ලිපේ දාලාවගේ කඩිමුඩියේ. අන්තිම තත්පරයේ තමයි දුම්රියට ගොඩවෙන්නෙත්. ඒතරමටම කාලය සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිතත් සමග සටන් කරනව. ඔය සටනට මූන නොදුන්න දුම්රියෙන්
ගමන් බිමන් යන මධ්‍යම පාන්තික පුරවැසියෙකු සොයාගැන්ම අපහසුයි. ඉතින් මට කියලා වෙනසක් නෑනේ.
හැමදාම වගේ එදත් කඩි මුඩියෙ දුවවිත්
මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රගාමී දුම්රියට ගොඩවුනේ ප්‍රමාදයකින් තොරව කන්තෝරුවට යාගන්න. වැල්ලවත්ත දුම්රිය නැවතුමේ නොනැවත්තුවත් මම බොහෝවෙලාවට මොරටුවට පසුව කෙලින්ම බම්බලපිටිය නැවතුමෙ නවත්වන දුම්රියෙන් ගමන්ගන්නෙ විනාඩි කීපයක් හෝ කලින් යාගත හැකි වන නිසා.
එදා දුම් රිය වෙනදාවගේම මොරටුව නැවතුමෙ නවත්වා ඉන් පසු නොනවත්වාම ඇදෙනවා .. ලුනාව ...අඟුලාන ....රත්මලාන... ගල්කිස්ස .. දෙහිවල වැල්ලවත්ත ... ඔන්න දැන් කට්ටිය බහින්න සූදානම් වෙනවා.
ඒත් එදා අපි කවුරුත් සූදානම් වෙලාඋන්නත් බම්බලපිටිය නැවතුමෙ නැවැත්තුවෙ නෑ. ශුවර් එකටම එන්ජින් එක පදවන රියදුරු මහතට අමතක වෙලාද කොහෙද ..... කොහොමට තියෙන්න ඇතිද කට්ටියගෙ කේන්තිය ... රතු ඉරට කලින් ... නෑ දැන් රතු ඉර නෑනේ දැන් තියෙන්නෙ ෆින්ගර් ප්‍රින්ට් එකනේ ... හොරෙන් ගහන්න කියලයෑ ..
ඔන්න එක පාරටම කිලෝමීටරයක් විතර ඉස්සරහට ඇදිලා ගිය දුම් රිය ආපහු පස්සෙන් පස්සට බම්බලපිටියෙ දුම්රිය වෙදිකාව බලා ආවා. කෙන්තිය ඔලුවට ගත්තු සේරම බැන බැන දුම් රියයෙන් බැහැලා ගියෙ කොහොමද කියලා කියවන ඔබට ආයෙ අමුතුවෙන් කියන්න උවමනා නෑ කියලා හිතනවා. ඒත් ඔය වගේ අතපසුවීම් ඉඳ හිටලා වෙනවා ..
සිද්දියනම් ඔන්න ඕකයි . හරි මම අහන ප්‍රශ්නය .. .. ආ තව එකක් ඔය එදා ආපු දුම්රිය රියදුරු මහතාට සුලු අමතකවීම්ක් තියනවලු. ඒක කුඩාකල සිටම පැවත එන්නක් කියලයි රියදුරු මහත්තයගේ පවුලෙ කට්ටිය කියන්නෙ.
එදා දුම් රිය නොනවත්වා යනවෙලේ රියදුරු මහතාට දුරකතන ඇමතුමක් ආවාලු. මෙන්න මේකයි මගේ ප්‍රශ්නය,
ඒ දුරකතන ඇමතුම දුන්නෙ කවුද?
ඒකෙන් කියවුනෙ කුමක්ද ?
ඩ්‍රයිවර් නයිටක් ඇදපු මාලිගාවත්තෙ රේල්වේ ක්වාටස්වල ඉන්න පොරක්.
ReplyDeleteකතාකලේ නෝනා ලමයි ඉස්කෝලෙ ගියා කියන්න
නෑ
Deleteකෝල් එක දුන්නෙ පවුල,
ReplyDeleteකිව්වෙ "තමුසෙට පිස්සුද ඕයි"
පවුල කොහොමද උන සිද්දිය දන්නෙ ?
Deleteඅපි ඔය සී අයි ඩී එකේ අය වගේ අනුන්ගේ දුරකථන සංවාදවලට සවන් දෙන්නෙ නෑ නෙව.
ReplyDeleteඒකත් එහෙමද .. ඒ උනාට ඔය කෝච්චියේ එන්ජිමෙත් කට්ටිය යනවනේ ඒකියන්නෙ රියදුරු මහත්තයාගෙ යාලු පොරවල්, එහෙම එක්කෙනෙ කියුවා කියලා හිතාගමුකෝ
Delete1. වයිෆ්ගෙන්
ReplyDelete2.තමුසෙට අමු කැවිලද ඕයි? දැන් මට වැඩට යන්න පරක්කු වෙනවා. මැරුම් නොකා රිවස් කරනවා කෝච්චිය.
ඒකත් විය හැක්කක් ඒත් එක නම් නෙමෙයි
Deleteදුම් රිය රියදුරාගෙ නෝනවත් හිටියද බම්බා වල ? ඉඳලා ඇයි යකෝ මාව ගන්නෙ නැත්තෙ කියලවත් ඇහුවද දන්නෙ නෑ..
ReplyDeleteම්හු ඒකනම් නෙමෙයි
Deleteලොකු ජෝන ..."බම්බලපිටියෙ නවත්තන්නෙ නැද්ද...?"
ReplyDeleteහපෝ මම නෙමෙයි
Deleteලොව ඇති එකම සත්‍ය දහම බුදුදහමයි. එය තවත් එක් ආගමක් නොවේ.
ReplyDeleteIf you are a genuine Buddhist you should know how to make an appropriate comment..This type of inappropriate writing does more harm to Buddhism than good
Deleteආවාට ස්තුතියි. අදාල දෙ පමනක් දානවනම් සතුටුයි.
Deleteමේක හරි කතාවක්නේ...අපි කොහොමද දන්නේ? හී හී...
ReplyDeleteඅපි ඔය කියන කෝච්චියේ කවදාවත් වැඩට ගිහිල්ලත් නෑ.
කෙල්ලෙක්ගෙන් වෙන්ට ඇති.:)
ඉතින් එයාටත් අර රතු ඉර හරි, ඇඟිලි සලකුන හරි පැනලා නවත්තන්ට අමතක වෙන්ට ඇති.:D
මේක සාමාන්‍ය ව්‍යවහාර කතාවක් ඒ හන්දා සාමාන්‍ය දැනීමෙන් උත්තර දෙන්නෙ පුලුවන්
Deleteයකෝ.. උබත් මාර කතාවක්නෙ අහන්නෙ..... යකෝ ඒක අහපන් උගේන්...
ReplyDeleteඅනික මට උබෙන් දෙයක් අහන්න තියෙනවා.... උබ කොහොමද දන්නෙ ඌට කෝල් එකක් ආව කියල.....
දන්නෙද , ඒ උනාට ඔය කෝච්චියේ එන්ජිමෙත් කට්ටිය යනවනේ ඒකියන්නෙ රියදුරු මහත්තයාගෙ යාලු පොරවල්, එහෙම එක්කෙනෙ කියුවා කියලා හිතාගමුකෝ
Deleteමම උත්තරේ දන්නව කියන්නෙ නෑ... ;)
ReplyDeleteහා කමක් නෑ :)
Deleteඒ රියදුරු මහත්තයගෙ මායිය.
ReplyDeleteදවල් කෑම එක ගෙදර දාල ඇවිල්ල. :D
හපෝ නෑ ඔය කට්ටිය ගෙදරින් ගෙන එක ගැන එච්චර හිතන්න් නෑ
Deleteමේ තාම කල්පනා කරනවා. කෝච්චිවලට පස්සෙන් පස්සට යන්න පුලුවන්ද කියලයි කල්පනා කරන්නේ.:)
ReplyDeleteපවර්සෙට් වලටනම් පුළුවන්, අනිත් ඒවට පුළුවන්ද කියලා මතක නෑ.. බැරිවෙන්න විදිහක් නෑ..
Deleteමරදානෙ වෙනම රවුමක්නම් තියනවා කෝච්චි එන්ජින් හරවන්නම.
පුලුවං බං පුලුවං
Deleteපේරාදෙණියෙදී බදුල්ල කෝච්චිය(පවර්සෙට් නෙවේ) platform එකට ගහන්නේ රිවර්ස් කරලා තමයි.
Deleteඔච්චර සීරියස් කතාවක් නෙමෙයි මෙක
Deleteමොකක්ද ඉතිං උඹේ තරහකාරයෙක්ගෙන් තමා. “පයිලට් මහත්තයෝ.. ඕං පානදුරෙන් එකෙක් නැග්ගා. මිනිහා හිතං ඉන්නේ බම්බ බහින්න.. නවත්තන්න එපා හරිය.. කෝච්චිය“
ReplyDeleteඒක හරිය කියමුකො එතකොට ආපස්සට ආවේ ?
Delete1. ඇමතුම දුන්නෙ දුම්රිය පිටිපස්සෙ හිටිය ගාඩ් මහත්තෙය.
ReplyDelete2. ඒකෙන් කියවුනේ ‘‘*@**@#$**%$#@! ද යකෝ නවත්තන්නැත්තෙ? තොගෙ *$#@##$@%&‘‘
මාත් එහෙම හිතනවා
Deleteඒක වෙන්න පුලුවන් උත්තරයක් ඒත් හරි උත්තරය ඕක නෙමෙයි
Deleteදුරකථන ඇමතුම දුන්නේ රියදුරු මහත්තයාගේ නෝනා. එයා ඒ වෙලාවේ ස්ටේෂන් එකේ හිටියේ.. :D
ReplyDeleteනෑ ඒකත් නෙමෙයි
Deleteප්‍රශ්නෙට උත්තර දෙන්න කලින්, රියදුරු මහතාට කෝච්චිය ස්ටේෂමේ නවත්වන එක හැර අනිත් ඔක්කොම මතකද කියලා හොයලා බලන්න ඕනා.
ReplyDeleteඇම්තුම ආවෙ මගියෙක්ගෙන්
ඒකෙන් කියවුනේ තොගෙ අම්$&^)(&&*%&^ #@&%^((&U^$%^#$%^&* :D
ඔය පාරෙම තවටිකක් හිතමු
Deleteඅනේ මංදා.. එහෙනම් කෝල් කළේ SM වෙන්නෝනැ.. යකෝ අමු කාලද මෙතන නවත්තන්නැද්ද කියලා අහන්නැති. :D
Deleteඔච්චරටම බය උනේ නෝන වෙන්නැති කතා කලේ.
ReplyDeleteලංකාවෙ මිනිස්සු ඔච්චරටම පවුලට බයයි කියලා කමෙන්ට් වලින් ඔප්පු වෙනවා
Deleteරියදුරැ මහතාගේ අම්මගේන්
ReplyDeleteපුතේ උඹට ඔය අටමගල කොහේ හරි නවත්තන්නවත් අමතක වුනාද
මගේ නහය ගැලවෙනකල් කිඹුහුම් යනවා
to handover the tablet !
ReplyDeleteNo
Deleteඇමතුම දුන්නෙ රියදුරු මහත්තයගෙ අම්මා.
ReplyDeleteපුතේ මට පීනසේ හැදුනා. කිඹුහුං යනවා නවත්තගන්න බෑ. හවසට බේත් ගන්ඩ ඉක්මනට ගෙදර වර :P
ඔයාගේ වයස හතලිස් හතරයි ද?
ReplyDelete:D
වැරදියි ඒත් ඒක මේ ප්‍රශ්නෙට අදාල නෑනෙ
Deleteඅදාලයි,අසංක ෙග් මල්ලිට 22 ලු. ඒයාට බාෙගට පිස්සු ලු!
Delete:-)
ඒ මමනේ කෝල් කලේ....
ReplyDeleteකිව්වේ... #$%$%&()(&%$%@$!@!@!@!@$@%@$%&(&)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹ වෙන්න බෑ උබ කෝල් කරන්නෙ "සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!" කියලනේ
Deleteඅනේ මන්දා ඉතින්... අපි කොහොමද දන්නේ... ඔයාට ෂුවර්ද කෝල් එකක් ආවා කියලා ඩ්‍රයිවර්ට.....
ReplyDeleteකතාව යන්නෙ එහෙමනෙ
Deleteඅපි කොහොමද බොලේ ඕක දන්නේ?
ReplyDeleteකුමාර වෙල්ගමවත් හිටියද කෝච්චියේ?
පොර උන්නනම් ඩයිවර් ඔයට වඩා සුපරික්ශාකාරියි
Deleteඅවේ නැන්දම්මාගෙන් කිව්වේ. මෙන්න මෙකි ආයෙමත් ප්‍රෙග්නට් වෙලා කියලා.
ReplyDeleteඒකත් බරපතලයි හැබැයි එක නෙමෙයි
DeleteBamba nawtana nada?
ReplyDeleteAmmat hudu amatka una..
api bhina ube#&%&*@#%&
Jayawewa.
ම්හු
Deleteමෙ වනවිට සාර්ථක පිලිතුරු කීපයක් ලැබී තිබෙනවා අද සෑට ඒක දාන්නම් ......
Deleteko ape cmentz! :P
Deleteනෝනාගෙන් ...
ReplyDelete"මහත්තයා එන ගමන් දිගටම ඇවිත් පොඩි එකාව බම්බලපිටියේ ස්ටේසමෙන් ගිහින් දාහන් " කියල කිව්වලු :p
ම්හු
Deleteමගියෙක් ගත්ත වෙන්නත් පුලුවන් ..
ReplyDelete"අඩෝ Mr *** ෆට්ට කෙල්ලෙක් හිටිය .. දාලද යන්නේ "? :p
ඒකත් හොඳ කතාවක්
Deleteකෝච්චියේ ඩ්‍රයිවර් බුවා කියල අමතක වෙන්න ඇති,
ReplyDeleteහොඳ උත්සාහයක්
Deleteකවුරු කිව්වත් දුරකතන ඇමතුමෙන් එන්න ඇත්තේ සුද්ධ සිංහලෙන් බම්බලපිටිය අමතක වුනාට
ReplyDeleteඔය වෙලාවට ආදරෙන් මතක් කරනවයැ
Deleteම්හු
ReplyDeleteමම බලාපොරොත්තු වුන පිලිතුරු දෙකක් ලැබී තිබුනා
ReplyDelete1. කියවන්නෙක් පමණි
අනික සමි ගෙන්
ඔන්න ඒ කොමෙන්ට් ටික මේ දැන් නැකතට පබ්ලිශ් කලා පිලිතුරු දීපු සැමට ස්තුතියි.
ඒ.... මචං උඹටත් අම්මගෙන් කෝල් එකක් එයි දැන්.
Deleteආපු ගමන් තමයි උත්තරේ දැම්මෙ ... හික් හික්
Deleteඋත්තරේ නම් දන්නෙ නෑ...ඉස්සර මමත් කෝච්චියෙන් කොළඹ වැඩට දිනපතා ආපු කාලෙ අන්තිම තත්පරේ තමයි දුම්රියෙ එල්ලෙන්නෙ...හැමදාම ස්ටේසමට එද්දි කෝච්චිය ඇවිල්ලා.... දවසක් රේල් පාර පැත්තෙන් දුම්රිය වේදිකාවට නගින්න ගිහිල්ලා දුම්රිය ඒ මාර්ගයෙන් ඉදිරියට එද්දි මම රේල්පාර උඩ හරහට වැටුනා...කෝච්චිය දැක්කම වෙඩි වැදුනා වගේ ඉක්මනට නැගිටලා දුම්රිය වේදිකාවට ගොඩවෙලා බැලුවා..අත්දිග ෂර්ට් එකේ ලොකු තෙල් පැල්ලම්...සිල්පර කොට වල තිබිලා ගෑවිලා...උදේ පාන්දර වෙච්ච සාටර් සිදුවීම නිසා දුම්රියට නගින අදහස අතඇරලා ඉස්සරහට යද්දි අනේ දුම්රියෙ ඉදිරි මැදිරිය මගේ ලග නතර වුනා. හිතහොද ඩැයිවර් මාමා මට නගින්න දුම්රිය නවත්තලා..එයා දැකලා මේ අසරණයා රේල් පාරට වැටෙන අන්දම...එදා කෝච්චිය ලග පාතක තියෙද්දි වැටුනා නම් සිරා අද කොයි ලෝකෙක ඉදීද මන්දා.
ReplyDeleteබම්බල පිටියේ ස්ටේෂන් මාස්ටර් හරි දුම්රිය රියදුරාගේ මව හෝ පියා.
ReplyDelete