සෑහෙන්න දවසකින් බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයාගත්තෙ. ඇත්තම කියනවනම් බ්ලොග් එක ලියන්න පරිඝනකය ළඟට ආවත් හිත එකලාසයක් කරන් ලියන්න අමාරුයි.මොකද ලියන්න සූදානම් වෙනකොට ක්‍රිකට් තරඟයක් පටන් ගන්නවා. කවුරු තරඟ කරත් සජීවී තරඟයක සජීවී අත් දැකීමක් අතපසු කරගන්න එක මම අතපසු කරන්නෙ නෑ.
ඔන්න යන්තම් ඒකත් ඉවර උනා.හරියටම මාසයකට කිට්ටුවෙන්න මොනවත් ලියන්න ලැබුනෙවත් හරියාකාරව බ්ලොග් පොස්ට් එකක් කියවන්නවත් ලැබුනෙ නෑ.
ඉතින් ඒ විරාමයට තිත තියලා අද මට ලියන්න හිතුනෙ අපිත් එක්ක ඉන්න සමාජයේ හුඟ දෙනෙකුට තියන ලෙඩක් ගැන කියන්න. ලෙඩ ගැන කියන්න මම වෛද්‍ය වරයෙක් නෙමෙයි. ඒ උනාට මේ ලෙඩේ ගැන කියන්න වෛද්‍යවරයෙක් වෙන්න උවමනාම නෑ.
මේන්න මේ පුංචි කතාව කියවලම ලෙඩේ ගැන අවබෝදයක් ගන්න. සමහරවිට මේ ලෙඩේ ඔයගොල්ලො දන්න කියන අයටත් තියෙන්න පුලුවන්.
ඔන්න එක විශ්‍රාමික ස්වාමි පුරුශයෙකුට තමන්ගේ බිරිඳගේ ශ්‍රවන තත්වය හරියාකාරව පවතිනවද කියලා දැනගන්න උවමනා උනාලු.
මේක තමන්ගේ බිරිඳගෙන් එක එල්ලේ අහන එකත් හොඳමදි හන්දා, තමන්ම වෛද්‍යවරයෙකු ළඟට ගිහින්, තමන්ගෙ බිරිඳගේ ශ්‍රවන තත්වය බලාගන්න ස්වයං පරීක්ශනයක් එහෙම තියනවද කියලා අහලා. වෛද්‍යවරයත් ටිකක් කල්පනා කරලා ස්වාමි පුරුශයට self-test එකක් නැත්නම් ස්වයං පරීක්ශන ක්‍රමයක් කියලා දීලා.
තමන්ගේ ගෙදර ස්ථාන කීපයක සිට ඇයව අමතලා ඊට පිලිතුරු ලැබෙන ස්ථානය අනුව තම බිරිඳගේ ශ්‍රවන මට්ටම ගැන අවබෝදයක් ගන්න කියන එක තමයි අර කියලා දුන්න පරීක්ශනය.
ඉතින් ගෙදරට ගොඩවෙන කොටම දැක්කලු බිරිඳ මුලුතැන්ගෙදර දහවල් ආහාරය පිලියෙල කරමින් ඉන්නවා.
ස්වයං පරීක්ශනය කරන්නත් එක්ක කඩුල්ල පනින ගමන්ම ඇහුවලු
"ආ නෝනේ අද දවල්ට මොනවද කන්න තියෙන්නේ ?"
කියලා . කිසිම සද්දක් නෑ .. ඒ කියන්නේ කඩුල්ල ගාව අහපු එක මේ ගෑනිට ඇහුනෙ නෑ.එහෙම කනස්සල්ලෙන් වගේ ගේ ඇතුලට ආපු මනුස්සයා දොරකඩ ඉදන් ආපහු අහනවා
"නෝනේ අද දවල්ට මොනවද කන්න තියෙන්නේ ?"
ඒත් පිලිතුරක් අහුනෙ නෑ. මේ ගෑනිගෙ කන් ඇහීමෙ හොරයක් තියනවා ... එහෙම හිතලා ආපහු සාලයට ඇවිත්
"නෝනේ අද දවල්ට මොනවද කන්න තියෙන්නේ ?"
ම්හු ..ඒත් සද්ද්ක් නෑ ... පොරට බිරිඳගේ කන් ඇහීම ගැන දුකක් වගේම කේන්තියකුත් ආවා. මේ ගෑනි මෙච්චර කල් මට කීවෙ නෑනෙ කියලා.. ඒ පාර පොර මුලුතැණ්ගෙටම ගිහින්
"නෝනේ අද දවල්ට මොනවද කන්න තියෙන්නේ ?"
"ඇයි ඕයි තමුසෙට කන් ඇහෙන්නෙ නැද්ද මම දැන් තුන් සැරයක්ම කියුවා නේද අද දවල්ට කොස් තැම්බුවා කියලා"
බොහෝම දෙනෙකුට පේන්නේ අනුන්ගේ වැරදි විතරයි. තමන්ගේ වැරදි පේන්නෙ නෑ. අර කතාවකුත් තියෙන්නේ තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ පේන්නෙ නෑ අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්ද තමයි පෙන්නෙ කියලා.
සහතික ඇත්ත කතාව.හොද උපමා කතාවක් ජෝන් මලයා.
ReplyDeleteස්තුතියි
Deleteසිරාම සීන් එක ... නියම පෝස්ට් එක...
ReplyDelete+++++++++++++++++++++
ආවාට ස්තුතියි ශාන්
Deleteහාහ්.. හාහ්..... එක නම් නියමයි
ReplyDeleteහ්ම් :)
Deleteදර්මපාල දොස්තරගේ කතාව නේද?
ReplyDeleteදර්මපාල දොස්තර?
Deleteසම්පුර්ණ ඇත්ත, මේක තමයි අද තියෙන භයානකම ලෙඩේ.
ReplyDeleteහ්ම්
Deleteඇත්තම කතාව, අද කාලේ හැමෝම ඔහොම තමා ...
ReplyDeleteඔව් හැමෝම වගේ
Deleteහපොයි...
ReplyDeleteහෙක් හෙක්
Deleteඋඹ පරණ මැච්, ලයිව් කියල හිතාල බැලුවේ නෑ නේද??සෝයි කතාව
ReplyDeleteකාගේද මාම කෙනෙකුට එහෙම වෙලා තිබුන නේද?
Deleteනෑ නෑ මම බලන්නෙ ක්‍රික් ඉන්ෆො එකත් ඔන් කරගෙන
Deleteකාගෙද නෙවෙයි කෙන්ජි මගේ කලින් කතාවෙ මාමා
මේ ලෙඩේ බොහෝ අයට තියනවනෙ ..
ReplyDeleteපෙට්ටගමේ මකුණුදැල් බැඳිලා :)
ඒකනේ ගිම් ඉස්සරනම් මකුණු දැල් බැඳුනම ඒක මතක්කරන්න හරි කෙනෙක් උන්නා කෝ දැන් එයත් නෑනෙ
Deleteකාටත් තියෙන ලෙඩක්... ඒත් පිලිගන්න කැමති නෑ..
ReplyDeleteසම්පූර්න ඇත්ත මාතලන්
Deleteඇයි ඇහෙන්නෙ නැද්ද ? දැං කී පාරක් කිව්වද මේ බ්ලොග් එක මකුණුදැල් කඩල ගන්න කියලා...
ReplyDeleteපටන් ගන්නවා පටන්ගන්නවා
Deleteසහතික ඇත්ත.....
ReplyDeleteහ්ම්
Deleteදැන් උඹ කියන්නේ බ්ලොග් එක ලියන්න බැරි වුනෙත් කන් ඇහෙන්නේ නැති නිසා කියලද ?
ReplyDeleteඅන්න තෙරුනා
Deleteහෙහ්...හෙහ්....අයියෝ හිනා වෙලා පන ගියා.
ReplyDeleteඉදල ඉදල හරි මේ වගේ පට්ට කතාවක් අතහැරියම නියමයි.
ස්තුතියි !
Deleteඅවසන් නිගමනය ජෝනට කන් නෑසේ.
ReplyDeleteමැදැ මම දාගත්තු ලෙඩක්
Deleteපවු අරකුස්සියෙ ඉන්න ගෑනිට කටේ අමාරුවක් වෙන්න ඇති. නැත්තං කඩුල්ල ගාවට ඇහෙන්න ඕක කියන්නවත් බැරිද?
ReplyDeleteසිරාවටම බං , ඒකීට ඒකට බෙහෙත් ටිකක් අරගන දෙන්ඩයි තියෙන්නේ
Deleteඒක තමයි
Deleteඅම්මපා සහතික ඈත්ත
ReplyDeleteහ්ම්
Deleteඑහෙම වුනාම රෙදි නැහැනේ බං..
ReplyDeleteසද්ද නැතුව නොයිද, දිගටම ලියපං..
ලියනවා ලියනවා
Deleteඑක පොරක් බයික් එකේ යනකොට පොලිස් කාර් එකක් පන්නගෙන ඇවිත් පොරව නවත්තලා.
ReplyDelete"තමුසේ මාර පොරක්නේ. අන්න තමුසෙගේ වයිෆ් මීට කිලෝමීටර් හතරකට විතර කලින් බයික් වැටුනා. තමුසේ දන්නෙත් නෑනේ."
"හැබෑට? මම හිතුවේ මම හදිස්සියෙම බීරි වුනා කියලා."
hah... :D
Delete+1
හෙක් හෙක් ....
Deleteබොලා දෙන්නම හිනාවෙච්ච විදිය මට එච්චර දිරෙව්වේ නෑ. :D
Deleteමමනම් හිනාඋනේ කතාවට
Deleteහාස්‍යය එක්ක හිතන්න දේකුත්..
ReplyDeleteඋඩින් පෙනවට වඩා යටින් දෙයක් දෙන්න ඕන
Deleteකතාව ලස්සන වගේම හිතන්නත් දෙයක් එකතු කළා
ReplyDeleteස්තුතියි මිතුර!
ස්තුතියි
Deleteමම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
ReplyDeleteඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්
...
Deleteඒක සිරා කතාව.
ReplyDeleteහ්ම්
Deleteඔය තියෙන්නෙ මරු කතා..... සුපිරියි
ReplyDeleteස්තුතියි
Deleteහපොයි අපේ වැරදි තියනවා කියලා එහෙම පිළිඅරන් කොහොමද ??
ReplyDeleteමරු කතාව.....
ඒකනෙ මේ ලිපිය ලියන්න මුල
Deleteඒ කියන්නෙ බ්ලොග් අවකාසේ උග්‍ර ක්‍රිකට් සන්නිපාතය තියන දෙන්නෙක්ම ඉන්නවා...ඈ
ReplyDeleteඇත්ත. පහුගිය දවස්ටිකෙම නිදාගත්තෙ 3පහුවෙලා
Deleteහුඟක් දෙනා ඔහොම තමයි ...
ReplyDeleteඇත්ත
DeleteGeek.lk Blog Geek Awards හොදම ශ්‍රී ලාංකීය සිංහල බ්ලොග් අඩවිය 2013
ReplyDeleteඔබගේ අඩවියත් දැන්මම එකතු කරන්න.
http://geek.lk/plugin/webgeek/bloggeek
පට්ට කතාව ඈ
ReplyDeleteස්තුතියි
Deleteබොහොම ස්තූතියි. ඒ පොස්ට් එකට. හැමෝටම පේන්නෙ අපේ වැරදි විතරනෙ.
ReplyDeleteඒකනේ
Deleteලොකු ජෝනා, උබේ බ්ලොග් එකේ ඇඩ් එකක් එනවා මුලු පෝස්ට් එකම වැහෙන්න. ඇයි ඒ ?
ReplyDeleteසෑහෙන්න මකුනු දැල් තියනවා පෙන්නාදුන්නට ස්තුතියි සෙන්නා
Deleteමට අර අල්ලපු ගෙදර වැලේ වනල තිබුණ රෙදිවල කුණු පාට ගැන කතාව මතක් උනා. පස්සෙ බැලුවම ජනේලෙයි කුණුපාට තිබ්බෙ.
ReplyDeleteමේක නම් ඇත්ත. මටත් අනන්තවත් වෙනවා.ප්‍රධාන හේතුවලින් එකක් තමයි ඇසුනත් නෑසෙන ගානට හිඳීම. අන්න ඒවගේ වෙලාවට තමයි මේක වෙන්නේ.
ReplyDeleteමට නං හිනා වෙලා ම හති! මරු කතාවක්, ලොකු ජෝන් අයියේ. මේක ඇත්ත සිදුවීමක් ද?
ReplyDeleteහඃ හඃ හඃ හඃ එහෙනම් එහෙමයිලු ලොකු ජෝනා කන් ඇහෙන්නේ නෑ කියලා දැනගත්තේ නෙහ් !! :D
ReplyDeleteනියම කතාව... හැබැයි පේන හැටියට නම් සැබෑ අත්දැකීමක් වගේ.. :D
ReplyDeleteසිරා කතාව
ReplyDeleteමේ කාලෙට නියමෙට ගැලපෙනවා