ඒ අපේ උසස් පෙල අවසාන වසර, උසස්පෙලට එන පලවෙනි වසරෙ පලමු වාරයෙ ඉගනගැනීමට තියන උනන්දුව දෙවන නැත්නම් අවසන් වසරෙ මුල් වාරය වනවිට සෑහෙන්න අඩුවෙලා. අපෙ පන්තියෙ හුඟ දෙනෙකුට තිබුන මානසිකත්වය එහෙමයි. පළමු වාරයෙ ක්‍රීඩා තරඟ. විද්‍යාලාන්තර මහ ක්‍රිකට් තරඟ ආදිය පැවැත්වීම අධ්‍යාපනයට තියන
උනන්දුව අඩු වීමට එක් හේතුවක්. අනික අපේ පන්තිය ගනිත පන්තියක් වුවත් වැඩිහරියක් උන්නෙ වෙන වෙන අංශවලට කැමැත්තක් ඒවගෙම දක්ශතාවයක් පෙන්වන අය. ඒ ගැන මගේ පන්තියෙ උන්න මිත්‍රයෙක් (දෙනුවන්) ලියු මේ සටහනින් බලන්න
ඉතින් ඔය මොනවා තිබුනත් වාර විහාගෙත් තියනවනෙ. ඒක ඉවර උන ගමන්ම අපිට දෙනවා ප්‍රගති වාර්තව. හැබැයි ඒ දෙන විදියෙ පොඩි වෙනසක් තියනවා. ගුරු දෙගුරු රැස්වීමක් කැඳවලා තමයි ප්‍රගති වාර්තාව දෙන්නෙ ඒ දෙන්නෙත් ළමයින්ට නෙමෙයි දෙමාපියන්ට.
මලලසේකර රඟහල එදා |
නිමකලත්, පාසැල් උත්සවවලට මුල්තැන දුන්නා මිස පොදු කටයුතු සඳහා එම ශාලාව එතරම් යොදා ගත්තෙ නෑ. ඒ නිසාම මේ ශාලාව එතරම් ප්‍රසිද්ද උනේ නෑ. ඒත් එහි පහසුකම් නම් එකල ඉතාම උසස්.
පසු කලක (2005 දී ) මෙ ශාලාව ගිනි ගැනීමෙන් විනාශ උනා. වත්මනේ ආදි සිසුන් මෙය ප්‍රති නිර්මානය කිරීමට උත්සහා කරනවා. ඒ ගැන විස්තර මේ ලින්කුවෙන් බලන්න
මම මලලසේකර රඟහල ගැන කියුවෙ අර කියුව ගුරුදෙගුරු රැස්වීම පැවැත්වුයෙ ඔය රඟහලෙ. ගුරු දෙගුරු කියුවට එකල සිසුවො වුනු අපිත් ඔය රැස්වීමට සිටිය යුතුයි. ඉදිරි පේලියෙ සිසුවා වාඩිවන අතර සිසුවාගෙ පිටුපසින් දෙමාපියන් සිටිය යුතුයි. අටපට්ටම් හැඩයට නිමවා තිබුන නිසා එක තැනක සිටින කෙනෙකුට මුලු ශාලවම හිස පමනක් කරකැවීමෙන් නැරඹිය හැකියි. ඔය කියුවට ඉස්සරහ උන්න අපි කවුරුත් ඔලුවක් උස්සලා වට පිට නම් බලන්නෙ නෑ . විදුහල්පතිවරයා වේදිකාව මත සිටිමින් එක් එක් සිසුවාගෙ නම කියන විට අදාල සිසුවා සමග දෙමාපියන් සිට ගත යුතුයි. ඉන් පසු මුලු ශාලාවට ම ඇහෙන්න ප්‍රගති වාර්තාව කියවනවා. (විළි ලැජ්ජාවෙ පණ යනවා )
13 වසර A පන්තියෙ උන්න අපි අසුන් ගත්තෙ ඉදිරි පසම පේලියෙ. පන්තියෙ අකාරාදි පිලිවෙලට අසුන් ගන්න ඇවැසි නිසා ආසිරි කියන මගෙ මිත්‍රයට අසුන් ගන්න නියමිත වෙලා තිබුනෙ ඉස්සරහම පේලියෙ ඉස්සරහම. එදා මිනිහා වෙන්න තියන දේ දන්න නිසා පාසැල් ඇවිත් තිබුනෙ නෑ. හැබැයි තාත්තා ඇවිත් තිබුනා. ආසිරිගෙ තාත්තා අදින්නෙ තනි සුදු ඇඳුම්. ආසිරිගෙ නම කියපු ගමන් තාත්තා නැගිට්ටා
"කො තමුසෙගේ තාත්තා මම් තමුසෙව තමයි අල්ලගන්න හිටියෙ"
"ඇයි සර් ?"
"තමුසේ නේද එදා මම එනවා දැකලා තාප්පෙන් පැන්නෙ "
"නෑ සර් මම තාත්තා පුතාට සනීප නෑ පුතා ගෙදර"
කලින් දවසක තාප්පෙන් පනිනකොට විදුහල් පති තුමා ආසිරිව දැකලා පස්සෙන් දුවලා ගිහින් තියනවා අල්ලගන්න .
ඒවා කොහෙද මළල ක්‍රීඩාවට කප් ගහපු කොල්ලෙක්ව පලමු වාරයෙදි පස්සෙන් පන්නගෙන අල්ලගන්නෙ.
තාත්තයි පුතයි එච්චරටම සමානද ?
ReplyDeleteනෑ පුතා නැති තැන තාත්තා පුතා වගේ පෙනුනේ
Deleteප්‍රින්සිපල්ගේ ඇස් හොඳට පේනවා වගේ.දැන් නම් ගුරුවරයෙක් ළමයෙක්ට බැන්නත් අම්මලා රෙදි උස්සන් යන්නේ :)
ReplyDeleteඒකනම් ඇත්ත බං...!
Deleteවේදිකාවෙ කෙලවරක් තමයි විදුහල්පතිවරයා උන්නෙ අපි උන්නෙ අනිත් කෙලවරේ ඉතින් පෙනීමෙ අඩුවක් තියෙන්න පුලුවන්නේ. අනික වයසක ගුරුවරුනේ.
Deleteදෙවන කාරනේ ගැන ඒකනෙ පසු සටහනෙ දැම්මේ
තාත්තයි පුතයි දෙන්නම එක වගේම ඇති.
ReplyDeleteඒත්.... අඩුම තරමේ තාත්තට රැවුලක්වත් තිබ්බේ නැද්ද මන්දා. :)
තාත්තට රැවුලක් තිබ්බට වේදිකාවෙ කෙලවරක ඉඳලා බලනකොට සුදු කලිසමයි කමිසෙයි විතරනේ පේන්නේ
Deleteතාප්පෙන් පනින එක මරුආතල් බං දවසක් පනිනකොට හොම්බෙන් ගියා අදවගේ මතකය්.......හෙහ්,..හෙහ්..!
ReplyDeleteඒවා තාම රසවත් ඒකනේ
Deleteතාප්ප කෝස් එකත් මරු ආතල්.එකම දවසයි තාප්පෙන් පැන්නේ.අපි සෞඛ්යදානෙ හිටපු හින්දා ගේට්ටුවෙන්ම බොරුවක් කියලා යන්ඩ පුළුවන්කම තිබ්බා.
ReplyDeleteඔන්න ඔහොම තමයි ළමයින්ට උනන්දුව ඇති කරන්ඩ පුළුවන්
ගේට්ටුවෙන් යනවට වඩා තාප්පෙන් පනින එක කොච්චර ආතල්ද
Deleteසර්ට වහ කන්න හිතෙන්න ඇති.
ReplyDeleteඅපි නම් තාප්ප වලින් පැන්නෙ නෑ.(තාප්ප තිබ්බේ නෑ)
අපි පැන්නේ කම්බි වැටෙන්...කොහොමද හදිසියට පනිනකොට....?
නෑ ඊට පස්සේ තාත්තට කන්තෝරුවට එන්න කියලා පුතාගෙ කැරැක්ටුව ඉදිරිපත් කරලා
Deleteආසිරියගේ තාත්තා එච්චරම තරුණයි ද.....
ReplyDeleteතාත්තා තරුනම නෑ ඒත් සුදු ඇඳුමට ඈතට පැටලිලා
Deleteසැර ප්‍රින්සිපල්ලා හිටියේ නැත්නම් අපි වගේ එවුන්ව හදන්ඩ බෑ බං...එහේම අය ඒකාලේ හිටපු නිසානේව අපි මේතත්වේ හරි ඉන්නේ
ReplyDeleteඇත්ත ගුරුවරු කියන්නෙ දෙවිවරු වගේ කොටසක්
Deleteනයෙක් ගියාද මේ පැත්තෙන්?
ReplyDeleteමම හිතන්නේ පලමු වරට තමයි මේ පැත්තෙ එන්න ඇත්තෙ. ඒකයි නයාවම දැක්කේ. මෙහේ නිතර යන එන අයනම් මේ ගැන හොඳට දන්නවා. නිවාඩු පාඩුවෙ අනිත් ලිපිත් කියවන්නකො
Deleteස්තුතියි මේ පැත්තෙ ආවට.
ඇත්තටම ඒ කාලේ අධ්‍යයාපන ක්‍රමේ හොඳයි කියල හිතෙනවා දැන් ක්‍රමෙත් එක්ක සසඳන කොට
ReplyDeleteඇත්ත. දැන් ගුරුවරු අධ්‍යාපනය විකුනනවා සිසුන් ඒවා මිලදීගන්නවා එච්චරයි
Deleteඒ වෙලාවේ ප්‍රින්සිපල් උත්තමය හිටියේ ඔටෝමැටික් මෝඩ් එකේ. ඉතින් තාත්ත පුතා පෙනෙන්නේ ටේප් එක ගියාට පස්සේ..
ReplyDeleteඅන්න හරි
Deleteනියම නිර්වචනය කිරිල්ල නියමයි
Deleteආසිරියාට තාත්තගෙන් පස්සේ සබ්බුව හම්බෙන්න ඇති නේද ?
ReplyDeleteඒ ගැනනම් ඇත්තටම මතකයක් නෑ
Deleteඅපි ඉස්කෝලෙ යන කාලේ දෙමව්පියො විතරයි මලලසේකරේට ගත්තේ.. ඉස්සෙල්ලාම ප්‍රින්සිපල් තුමාගේ දේසනේ අහල අම්මලාව පන්තිවලට එවනවා.. ඊට පස්සේ අපේ පුටුවල අම්මලා තාත්තලා අපි එලියේ.. පන්ති භාර තුමා/ තුමයි තමයි ගේම රන් කලේ...
ReplyDeleteමොනව කිව්වත් කලත් නාලන්දාව සදා අමරණීයයි..!!
මම කියුවේ 92-93දි. සුමනසෙකර සර් තමයි ඒකාලෙ උන්නෙ. කියලා වැඩක් නෑ. අපෙන් තමයි ගුරු දෙගුරු සිසු හමුව පටන්ගත්තෙ. මට මතක හැටියට කුලියට දෙමාපියන්ව ගෙනාපු උනුත් ඒකාලෙ උන්නා.
Deleteකොහොම උනත් ඉස්කෝලෙ එකෙක් දැනගන්න ලැබීම සතුටක්.
හෆ්ෆේ අපේ ආාාාාාදිම ශිෂ්‍යයෙක් නේ.. අපිනං අද ඊයේ අයියේ.. (07)
Delete//ට මතක හැටියට කුලියට දෙමාපියන්ව ගෙනාපු උනුත් ඒකාලෙ උන්නා.// මංතුමාත් දෙපාරක් විතර ඔය වැඩේ කොලා.. හිකිස්..
ඔයවගේ පැටලිලි වෙනව. අපේ ඉස්කෝලෙට අලුතෙන් ආව ප්‍රින්සිපල් කෙනෙක් ඇන්දෙ සුදු කලිසමයි ෂර්ට් එකයි. ඊට කලින් උදවිය සුදු කලිසම් ඇන්දෙ නෑ. ඒ මදිවාට මේ ප්‍රින්සිපල් මාර සැරයි. අවේලාවෙ එහෙ මෙහෙ ඇවිද්දොත් වේ වැල්පාර වදිනව. ලඟට එනකල් දන්නෙ නෑ. ඇයි ඉතිං කොල්ලෙක් වගේනෙ.
ReplyDeleteමේ කියන විදුහල්පතිතුමා දැං ඉන්නෙ (පැන්ෂන්) අපේ ඔපීසිය කිට්ටුව. පැන්ෂන්එකේ වැඩ වලදි, වාහනේ ලයිසන් කරගන්න වගේ දේවල් වලදි මම උදව් කරනව. දැං මාර ආදරෙයි. ඒකාලෙ ළමයි/ගුරුවරු වගේ නෙවෙයි දැන් ළමයි/ගුරුවරු. මොනව වෙලාද මංද!
උගන්නපු ගුරුවරයෙක් දැන් දකින්න ලැබුනම දැනෙන සතුට වචන වලින් කියන්න අමාරුයි නේද ? අද ගුරුවරු ගුරු වෘත්තිය විකුනනවා එදා ගුරුවරු කලේ සේවයක්
Deleteමාර සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ...
ReplyDeleteතව ඔය වගේ සීන් තියනවා "මහේලගේ දහසත්" ඒ වගේ එකක් Link to මහේලගේ දහස
Delete:D:D
ReplyDelete:):)
Deleteජෝනා, මාත් ඔය ඉස්කෝලෙ තාප්පෙන් කොච්චර පැනලා ගිහින් ඇත්ද? හැබැයි ඒ උඹලට කලින්. එතකොට ඔය හෝල් එක තිබ්බෙ නෑ. කුලියට දෙමව්පියො පාරෙන් හොයාගන්න පුලුවන් රුපියල් දහයකට විස්සකට. ඇවිත් බැනුම් අහගෙන ඉඳලා යනවා.
ReplyDeleteඔය විදියට හෝල් එකේ හිටවාගෙන රිපෝට් කියවන එක එදා කලාට අද මම වැඩ කරන ඉස්කෝලෙ, මගේම දරුවගෙ OL result sheet එක මගෙ අතට දෙන්නෙ නෑ. මම ගන්නවානම් මම පුතාගෙන් ලියුමක් අරන්යන්න ඕනෙ අවසර දීපු. හැබැයි විභාග ගාස්තු ගෙව්වෙ මම. :D
ඔය සුලෝහිතේ හිටපු හාමුදුරු කෙනෙක් ගැන මම ලියපු "ධර්මාරාම ධයන්න පුතා, ධර්මාරාම ධයන්න" පෝස්ට් එක බැලුවද ජෝනා?
henryblogwalker the Dude
මම පුතාගෙන් ලියුමක් අරන්යන්න ඕනෙ අවසර දීපු. හැබැයි විභාග ගාස්තු ගෙව්වෙ මම. :D
Deleteහරි කෙලියක්නේ බං ඒක
ඒකාලේ කියුවේ "සූවස් ඇල හරහා පැනීම" කියලනේ. කොහොමද සුවඳ තාම මතකෙට එනවා. ඒකාලෙත් කුලියට දෙමාපියො ගන්න එක තිබුනා එහෙනම්
Deleteපුතාගේ රිපොට් එකට පුතාගෙන් ලියුමක් ගන්න එකනම් අනේ කාලේ වනේ වාසේ කියුවලු.
ඒ කියන්නෙ අපි නොදැනුවත්වම හරි යන්නෙ ආපස්සට ....
:D අපෙත් දෙමාපියන් එක්ක යන්න ඕන ඕක ගන්න! අපිට ස්කොලෙදි පලුයන්න බැන්නට මොකද අම්මලත් එක්ක ගියාම අම්මල බැන්නත් සර්ල මිස්ල ෂේප් එකේ අපිව ගලව ගන්නවා තව උනන්දුවෙයි අරකයි මේකයි කිය කිය!
ReplyDeleteගුරුවරු කියන්නේ අන්න ඒ අයට
Deleteඅපේ පොරක් හිටියා කසුන් කියලා බුදු බුලට් එකක්.දෙමාපිය රැස්වීමට තාත්තා එනවා පොර එදාට නිවාඩු.දවසක් නිවාඩු කාලේ පන්තියකට එන්නේ නැතුව කිරි අම්මගේ මල ගෙදර ගියා කියලා තාත්තාගෙන් ලියුමක් අරන් ආවා.මිස් ඕක කට්ටියම ඉස්සරහ තාත්තට කිව්වා.බැලින්නම් පොරගේ තාත්තා ඒ දවස් වල ටුවර් එහෙකට ගිහිල්ලා රට ඉඳලා තියෙන්නේ.කිරි අම්මා නැතිවෙලා තියෙන්නේ අවුරුදු ගානකට කලින්
ReplyDeleteහික් හික් ඔය වගේ එකම ආච්චි අපේ ඔපීසියෙත් තුන් හතර වතාවක් මළා
Deleteඇඩෙනවා... මෙහෙම රිපෝට් ප්‍රසිද්ධියෙ කියවලා දුන්නනම් අපිට ඉතින් දෙවියන්ගේම පිහිටයි... වෙලාවට එහෙම වුනේ නෑ...
ReplyDeleteමටනම් හුඟක් දවස් වලට රිපොර්ට් එකට ලැබුනෙ Absolutely Brilliant කියලා
Deleteරසායන විද්‍යාව AB
භෞතික විද්‍යාව AB
ශුද්ධ ගනිතය AB
ව්‍යවහාර ගණිතය AB
ඒ හින්දා ගානක් නෑ
උඹට අපි සලකනව මදිනෙ ජෝනා! :D
Deletehenryblogwalker the Dude
හැබෑට ලොකු ජොන් මාර දක්ෂයෙක් නෙව. හෙහ් හෙහ් ...
Deleteඅච්චෝ.......මාර වැඩ......හි හි....:)
ReplyDeleteතව ලොකු මාර ගහකුත් තිබුනා ...
Deleteමරු තමා. ඇත්තටම මේ කාලේ නම් මානව හිමිකම් කඩ කලා කියල නඩු දාන්නත් බැරි නැහැ තමා. ඒත් ඒ කාලේ එහෙම හිටපු හින්ද කී දෙනෙක් නම් යහමගට හැරෙන්න ඇද්ද .. ඒත් ඉතින් කට්ටය ඉස්සරහ රිපෝට් ඒක කියවන ඒක නම් ඇඩෙන වැඩක් තමා.
ReplyDeleteකීදෙනෙක්ද නෙමෙයි හැමෝම වගෙ හැදුනා ගුරු ගෞරවය කියන එක ඇතිවුනේ ඒකයි . හෙට ඒක ඉතිරි වෙන එකක් නෑ.
Deleteඅපිට ඒකේන් දරාගැනීමෙ ශක්තිය වැඩි දියුනු උනා හික් හික්
අපේ එකෙක් හිටියේ ඉස්කෝලෙ අල්ලපු වත්තේ. පනිනකොට සර්ට අහුවෙලා මොකද කොහෙද යන්නෙ ඇහුවම කිව්වලු..
ReplyDelete‘සර් මට අම්ම කතා කරනව වගේ ඇහුන‘ කියලා..
මේ කතාව තම මරුම කතාව.
Deleteඒකට කියන්නෙ ඝනදෙවි නුවන කියලනේ. අම්මා කතාකලාම නොගිහින් ඉන්න පුලුවන්ද ...
Deleteමරු ප්‍රින්සිපල් ඈ..
ReplyDeleteඇත්තටම මරු විදුහල්පතිවරයෙක් තමා එතුමා
Deleteප්‍රශ්නයක් නෑ අයියා. ඒ තාත්ත ඕක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඇති. මොකද තාත්තත් කොල්ල කාලෙ ඉස්කෝලෙ තාප්පෙන් පැනල ඇති නෙව.
ReplyDeleteඒ කාලෙ හැමෝටම වගේ තමන්ගෙ අතීතය ගැන වැටහීමක් තිබුනා
Deleteමං ගිය එක ඉස්කෝලයකවත් තාප්ප තිබුන් නැ
ReplyDeleteඒත් උඹ වැට පැන්නා නේ.
Deleteශා තාප්ප නොතිබ්බා කියන්නෙ හිතුනු ගමන් ගෙදර අපිට කොහෙද එහෙම වාසනාවක් කොමාන්ඩො පුහුනුවක් එපැයි අපිට
Deleteසිර සිද්දිය මචං..
ReplyDeleteඅපේ පන්තියෙ තව මරු සිරා සිද්දි උනා ඒවා පසුවට
Deleteඅපේ ඉස්කෝලේ පනින්න තාප්පයක් තිබ්බේ නෑනේ.. කොම උනත් තාත්තයි පුතයි පැටලුන එක මරු.. අපේ සර් වගේ ඉස්සෙල්ලා ගහලා පස්සේ කතා කරන ජාතියේ කෙනෙක් උනානම් තමයි මරු වැඩේ වෙන්නේ..
ReplyDeleteනැ සර් බනින්නෙ තරහට නෙමෙයි
Deleteතාත්තා කොල්ලෙක් වගේ කෙනෙක් වෙන්ට ඇතිනේද? :)
ReplyDeleteතාත්තා කොල්ලෙක්වගෙ කොල්ලා තාත්තෙක් වගේ ... ම්ම්ම්ම්
Deleteකොහොමත් ඒකාලෙ තාත්තා, පුතා, ප්‍රින්සිපල්, මේ තුන් දෙනාම ඇන්දෙ තනි සුදු සූට් එක. මළ මගුලයි මෙහෙම ඇන්දාම පිටිපස්සෙන් හිටියොත් කවුද කියල එකපාර අඳුනා ගන්න අමාරුයි. මමත් උසස් පෙළ පන්තියේ ඉඳිද්දි එක දවසක් පිටිපස්සෙන් ගිහින් ප්‍රින්සිපල්ට "මචං" කිව්වා. ඊට පස්සේ අනූ නමයෙන් බේරුණා.
ReplyDeleteඅපිට තාප්ප තිබුණෙ නෑ. ඒත් අඟල් 6 න් 6 ට කම්බි ගහපු කම්බි වැටෙන් රිංගලා පැනලා යන එක තරම් සුන්දර දෙයක් තවත් නෑ.
ඔය ප්‍රින්සිපල් ආපු දවසේ ඔය විදිහෙම සිද්දියක් උනා අයිතිකාරයා තාම අවසරය දුන්නෙ නෑ දාන්න දුන්න ගමන් කතාව දැම්මා
Deleteදුවට සුකුරුත්තන් මුනේ උලාගෙන ඉස්කෝලේ එන්ඩ එපා කියපු විදිහල්පතිට තාත්තාගෙන් හම්බෙච්ච රිටන් එක මතක් වුනා. හොඳ වෙලාවට එතන එහම දෙයක් නොවුනේ. ඒ වෙලාවේ හිටපු කට්ටියට හිනා ගියේ නැද්ද ජෝන් ?
ReplyDeleteප්‍රින්සිපල් එහෙම කියපුහාම ඒ මනුස්සයට බඩ කපාගෙන මැරෙන්න හිතෙන්න ඇති.
අපොයි තාත්තගෙයි සර්ගෙයි දෙන්නගෙම පටි රෝල්නෙ
ReplyDelete