මාමේ අන්දරේ
මොනවද ඔය පැදුරේ ?මේවා තමා ඩොට් කියන්නෙ හරි පැනි රස ටොපී
ඩොට් කියලා අලුත් ටොපී ...
පුතේ දුවේ මේ අහන්න
පැනි රස ගැන කියාදෙන්න
මටත් වඩා ජගතෙක් නෑ
ඩොට් ටොපියේ රස දැනුනම සීනි කෑවා සිහිවෙනවා..
--------------------------------------------------------
වෙද මහත්තයො
මේ ළමයා හරි මලානිකයි ....
කෝ බලන්න ...
දිව දාන්න එලියට...
මේන්න මේ වට්ටෝරුව පත අට එකට හිඳුවා ඩොට් සමග තුන් වේලක් දෙන්න
අනේ දුවේ උඹේ කටේ ... බෑ බෑ බෑ මගේ කටේ .
මේ ඉස්සරම ඉස්සර අහලා පුරුදු නැත්නම් රූපපෙල ඉබේම හිතෙ මැවෙන වෙළඳ දැන්වීම් දෙකක්. සමහරුනම් දන්නෙත් නැතිව ඇති. අද කාලෙනම් ටොපි විකුනන්න මහන්සිවෙන්න ඕනෙ නෑනේ. ඉතිරි සල්ලි වෙනුවට ටොපිනෙ දෙන්නෙ.
ඩොට් ටොපි ඇඩ් එක දැම්මෙ ඩොට් ටොපි සම්බන්ද කතාවක් මතක් වුන නිසා. මේ කතාව පොඩි මඩ කතාවක්. මේ කතාවට කතානායකයා වෙන්නෙ මගෙ බොහොම කතාවලට සම්බන්ද වුන සිරා.
ඔය සිරා උසස්පෙල කරන දවස්වල එයාගේ ගෙවල් ළඟ ගෙදරක සිරාගේ හිත ගත්තු ළමයෙක් හිටියලු . ඉතින් සිරත් ඒ ළමයගේ අම්මා තාත්තා ගෙදර නැති වෙලාවට එගොල්ලන්ගේ ගෙවල් පැත්තෙ යනව එනවා.
දවසක් සිරා ගෙදරට යනකොට ගෙදර ඉන්නවලු තව අමුත්තෙක්. ඒ අර ගෑනු ළමයගේ ඥාතිවෙන මල්ලියෙක්. ඉතින් මූට හෙනට අප්සෙට්ලු. මල්ලිත් මුන් දෙන්නට උදැල්ල දාගෙනම ඉන්නවලු.
මෙන්න මේ වෙලාවෙ තමයි සිරාට අර ස්ථානෝචිත ප්‍රඥාවද මොකක්ද එක පහලවෙලා තියෙන්න. ගත්තලු සාක්කුවෙන් රුපියලක් (මේක අතීත කතාවක් බව සලකනු මැනවී)
"මල්ලියො අර වංගුවෙ කඩේ නෙමෙයි අර ඊට එහා ඈතම ඈත හන්දියෙ කඩේට අලුත් ටොපි ජාතියක් ඇවිත් තියෙනවා ඩොට් ටොපි කියලා. හරීරීරීම රසයි. හැබැයි ඔයා ගිහින් අරගන්න ඕනා "
දැන් පොඩිඋන් වගේ නෙමෙයිනේ ඉස්සර පොඩිඋන් ඕන දෙයක් කරයි ටොපි දෙනවනම්
පින්තූරය ගත්තෙ මෙතනින් --> www.brokenandbeautifulblog.com
දැන් පොඩි එකෙක්ට ඕක කිව්වා නම් කන්න වෙන්නේ.
ReplyDeleteඒකනේ දැන් පොඩි උනුයි එදා පොඩි උනුයි අතර වෙනස
Deleteඅහලවත් නෑ..
ReplyDeleteඔය පද ටික මම ලීවෙ කටපාඩමින් ඒතරමට එදා ඕක ජනප්‍රියයි
Deleteසිරාවටම මටත් පාඩං.බුලටෝ වලට වල කැපුවේ ඩොට් ටොපි
Deleteඅද නං මේ කතාවෙන් අපටත් මෙයා ටොපි තමා දිල තියෙන්නේ.
ReplyDeleteඑහෙම හිතෙනවද . හැබැයි මම ලියුවේ අඩු තරමින් අතීතයට හරි යයි කියලා හිතලා
Deleteදැන් ලමයිනට ටොෆි නෙමේ මොනවා දුන්නත් ඔය වගේ තැනකින් අයින් වෙන්නෙ නැතිවෙයි..
ReplyDeleteඒකනම් ඇත්ත අඩුතරමින් හොරෙන් හරි බලයි
Deleteචැක්, ඒ කාලෙ උනත් පොඩි එකාට කියන්න තිබුනෙ “අපෝ ... රුපියලකට ඔච්චර දුර යන්න බෑ“ කියල.
ReplyDeleteඒකාලේ රුපියල හරීරීරී... ලොකුයි
Deleteඔය දැන්වීම මට මතකයි...ඩොට් ටොෆී ලගට තිබුනෙ ඩෙල්ටා ටොෆී///
ReplyDeleteනෑ නෑ ඩෙල්ටා පරනයි ඩෙල්ටා නැතිඋනේ ඩොට් ආවට පස්සෙ වගේ ..
Deleteහම්
Deleteඅඩෝ සිරා, උඹේ මොළේ තමයි මොළේ නේ?
Deleteඔය් අඩොට් ටොපි හැදුවේ ඒ කාලේ නම්බර් වන් ව්‍යාපාරිකයෙක් වෙච්චි ආනන්ද ගනේගොඩ. ට්‍රාන්ස් ඇඳුම් සාප්පු, ට්‍රාන්ස්ලංකා ඉන්වෙස්ට්මන්ට් වගේ ව්‍යාපාර රාශියක් තිබුනා.. මම හිතන්නේ මිනිහා නැති උනෙත් කළාකාරයෝ නිසා කියලා.. ඒයාගේ තමයි සීංග්ලංකා කැසට් කොම්පැනියත්.. දැන්නම් උන්නද මලාද නෑ...
ReplyDeleteමට ඒ හැටි අවබෝදයක් නෑ. ස්තුතියි ඒ පිලිබඳව මතක් කිරීම ගැන හොයලා බලන්න ඕන.
Deleteදැන් උන්නු උන් අහයි අයි අය්යේ කොපුවක් එපාද කියල :)
ReplyDeleteහෙක් හෙක්
Deleteදැන් කාලේ පොඩි උන්ට රුපියලක් දීලා ඕවා කර ගන්න බෑ..
ReplyDeleteඅද උන්ට නම් බෑ තමා
Deleteදැං උන්ට චංගුමී දාලා දුන්නනං හරි.උගෙ ගාවම ඉඳගෙන ඕනේ මගුලක් කරන්ඩ පුළුවං ඌට නොපෙනී.
ReplyDeleteරූපවාහිනියට ඇබ්බැහිවීම
Deleteහොද ටොෆියක් වගේ .ඒතරම් පැණි රසයි.
ReplyDeleteඅද ටොපිවලට වඩානම් හොඳයි
Deleteබන්ටි යාලු පස් දෙනාම අපෙත් දූගේ යාලුවෝ මතකද ජෝනාට? මගේ දූගේ ප්‍රියතම සින්දුවක් ඒක.
ReplyDeleteයන්තම් මතකයි
Deleteදැන් ඕව කියන්න ගියොත් පොඩි එකාගෙං ඩොට් වෙන්න හම්බවෙයි.
ReplyDeleteඇයි බන්ටි ටොෆි වල කොලේ දෙපැත්තට ඇද්ද මතක නැද්ද?
ඒකනම් ඇත්ත
Deleteඅපි නම් කයි ඔය ටොපි!
ReplyDeleteඋඹලට කන්න දැන් ඔයටොපි නෑනේ (නරියත් ඔහොම කියුවලු )
Deleteමාමේ අන්දරේ
ReplyDeleteමොනවද ඔය පැදුරේ ?මේවා තමා ඩොට් කියන්නෙ හරි පැනි රස ටොපී
ඩොට් කියලා අලුත් ටොපී ...
පුතේ දුවේ මේ අහන්න……
පැනි රස ගැන කියාදෙන්න…
මටත් වඩා ජගතෙක් නෑ
ඩොට් ටොපියේ රස දැනුනම සීනි කෑවා සිහිවෙනවා..
වෙද මහත්තයො
මේ ළමයා හරි මලානිකයි ....
…කෝ බලන්න ...…
දිව දාන්න එලියට...…
මේන්න මේ වට්ටෝරුව පත අට එකට හිඳුවා ඩොට් සමග තුන් වේලක් දෙන්න…
අනේ දුවේ උඹේ කටේ ... බෑ බෑ බෑ මගේ කටේ .
මට මේ වෙළඳ දැන්වීමේ අතිතය මතක් වුණා. මට මතක හැටියට අසූව දශකයේ වෙළඳ දැන්වීම් කලාවේ ප්‍රමුඛයෙක් වුණ ආරියසිරි විතානගේ තමයි මේ දැන්වීම් දෙකම නිර්මානය කළේ. ඔහුගේ තිබුණ ට්‍රැඩ් ලංකා ආයතනය හරහා. මෙහි වෙලඳ දැන්වීම් හඬත් ආරියසිරි විතානගේ ගේමයි. ඒවගේම එකල ගුවන්විදුලියේ අධුනික ගි වැඩසටහනකුත් තිබුණා "ඩොට් රස දහරා" නමින්.
මොනව වුනත් ඒකාලේ මේදැන්විම් දෙක දැක්කම ඩොට් ටොෆි කන්නම හිතුනා. මොකද ඒදවස්වන මාකට් එකේ හොදම ඉල්ලුම ඩොට් ටොෆීවලටයි
ස්තූතියි . මේ දැනුවත්කිරීම මම බලාපොරොත්තූ උනා
Deleteබුල්ටො වලට වඩා හොඳයි ඩොට් ටොෆී....
ReplyDeleteමං නම් ඇහුවෙත් අදමයි :(
නැතුව කටේ ඇලෙන්නෙත් නෑ
Deleteහැබැයි බුල්ටොනම් ගුනසිරි බුල්ටො
මේ අපේ කාමරේ සිරා නෙමෙයි නේ. අර පරණ ඇඩ් දෙක මතක් කරාට ස්තුතියි. කොයි තරං රස වින්නද ඒවා ඒ කාලේ
ReplyDeleteනෑ නෑ මේ වෙන සිරාකෙනෙක් කතාවල ඉන්න නම සිරිල්.
Deleteටොපි චෝක්කෝ ටොපි ටොපි චෝක්කෝ....
ReplyDeleteහෙක් හෙක්
Deleteඔය පළවෙනි ඩොට් ටොෆි ඇඩ් එකේ අන්දරේ මාමට හිටියෙ විජය නන්දසිරි නේ. ඒ කාලෙ අපි පොඩියි. ඒත් තාම මතකයි ඒ ඇඩි එක. ඒ කාලෙ ගුණසිරි බුල්ටෝ, නාරං බික්, සීනි කූරු, ඩෙල්ටා කිරි ටොෆී, ග්ලූකෝරස මාමේ ඇඩ් එක... තාමත් හිතෙන් අතීතයට යන්න පුළුවන් දේවල් තමා.
ReplyDeleteදොයි දොයි දොයි දොය්
ReplyDeleteදොයිය බබෝ දොයි
බයි බයි බයි බයි.. බය්ය බබෝ බයි
ගුණසිරි බුල්ටෝ බබාට තාත්ත ගෙන දෙයි..
ඇල්ලුවට හපන්න පුලුවන්ද???
ReplyDeleteඇයි බෑයි කියල හිතුවද....
පරණ සිග්නල් Ad එකක්