he

Thursday, October 15, 2026

නටත් අයෙක් සුරාමතින්

ස්වර්ණවාහිනී නාලිකාවේ පසුගියදා අවසන් වූ “නටත් අයෙක් සුරාමතින්” ටෙලි නාට්‍යය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන විවිධ අදහස් දකිද්දී, මේ සටහන ලියන්නට සිතුණි. විශේෂයෙන්ම, බොහෝ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වූ ආකාරයේ අවසානයක් දකින්නට නොලැබීම නිසා ඔවුන් තුළ ඇති වූ කනස්සල්ල සහ නොසතුට මට සිතන්නට යමක් ඉතිරි කළේය.

ඇත්තෙන්ම, ප්‍රේක්ෂකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් බලාපොරොත්තු වූයේ කුමක්ද? පවුලක් කඩා බිඳී යන, එකිනෙකාගෙන් වෙන්වන සහ අවසානයේ සියලු දෙනාම තම තමන්ගේ වේදනාවන් සමඟ තනිවන අවසානයක් නොවේද? නන්දි අනාචාර සම්බන්ධතාවකට යොමු වී, එහි වරද ඇය පිට පැටවෙන අතර,  ලද්දු කෙරෙහි ප්‍රේක්ෂක අනුකම්පාව තවදුරටත් වර්ධනය වන ආකාරයේ අවසානයක් බොහෝ දෙනකුගේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබුණි. බොහෝ මත් ලෝලි‍යන් තමන් මතට හිත ‍යොමුකරන්නේ බිරින්දෑවරුන්ගේ වරදින්  බව පෙන්වන්නට ප්‍රෙක්ශක සමාජ‍යත් හුරුකරගේන සිටින නිසා එ‍යත් එම පැත්තට කතාව ‍යොමුවී  කතාවේ අවසාන‍ය එසේ දකින්නට සිතුවා වි‍ය හැකි‍යි. 



එහෙත්, කතාව අවසන් වූයේ සි‍යල්ලොම සතුටින් විසිර‍යන අවසාන‍යක වුවත් ඒතුලින් සමාජ‍යට විශාල පනිවුඩ‍යක් පෙන්වා දුන්නේ‍ය.  පවුලක වටිනාකම, සබඳතාවල සංකීර්ණත්වය සහ බිඳ වැටෙන්නට යන පවුලක් රැකගැනීමේ වැදගත්කම පිළිබඳව සිතන්නට අවස්ථාවක් ප්‍රෙක්ශක‍යාට ඉතිරි කලේ‍ය

අප ජීවත් වන සමාජය දෙස මඳක් විමසිල්ලෙන් බැලුවහොත්, අනුන්ගේ පවුල් ජීවිතවල පවතින ගැටලු තමන්ගේ වාසියට හරවා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් හමුවීම අරුමයක් නොවේ. අන් අයගේ දුර්වලතා හඳුනාගෙන, ඔවුන් අතර පවතින ගැටුම් තවදුරටත් උග්‍ර කරමින්, තමන්ගේ ආශාවන් සහ අරමුණු ඉටුකරගැනීමට උත්සාහ කරන ධනංජයලා ද මේ සමාජයේ සිටිති.
 

Friday, October 9, 2026

අනුන්ගේ පවුල්වල කුණු හොයන්න කලින් තමන්ගේ ගෙදර පිරිසිදු කරගන්න!

 

අද සමාජයේ සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය හදාගන්න තියෙන කාලයට වඩා අනුන්ගේ ජීවිත ගැන හොයන්න කාලය තියෙනවා. අනුන්ගේ පවුල්වල පුංචි අඩුපාඩුවක් දැක්කත් ඒක ලොකු කරලා කියන්න, සිද්ධියක් අහගත්තත් ඒකට තවත් කෑලි එකතු කරන්න, නොදන්නා දෙයක් ගැනත් දන්නවා වගේ කතා කරන්න සමහරු හරිම දක්ෂයි.

විශේෂයෙන්ම කෙනෙකුගේ පවුල් ජීවිතය, සැමියා සහ බිරිඳ අතර ඇති ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, ආර්ථික අපහසුතා වගේ පෞද්ගලික දේවල්   හො‍යන එක සමහරුන්ගෙ විනෝදාංශ බවට පත්වෙලා. තමන්ට කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නවලට විනිශ්චයකාරයෝ වෙලා, තවත් කෙනෙකුගේ ජීවිතය ගැන තීන්දු දෙන්න සමහරු ඉදිරිපත් වෙනවා.

 




 අනුන්ගේ ජීවිතවල තියෙන වැරදි හොයන හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතයේ වැරදි නැති අය නෙවෙයි.

සමහර වෙලාවට අනුන්ගේ වැරදි ගැන වැඩිපුරම කතා කරන කෙනා උත්සාහ කරන්නේ තමන්ගේ අඩුපාඩු අනිත් අයගෙන් වසන් කරගන්න වෙන්න පුළුවන්. අනුන්ගේ චරිතයට මඩ ගහලා, තමන් සුදනෙක් වගේ පෙනී ඉන්න උත්සාහ කරන අයත් සමාජයේ නැත්තෙ නෑ.   තමන්ගේ ජීවිතයේ ඇති ප්‍රශ්නවලට මුහුණ දෙන්න ධෛර්යයක් නැති විට, තවත් කෙනෙකුගේ ජීවිතය විවේචනය කිරීමෙන් තාවකාලික සැනසීමක් ලබන අයත් ඉන්නවා.

 

කලාකරුවෙක්, ගායකයෙක්, නළුවෙක්, දේශපාලනඥයෙක් හෝ වෙනත් ජනප්‍රිය චරිතයක් සාර්ථකත්වයට පත්වුණාම ඔවුන්ගේ දක්ෂතා අගය කරනවාට වඩා ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය හාරා අවුස්සන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා.