මම පහුගිය කාලෙ ඒ කියන්නෙ 1996 විතර ඉඳලා 2008 වෙනකම් විනෝදාංශයක් විදියට ආරම්භ කරලා වෘත්තීමය පැත්තටම ඇදගෙන ගිය මගෙ වීඩියෝ සෙන්ටර් එකේ සිදූවුනු රසවත් අත් දැකීම් කීපයක් බෙදාගන්න හිතාගෙන, හැඳින්වීමක් හැටියටත් එක්ක තමයි මේ පෝස්ටුව දාන්නේ.
සාමාන්‍යයෙන් වෙනත් වීඩියෝ කඩ පවත්වාගෙන යන අකාරයට වඩා වෙනස් ආකාරයට තමයි මම මගෙ ආයතනය පවත් වාගෙන ගියෙ. සාමාජිකයන්ට පමනක් වන විදියට තමයි මෙය පවත්වගෙන ගියෙ. 1996 ඉඳලා 2002 වෙනතුරු හැඳුනුම්පත තබාගෙන වීඩියෝපට නිකුත් කලත් 2002න් පස්සේ හැඳුනුම් පත ගත්තෙ නෑ.
මගෙන් චිත්‍රපටි ගන්න එන අයට සාමාජිකත්ව නිකුත් කරලා සාමජිකයන්ගෙ දත්ත සෙරම මෘදුකාංගයක් හරහා එකතුකරගෙන, ඒ මෘදුකාංගයෙන්ම තමයි ආයතනය පාලනය කලේ. අනිත් තැන් වගෙ DVD VCD ගෙනියන අවස්තාවෙ මුදල් අයකලෙත් නෑ ආපසු භාරදෙන අවස්තාවෙදි හො මසකට වරක් තමයි මුදල් අයකලෙ. සමහර සාමාජිකත්ව තිබුනා වසරකට, මාස 6කට, මාස 3කට, මාසයකට වරක් පමනක් මුදල් ගෙවන. බද්දට ගන්න අයටත් මටත් අසාධාරනයක් නොවෙන්න තමයි මුදල් අයකලේ.
මම මගේ ආයතනය නම්කලේත් මගේ නමින්මයි JOHNS MOVIE LIBRARY. හොඳයිනේ නම. ආයතනය තිබුනේ පානදුරේ. දාන්න නමක් හොයනවට වඩා ගහගත්තු කාඩ් එකෙන්ම ගොඩයන්න මට පුලුවන් උනා.
1996 මුලින්ම පටන් ගන්න කොට DVD 6ක් VCD 25ක් VHSkaatahari 125ක් වෙන්න තිබුනා ඒ කාලේ DVD එකක් රුපියල් 3500ක් විතර උනා VCD එකකුත් රුපියල් 450ත් 750ත් අතර ගානක් වගේ තමයි උනේ කොහොම හරි පලමු අවුරුද්ද පාඩු පිට දිව්වට දෙවන අවුරුද්දෙ මාගාව DVD 50-60ක් විතර තිබුනා ඒ වගේම VCD 1000කට කිට්ටුවෙන්නත් තිබුනා. 1997 අවුරුද්දේ මම කොල්ලුපිටියේ පරිඝනක ආයතනයක දෘඩාංග සම්බන්ද රැකියාවක් කලේ. නිතර නිතර සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල සැරිසරන දන්න අඳුනන සැහෙන්න ඔය කාලෙදි මා වටා උන්නා. ඒ හන්දා නිතර නිතර යාවත්කාලිනවෙන චිත්‍රපටි මාගාව තිබුනා. කොහොම කොහොම හරි කාලය ගතවෙලා VHS නැත්තටම නැතිවෙලා VCD වලටත් ඒ ආනිසංසෙම උදාඋනා යාන්තම් DVD නම් අල්ලලා හිටියා.
මම DVD ගන්නකොට අනිවාර්‍යයෙන්ම අඩුම තරමේ භාෂා තුන හතරක්වත් තියන DOLBY DIGITAL, DTS Sound System තියන DVD තමයි ගන්නේ හරියටම කියනවනම් Original Quality DVD නැත්නම් මම සල්ලි දීලා ගන්නෙ නෑ පාරිභෝගිකයාට හොඳම දේ දෙන්න ඕන කියන එකටත් වඩා මගේ තෘප්තියට මම ගත්තේ හොඳම දේ.
අද කාලේ DVD එකක් නම් රුපියල් 50ක් වෙනකොට ගන්න පුලුවන්නේ. ඒත් ඔය එකක්වත් අඩු තරමේ උපසිරැසිවත් හරියට නෑ DTS DOLBY නම් අහලවත් නෑ . ඉතින් 2008 දි මම මගේ ආයතනය වහන්න හේතු උනේ ලාබෙට DVD විකුනන පිටකොටුවේ මුදලාලිලා මේ ක්ශේත්‍රය ආක්‍රමනය කරන්න පටන් ගත්තට පස්සේ. ඒ අයට ඕන උනේ ලාබේ විතරයි. මේ ව්‍යාපාරයේ පැවැත්ම ගැන ඒ අයට උවමනා උනේ නෑ. සියට දහයේ පහලොවේ ලාබෙට බිස්නස් කරපු උන් දන්නේ BUYING & SELLING විතරයි. ඒ අය දැනන් උන්නෙ නෑ DVD ව්‍යාපාරය සේවාවක් කියලා. ඒ අය සේවාවට මිල නියම කලේ බයින් ඇන්ඩ් සෙලින් රේට් එකට. අන්තිමටම කලකිරුන මම 2008දි ආයතනය වහලාදාලා DVD සේරම ගෙදරට ගෙනත් දැම්මා. කාමරයක් පිරෙන්න DVD. හම්මෝ ඔය කාමරේට මේ ලොකු ජෝන්ගේ පවුල එබෙන්නේ හැමදාම බැනගෙන .. කවරත් එක්කම DVD 6000ක් ..හිතාගන්න පුලුවන්නේ කාමරේ හැටි.
ඉතින් 6000කට අධික DVD තොගයක් මගේ වීඩියෝහල වහල දාන වෙලේ මාත් එක්ක ඉතුරු උනා. ගෙදරිනුත් බැනුම් අහගෙන මේටික පනවගේ මෙච්චර කල් තියාගෙන උන්නා. ඒත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා (ඒහේතුව ළඟදිම ඉදිරි පෝස්ටුවකින් කියන්නම් ) මට මගේ DVD ටික මට අතහරින්න සිදුවෙනවා.
කාටහරි දෙන්නත් ගනන් හිලවු හරියට තියෙන්න ඕන නිසා පලුදුවුන දුර්වර්නවුන වැඩනොකරන සේරම DVD පහුගිය දවසක අයින් කලා 3000කට අදික ප්‍රමානයක් DVD මාලඟ දැන් ඉතිරිවෙලා තියනවා
හොඳ ඔෆර් එකක් ආවොත් දෙනවා කැමතිද ?
මෙන්න මගේ නොම්මරේ 0714472985
මගේ විඩියෝ සෙන්ටර් එකට වෙච්ච සන්තැසියම තමයි එහෙනං උඹේ එකටත් වෙලා තියෙන්නේ ,
ReplyDeleteඅටම කලේ වැල වීඩියෝ සෙන්ටර් එකක් නේද? :D
Deleteඅටම කලේ වැල වීඩියෝ සෙන්ටර් එකක් නේද? :D
Deleteඅටමගෙ එකට පොලෝසියෙං පැන්නද?
Deleteවෙන්න කලින් මම වැහුවා
Deleteහයියූ මේ බෝ පැලයක් වගේ ඉන්න අටමට රට්ටු කියන කථා...
DeleteThis comment has been removed by a blog administrator.
Deleteබොහොම හොඳ එකතුවක්නේ..හොඳ විනෝදාංශයක්
ReplyDeleteඅපේ පවුලනම් කියන්නේ "ඕක කන්නද" කියලා
Deleteඔරිමජිනල් හොයන අයට වටිනව අයියේ මේවා :)
ReplyDeleteඅපේ අය බාල බඩුවලට පුරුදුවෙලා ...
Deleteහලෝ මේ ikman lk එකේ දාන්න ඕනේ දැන්වීම් මෙහෙම දාලා අපේ කාලෙයි ඩේටා ටිකයි දෙකම කන්නේ ඇයි
ReplyDeleteස්තුතියි අදහසට ...ඔයාගේ කාලෙ කෑවනම් සමාවෙන්න ඒත් මේ පෝස්ට් එක දැම්මේ ඉස්සරහට ලියන්න තියන තව මගේ පොස්ට් ගානකට හැඳින්වීමක් විදියට.
Deleteඅඩුම ගාණෙ DVD සීයක හමාරකවත් නම් දන්න එපැයි. නැත්නම් නම පේන විදිහට ෆොටෝ කීපයක්....
ReplyDeleteසරලව කියනවනම් ඉස්සර මගේ මොටො එක
Delete'' You name it , I have it" 2008ට කලින් ආපු හොඳ චිත්‍රපටි සේරම වගේ මගේ ලඟ තියනවා
මගෙ අප්පේ...
ReplyDeleteකිව්වත් වගේ ඉක්මන් එකේ ඇඩ් එක දැම්ම නම් ගොඩ..
වැඩක් උනේ නෑ බං
Deleteමේක දැක්ක ගමන් විකුනනවා කිව්වාම බඩ පපුව පිච්චුනා වගේ හැඟීමක් ආවා.. ඇයි හත් දෙයියනේ ආදරෙයන් එකතු කරපු දෙයක් නේද?
ReplyDeleteඑකමදේ ලංකාවෙ "හොරබඩු ජාවාරම" පිටකොටුව හරහා ලංකාව පුරා ව්‍යාප්ත වෙද්දි මේවගේ සම්පතක් තිබුණ තැන කඩා වැටෙව එකපුදුමයක් නෙවෙයි.
මේක පුද්ගලික කලෙක්ෂන් එකකට වුනත් නියමයි.
වෙලාවට අතේ සල්ලි නැ තිබුණනම් වචන දෙකක් නෑ මම ගන්නවා වෙන මොනවට වත් නෙවෙයි මට බලන්නත්, පුද්ගලික කලෙක්ෂන් එකක් විදියට තියාගන්නත්.
ඒකනේ මම "මගේ වස්තුව " කියලා නම දැම්මේ. මමත් කැමති පුද්ගලික චිත්‍රපටි එකතුවක් විදියට දෙන්න තමයි . ඒත් කාලය මදි වගේ
Deleteමට වෙන්නෙත් කවදා හරි ඔය ටික තමයි... වෙලාවට ඔක්කොම පොටබල් හාඩ් වල තියෙන්නේ.....
ReplyDeleteඒ උනාට BRRIP DVDRIP වලට DVD Quality ගන්න අමාරුයි මම ඔය දෙකේම වෙනස අඳුනනවා
Deleteමමත් මේ දවස්වල ඉන්ටනෙට් කැෆේ එකක් දාන්න හිතන් ඉන්නේ.වැඩේ අවුල් වෙයිද?
ReplyDeleteවැඩි ලාබයක් බලාව්පොරොත්තු වෙනවානම් අමතර වැඩ ටිකක් කරන්න අදහසක් ඕනෙනම් මට කතාකරන්න .
Deleteමටත් ඔය වගේ රෙන්ට් එකට ගත්තු කාලයක් ලාවට වගේ මතකයි.දැන්නම් ඉතින් බානව බලනව-බානව බලනව.
ReplyDeleteෆිල්ම් වලත් වඩා ටීවී සීරීස් තමයි බලන්නේ.කෙලින්ම සිංහල උප සිරැසි සමග.(බයිස්කෝප්,සූම් පිහිටින්)
දුලාගේ අඩවිය ලියන දුලා
මේ ව්‍යාපාරයට ඒකත් එක පහරක් තමයි
Deleteමට මතක් වුනේ ගෙදර තියෙන මගේ කලෙක්ශන් එක.. ඕක කොයි වෙලේ හරි අපේ ගෙදරින් විසි වෙලා යාවි මාත් දැන් නැති හන්දා..
ReplyDeleteඑහෙම වෙන්න කලින් විකුනන්න තීරනය කලේ ඒකයි
Deleteමට දුක හිතෙන්නෙ ලොකු ජෝන් ඔයා ඕව දෙන්න හදන්නෙ ඇයි කියල හිතනකොට .
ReplyDeleteඒගැන වෙනම බ්ලොග් පොස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්නේ
Deleteමටත් තිබුණ ඔහොම කැසට් පීස් කලෙක්ෂන් එකක්. අන්තිමට ඒව අහන්න වෙලාවක් නැති හින්ද පුස් කාලම ගියා. අන්තිමට ඔක්කොම ගිනි තියල දැම්ම.
ReplyDeleteදැංනං ඉතිං නෙට් එකෙන්නෙ හැම දෙයක්ම.
මගේ කැසට් එකතුවටනම් උනේ ඒකතමයි
Deleteමම නම් චිත්‍රපටි රසිකයෙක් නෙවෙයි, කොහොම උනත් අපරාදේ ආදරෙන් එකතු කරපු, වටිනා පුද්ගලික එකතුව විකුණන එක..
ReplyDeleteඉක්මනටම හොඳ ගැනුම් කරුවෙක් ලැබේවා කියා පතනවා.
මොනවා උනත් අපරාදේ...
ReplyDeleteදුකයි ඇහෙනකොටත්.....
ReplyDeleteහිතට දුකක් දැනුනා...ඔබේ ආදරය දිනූ වස්තූන් රාශියක් ඔබෙන් දුරස් වන්නට යන බව ඇහුවාම...සියලු දේ අනිත්‍යයි යන සනාතන දහම තමයි මෙතනටත් පොදු වෙන්නෙ. ජය !
ReplyDeleteටොරන්ට් කේස් එක නිසා තමයි වීඩියෝ කඩවලට ඔය කල ගියේ
ReplyDeleteතවත් වරක් හිතලා බලන්න. ඔය වගේ එකතුවකට තැනක් එන කාලයක් එන්නත් පුළුවන්. එහෙම එකතු කරපු අය පස්සේ ගොඩ ගිය වෙලාවල් ඕනෑතරම් තියෙනවා.
ReplyDeleteඅපරාදෙ... දැක්කම දුකයි... මොනතරම් ආසාවෙන් එකතු කරපුවද කියල හිතෙනවා, ව්‍යාපාරයකට උනත්...
ReplyDeleteඅපරාදෙ කියල තමයි ඉතින් කියන්න තියෙන්නෙ...
ReplyDeleteDo you have the movie "THE MAN" in your collection
ReplyDeleteහොඳ එකතුවක්... !
ReplyDeleteමරැනේ එකතුව!! අද තමයි මුලින්ම ආවේ.. නැවත එන්නම්. ජය!!
ReplyDeleteඅර ති.නා. කරනවා වගේ ඔයා ලො.ජෝ. කියලා ගහලා ඕවා රූපවාහිනියට දෙන්න
ReplyDeleteවෙල්කම් පාට්නර්. මගෙත් තියෙනවා සෑහෙන එකතුවක්. හැබැයි මං දැන් නං එච්චර සල්ලි වියදම් කරන්නෑ. අන්තර්ජාලෙන් රිප් එක බාලා, ඩිස්ක් එකක ගහනවා. තව අවුරුදු පහක් විතර යද්දි, නෝමල් ඩීවිඩි ගිහිං බ්ලූරේ වගේ අපිට හිතාගන්න බැරි වර්ෂන් එයි. දැනට අවුරුදු දෙකකට විතර කලින් මයෙ හිතේ, මූවි නිකුත් කිරීම එස්ඩී කාඩ් (නොන් රීරයිටබල්) වලින් කිරීමත් පටන් ගත්තා. ඉතින් ඩීවීඩි වලටත් වීසීඩි වල ඉරණමම අයිති වෙයි ළඟදිම.
ReplyDeleteමාත් DVD ඉස්සර එතකු කලා original ඒවා ලොකු ජෝන් අයියා වගේම, කාමත් ඒ ටික තියෙනවා ඒත් එකක් දෙකක් මිසින් වෙලා කවුරු හරි උස්සලා , දැන්නං බාලා හාඩ් එක පිරිලා,:D දුක නැද්ද කාලයක් එකතු කරපුවා විකූණන්න?
ReplyDelete