he

Saturday, January 3, 2015

පලිගැනීම් හා දේශපාලනය ගැන මගේ අත්දැකීම

සීතල කැනඩාවට ආවට පස්සෙ පෙට්ටගම තිබුනද නැද්ද කියලා බලන්න වෙලාවක් හම්බ උනෙ නෑ. හැබැයි මූනු පොතෙ නම් හුඟක් වෙලාවට සැරි සරන්න වෙලාව තිබුනා. ඒ ජංගම දුරකතනයට පිං සිද්දවෙන්න. යාන්තම්  වෙලාවක් හදාගත්තත්, හැම තැනකම ජනාධිපතිවරන උනුසුම නිසා ලියන්න කියන්න හැමදේටම මාතෘකාව වෙන්නේ ඕක.

 ඕකෙ ඉතින් මම කියලා මොනවා ලියන්නයැ. මට දෙශපාලනය ගැන කතාකරන්න කිසිම උවමනාවක් නෑ. ඒ උනාට මේ කතන්දරය ලියන්න මීට වඩා හොඳ කාලයක් එන්නෙත් නෑ. හැබැයි මෙක කියවලා ඉවරවෙලා ලොකු ජෝන් ශ්‍රිලංකා කාරයා කියන හැන්දෙන් මට බෙදාගෙනම යන්න එපා. මොකද මට ඔය ශ්‍රිලංකාවෙ දෙශපාලනය කියන එක එපාම වෙලා තියෙන්නේ. ඒකට හේතුව අපේ රටේ දේශපාලනය කරන උන්දැලා ලඟ ලජ්ජා බය කියන එක ගැවිලාවත් නැතිකම. නැත්නම් ප්‍රතිපත්තියන් නැතිකම. දෙශපාලුවොනම් එහාට පැනලා මෙහාට පැනලා තානාන්තරයක් නැත්නම් කුට්ටියක් කඩාගෙන උන්ගෙ හත්මුතු පරම්පරාවම ගොඩ දාගනි. උන්ගෙ පස්සේ උන්ට ආවඩාගෙන යන උන්ටවෙන්නේ අන්තිමේදි ඇටිකෙහෙල් කාපු රිලවුන්ට උනදේ. 


මම කලින්ම ඉල්ලා සිටින්නෙ, මේ ලිපියට මාහට ඔබගේ දේශපාලන මතයනම් කිසිසේත්ම අදාල වන්නේ නෑ. ඒ වාගේම මගේ දේශපාලන මතය නැත්නම් මගේ කැමැත්තත්, ඔබට අදාල දෙයක් නොකරගන්නා ලෙස. 

 මට මතක ඉස්සර කාලේ, ඡන්දය දවසට රෑ නිදිමරාගෙන තාත්තා දිනපතා පත්තරයෙන් දෙන ඡන්ද ලකුනු පත්‍රිකාව පුරවන්නට පටන්ගන්නේ ගමටම ඇහෙන්න රෙඩියෝව දමාගෙනය. 

"චික් ඒක පරාදයි ".

 තවත් පැයක් හමාරක් යනතුරු නිදිමරාගෙන නිවසේ එහාට මෙහාට යමින් ගමටම ඇහෙන්න දමාතිබූ රේඩියෝව තමාට පමනක් ඇහෙන මට්ටමට දමාගෙන ඒත් තවමත් ඡන්ද සලකුනු පත්‍රිකාව සටහන් තබන්නේ තමන්ට වාසි ලැබූ කොට්ටාසවලට රතු පාට සලකුනු තබමිනි. ඔහු ඡන්ද ප්‍රථිපල සම්පූර්නයෙන්ම ප්‍රකාශකර අවසන් වනතුරු සලකුනු පත්‍රිකාව පුරවන්නේ අම්මාගේ බැනුම්ද නොතකාය. 

"නිදියගන්නෙ නැද්ද මනුස්සයො ? හෙට පත්තරේ ඔය සේරම විස්තර ඇතුව දානවනේ "

  77 තාත්තාගේ පක්ශය අන්ත පරාජයක් ලැබූ බව මම හැඟිමකින් තොරවම දැනුනේ ඡන්දෙන් පසුව අපේ තාත්තා සමග සිටි පිරිස අඩුවීමෙනි. 1982 කලගෙඩි ලාම්පු සෙල්ලමනම් මට කලින් එකට වඩා හොඳට මතකය. 

එවකට අපේ තාත්තා රජයට සම්බන්ද ආයතනයක සේවය කරමින් සිටි සමයකි. අපේ තාත්තා ඒ වනවිට ඉතාම තද ශ්‍රීලංකා කාරයෙකි. ඒත් තමන් ගරු කරන පක්ශය ගැන හැඟුම්බර පුද්ගලයෙකුවූවා විනා දේශපාලනය හදාරා දෙශපාලනය තුලින් ලාබ ලැබූ පුද්ගලයෙකු නම් නොවීය. 

1982 කලගෙඩි ලාම්පු මැතිවරනය නොහොත් ජනමත විමසුමේදී ඡන්දයදා තම කාර්යාලයේ පැත්තකට දමා තිබූ සිරිමාවො බණ්ඩාරනායකගේ මැතිණියගේ ඡායාරූපය ගෙන දූවිලි පිසදමා මේසය මතින් ගෙන තබා තිබුනේ ඊට පසුදා ප්‍රතිපල නිකුත්වීමෙන් පසුදා නැවත තම කාර්‍යාලයේ එම ඡායාරූපය ගසනා බවට තම සහෝදර සේවකයන් සමග පාරම් බාමිනි. 

ඡන්දය අවසන් විය අපේ තාත්තාගේ පිල එවරද පරාජයවී තිබුනි. සිරිමාවෝ මැතිණියගේ පින්තූරය නැවත ගසන්නට පාරම් බෑ ඔහුට පසුදා රැකියාවට යාම සඳහා දිරියක් තිබුනා යැයි මම නොසිතමි. 
එය ඡන්දයට පසුදා මූනුපොතට ගොඩ නොවැදී සිටිනවා වැනි සරල කටයුත්තක් නොවන බවනම් මට දැන් හැඟෙයි. 

කෙසේ හො තාත්තා පසුදා රැකියාවට ගොස් නොතිබුනි. විදුලි පනිවිඩයකින් තමන් අසනීප බව දන්වා තිබුනත්,
 ඊට දිනකට පසු රැකියාවට යනවිට තමාගේ මේසය මත ඔහු පිසදා තිබූ සිරිමාවෝ මැතිනියගේ ඡායාරූපය වෙනුවට ලියුමක් තබා තිබුනි .

ඒ ඔහුගේ වැඩ තහනම් කල ලිපියයි. හේතුව ලෙස දන්වා තිබුනේ නොදන්වා සේවයට නොපැමිනීම. ඉන් වසර 12ක් යනතුරු අපේ තාත්තාට රැකියාව තිබුනෙ නැත. 1994 දී නැවත රැකියාව ලැබුනත් වන්දි ලැබුනේ නැත. රැකියාව ලැබුනෙත් ආන්ඩු මාරුවූ නිසා නොව නීතියට අනුවය. 
දෙශපාලනයෙන් ඔහු ලබාගත් දෙයක් මා දන්න තරමින් නැත. මහාමර්ග ඇමති අපේ නිවසට පැමින පොකට් මීටින් පවා තබා ගියත් අඩුම තරමින් අපේ නිවස ඉදිරිපිටින් යන පාරවත් තාර දමා ගැනීමට තාත්තා උනන්දු නොවූයේ දෙශපාලනයෙන් වාසි ලබා ගැනීම්ට අකමැති නිසාය. අඩුම තරමින් මගේ සහෝදරයාගේ පුතාට පාසලක් නැතිව මාස 4ක් නිවසට වී සිටි අතර දෙශපාලනය හරහා එය ලබාදීමට ඔහු ගෙන් කිසිම ඉඩක් නොලැබුනි. ඒත් දැන් දැන් හිස ඔසවාගෙන එන තාත්තාගේ දෙශපාලන මතයට විරුද්ධ මතධාරී දෙශපාලකයෙකුගේ බත් බැලයෙකුගෙන් පහර කා රෝහල් ගතවීමට පවා සිදුවූබව මට අසන්නට ලැබුනේ මා දිවයිනින් පිටත් වූ පසුවය. (මෙය දෙශපාලකයාගේ වරදක් නොව ඔහුගේ බත් බැලයාගේ ක්‍රියාවක් බව සලකන්න ) 

26 comments:

  1. තාත්තාගේ දේශපාලනය ගැන මගේ නං කිසිම පැහැදීමක් නෑ. අගය කරනව නං ඒ එකම දේ පක්ශය මාරු නොකිරීම විතරයි.

    අඩු වැඩි වශයෙන් අපේ තාත්තලා හැමෝම වගේ ඔහොමයි. නායකයන්ට වන්දනා කලා මිසක් වෙන ගතයුතු දේශපාලනයක් නෑ. දවසක් අපේ තාත්ත චන්ද කාර්යාලයක් දාන්න හදනකොට මම වෝනින් එකක් දුන්න ජේවීපී කාර්යාලයක් දානව කියල. තාත්තගෙ දේශපාලනය එතනින් අවසන් උනා. අදටත් චන්දෙ දානව විතරයි.

    ඒ වගේම රස්සාව නැති කරගත්ත විදිය අනුමත කරන්න බෑ. ඇයි තාත්ත ටෙලිග්‍රාම් 1 ගැහුව කියල ඔප්පු කලේ නැද්ද?

    ReplyDelete
  2. ටෙලිග්‍රැම් එක නිසා තමයි නඩු කියලා රස්සව නැවත ලැබුනේ

    ReplyDelete
  3. ජෝන් රට හැර ගියාද ?

    ලංකාව වගේ රටවල් වල දේශපාලනේ ගැන උනන්දු වෙන එක මෝඩකමක්...

    ReplyDelete
    Replies
    1. පහුගිය ජූනි වල අපි කැනඩාවට ආවා. මෙහෙත් අපි ආවට පස්සේ ඡන්දයක් තිබුනා ඡන්දෙ දවසෙ වත් හාවක් හූවක් නෑ .

      Delete
  4. මතගැටුම් මත පමණක් දේශපාලනය කරන රටක් බිහිවනතුරු .......!

    ReplyDelete
  5. දන්න විදිහට අද තමයි මේ බ්ලොගය පැත්තට අාවේ........... දිගට ම ඒන්නම්... බ්ලොගය අගෙයි..... ඒත් 2014 ලියන ඒක බොහොම අඩු වෙලා.. ඒකයි අපිටත් මගහැරෙන්න අැත්තේ... කොහොම වුණත් ඉතිහාසයක් තියෙන බ්ලොගයක් දැක්කම සතුටුයි.....

    සුබම සුබ නව වසරක් වේවා...... 2015 දිගට ම ලියන්න හිතේවා...............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි !. මෙ අවුරුද්දෙනම් ලියනවා. පහුගිය අවුරුද්දෙ කැනඩා සංක්‍රමනය නිසා බ්ලොග් කෙරුවාව අඩුකලා.

      Delete
  6. ඔය විදියට අලියට මානප උදවියට මේ සැරේත් කරන්න වෙන්නේ චන්ද කොලේ අලියා ඇඳලා කතිරයක් දාලා එන එකයි.

    අපේ තාත්තාත් ඔය වගේ, රජයේ රස්සාවක් කලානම් ඔය ප්‍රතිපලයම එන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. හික් හික් .
      හුඟක් පරන අය වෙනස් වෙන්නෙ නෑ හැබැයි දෙශපාලුවො නම් එහෙම නෑ වාසි පැත්තට පනිනවා.

      Delete
  7. ජනමත විචාරනය මට මතක නෑ.හැබැයි ජනාධිපතිවරනෙ මතකයි.අපේ ගේ හදපු කාලෙ.තාවකාලික පුංචි තැනක හිටියෙ ගේ හදනකම්.අපේ අප්පච්චිත් ඇක්සැයිස් පොතක් අරන් රේඩියෝ එකෙන් අහන ප්‍රතිපල ලිව්වා.ඊට කලින් ඉදන්ම මම දන්නව චන්දය ඉල්ලන අය.කොබ්බෑකඩුව කියන කෙනා දිනුවොත් හොඳයි කියන සිතිවිල්ල මටත් තිබුන.රේඩියෝ එකෙන් අහන ඒව ලියන එක මහ අමාරු වැඩක්.ඒක කෙරුනෙ නෑ.කොබ්බෑකඩුව පරදින බව තේරුනාට පස්සෙ ලියන එක නතර කළා.
    ඇත්තටම හරිම සුන්දරයි චන්ද අත්දැකීම්.

    ReplyDelete
    Replies
    1. චන්දේ ලියන එකෙන් තමයි එළිවෙනකන් ඇහැරලා ඉන්නෙ

      Delete
  8. උඹලගෙ තාත්තල වගේ වෙනස් නොවෙන වෙනස් මිනිස්සු වෙනුවට වෙනස් වෙන වෙනසක් නැති මිනිස්සු අද පිරිල. ඒක හොඳ නරකද කියන එක ඉතිහාසය තීන්දු කරයි!

    ReplyDelete
    Replies
    1. ඉතිහාසේ තීන්දුව එනකොට ආයෙ හදන්න බැරි විදිහට පරක්කු වෙලා තියෙන්න පුළුවන්. බලාගෙන හොදේ,

      Delete
    2. අනේ මන්දා අපි වෙනස් වෙලා එක එකාලව හදන එකතමයි හැමදාම කලේ . ඒක ඉස්සරහටත් එහෙමම තමයි

      Delete
    3. සෙන්න, ඉතිහාසය හොඳට හෝ නරකට වෙනස් කරන්න කවදාවත් බෑ, ඉතිහාසෙ වෙනස් කරනවයි කියන මිනිස්සු කරන්නෙ ඒක සිද්දවෙන්න නියමිතව තිබ්බ විදිහටම තමන්ගෙ කොටස කරන එක විතරයි.

      Delete
  9. Lipiya thawama kiyewwe ne,Obe newath pamineema gena sathutui(Ranjan-Düsseldorf)

    ReplyDelete
  10. කාලයකට පස්සෙ දැකීම සතුටක්...දේශපාලනය ගැන මේ වෙලාවෙ උනන්දුයි මෙය රටට තීරණාත්මක මැතිවරණයක් නිසා...නිසැකවම වෙනසක් අවශ්‍ය වෙලාවක්...

    ReplyDelete
    Replies
    1. මට නම් එහෙම හිතෙන්නෙ නෑ මොකද මෙක හරියට හිසේ ඇම්මට කොට්ටෙ මාරු කරනවා වගේ වැඩක්

      Delete
    2. ඔයාට එහෙම හිතෙන්නෙ නැත්තෙ ඔයා වර්තමාන පාලකයා ගහපු ගැහිලි රට ඇත්තටම තියෙන්නෙ කොතැනද වගේ බොහෝ කාරණා නොදන්නා නිසා විය යුතුයි. ඔබ විදේශයක ඔබේ දරුවන්ට අනාගතය හෙව්වට ලංකාවෙ බහුතරය මිනිස්සු තමන්ගෙ දරුවන්ගෙ අනාගතය හොයන්නෙ රට ඇතුලෙම තමයි...ඒ නිසා මේ වෙලාවෙ මේ ඉන්න මහා චෞරයා එලවලා දැම්මෙ නැත්තං අපේ රටට අනාගතයක් නෑ....පොඩියකට මේක බලන්නකො...දැනුම වැඩි වෙයි.

      https://www.youtube.com/watch?v=MztwNlBJ-pc

      Delete
    3. ඔබට සතුටුයිද දැන් ?

      Delete
  11. කාලෙකට පස්සේ ඇවිත්...

    ReplyDelete
  12. කාලෙකින් ඇවිත් උනාට සෑහෙන කළකිරීමෙන් වගේ

    ReplyDelete
  13. ඇයි උඹට මතකද වතුර බට හදන පීවීසී වලට අමතරව තව පීවීසී එකක් තිබ්බා දේශපාලන පලිගැනීම් කමි‍ටුව හෝ කොමිසම කියලා?

    ReplyDelete
  14. i am a new one add me too please.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..