Wednesday, May 13, 2020

පිඟානේ වර්ගය

පහුගිය සතියෙ අලුතින් කතාවක් දාන්න හිතාගෙන උන්නත් වෙනත් රාජකාරි වැඩිවුන නිසා පෙට්ටගම අස්පස් කරන වැඩේ ආපහු පස්සට ගියා. හොයලා බලපු හැමෝටම ඉස්තුත්යි.

Sanath Wijewardana (from his FB page)

මේ කතාව ඇත්තටම කියන්න හදපු කතාවම නෙමෙයි. ඒක ලිය ලිය ඉන්නකොට මතක්වුන වෙනත් කතාවක්. (අයියෝ තාමත් පඳුර වටේ තැලිල්ල ) ඔය පඳුර වටේ තැලිල්ල කියුවම  මතක් වෙන නමක් තමයි බ්ලොග් අවකාශේ උන්න "ඔබ්සවර්"OBSERVER බ්ලොග් අඩවිය ලියපු ඔබා මාමා  එයාගේ ඇත්ත නම සනත් විජේවර්ධන උනත් බ්ලොග් ලෝකයේ හැමෝම වගේ හැදින්වුයේ ඔබා නැත්නම් ඔබා මාමා කියලා. එතුමා අප අතරින් නික්මිලා අදට අවුරුදුම 8 ක් . එතුමට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්තනාකරන ගමන් පඳුර වටේ තැලිල්ල මෙතනින් නතර කරනවා.

 ලංකාවෙන් පිටමංවෙන්න කලින් කන්තෝරු කාර්යාල කීපයකම වැඩකරපු හන්දා මේ කතාව කියන්න පුලුවන්. මේ සිද්දිය වෙලා තියෙන්නෙ මීට අවුරුදු පහලොවකට විතර උඩදි.  අපේ කන්තෝරුවෙ ලොක්කා ටිකක් නයා අරින්න හරි ආස පුද්ගලයෙක්. කන්තෝරුවෙදිත් හරියට පංපෝරිය. ඒකටම හරියන්න එයාගේ නෝනා එයා ඊට දෙවනි නෑ. දෙන්නම කොම්පැනියෙ ඩිරෙක්ටර්ලා. හැබැයි මේ දෙන්න එකම කන්තෝරුවෙ උනාට ඩිපාර්ට්මන්ට් දෙකක.

හවස තේ වෙලාවට අපි හුගදෙනෙක් නුගගහයට පෙට්ටි කඩේට යනවා තේ බොන්න. තේ බොන්න කියුවට තේ බොන්නම නෙමෙයි  දුම දාන අය දුම දාලා පොඩි කයියක් එහෙම ගහලා තමයි එතනින් එන්නේ, එදා මාතෘකාව උනේ ලොක්කාගෙ  නයි ඇරිල්ල. එදා කතාව යන අතරතුරේදි ඔතනට ආවා ලොක්කගේ රියදුරු තැන.  මිනිහා අපේ කතා සේරම අහන් ඉදලා කියනවා
" සර් ඕවා නෙමෙයි සර් කතා මෙන්න මේව්වයි රස කතා" කියලා එයාගේ කතාව පටන් ගත්තා
අපිටත් වෙන මොනව නැතත් අනුන්ගේ ඕපාදූප කතාවක් නම් වෙන මොනවද


පහුගිය දවසක ලොක්කගේ ගෙදර පොඩිපහේ උත්සවක් තිබිලා තියෙනවා . ලොක්කගේ වෙන්න නෑයො කට්ටියක් ඇවිත්. එයාගේ දුවගේ, වෙන්න හස්බන්ඩ්ගේ දෙමාපියො සමග ළඟම නෑයො කීපදෙනෙක්. සමග ලොක්කගේ නෑයෝ කීපදෙනෙකුත් ඇවිත් තියෙනවා.

ආවතේව කටයුතු වලට අපේ රියදුරු තැනත් ගේ ඇතුලේ ඉදලා. රෑකෑම බුෆේ ස්ටයිල් එකට තිබිලා තියෙන්නෙ. ඉතින් කට්ටිය කෑම බෙදාගෙන සැටියෙ වාඩිවෙලා කතාවලු. කොහොමත් අලුත් නෑයො ඉස්සරහ ලොකුකම් කතා කෙරෙන එකේ අපේ ලොක්කත් එයාගේ සුපුරුදු නයි ඇරිල්ල පටන් ගත්තලු.

"ඔයගොල්ලන්ට කියන්න අපි හැමදේටම ගන්නේ හොදම බ්‍රෑන්ඩ් එකෙන් වාහනයක් ගත්තත් ඇදුමක් කැඩුමක් ගත්තත් හොදම බ්‍රෑන්ඩ් එකෙන් තමයි ගන්නේ"

"කොටින්ම කියනවානම් අපි මේ කන සෙරමික් ප්ලේට්ස් පවා ලෙනොක්ස් ප්ලේට්ස්"

බොරුනම් බලන්න කියලා අල්ලේ තිබුන ප්ලේට් එක අනිත් පැත්ත හැරෙව්වලු,

4 comments:

  1. ඔබා මාමා අපිව දාලා ගියෙ අද වගේ දවසක කියලා මේක දැක්කම තමා මතක් වුනේ... මම මේ ළඟටදිත් ඒ පැත්තෙ රවුමක් දාලා කමෙන්ට් එකක් එහෙම කොටලා ආවා.. එතන තාමත් කමෙන්ට් වැටෙනවා.. ඒකයි වෙනස...

    බොසා ගොන් ඩයල් එකක් වගේ.. :)

    ReplyDelete
  2. ඔබා මාමගේ බ්ලොග් එක මේ ළඟදිත් ගිහිං බලලා ආවා. අර චොප්පෙගෙ කතාව.

    බොසාගේ ඔඩොක්කෙ බයියං ටික. හයියෝ සොරි තමා උණුවට බෙදං හිටියනං.

    ReplyDelete
  3. සල්ලි හොයන්න ගිහින් බොරු බේගල් වලට රැවටුනාද, එහෙනම් එන්න අව්රුදු ගානක් එකදිගටම සල්ලිගෙවන මේ සයිට් එකට. ආපුගමන් නම් සල්ලි නිකන් දෙන්නෑ. ඒක කොයිකෙත් එහෙමයි. මේක දිගටම කරගෙන ගියොත් ටික ටික කරගෙන ගියහැකි. මම 2014 ඉදන් වැඩ. බොරු කාරයොන්ට අහුවෙන හින්දයි මේක දාන්නේ. මොකද මාත් ඉස්සර හොදට අහුවුණා, මෙන්න මගේ ඉමෝ නම්බරේ 0750990262 ඉමෝ විතරක් Chat කරන්න. හැමදේම මුල ඉදල කියල දෙනව. සල්ලිගත්ත proof පෙන්නනවා. මේ ලින්ක් එකෙන් ගිහින් Email දීල රෙජිස්ටර් වෙලා මාව Contact කරගන්න.පියවරෙන් පියවර හැමදේම මේකෙ තියනව. Link - https://americanblogreaders.blogspot.com/2020/05/online.html කරගන්න අමාරු නම් කියල දෙන්නම්. ජය වේවා !

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..