he

Friday, October 16, 2020

කොවිඩ් කාලේ ZOOM කරපු සිංදුවක්

 

කොවිඩ් 19 නැත්නම් කොරෝනා ආයෙත් හිස එසෙව්වා. මෙලෙස කොරෝනා හිසඔසවන්නේ ජනතාවගේ නොසැලකිලිමත්කම නිසා. උදේ ඉදන් හවස්වෙනතුරු වෛද්‍යවරු, ජනමාධ්‍ය, වගකිවයුත්තො කොතරම් කියුවත් කොවිඩ් 19න් බේරෙන්නට ජනතාවගේ පැත්තෙන් නම් ලැබෙන සහයෝගය ඉතාම අල්පයි. මේ සටහන තබන්නේ කොවිඩ් පිළිබඳ දැනුවත් කරන්න නෙමෙයි. මම කලින් කියුව අය කරන දැනුවත්කිරීම් නාහන අය මගේ කීම් අහවියැ.

 මේ බ්ලොග් එක නැත්නම් ආතම්මගේ පෙට්ටගම පවත්වාගෙන යන මම නැත්නම් ලොකුජෝන් ජීවත් වෙන්න කැනඩාවේ විනිපෙග් නගරයේ. එන්න එන්නම මෙහෙත් කොවිඩ් ආසාදිතයෝ වැඩිවෙනවා. ලබාදෙන ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්නට පුරවැසියො හැඩගැහිලා ඉන්නවා. ඒවගේම එදිනෙදා රාජකාරිත් සුපුරුදු පරිදි නොව සුලු පසු බැසීමකින් කරගෙන යනවා. මේ දෙවන රැල්ල. 

හැමෝම බලනවා ඇති වීඩියෝ එකක් දාලා මොනවද මේ කියවන්නේ කියලා. කොවිඩ් පළමු රැල්ල පටන් ගත්තෙ 2020 මාර්තු මාසෙ. විනිපෙග් වල ඉන්න අපි හැම අවුරුද්දකම අප්‍රේල් මාසේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සමගමීව මෙහි වාසය කරන ශ්‍රී ලාංකිකයො  එකතුවෙලා විවිධප්‍රසංගයක් පවත්වනවා ඊට සජීවි ගැයුම් වැයුම් රැගුම් ඇතුලත්. ඒත් මේවසරේ කොවිඩ් 19 අනිත් රාජකාරිවලට වගේම මේ ප්‍රසංගයටත්  හරස්වුනා.


  

ඒත්  තාක්ශනයට පින්සිදුවෙන්න අපි අපේ සුපුරුදු උත්සවය Virtually  (පාවිච්චි කරන්න පුලුවන් සිංහල වචනයක් හමුවුනේ නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ) පැවැත්වුවා. මේ ඒ ප්‍රසංගයේ ගීතයක්. මෙහි මුල් ගායනය නෙලූ අධිකාරී සහ කාශ්‍යප දිසානායක විසින්. සංගීතය වෛද්‍ය දේවක රත්නපාලගෙන්. ඒවගේම පද රචනය ආනන්ද හෙවරන්හිඳගේ.
අපේ ප්‍රසංගයේදි මම ගීතය පටිගතකලේ සූම් ඇප් එක ඔස්සේ. විශේශත්වය වන්නේ මේ ගීතය ගායනාකරමින් සංගීතවත් කරන්නේ කැනඩාව සහ ඇමරිකාවේ වාසයකරන අම්මයි පුතුන් දෙදෙනයි.  

අම්මා ආචාර්ය දර්ශනි කුමාරගමගේ. ඇය කෘෂිකර්ම පිළිබඳ BSc ගෞරව උපාධියක් සහ පාංශු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති විශ්වවිද්‍යාල මට්ටමින් වසර 30 කට වැඩි කාලයක් ඉගැන්වීමේ පළපුරුද්දක් ඇති තැනැත්තියක්.  පුතුන් දෙදෙනා චතූ කුමරගමගේ සහ ශශික කුමරගමගේ. සිංදුව ඇහුවේ නැත්නම් උඩ වීඩියෝ එක ක්ලික් කරලා ගීතය රසවිඳින්න. ඔයගොල්ලන්ට හිතෙන දේ ලියාගෙන යන්න වීඩියෝ එකේ යටත් තීරුවක් තියෙනවා නැතනම් මේ පෝස්ට් එකේත් එහෙම තැනක් තියෙනවා. 

   

1 comment:

  1. කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවා. සින්දුව නියමෙටම කරල තියෙනවා. සුපිරි.

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..