
1979 වසරේ ඔක්තොම්බර් මාසයෙ තිරගත වුන සිනමාපටයක් "සව්දන් ජෙමා". මෙහි රඟපෑවා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග බොහෝ චිත්‍රපටවල දුෂ්ටයාවු ලයනල් දැරණියගල. ඉතින් මෙහෙම විත්රපටියක් ගැන කියුවෙ ඒ චිත්‍රපටිය අද මගෙ මේ පොස්ට් එකට මාතෘකාවක් නිසයි.
1983 දි මගෙ පාසැලෙ මගෙ පංතියෙ මිතුරෙක් උන්නා චූලානන්ද කියලා. අපි කතාකලෙ චූලා කියලා. චූලා පාසැල් ආවෙ මට මතක හැටියට එයාගෙ අම්මත් එක්ක. මම චූලාගෙ හොඳම යාලුවා හන්දා ඒ ඇන්ටි මාව හොඳින් අදුනනවා.

මම කලිනුත් කියුවනෙ ලයනල් අංකල් වැඩි හරියක් උන්නෙ පිට රට කියලා.
දැන් වගෙ ස්කයිප් ඊමේල් ඒ කාලෙ තිබුනෙ නෑ තිබුන එකම සංනිවෙදන ක්‍රමය තමයි ලිපි එවීම. දුරකතනය පවා එතරම් පොදු ජනතාවට ලං වෙලා නොතිබූ යුගයක් තමා ඒ සමය. ඉතින් කාලෙ ලයනල් අංකල් එහේ ඉඳලා චූලයි එයාගෙ අම්මායි එක්ක සන්නිවෙදන කටයුතු කලෙ ලිපි මගින්. චූලා පොඩි එකා හන්දා ලියුම් එවන්නෙ එයාගෙ අම්මගෙ නමට.
ඔන්න දවසක් ලයනල් අංකල්ට මාවත් මතක්වෙලා පොඩි ලියුම් කෑල්ලක් මටත් එවලා තිබුනා. මටත් ඉතින් හරි සතුටුයි. (කාටද ආඩම්බර නැත්තෙ නලුවෙක් ලියුමක් එව්වම ) ඉතින් පාසැලෙදි චූලා ඔය මට එව්ව ලියුම අර ඔරිජිනල් කවරෙම දාලා දුන්නා. මටත් ඉති ඕක රාමුකරලා තියාගන්න තරම් වටින නිසා ලියුම අතෙම තියාගෙන තමයි උන්නෙ.
ඔන්න දැන් තමයි ඊයෙ කතාවෙ නවත්වපු තැනට මෙකතාව සම්බන්ද වෙන්නෙ. අපෙ පාසැල් බස් රථයට උදෙ පාසැලට අපිව ඇරලවලා සුපුරුදු මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙනවා. ආයෙම දහවල් 1.15වනවිට පාසැල අසල මාරගහ යටට ඇවිත් ඉන්නවා. 1.30ට පාසැල අවසන් වූ වහාම අපි සේරම ගාල කඩා ගත්තු හරක් රෑනක් වගෙ දුවගෙන එන්නෙ බස් එකේ කන්දෙ උඩ ආසනය නොහොත් රෝදෙ උඩ තියන ආසනය අල්ලගන්න. මම ලොකු පන්තිවලට එනකන් ඔය ආසනයනම් මට කවමදාකවත් අල්ලගන්න ලැබුනෙ නෑ.
ලොකු අයියලාට තැන දීලා ඉඩ තියන තැනක වාඩිවෙලා යන්න අපි වැනි අසරන පොඩි උන්ට සිද්දවෙනවා. එදත් සුපුරුදු පරිදිම මගේ මලයටත් ඉඩක් හොයා දීලා ඉඩ ලැබුන තැනක වාඩිවුන මම මගෙ අර සුපුරුදු නින්දට වැටුනා.
ඔය ගොල්ලන්ට මතකනෙ කලින් ලිපිය ලියනකොටත් මට නිදිමත හැදුනා. ඉතින් මගෙ ජන්ම පුරුද්ද අතහරින්නෙ කොහොමෙයි.
ඉස්සර මම බස් එකේ නිදියන්නෙත් හරි ලස්සන විදියට. කියවන අය හිතින් මවාගෙන බලන්න පුංචි කොලුගැටයෙක් කෙල පෙරාගෙන බෙල්ල කඩාගෙන නිදාගෙන ඉන්නව. බස් එක පැද්දෙන පැද්දෙන පැත්තට වැනෙන පොඩි එකෙක්.
"හැ මොකක්ද මුගෙ අතෙ තියෙන්නෙ "
එහෙම කියුවෙ චතුර අයියා මගෙ අතෙ තදකරන් උන්න ලියුම් කවරෙ අදින ගමන්. චතුර අයියාගෙන ලියුම උදුරාගන්නට මා සැරසෙනවිටම තුශාර අයියා ලියුම උදුරාගෙන මුලු බස් රථයටම ඇහෙන්නට කියවන්නට උනා.
"මලා"
චූලා මට දී තිබුනෙ උගෙ අම්මාට තාත්තා එවූ ලිපියක්. මගෙ ලිපිය ඌ ගෙදර ගෙනෙහින්. ලියුම් කවරයතුල ලයනල් අංකල්ගෙ ඡායාරූප දෙකක්ද තිබුනි එය හදුනාගැනීමට චතුර අයියාටත් තුශාර අයියාටත් අපහසුවක් නොවුනි.
"මෙන්න මූ ජෙමාගෙ පවුලගෙ ලියුම් උස්සලා "
චතුර අයියා කීවේය.
ඊට දින කීපයකට උඩදී "සවුදන් ජෙමා" චිත්‍රපටිය රූපවාහිනියෙන් ප්‍රචාරය විය. අදමෙන් ටෙලි නාට්‍ය එදා නොවූ බැවින් චිත්‍රපටයක් විකාශනය වූ පසු ඒ ගැන පසුවිපරම් කිරීමෙ පුරුද්දක් රූපවාහිනිය බලන්නන් තුල විය.
ජෙමාගෙ ලියුම නිසාවෙන් මට පසු දින සිටම නමක් පට බැදුනි. මුල් දින කීපයතුල "ජෙමා" කියුවත් පසුව ජෙමා "ජෝනා" බවට ඉබේම පත්විනි. මගෙ ලොකු මලයා මාසමග නිරතුරුවම සිටි නිසා ඔහු "පොඩි ජෝන්" ලෙසත් මම "ලොකු ජෝන්" ලෙසත් බස් රථය තුල ප්‍රසිද්ද විය. ඉන් වසර තුනකට පසුවමගෙ බාලම මලයාද නාලන්දාවට ඇතුලත් කරන ලදි. ඔහු "ජිල් ජෝන්" විය
1985-2005 අතර ආනන්ද නාලන්ද විදුහල් වලට පානදුර සිට ගිය අයට "ජෝන් බ්‍රදර්ස්" අමතකවන්නට නම් බැරිය.
ඔන්න ඔහොමලු උදේශ් ලොකු ජෝන් උනේ ..
ReplyDeleteඑහෙම කියල යන්න හදන්න එපා . අද සතුටු දවසක් . පාටියක් ඕන.
ඔයාටත් වඩා මෙහි සතුට දැනෙන්නේ මට . මුල් කාලයේ ඔබව දිරිමත් කල කෙනෙක් වශයෙන් ඒ සතුට මට දැනෙනවා වැඩි .
බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යෑමට ඔබට සුබ පැතුම් !
--
පාටිය දෙන්නේ පානදුරේලු ඔයා එන්නේ නෑනේ ..... :P
Deleteපාටියක් නෙද ? හරි ඔය ගොල්ලො Organize කරලා මට අඩගහන්නකො කිසිම පැකිලීමක් නෑ මම එනවා.
Delete//මුල් කාලයේ ඔබව දිරිමත් කල කෙනෙක් වශයෙන්// නැතුව එහෙම කලෙ නැත්නම් මෙලහකටත් මෙක අතරමග හිරවෙලා ඒහැමදෙටම ස්තුතියි.
ඔබට සුභ පැතුම්!!
ReplyDeleteතව තවත් ලියවේවා!!!
ඔබ වැනි තාක්ෂණය සහ ලිවීම යන දෙකේම ප්රවීනයෝ මේ බ්ලොග් කෙරුවාවට මහා සම්පත්.
සුබ පැතුමට ස්තුතියි.
Deleteලයනල් දැරණියගල සමඟ මගේ මතකයක් තිබෙනවා. දිනක හමු වූ විටක එය කියන්නම්. බ්ලොග් ලිපියක් තුලින් එය හෙලි කිරීම සදාචාර විරෝධී විතරක් නෙමේ. මරණයට පත් වූ කෙනෙක්ට කරන නිගරුවක්. ඒ නිසා පසුව කියන්නම්. එතුමා මාත් කැමති කෙනෙක්. ඒ පොඩි කාලේ මාත් එක්කත් කතා කර තිබෙන නිසා. ඒ කාලේ නළුවෙක්නෙ... අපි කිරි කජු කොල්ලො කාලෙනෙ....
ReplyDeleteනිතර රාජකාරි වැඩට ඒ පැත්තෙන් යනවා එනවා. හැකි වෙලාවක ඇවිත් යන්නම්.
Deleteහපොයි එතනටත් යන්නද හදන්නෙ . විනාසයි :P
Deleteඇයි නරකට තියෙයි අපි වගෙ සිරා පොරවල් වලට යන්නත් පුලුවන් එතනට නැද්ද වෙද මහත්තයෝ
Delete:O කොහොමහරි අපිට ජෝනෙක් හම්බුනා නේ ඔය සිද්දිය නිසා.ඕන්න 100 වෙනි ලිපියට මගෙන් උණුසුම් සුබ පැතුම.තවත් 100ක් ඉක්මනටම ලිවීමේ දහිරිය ලැබේවා අයියේ.
ReplyDeleteබොහොම ස්තුතියි. බලන්න කට්ටිය ඉන්නකම් ලියන්න හිතෙයි.
Delete100 ට සුබ පැතුම්. දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි. කියවන්න අය ඉන්නතුරු ලියනවා
Deleteසුභ පැතුම් ජෝන් අයියා .අර ගිම්හානි අක්කත් කිව්වා වගේ කෝ පාටි ......
ReplyDeleteආ මටත් ආරන්චියි එයා පාටියක් organize කරනවා කියලා
Deleteසීයට සුබ පැතුම්! මට 100 ක් ලියන්න අවුරුදු දෙකක් ගියා!
ReplyDeleteමම ෆාස්ට් වැඩිද මන්දා තාම මාස 9යි. සුබපැතුමට ස්තුතියි.
Deleteඑහෙම එකක් නෑ. තමන්ට පුලුවන් හැටියටනේ.... මමත් එක්ක බ්ලොග් ලියන්න ගත්තු මාරයා දැන් 600 ත් පන්නලා....
Deleteලොකු ජෝන් , මගේ සුභ පැතුම් සහෝ මේ බ්ලොග් බොක්කුව තව තවත් රසවත් තැනක් බවට පත් කරන්න ඔබට හැකිවේවා..ජය
ReplyDeleteඅන්න වචනෙ "බ්ලොග් බෝක්කුව" ස්තුතියි.
Delete100ta subapethum...
ReplyDeleteස්තුතියි විමුක්ති.
Deleteසියවන ලිපිය සදහා අපේ උණුසුම් සුබ පැතුම් ...!!!!
ReplyDeleteස්තුතියි. බහු වචනෙන් කියුවෙ ?
Deleteසුබ පැතුම්.........
ReplyDeleteස්තුතියි නිශ්, හුඟ දවසකින් දැක්කෙ
Deleteසුබ පැතුම් එක් කරමි, තව තවත් කතා ලියන්නට හැකියාව ලැබේවා.... - සම්මානි
ReplyDeleteබොහෝම ස්තුතියි.
Deletejaya wewa! Sha kochchara adambarayakda ehema namak tiyena eka.
ReplyDeleteඇත්තටම ආඩම්බරයි තමා. තියන අනන්‍යතාවයට අමතරව තවත් හුඟක් අය අදුනන අනන්‍යතාවයක් තිබීම.
Deleteසුභපැතුම්. අයිය මලෝ තාමත් ජොන්ලද?
ReplyDeleteතාමත් අපිව අමතන්නෙ ජෝන් කියලා තමා. හරි නම හුඟක් අය දන්නෙ නෑ ස්තුතියි හැමදාම මෙ පැත්තෙ එනවට.
Deleteජොන් නැතුව ජෙමා කියලම තිබ්බා නම් හොදයි වගේ ;)
ReplyDeleteසියට සුබ පැතුම් ...සියේ එව්වා සියක් ලියමු..
බස් එකෙ තව ජෙමෙක් හිටියා ඒ හන්දා තමා ජෝන් උනෙ. අර කියුවා වගෙ ලියන්න තමා හිතාගෙන ඉන්නෙ දිගටම එනවනේ?
Deleteලොකු ජෝන් නම හැදුනු හැටි දැනගත්තා. දැන්නම් නිදිමත නැතුව ඇති.හතරවටින්ම සුබ පැතුම් ගලා එනවිට.
ReplyDeleteරසවත්ම බ්ලොග් ලියන සහෘදයෙක් විදියටයි මම ඔබව දකින්නේ. මම බ්ලගේ ලියන්න එතරම් කාලයක් ගතවී නැතත් මම කියවපු දවසේ පටන් මේ දක්වා අඛණ්ඩව කියවපු බ්ලොග් එකක්. භාෂාව භාවිතය,ගැපපීම, කතා හරය,නිර්මාණාත්මක බව, මේ හැම දෙයක්ම දැක්කා . ඉතින් 100 ටත් ඔබේ සියලු හැකියාවන්ටත් හද පිරි සුබ පැතුම් පත්තනට සියළු දෙනා සමග මමද එකතු වෙමි.
බොහෝම ස්තුතියි සටහනට.
Delete//දැන්නම් නිදිමත නැතුව ඇති// ඇත්තම කියනවනම් මට දැනුත් නින්ද ගිහිල්ලා තිබුනෙ. අලුත් වයිරස් ටූල් වගයක් අත්හදා බලබල උන්නෙ. ඉතින් දාල ටිකවෙලාවක් දුවන්න ඉඩ දෙන්න එපැයි. ඒ නිකන් බලන් ඉන්න ටිකට නින්ද ගියා
නම හැදුන හැටිනම් පට්ටයි. ඒ වගේම ලිපි 100ක් ලියපු එකට සුභ පතනව.
ReplyDeleteස්තුතියි ඉසුරු.
Deleteසුභ පැතුම් ජෝනා...ඔක්කොටම වැඩිය ජිල් ජෝන් නම තමයි එලම නම :)
ReplyDeleteස්තුතියි!
Deleteඒනම පොඩි මල්ලිගෙ ඒක වැඩිය පාවිච්චි උනෙ නෑ
ලොකු ජෝනුත් නළුවෙක් වගේ ඇති නෙව..... සුභ පැතුම් මචං...
ReplyDeleteස්තුතියි මචො. ඔව් ඔව් අපි හැමෝම නලුවො තමා "ජීවන රඟමඩලෙ "
Deleteමාර සීන් ඒක...
ReplyDeleteමාර නෑ මාර නෑ හික් හික් ස්තුතියි ආවාට
Delete100ක් ලියන එක ලේසි නෑ. 100න් එහාට ලියන එක ඊටත් වඩා අමාරුයි. මං අවුරුද්දෙන් 100ක් ලීවා. දෙවෙනි අවුරුද්දට 34න් පමණ ලියන්න ඇති. එසේ නොවී 100 1000ක් වී තවත් ඈතට යන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteඇත්ත අපෙ වෙන වැඩත් එක්ක ලියන එක ලේසි නෑ. ස්තුතියි පැතුමට
Deleteසුභ පැතුම් ලොකු ජෙමා.. ආ නෑ ලොකු ජෝන්... එහෙනම් ඔහොමලු උනේ.. එදා නිදි මතයි කියද්දිම ඔන්න මම දැනගත්තා හේතුව මොකෝ කියලා... :)
ReplyDeleteසුභ පැතුම් අයියේ..
ඒකනෙ කෑ ගහන්න එපා කියුවෙ ස්තුතියි මලයෝ
Deleteඉක්මණින් 500 බැට් කිරීමට හැකි වේවා :)
ReplyDeleteස්තුතියි හසිත
Deleteතව තව ලියන්ඩෝ.......
ReplyDelete100ට සහ ලොකු ජොනාට
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ස්තුතියි රජෝ.
Deleteශතකයට සුභ පැතුම් ! ඉක්මනට ද්විත්ව ශතකයත් ගහන්න.
ReplyDeleteස්තුතියි එහෙම ටාගට් එකකටම මම යන්නෙ නෑ ටාගට් එක මාව හොයාගෙන එනවා හික් හික්
Deleteතවත් රස බර හර බර ලිපි වලින් සිංහල බ්ලොග් පරිශ්‍රය පුරවන්නට දිරිය ශක්තිය පතමි ..
ReplyDeleteමේ සොඳුරු සුව අසපුවේ සුබ පැතුම් ....
මුල ඉඳලම මේ පැත්තෙ ආවගිය අය අදත් ඇවිත් ගිය එකත් සතුටක්
Deleteශතකයට උණුසුම් සුභ පැතුම් ජෝන්.
ReplyDeleteජෙමාට වැඩිය ජෝන් කියන නම හොඳයි කියලා හිතෙන්නෙ නැත්ද?
ඔය කියන කාලෙ වැන්දබෝනා සහ ජිල්ජෝනා කියලා එල චරිත දෙක හිටියා ලන්දේසි දූපත කියන ලමා නාට්‍යයෙ.
henryblogwalker the Dude
හපොයි ජෙමාට වඩා ජෝන් හොඳයි. කොහොමත් මම ජෝන් කියන නමට කැමති මාව හුඟදෙනෙක් දන්න නම නිසා. ඇත්තම කියුවනම් "ලන්දෙසි දූපත" ගැන මගෙ මතකයක් නෑ
Deleteස්තුතියි Jude
ඔන්න මගෙනුත් "සුභ පැතුම්"...!
ReplyDeleteස්තුතියි සහෝ !
Deleteඑන්ඩ නෙමෙයි හිටියේ , 100ක් ගහලා හන්දා ආවේ. මම බ්ලොග් කියලා ජාතියක් තියනවා කියලා දැනගත්ත දවසේ ඉදලා බලනවා.තව ලියන්ඩ ඔනේ අපිට බලන්ඩ.
ReplyDeleteඔට්ටුවක් අල්ලමුද මම ඔයාව අල්ලනවා
මොකද මම නොදන්නෙ එක වල්ලෙ පොල් ගැන. හරි මොනවද ඔට්ටු මෙ අවුරුද්ද ඉවර වෙන්න කලින් බෑ(විහිලුවට කියුවෙ)
Deleteචැලෙන්ජ් වලට මම බයනම් නෑ. ඒත් ඔට්ටුවට බ්ලොග් ලියලා වැඩක් නෑ කියලයි මම හිතන්නෙ. පහුගිය සැප්තැම්බර් මාසෙ ඒ කියන්නෙ මම බ්ලොග් එක හරියට පටන් ගත්ත අලුත පොස්ට් 23ක් දැම්මා. (හරියට පටන් ගත්තෙ 2011 සැප්.01 ) පහුගිය අප්‍රේල් වල දැම්මෙ පෝස්ට් 1යි. හැබැයි ඒ මාසෙ මට ඕනතරම් වෙලාව තිබුනා ලියන්න.
හැබැයි මම එක දෙයකට සතුටු වෙනවා මාව පහුකරන්න තව කවුරුහරි එනවා කියලා.
මම අදහන්නෙ තරඟයක් තියනකොට හොඳ නිර්මාන බිහිවෙනවට වඩා නිස්සාර නිර්මාන බිහිවෙන්න තියන ඉඩකඩ වැඩියි කියලා. සමහර මගෙ ලිපි තියනවා මුලු ලිපියම ලියලා සම්පූර්නයෙන්ම මකලා අලුතින් ලියපුවා. නැත්නම් මකලම දාපුවා. මොකද මගේ ඉදිරියෙන් ඉන්න තරඟ කරුවා මමම්යි. මට මාව පහුකරන්නනම් මාවම පරද්දන්න ඕනෙ. ඉතින් මම හැමතිස්සෙම උත්සහකරන්නෙ මාවම පරද්දන්න.
"අටම්පහුර" මාව ඉක්මනටම පහුකරගෙන ලැබේවා කියලා හදවතින්ම පතනවා.
99 පෝස්ට් එක මග දි නිදාගෙන. ගානට 100 වෙනි එකට උබ ජෝන් වුන හැටි දැම්ම නේද?
ReplyDeleteසිරා මචං.. අපි ජෝන් කිව්වට වැදගත් විදිහට නම හැදිල. නාට්‍යයක් නිසා.. නලුවෙක් නිසා.
ජයෙන් ජය.. දස ගුණයකට වඩා ලියන්නට..
ස්තුතියි sAm . පොඩි වෙනසක් තියෙන්නත් එපැයි. කොහොමත් මම කැමති නෑ බ්ලොග් පොස්ට් මතු සම්බන්ද වෙනවට එතකොට කියවන කෙනාට කරදරයි . මම කොහොමත් මතු සම්බන්ද කතා කියවන්නෙ ඉවර උනාම.
Deleteසුභ පැතුම් ජෝන් බ්‍රදර්..
ReplyDeleteඅර ලිවුවේ අනවශ්‍ය දේවල් තිබුනේ නැහැ නේ.
කොහොමටත් ඒ ලියුමට මොනවද උනේ කියලා මට මතක නෑ ඒ වෙලේ තිබුන ලැජ්ජාවට . ස්තුතියි
Deleteජෝනා හරි ජොනි හරි ජොනි බට්ට හරි නොවී ජෝන් වෙච්ච එක කොච්චර හොඳද ? නැත්නම් ඉතින් කුඩේද ගෝනියද කියා කියා ඉන්නයි වෙන්නේ.. සීයටත් සුබපැතුම් මේ සමග !!
ReplyDeleteමම ඒත් කල්පනා කලා මොකක්ද මෙ කූඩ කතාව .. පස්සෙනෙ මීටර් උනෙ
Deleteස්තුතියි සහෝ
සූභ පැතුම් ලොකූ.
ReplyDeleteබෑ බෑ මෙහෙම බෑ 100ට පාටි ඕන...
පාටි නේද .. සාමාන්‍යයෙන් පාටිවලට එනකොට තෑගි ගෙනවනෙ ඒවා ටික රෙඩි කරගෙන මට කියන්නකො. ඕනෙනම් සහයෝගයට ගිම්හානිව එකතු කරගත්තත් කමක් නෑ
Deleteසුභ පැතුම් ලොකු ජෝනෝ.....
ReplyDelete100ට සුභ පැතුම්.....
බොහෝම ස්තුතියි !
Deleteසුබ පැතුම් සමගින් ඉදිරි ගමනට ආසිරි!!!! :))
ReplyDeleteස්තුතියි චාමර !
Delete100ට සුභ පැතුම් ජෝන් අය්යේ.....
ReplyDeleteලියුමේ වැඩිහියියන්ට අදාල දේවල් තිබ්බේ නැතෙයි
ස්තුතියි ! අනේ මන්දා ඒකාලෙ එච්චර වැටහීමක් නෑ
Deleteලොකු ජෝන් වුනු හැටිත් නරකම නැ :D
ReplyDelete100 ට සුබ පැතුම් මගෙනුත්
ReplyDeleteම්...ඒකත් එහෙමද..අදත් දැන ගත්තෙ නම හැදුන හැටි....
ReplyDeleteසුභ පැතුම්...
ලොකු ජෝන් කිව්වම මම හිතුවේ රොබින් හුඩ් එකේ ලිට්ල් ජෝන් එක්ක මොකක් හරි හුටපටයක් ඇති කියලා.ලිපි 100ට සුභ පැතුම් එහෙනම්.
ReplyDelete100 ta suba pathum,,
ReplyDeleteJhon brothers will never be forgotten in Panadura Nalanda school bus! Nice to read your articles John. When I joined the school bus, we already had 6872. So I was not lucky to see the Baga Laylend.
ReplyDeleteGood luck John - Keep on writing. These are very interesting; specially when we are a part of many of these.
Thanks.
-Ajith-
nice to read your articles. specially when we are part of them. i dont remember the bage laylend though. i joined nalanda when we had 6872.
ReplyDeletegood luck John. Keep on writing!
තවත් පට්ට කතාවක්!
ReplyDelete