
ඒ කාලයෙ අපෙ අම්මාගෙ කෑම පැය දහවල් 2.30සිට 3.30ටය. අපි තුන්දෙනා පාසැල් අහවර වී ගෙදර එන වේලාවට සරිලන්නට ඇය කෑම පැය සකසා ගෙන සිටියාය.ඇයගෙ කාර්‍යාලයේ සිට සැතපුම් 2ක් දුරින් අපෙ නිවස පිහිටා තිබුනි.
කොළඹ සිට පානදුරයට කෙතරම් වෙහෙසකර ගමනක පැමිනියත් කෙතරම් බඩගින්නෙ පැමිනියත් බත් බෙදාගෙන කෑමෙ පුරුද්දක් අප තුල නොවීය. ඊට වඩා අපට අවශ්‍ය වූයෙ සෙල්ලම් කිරීමය. ගෙදර ආ විගස අපි කරන්නෙ ඇඳුම් උනා දමා නිවස ඉදිරිපස පන්සල් වත්තට ගොස් ක්‍රිකට් ගැසීමය. එයටම සැදී පැහැදී උන් කොලු රෑනක් ඒ කාලයෙ අපිත් එක්ක විසීය. අපි නැවත ගෙදර එන්නේ අම්මා කාර්යාල කටයුතු නිමවා නැවත ගෙදර පැමින අපට කතාකරන විටය. බොහෝවිට එවිට වේලාව හවස 7 පසුවී තිබේ.
අපෙ දහවල් කෑම ගැන දන්නා අම්මා දහවල් ආහාරය සඳහා නිවසට පැමිනෙන්නේ ඔය හේතුව නිසාය. එලෙස ගෙදර පැමිනෙන ඇය ලොකු පලංගානකට අපි තිදෙනාගෙම බත් එකට දමා කවන්නීය. අපට බත් කවන ඔය ලොකු පලංගාන අපෙ අත්තම්මගෙ එකකි. ඉස්සර අම්මාටත් මාමලාටත් පුන්චි අම්මාටත් ඔය පලංගානෙන් බත් කවන හැටි අම්මා කෑම කවන අතරතුර අපට කියන්නීය කෙතරම් වාරයක් ඔය කතාව අසා තිබුනත්, තවත් වාරයක් ඒ කතාව අසීමේ පුදුමාකාර ආසාවක් එකල අප තිදෙනා තුලම විය.
කෙසේ නමුත් විනාඩි කීපයක් තුල රුවන්වැලි සෑයට වඩා මදක් කුඩාවට බෙදන කෑම පලංගාන අවසන් වන්නේය. එහි අවසන් කට කෑමට අපි තිදෙනාම පොරකන්නෙමු. එයට හේතුව අන්තිම කට කන කෙනා ඉක්මනින් ලොකුවන බවට ඇය පැවසීමයි. අපි තුන්දෙනාටම උවමනා ඉක්මනින් ලොකුවීමය.
ඔබා මාමාට තරම් පඳුර වටේ තැලීමේ හැකියාවක් මාහට නැතත් මා කලෙත් පඳුර වටෙ තැලීමය. නමුත් අනාගත කතන්දර කීපයකට අඩිතලම මෙම පඳුර වටෙ තැලීම තුල අන්තර්ගතය.
අපෙ අම්මා කාර්යාලයේ සිට නිවසට පැමිනෙන්නෙ කාර්යාලය ඉදිරිපිට ඇති ත්‍රීරෝද රියකිනි. දිනක් සුපුරුදු පරිදි නිවසට ඒම සඳහා ත්‍රී රෝද රථයට ගොඩවූ ඇයට වැඩි දුරක් ඒමට ඉඩ නුදුන්නේ මග සිට අත දැමූ පොලිස් නිලදාරියෙකි. වාහනය නවතාගත් ඔහු කිසිම වග විභාගයකින් තොරව ,
"මාව පොලීසිය ගාවින් දාගෙන යන්න"
ත්‍රීරෝද රථ රියදුරාට විධානයක් දුන් හෙතෙම අම්මාගෙ ළඟින් හොඳට හරි බැරි ගැසී වාඩිවී තම හිස් වැසුමද අතට ගත්තේය.
"මේ රාලහාමි,
දැන් මෙ හයර් එක ගෙවන්නෙ රාලහාමිද ? නැත්නම් මමද ? "
අපෙ අම්මා අසා ඇත්තෙ එපමනය.
පොලිස් නිලදාරියා ත්‍රී රෝද රථයෙන් බැස්සේ කෙසේදැයි වත් ඇය දැක නැත.
මෙම කතාව මේ කාලයට වලංගු නොවීමට පුලුවන එහෙත් අපේ අම්මා රැකියාව කලේ රාජ්‍ය බැංකුවක වීමත් ඒ කාලයෙ ඕනෑම ලොක්කෙකු පඩි ගන්නට බැංකුවට ගොඩවීමත්, පෝලිමෙ සිටීමත් අනිවාර්යයෙන්ම සිදිවිය යුතු බැවින් මේ කතාව එලෙසම එදා සිදුවී ඇත.
පොලිස් කරයාට මොනා හිතෙන්න ඇත්ද...!!!
ReplyDeleteඋන්ට හිතක් පපුවක් නෑ ඒ හින්දා මොනවත් හිතෙන්නෙ නෑ
Deleteපොලව පලාගන යන්න හිතෙන්න ඇති
ReplyDeleteමම හිතන්නෙ නෑ. මුන්ට ලැජ්ජාවක් නෑ වෙන එකකට අත දාන්න ඇති
Deleteහුක් හුක්.. මරු... උන් හිතන් ඉන්නෙ මේ ලොකේ උන්ට වඩා එවුන් නෑ කියලා... හොඳවැඩේ
ReplyDeleteඒකතමා හෙනේ
Deleteඑළනේ ඔයාගේ අම්මා මරැනේ.ඔකූන්ට කරන්ඩ ඕන එහොම්මම තමයි.
ReplyDeleteඔයිට වඩා මරු වැඩ තියනවා
Deleteහාමුදුරුවරුයි, පොලිස්කාරයොයි, ගුරුවරුයි අතේ දුරින් ආශ්‍රය කරන්න ඕනෙලු :D
ReplyDeleteඇයි දෙශපාලුවො
Deleteඋන් ඔය ඔක්කොගෙම සංකලනයක් නේ.
Deleteහොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති !
ReplyDeleteමොන උන්ට ඉගෙන ගන්න බෑ
Delete//විනාඩි කීපයක් තුල රුවන්වැලි සෑයට වඩා මදක් කුඩාවට බෙදන කෑම පලංගාන අවසන් වන්නේය.// අම්මෝ.. ඒ උඹලා දසමහ යෝදයොන්ගෙන් පැවතගෙන එන අයද...?
ReplyDeleteපොලිස්...මේ ගැන කවර කතාද.....!
අපෙ අම්මා අපිට කවනවා නෙවෙයි ගිල්ලනවා. කොහොමත් හිත තියෙන්නෙ බත් එකෙ නෙමෙයි ඒ හන්දා කන එව්වා ඇඟට අල්ලන්නෙ නෑ
Deleteනියමයි නියමයි.... රාලහාමිගෙ උද්ද්ච්ච්කම නැතිවෙන්න්නම දෙකක් කියල තියනව...
ReplyDeleteඒකනම් නැතිකරන්න අමාරුයි
Deleteතව අවරුදු තුනහතරක් එහාමෙහා උනානම් කාලහමාරයිනොවැ.
ReplyDeleteඒ කාලෙ කතාත් පෙට්ටගමෙ තියනවා වෙලාව තියන වෙලාවක බලන්න
Deleteහොඳ වැඩේ කොස්සට...මචො අදටත් ඔන ජගතේක් පොලිමේ ඉන්ඩ ඔන බැංකුවට අවොත්..නමුත් කාරුණිකව ඉල්ලා සිටියොත් අපි නොසලකා ඉන්නේත් නෑ..රාජ්‍ය සේවය නොවැ..මවුගේ අද්දැකුම් ඔබට ඇතිනේ.
ReplyDeleteඔය ගැන කතාවක් තියනවා DRAFT කොරලා publish කරන්න වෙලාවක් එනකන් ඉන්නෙ
Deleteඅම්මනම් එක වචනෙන් වැඩේ ගොඩ දාගෙන , මම මේ කල්පනා කරන්නෙ මේක පුතාට උනානම් මොනා කරයිද කියලා :D
ReplyDeleteවෙන මොනා වෙන්නද පොලිස් නිලදාරියා ලවා හයර් එක ගෙවලා පුතා ගෙදර යනවා. අන්න එහෙමයි වෙන්නෙ
Deleteසහතික ඇත්ත නිට්ටඹුවෙ පොලීසියෙ මාමලාටත් ටවුමට යන්න ත්‍රීවීල් නැතුවම බෑ.
ReplyDeleteරාජකාරී බලතල පුද්ගලික වැඩට යොදාගන්න එකනෙ වැරැද්ද
Deletee kale neme adath karanna ona oka samahara ape police ayyalata.
ReplyDeleteJhonata loku wenna sahena asawak thibila ehenan.
පොඩි කාලෙ ආසාවල්නෙ
Deleteකරපු වැඩේ හරියට හරි. හයර් එකකට වාහනයක් ගත්තම කොහේවත් නැතිඑවුන් දාගෙන යන්න ඕනද. ඊටත් බලෙන්. අනෙක "පොලිස් කාරයෝ". ;-)
ReplyDeleteහදිසි රාජකාරියකට නම් කමක් නෑ කියමුකෝ
Delete:D :D
ReplyDeleteහොදම වැඩේ පොලිස් කාරයට හිතන්න ඇති ගෑණියෙක් නිසා සද්ද නොකර ඉදී කියල..එක එචනෙන් වැඩේ හරියටම කරලා.නිර්භීත අම්ම කෙනෙක්..
ReplyDeleteනැත්නම් මෙ වගෙ සිරා පොරවල් බිහි කරන්නෙ එහෙම අම්මලා තමා හික් හික්
Deleteහි... හි ... හොඳ වැඩේ. ඔහොම තමයි ඕකුන්ට කරන්න ඕන. කිසිම ආචාරශීලීබවක් නෑ. අඩුතරමෙ හයර් එකක් ද යන්නෙ, මාත් පොඩ්ඩක් ඉස්සරහින් දාගෙන යන්න පුළුවන් ද වගේ වත් අහන්න තිබ්බනේ.
ReplyDelete(බ්ලොග් කියවන පොලිස්කාරයො නැත්ද මන් ද?)
පරිගනක සාක්ෂරතාවය වගෙම ආචාරශීලීබවත් NILL
Deleteදැන් කාලේ එහෙම උනා නම් මෙලහකට ගෙදර මිනිස්සුන්ට ගමෙත් ඉන්ඩ නැති වෙනවා.
ReplyDelete//මෙම කතාව මේ කාලයට වලංගු නොවීමට පුලුවන // කීවේ ඒකයි
Deleteහොද වැඩේ ,ඕකුන් ඔහොම්මමයි ....
ReplyDeleteහැබැයි ඔය අතර හොඳ අයත් ඉන්නවා මම හොඳට note කරපු එක්කෙනෙක් ඉන්නවා එයා කවදාවත් ඩියුටි ඉවර වෙලා යනකොට පුද්ගලික වාහනවලට අත දාන්නෙ නෑ CTB එකක් එනකන් බලන් ඉන්නවා. මම අනන්තවත් දැකලා තියනවා පාරට වෙලා බස් එකක් එනකන් බලන් ඉන්නවා
Deleteනැතිව මෙ ඒ පන්තියෙ හිටපු ජෝනා තමා තමා මට wordpress password එක මතක නෑ හිටහන් මතක් උන ගමන් එනවා
ReplyDeleteසමාජ මෙහෙවරක් කරන අය යැයි සිතා පුද්ගලික වාහන වල සමහර පොලිස් කරුවන් දාගෙන යාම අගය කල යුතුය. ඒ ඔවුන් කරන සේවය නිසාය. එහෙත් අදට නම් කෙසේ වේදැයි නොසිතේ. ඒ උන් කරන වැඩ නිසාමය.
ReplyDeleteජය !
රොබින්ට දීපු පිලිතුරම ඔබටත්. හැබැයි ඒ නිලදාරියව හුඟක් දෙනෙක් බලෙන් වාහනයට නග්ගගන්න අවස්තා තියනවා. ඒ ඔහු අර ඔබ කීවා වගෙ "සමාජ මෙහෙවරක් කරන අය යැයි සිතා" නෙමෙයි කරන බව දන්න නිසා.
Deleteමරු කතාව....
ReplyDeleteපොලිස් කතාවද? අපේ කතාවද ?
Deleteදෙකම...
Deleteපෙට්ටගමට ගොඩ වැදුන පලවෙනි වතාව,., ම්ම්ම් ගොඩක් හොදයි වටිනවා ජයෙන් ජය
ReplyDeleteස්තුතියි ගොඩ වැදුනට. දිගටම එන්න පහුහිය ලිපිත් වෙලා තියන වෙලාවට බලන්න
Deletehabai mata eeye siddiyak unaa. kalpitiya handiyata yaamata bus ekak enakam siti welawaka bus parakku weema nisaa mama hitiye godaak tharahen :/
ReplyDeletethrweel ekak man lagin nathara karalaaa maawa handiyata daagenama giyaa. ethakotath eke gahanu kenek hitiyaa. mama bahala salli denna hadaddi epaa kiyuwaa :)
සාමාන්‍ය අයට වඩා පොලීසිය වෙනස් පොලීසිය ලඟ ආචාර ධර්ම අඩුයී.
Deleteහොඳ වැඩේ... ඔය හැතිකරේ හිතන් ඉන්නෙ උනිෆොර්ම් එක ඇන්දහම උන් තමා පොරවල් කියල....
ReplyDeleteඒ උනාට හැමෝම එකම මිම්මෙන් මනින එකත් වැරද්යි කියලයි මට හිතෙන්නෙ.
Deleteඒ කාලේ නිසා මෑන්ස්ට අප්සට් හිතෙන්න ඇති වැඩේට.. දැන්නම්ම් ඉතින්..
ReplyDeleteඅපේ දිහාත් දවල් රෑ අක්කටයි මටයි බත් කවන්නේ අම්මා ඔහොම තමා.. පොඩි කාලේ විතරක් නෙමෙයි දැනටත්.. ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලේ මම කෑවෙම ඔහොමමයි..
මමත් තාම ගෙදර ගියාම එහෙම තමා
Deleteපව් හැබැයි හදිසියක්ද දන්නේ නැහැ..එත් ඉතින් ලොකු කම් පෙන්නන් නැතුව කාරණාව කියලා උදව්වක් ඉල්ලා හිටලා ගියා නම් වරදක් නැ.. :)
ReplyDeleteමොන කිසිම හදිස්සියක් නෑ ඒ වෙලාවට කට්ටිය ඩියුටි ඕෆ් වෙලා ආපහු පොලීසියට යන වෙලාව
Deleteහොදවැඩේ ඔය ජරා කාක්කන්ට
ReplyDeleteපොලීසියත් එක්ක කට්ටිය මෙච්චර තරහද ?
Deleteමට එදත් අදත් පෙනෙන්නට බැරි සත්තු පොලිස් කාරයෝ කියන උන්. 99% ම හිතන් ඉන්නේ කාකි කෝට් ඒක දැම්මාම ඕනේ පුකක් සත පනහයි කියල. කෝට් එක ගැලෙව්වම උන් හම ගහපු කුකුලෝ වගේ..
ReplyDeleteපෙන්ශන් ගිය පොලිස් කාරයෙක් ගෙන් අහලා බලන්න දැන් ලැබෙන සැලකිලි ගැන. අහන්නත් දුකයි
Deleteහිහි..හොදම වැඩේ....
ReplyDeleteඒ උනාට ඔහොම හිනාවෙනවද ? පව් නේ
Deleteඅම්මා ගහයි බැට් එකෙන්.... :-)))))
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
නෝ බෝල්
Deleteඅන්න නියම කාන්තාවක්!!
ReplyDeleteනැතුව
Deleteඅන්න පෞරුශයක් ඇති ගැහැණියක්!
ReplyDeletehenryblogwalker the Dude
එහෙම තමයි
Deleteහොඳ වැඩේ ඕකුන්ට. හදිස්සියකට වතුර උගුරක් දෙන්න නරකයි ඒ හැතිකරේට....
ReplyDeleteඑහෙමම බනින්න එපා
Deleteරාජ්‍ය බැංකු වලට ජය වේවා.. මමත් එහෙම එකක තමා රස්සාව කරන්නෙ...
ReplyDeleteජය වේවා !!
Deleteහැබැයි පොලීසිය මෙහෙමවත් පාඩමක් ඉගනත්තෙ නැත්නම් ඉගනගන්නෙ නෑ කවදාවත්ම. ඒක්කෝ පොලීසිය කරත් කරන්නෙම ගොන් පාට් එකක්. අර හින්දි චිත්‍රපටවල තියෙන් ඉන්දීය පොලිස්කාරයොත් මෙහෙමම තමයි.
ReplyDeleteඒක හරි පොලීසියෙ වැරදිත් පෙන්නන්න කවුරුහරි ඉන්න ඔනෙ
Deleteපොලිස් කාරයට හූ..............................................
ReplyDeleteහූ ....
Deleteහොද වැඩේ....
ReplyDeleteකවුද ?
Deleteජය වේවා!
ReplyDelete