මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක්
Tuesday, November 15, 2011
Saturday, November 12, 2011
රඟහල දැන් ඇත ඝන අඳුරෙ - නාට්‍ය කරුවා ඇත පිලිකන්නෙ
සෑහෙන කාලෙකින් නාට්‍යයක් බලන්න ගියා. බැලුවෙ ජයලත් මනෝරත්නයන්ගෙ "බූරුවා මහත්තයා" ඉන්දියානු ජන සමාජය පසුබිම් කරගත් නාට්‍යයක්. උඩින්පල්ලෙන් විසඳුම් හොයන, උඩින් පල්ලෙන් ප්‍රශ්න තෙරුම් ගන්න උදවියට හොඳ කතාවක්. හැබැයි එතුමගෙ අනිත් නාට්‍ය තරම් නම් මගෙ හිතට වැටුනෙ නෑ.
නාට්‍යය කෙසේ වෙතත් හිටපු සෙනග ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ හිස් ගෙඩිවලින් ම ශාලාවෙ එක් තැනක සිට ගනන් කලහැකි ප්‍රෙක්ශක පිරිසක් තමයි උන්නෙ.
1993 වසරෙදි පානදුර පුරහලට ගෙන්වුවා "ඔත්තු කාරයා" කියලා නාට්‍යයක් මට මතක හැටියට ඒක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ. (වැරදිනම් කවුරුහරි දැනුවත් කරන්න ) නාට්‍යය පටන් ගන්නෙ රගහලෙන් එළියෙ මළගෙදරක ස්වරූපයෙන් තමයි ඇරඹෙන්නෙ. එදා 6:30 දර්ශනය නියම වෙලාවට ආරම්භ කරන්න බැරිඋනා.
නාට්‍යය කෙසේ වෙතත් හිටපු සෙනග ගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ හිස් ගෙඩිවලින් ම ශාලාවෙ එක් තැනක සිට ගනන් කලහැකි ප්‍රෙක්ශක පිරිසක් තමයි උන්නෙ.
1993 වසරෙදි පානදුර පුරහලට ගෙන්වුවා "ඔත්තු කාරයා" කියලා නාට්‍යයක් මට මතක හැටියට ඒක ජයන්ත චන්ද්‍රසිරි මහතාගෙ. (වැරදිනම් කවුරුහරි දැනුවත් කරන්න ) නාට්‍යය පටන් ගන්නෙ රගහලෙන් එළියෙ මළගෙදරක ස්වරූපයෙන් තමයි ඇරඹෙන්නෙ. එදා 6:30 දර්ශනය නියම වෙලාවට ආරම්භ කරන්න බැරිඋනා.
Wednesday, November 9, 2011
ලයිසන් එක ගෙදරටම ලැබුන හැටි
මේ කතාවෙ කතා නායකයා දැන් ගුවන් හමුදාවෙ වැදගත් නිලයක් දරන කෙනෙක්. මාත් සමග පාසලෙ එකට හිටපු එකෙක්. නම සේකර කියමුකො. ඊට වඩා වැඩි විස්තර නොකියා ඉන්නම් මොකටද නිකන් ඉල්ලන් කන්නෙ. හැබැයි මේ කතාව මඩක් හෙම නෙමෙයි. මෙ සිද්දිය වුනෙ 1997 දි විතර හැබැයි සේකර ඒකාලෙ ගුවන් හමුදාවෙ උන්නද කියලනම් මට හරි මතකයක් නෑ. කොහොමටත් මෙ කතාව ගුවන් හමුදාවට සම්බන්ද නෑ . සේකරගෙ තාත්තත් පොලීසියෙ ලොකු නිලයක් දරපු කෙනෙක්. දැන් නෙමෙයි ඒ කාලෙ, මුලු පොලිස් දෙපාර්තමෙන්තුවම සේකරගෙ තාත්තව නම කියූ පමනින් අදුනනවා.
සේකර අර පන්සිල් පදෙ විදිහටම සුරාමේරය මද පවනින් ජටාව වැටෙන සයිස් එකට ගන්න කෙනෙක්.කොච්චර බිව්වත් මිනිහ කෙලින් තමයි. සේකරට තිබුනා ඩෙලිකා පරන මොඩල් එකෙ වෑන් එකක් කොච්චර බිව්වත් මෙ වෑන් එක මෙ වෑන් එක සේකර නැග්ගම ගෙදරටම ගිහින් දානවා සේකර කරන්නෙ ඇක්සලරේටරෙ පාගන එක විතරයි
දවසක් රෑ වෙනදා සුපුරුදු පරිදි මතට තිත තියන්න අමතකවෙලා මෙයා එනවා . ඔන්න අතදැම්මෙ නැද්ද පොලිස් රාලහාමි කෙනෙක් .
Tuesday, November 8, 2011
සමුදුරක් වුන දිය බිඳක්...!
ඈත දවසක, අඳුරු කාලෙක...
එක්තරා දිය බිංදුවක්...
අහසෙ නොසිටම බිමට පැන ගෙන,
දඟකලා තුරු මල් මතත්...
හරිත පැහෙයෙන් දිලුම් දෙන...
ගස් කොලන් අතු... මත්තෙන් ඇවිත්,
පුංචි දිය පාරකට එක්වී ඇරඹුවයි,
ගමනාරම්භයක්...!
ගල් උඩින් පැන, වංගු මැඩ ගෙන,
සවන් පුපුරන මහ හඩක්,
නික්මවා ගෙන ඉදිරියට යන,
එය වුනයි මහ ලොකු ගඟක්...
බෑවුම්ද, තැනි තලා පසකර,
ඇලි මවා නෙක පිඩු ගොඩක්...
බොහෝ දුර ගොස්, අන්තිමේ,
සිපගත්ත හැටි රැල්ල ගසනා සමුදුරක්....!
ඔබ ඇවැසි ඔබෙ ළබැඳියන්ටයි !
ඔබට තවත් කල් ඇත කතාව මතකනෙ . බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න. මට තව ප්‍රචාරක පටියක් හම්බ වුනා. එම වීඩියො පටය මගෙ හිතට වැදුනු නිසා මගෙ බ්ලොග් එකට එකතු කලෙ මගෙ බ්ලොග් මිතුරු මිතුරියන් සමග බෙදාගන්න. මොකද Seat Belt දාන්න පුරුද්දක් නැත්නම් එකට පුරුදු වෙන්න කල් යන හන්දා.
ඔන්න නොවැම්බර් 27 වනදා අධිවේගී මාර්ගයත් විවෘත කරනවලු ඔකෙ යන්න ඉන්නවනම් අනෙ අමාරුවෙන් හරි පුරුදු උනොත් නෙද හොඳ !
පුරුදුවෙන්න හිතට වැදෙන්නත් එපැයි ඔන්න එහෙනම් හිතට ඇතුල්කරගන්න මෙකත් බලන්න
හිතට වැදුනනම් මෙ ලින්ක් එක ඔයගොල්ලන්ගෙ මූනු පොතෙන් අනිත් අයත් සමග බෙදාගන්න .
Saturday, November 5, 2011
පාලම උඩ
දෑස් පියවෙන්න පෙර
දිවිය ඉල්ලා හඬන
තංගුස් නූල් පට අතැර
හුස්ම අහසට පිඹින
අලුත් පාලම උඩ පානදුර
තිත්ත පැටියන් නිතර අල්ලන
පලා ගිය මැදියමෙ අඳුර
අමතකද ඒ සමය භීෂන .....
ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.
පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු
දිවිය ඉල්ලා හඬන
තංගුස් නූල් පට අතැර
හුස්ම අහසට පිඹින
අලුත් පාලම උඩ පානදුර
තිත්ත පැටියන් නිතර අල්ලන
පලා ගිය මැදියමෙ අඳුර
අමතකද ඒ සමය භීෂන .....
ගාළුපාර ඔස්සෙ කොළඹ සිට කළුතර දෙසට පානදුර පසුකර ගොස් ඇති ඔබට පානදුර අළුත් පාලම මතක ඇතිනෙ. අලුත් කියුවට තව වෙනම පරණ පාලමක් නැහැ. කොහොම හරි මෙ පාලම තමයි අද සටහනට මුල.
පහුගිය ඉරිදා මම ගියා මගෙ පෞද්ගලික වැඩකට පානදුර මෝදරට. මෝදර කියුවෙ මතකනෙ අර පොලිස් කොස්තාපල් වරයෙක්ව කපලා කොටලා මරලා සැකකාරයා ගඟෙ ගිලිලා සිය දිවි නසා ගත්තෙ අන්න ඒ පැත්තෙ ගිහිල්ල ආවෙ ඔය පාලම උඩින්. පාලම දෙපැත්තෙම ලයිට් දාලා වෙලාව හවස 7 විතර ඇති. හරි එළියයි. පාලමෙ ගැටි උඩ කොලු
Tuesday, November 1, 2011
නොකියූ කතාව
ඔබ ළග හිඳ
ඔබට කියන පෙම් කතාව
මා
විසින් දිනක
ඇයට කියාදුන්
ඒ කතාවම බව
ඇය
ඔබට
නොකියන ඇත.......
1995-06-03
ප.ලි : මේ සිදුවීමට කෙලින්ම සම්බන්ද සදැසක් මම "මංගල යෝජනාව" තුලින් ඉදිරිපත් කලා එච්චර HIT උනෙ නම් නෑ කතාව මෙන්න මෙකයි . මගෙ මිතුරෙකුයි මිතුරියකයි බොහොම ආදරෙන් උන්න. දෙන්නගෙම ආර්ථිකය එච්චර හොඳ මදි. කොහොමහරි මිතුරියට එයාගෙ අම්ම ගෙනාපු මංගල යෝජනාවකින් වෙනත් කෙනෙකුව කසාද බඳින්න උනා . මැගෙ පියා ජීවතුන් අතර නෑ අම්මා තමය් මෙයාව පොඩිකාලෙ ඉඳලා හදලා තියෙන්නෙ ඉතින් මෙයාට අම්මට ඉහලින් යන්න පුලුවන් කමක් තිබිලා නෑ .
මගෙ මිතුරා ඇයට සෑහෙන්න ජීවිතය ගැන කියලා දීලා තිබුනා . ජීවත්වෙන හැටි . මිනිස්සු ඇසුරු කරන හැටි ඒ ඇරෙන්න වෙන අයුතු කිසි දෙයක් මේ අය අතරෙ තිබිලා නෑ .මගෙ මිතුරිය කොහොමහරි හිතහදාගෙන කසාද බැන්දා . මගෙ මිතුරා ගැන කිසි දෙයක් ඇය ඔහුත් සමග කියා නෑ . මොකද මිනිස්සුන්ගෙ හැටිත් මගෙ මිතුරා ඇයට පවසා තිබෙන නිසා . හැබැයි දැන් ඇය ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා .
ඔන්න ඔය සිදුවීම ගැන හිතලයි මම මෙ පද පෙලි ටික සටහන් කලෙ.
ප.ප.ලි. ඔන්න ගලයගෙ අදහසට එකඟව ඔන්න පින්තූරය කතාවට අදාලව වෙනස් කලා .
Subscribe to:
Comments (Atom)




