he

Tuesday, November 1, 2011

නොකියූ කතාව


ඇය
ඔබ ළග හිඳ
ඔබට කියන පෙම් කතාව
මා
විසින් දිනක
ඇයට කියාදුන්
ඒ කතාවම බව
ඇය
ඔබට
නොකියන ඇත.......

1995-06-03






ප.ලි : මේ සිදුවීමට කෙලින්ම සම්බන්ද සදැසක් මම "මංගල යෝජනාව" තුලින් ඉදිරිපත් කලා එච්චර HIT උනෙ නම් නෑ කතාව මෙන්න මෙකයි . මගෙ මිතුරෙකුයි මිතුරියකයි බොහොම ආදරෙන් උන්න. දෙන්නගෙම ආර්ථිකය එච්චර හොඳ මදි. කොහොමහරි මිතුරියට එයාගෙ අම්ම ගෙනාපු මංගල යෝජනාවකින් වෙනත් කෙනෙකුව කසාද බඳින්න උනා . මැගෙ පියා ජීවතුන් අතර නෑ අම්මා තමය් මෙයාව පොඩිකාලෙ ඉඳලා හදලා තියෙන්නෙ ඉතින් මෙයාට අම්මට ඉහලින් යන්න පුලුවන් කමක් තිබිලා නෑ .
මගෙ මිතුරා ඇයට සෑහෙන්න ජීවිතය ගැන කියලා දීලා තිබුනා . ජීවත්වෙන හැටි . මිනිස්සු ඇසුරු කරන හැටි ඒ ඇරෙන්න වෙන අයුතු කිසි දෙයක් මේ අය අතරෙ තිබිලා නෑ .මගෙ මිතුරිය කොහොමහරි හිතහදාගෙන කසාද බැන්දා . මගෙ මිතුරා ගැන කිසි දෙයක් ඇය ඔහුත් සමග කියා නෑ . මොකද මිනිස්සුන්ගෙ හැටිත් මගෙ මිතුරා ඇයට පවසා තිබෙන නිසා . හැබැයි දැන් ඇය ඉතාමත් ලස්සන පවුල් ජීවිතයක් ගතකරනවා .
 ඔන්න ඔය සිදුවීම ගැන හිතලයි මම මෙ පද පෙලි ටික සටහන් කලෙ. … …

ප.ප.ලි. ඔන්න ගලයගෙ අදහසට එකඟව ඔන්න පින්තූරය කතාවට අදාලව වෙනස් කලා .

14 comments:

  1. ඔව්වා ඔහොම තමයි ජෝන්.දැන් කාලේ ලෝකේ හැටී කෙල්ලන්ගේ චාටේ හැටී .........

    …අප්පේ කාලෙකින් පලවෙනි කොමෙන්ටුව දැම්මා ....:D

    ReplyDelete
  2. ඔහුද මෙවන් කථා බර ගානක් අසා ඇති බවක් නො අඟවා පලමු කථාව මෙන් අසා සිටිබව ඈ දන්නවනං.......

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔවුන්ගේ යටි සිත් මෙසේ කියාවි;
    සුන්දර ළඳ,
    දහසකුත් මෙලෝ
    මෝඩ පිරිමින් අතරේ
    ඔබත් එක් අයෙකි මට
    දතක් ගලවත හැකි
    අනේ මෝඩයෝ
    ඔබ සිඳුණු දා ධනයෙන්
    තවත් එක් අවලංගු
    කාසියකි මට.....
    කඩවසම් පිරිමියා,
    අනේ ගොං ගහ
    XX... ලඳුන් පැමිණියා
    රවටා කඩනු වස්
    පිරී ඉතිරෙන
    කහවණු පෙට්ටගම
    නොහැකි වුනු සේ
    ඔබත් යම් දිනෙක
    පරදීවි නිසැකයි
    මා සතුව 128ක්(64*2)
    ඇති නිසා....

    ReplyDelete
  5. ඔබ පෙම් කරනා ඔබේ කුමාරි...මටද ආදරේ කියා තිබේ....කාලා වරෙන්කෝ...

    ReplyDelete
  6. 1995.06.03 මොකක්ද බොලේ ඒ දිනේ....? මේක ලොකු ජෝන්ට ඇත්තටම වෙච්චි දෙයක් වගේ.... මොනව උනත් හරිම ලස්සනයි... less is more කියනවනෙ... ලොකු කතාවක් වචන කිහිපයකින්.... WOW..!!

    ReplyDelete
  7. The Lion මෙක දැන් කාලෙ කතාවක් නෙමෙයි බං

    ඔබ නොදු‍ටු ලොවක්..... කොහොමත් ඇයගෙ කතාවට වඩා ඔහුගෙ කතාව වෙනස්නෙ

    ReplyDelete
  8. නලින්-සමනලුන්ට වෙඩිතියන්න ඔව් දිනයනම් ලියපු දවස තමයි
    ගලයා ඒත් මෙ සිදුවීමෙ ඔයාගෙ කවියට වඩා වෙනස් කතාවක් තිබුනා තව කමෙන්ට් ටිකක් වැටුනට පස්සෙ මම මේ කවියට අර්ථකතනයක් දෙන්නම්

    ReplyDelete
  9. දිල් මෙ කතාව ටිකක් වෙනස්

    …Miyuru මේක ඇත්තටම වෙච්ච කතාවක් තමයි හැබැයි මට නෙමෙයි අර දිනය නම් විශෙෂත්වයක් නෑ හැබැයි ලියපු දිනය.

    ReplyDelete
  10. ලොකු ජෝන්ගෙ ප/ලි දැක්කම මට තව කොමෙන්‍ටුවක් කුරු‍ටු ගාන්න හිතුනා...
    මම මේ පද වැලට තවත් පද ටිකක් ගැට ගැහුවෙ ලොක්කා දාලා තියෙන පින්තූරු කට්ට දැකලයි...
    මෙහෙම කිව්වට තරහ වෙන්ට ඔට්‍ටු නෑ ඕං...
    පිංතාරුව කියන්නෙත් මාරම දේවල් ගොඩක් හන්ගගෙන ඉන්න එකක්...ඔයා දාලා තියෙන පින්තාරුවට ගැලපෙන්ට තමා මමත් පද ටිකක් ගැට ගැහුවේ......
    ඒක නිසා මම යෝජනා කරනවා ඔතනට ගැලපෙන හැඟීම් තියෙන පින්තූරයක් දාන්න කියලා....
    මේක යෝජනාවක් විතරයි,....නිර්මාණය ඔයාගේ ඔයාට කැමති දෙයක්..සමහරවිට ඔයා අදහස් කරපු දේ අනිත් අය මේ පින්තූරෙන් දකිනවා ඇති,,,ඒත් මම එහෙම දකින්නේ නෑ.....

    ReplyDelete
  11. බලාගෙන ගියාම මේ පද ටික ඇතුලේ මාරම දුක්බර...එක විදියක ත්‍රිකෝණී පෙම් පලහිලව්වක් තියෙනවා නේ.....
    පෙර දිනයක මා පෙම් කල යුවතිය
    ඔබ තුරුලේ හිඳ
    පෙම් බස් දොඩමින
    ඔබ හද සනසනවා
    මගේම ගීයක්
    සැනසිලි ස්වරයෙන්
    ඔබ හද ලියැවෙනවා.....
    සිහින මැව්වෙමි
    සිහින තැනුවෙමි
    කූඩු තනනට
    පෙමින් වෙලෙමින්.....
    බොඳව ගියැද...අද මෙලෙස.....
    ම්ම්ම් සමාවෙන්න ඔබේ අදහස තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධව...එක් එක් පුද්ගලයාගේ තේරුම් ගැනීමේ හැකියාව වෙනස් නේ....

    ReplyDelete
  12. ගලයා ඔයාගෙ කතාව ඇත්ත පින්තූරයෙන් එන අදහස වෙනස් බව පිලිගන්නවා . මෙතනට මට හමුවුනෙ දැන් සතුටින් ඉන්න එක පෙන්වන එක විතරයි. බලමු හොඳ එකක් දාන්න

    …ස්තුතිය් නව පබැදුමට

    ReplyDelete
  13. මරු කියන්නේ මරේ මරු ජෝන්.. එල.. නියමෙට ලියලා තියෙනවා...

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..