he

Tuesday, November 15, 2011

කෝ ටයි?

මේ ටික දොහෙම කට්ටිය එක එක විදිහට යට ඇඳුම් ගැන ශරීර අවයව ගැන කතාකල නිසා මටත් හිතුනා ළඟින් යන එකක් ලියන්න. හැබැයි පිටතින් අඳින ඇඳුමක් ගැන. ඔය පිරිමි පාර්ශවය අදින ටයි එක ගැන. පහුගිය දවස්වල නොලිව්වෙ අපෙ ආදර "ටයි මාම" ත් එක්ක මගෙ කතාව පැටලෙයි කියලා. ඔන්න එහෙනම් ටයි කතාව අහගන්නකො . මෙක කන්තොරු කතාවක් …

  නූ ගනන්වල අගභාගයෙදි ලංකාවෙ ප්‍රසිද්ධ පරිඝනක ආයතනයක් තමයි මෙ සිද්දියට අදාල කන්තොරුව. මෙ ආයතනයෙ හිමිකරු දකුණෙ කෙනෙක් ඒ හන්දා මෙ ආයතනයට වැඩිහරියක් ගන්නෙ දකුණෙ අය. දකුන කියුවම මතක්වුනෙ වෙද ගෙදර මහ වෙදනාගෙ "මාතර බසේ අපූරුව" ලිපිය. බලපු නැති කට්ටිය ඔනෙනම් පැත්ත ගැන දැනගන්නත් එක්ක බැලුවට කාරි නෑ ඕං . 
    අර මම කියුව ආයතනයෙ නීති රීති ගනනාවක් තිබුනා ඉන් එකක් තමයි අනිවාර්‍යයෙන්ම ටයි පටිය පැලඳ සිටීම. නැතිනම් දඩගහනවා. සමහරු දඩ ගහන නිසාත්, සමහරු ටයි දාන්න කැමති නිසා කැමැත්තෙන්ම ටයි දැම්මා . මෙ කතාවට අදාල පුද්ගලයත් අර දෙවන කාන්ඩෙට අයිති කෙනෙක්. මෙයා මෙ ආයතනයට අලුතින් පත්වෙලා ආවෙ. හැබැයි දකුනු පලාතෙ කෙනෙක් නම් නෙමෙයි. අගනුවර සුප්‍රසිද්ද පාසලක ඉංග්‍රීසි පන්නෙට හැදුන කෙනෙක්. ඉංග්‍රීසි වන වන තමයි ඔන වෙලාවක ඉන්නෙ . 
  ඉතින් මම කියුවනෙ මෙ කන්තොරුවෙ වැඩි හරියක් ඉන්නෙ දකුණෙ අය කියලා අර කොළඹ එකාගෙ ඉංග්‍රීසි වැනිල්ලට දකුනෙ කට්ටිය ටිකක් සද්දෙ අඩු කරගෙන තමයි උන්නෙ. 
   කොළඹ පොර ගෙදර ඉඳලම ටයි එක ගැටෙ ගහලා සාක්කුවෙ දමාගෙන උල එලියට වැටෙන්න දාගෙන තමයි එන්නෙ. මොකද පාරෙ කට්ටියට පෙන්නත් එපැයි. ඔන්න මෙ සිද්දිය උනු දවසෙ පොර උදෙ ඇවිල්ලා කැරකි කැරකි ඉන්නවා ටයි එක නෑ. අනිත් කට්ටිය සෙරම ටයි දාගෙන පොර විතරක් ටයි නෑ . මෙ ආයතනයෙ හැමදාම උදෙට රැස්වීමක් තියනව. ඔන්න බොස් ආවා. ටයි නැතිව කැපීපෙන හාදයා ළඟට ගියා ඇහුවා "කෝ තමුසෙගෙ ටයි එක?" කියලා " Wait, sir I'll wear it " කියලා ලාච්චුවෙන් ගැටෙ දමපු නැති ටයි එකක් අරගෙන බෙල්ල වටේට ඔතලා ගැට දෙක තුනක් දමලා තද කරගත්තා . දැන් අමුතුම මොඩලයෙ ටයි එකක්. අනිත් කට්ටියත් මුකුත් නොකියා පොර දිහා බලන් ඉන්නවා. බොසුත් කට කොනකින් හිනාවෙලා රැස්වීම අවසන් කලා. ර්‍අස්වීම අවසන් වෙනවත් එක්කම කොළඹ පොර දකුනෙ පොරක් ළඟට ලංවෙලා කියුවලු "අය්යෙ මෙ ගැටෙ ටිකක් ගලවනවද මගෙ උගුර හිරවෙලා" කියලා . කොහොම හරි ටයි ගැටෙ ලෙහාගන්න බැරුව කපලා තමයි ටයි එක ගලවලා තියෙන්නෙ. එතකොට තමයි කට්ටියම දන්නෙ කොළඹ පොරට ටයි ගැටෙ දාන්න බෑ කියලා .

29 comments:

  1. හෙහ් හෙහ් මරු කතා .පොර ඒක තමයි ගෙදර ඉඳල ටයි ගැටේ ගහන් එන්නේ .......:D

    ReplyDelete
  2. හේ හේ ඕක තමයි කියන්නේ දකුණේ මිනිස්සුන්ට වැඩ පුළුවන් කොළඹ අයට වැඩ බෑ කියලා. සෝබන විතරයි.

    ReplyDelete
  3. හේ හේ ඒකනේ දකුණේ මිනිස්සු ලග බොරැ මවා පෑම් නෑ. ඒ කියන්නේ කොළඹ අයට වැඩ බෑ.

    ReplyDelete
  4. ටයි ගැන මගේ දැක්ම තමයි අර නලිනිගේ පෝස්ට් එකේ තිබ්බේ මතකද? අර අත පිහදාන්න බෙල්ලෙ රෙද්දක් එල්ලන්න පුරුදු වුන සිද්දිය. අන්න ඒ වගේ තමයි මගේ දැක්ම. ඔය හුඟ දෙනෙක්ට ටයි විතරයි ගැටේ බැහැ. ඒ කියන්නේ මුලින්ම දාන ගැටේ තමයි හැමදාම.

    ReplyDelete
  5. කඩ්ඩෙන් වැනුවට ටයි එකවත් ගැට ගහ ගන්න බැරි කෙනෙක්ද ? ඒක තමා මනුස්සයා ගෙදරින්ම ඕක බෙල්ලෙ එල්ලගෙන එන්නේ...

    ReplyDelete
  6. හික්ස්!මාත් මේ ලඟදි ඉගෙන ගත්තේ ඕක යන්තම් දාගන්න!

    ReplyDelete
  7. දකුණේ ඉන්නෙ කෝමත් වැඩ කාරයෝනේ . අපි නොදන්නවැයි ඒක. හැබෑට ලොකු ජෝන් මොන පලාතෙද ?

    ReplyDelete
  8. කඩ්ඩ වැනුවට ටයි එක දාන්න දන්නේ නැති කෙනෙක්... බොරු මොකටද මාත් දන්නේ නෑ ටයි ගැටේ දාන්න..

    ReplyDelete
  9. හරියට ගැටේ නොදැම්මම.... ටයි පං පං ගානවා..

    ReplyDelete
  10. @මාතලන්:
    පවුමෙ ටයි වෙන්ටැ . . .???

    ReplyDelete
  11. එළ සීන් එක ...ගොඩක් උන්ගේ බොරු සොබ්බේ විතරයි......

    ReplyDelete
  12. කයිය ගැහුවට ඔය මහත්තුරු කීයෙන් කී දෙනාටද ටයි ගැටේ ගහන්න පුළුවන්... :))

    ReplyDelete
  13. මම 11 වසරෙ ඉද්දි එක දවසක් උදේ එක පාරටම ප්‍රින්සිපල් කිව්ව ටයි එකක් දාගෙන එන්න කියල ‍රැස්වීමෙ කොඩි උස්සන්න. මම ටයි ගැට ගහන්න නම් දැන ගෙන හිටියා, ඒත් ඕකට යන්න වෙනවට ගිහිල්ල හැංගිලා හිටිය. පස්සෙ ‍රැස්වීම ඉවර වෙලා කොල්ලො එකෙක්වත් ටයි දාන්න දන්නෙ නෑ කියල මුලු පීරියඩ් එකක්ම කොල්ලන්ට ටයි දාන්න ඉගැන්නුව.
    මම විතරයි අපේ පන්තියේ ටයි ගැට ගහන්න දන්න කොල්ලෙකුට හිටියෙ. හැබැයි අපේ පන්තියට ටයි ගැටේ උගන්නන්න ආපු සර් දන්නෙ නෑ කොඩි උස්සන්නෙ නැතුව මාරු උනේ මම කියල.

    ReplyDelete
  14. @ The Lion නැතුව
    @ බට්ටි මොකද මෙ repeate telecast ඒ උනාට කටින් බතල හිටවන අය මුලු රටෙම ඉන්නවා
    …@ වෙද ගෙදර මහ වෙදන මට හිතුනෙ ඒ මුල අමතක කරන්න බැරි අය කියලා මොකද මගෙ යාලුවෙක් ට එයාගෙ ගෑනු ලමය තමයි ටයි ගැටෙ දාල දීලා තියෙන්නෙ එ හන්දා කල්ප කාලාන්තරයක් යනක්ම් ඒ ගැටෙ ලෙහලා නෑ

    ReplyDelete
  15. ඕනයා මට මෙ ලින්කුව කලින් දුන්නනම් මැද්දටම ඇදලා දානවනෙ . සෑහෙන්න වටිනවා සහෝ ..
    දිල් වැඩි හරියක් ඉන්නෙ ඔහොම කට්ටිය තමයි
    Sabith හරියට ඉගෙන ගත්තනෙ ?

    ReplyDelete
  16. @ Gimhani අපෙ තාහ්තගෙ තාත්තගෙ සීයගෙ ලොකුඅම්මා බැඳලා තියෙන්නෙ දකුනෙන්ලු ඒ හන්දා මට නෑකමක් තියෙ මහෙ හිතෙ
    @ Dinesh අන්න ඕනයහෙ කමෙන්ටුවෙ තියනවා ලින්කුව ඉගෙනගන්න
    @ මාතලන් ඔන්න මම දන්නෙ නෑ පොඩිඋන් නරක් උනාට

    ReplyDelete
  17. @ ඔබ නොදුටු ලොවක් ඒකනෙ කියන්නෙ
    …@ Miyuru 50% විතර
    @ Enemy මගෙ බොල්ගයෙ කතාවකට මරු

    ReplyDelete
  18. පවු වැඩේනේ.... පොර මලාට ටයි එකක් දාලා නැද්ද...

    ReplyDelete
  19. වැඩේ ටයි එකෙන් පටන් අරන් සෑහෙන දුර ගිහින් වගෙ. මම ආවෙ ලොකු ජෝන් ඒ පැත්තෙ ගිහින් තියෙන ලකුණු දැකලා.
    වෙනදට ලොකු ජෝන් දැනගෙන හිටියෙ කමෙන්ට් වලින් විතරයි. හොඳ බ්ලොග් එකක් වාගෙ.
    henryblogwalker the Dude.

    ReplyDelete
  20. පවු අහිංසකයා :/

    ReplyDelete
  21. අපිනං ඉතින් කැඩෙට් කරානේ ..ඔළුවෙන් ඉදන් තමයි ටයි ගැටේ ගහන්න ඉගෙන ගත්තේ.....වැඩේ කියන්නේ කකුල් දෙකෙන් ඉදන් ගහනකොට ඒක වරදිනවා...හික් හික් ....

    ReplyDelete
  22. @ prasanna86k ටයි දාලා තියනවා ගැටෙ බෑ
    @ Dude තන්කු කීවා කමෙන්ටුවට
    @ Gordonia ceylanica මට පෙන්නෙ අපෙ "Gordonia" ට ටයි ගැටෙ ගහන්න බෑ වගෙ
    @ ඔබ නොදුටු ලොවක් එහෙනම් ඉතින් මොනාකරන්නද හැමදාම ඔපීසියට ගිහින් ඔලුවෙන් හිටගෙන ටයි එක දාගන්නවා ඇර

    ReplyDelete
  23. මටත් හරියට බෑ :)

    ReplyDelete
  24. වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියන්නේ නිකමටයැ

    ReplyDelete
  25. ටයි ගැටගැසීම ගැන ඉගෙන ගන්නවට වඩා ඉංගිරිසිය ඉගෙනගැනීම පලදායකයි.
    (මමත් දන්නෙ ඩබල් නොට් විතරයි තමා, ඒ වුනාට ඒකෙන් ජාම බේරගන්න පුළුවන්. අනිත් එක මම කොළඹවත් දකුණේවත් නෙවෙයි)

    ටයි ගැටය දැනගෙන සිටීම මහලොකු වීරකමක් නෙවෙයි.

    ReplyDelete
  26. @ Gordonia cඑය්ලනිcඅ මට තෙරුනා

    @ Hasitha අනෙ ද කියන්නෙ

    …@ Anony මම කතාවෙ කියන පොරට උනෙ ඒක තමයි එයාට English පුලුවන් ටයි ගැටෙ බෑ. අනොට පලපුරුද්ද නැතිව ඇති ඒ උනාට ටයි දාන තැනක ටයි ගැටෙ බෑ කියන්නෙනම් වීරකමෙ අනිත් පැත්ත . හරියටම කියනවනම් තැනෙ හැටියට ඇනෙ බෑ වගෙ.

    ReplyDelete
  27. මම ත් නං ඔය ටයි එක දාන්න දන්නේ නෑ...
    ඉගෙන ගන්ට ඕන මාතලංගේ කොමෙන්‍ටුව දිගේ ගිහිං....
    කොළඹ උංගේ සෝබනේ විතරයි බං...දකුණේ ඉන්නේ වැඩ කාරයෝ

    ReplyDelete
  28. ස්ස් වැඩිය සද්ද කරන්න එපා දකුනෙ කස්ටිය උඩ යයි ...

    ReplyDelete
  29. අපි නොදන්න ටයි

    ReplyDelete

මගේ මේ ලිපියට ඔයගොල්ලන්ට හිතෙන්නෙ මොනවද ?
…පුංචි සටහනත් මට වැදගත්, හරි වැරදි හදාගෙන ඊලග ලිපිය ලියන්න ..